කොහොමද යාලුවනේ, අවුරුදු ගානක් ම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් උපසිරසි බාගත්තට ඔන්න අද තමයි පළමුවැනි උපසිරැසිය දෙන්න පුළුවන් උනේ. මේකට කාලයක් තිස්සේ ආසාවෙන් හිටියත් රාජකාරි වැඩත් එක්ක පොඩ්ඩක් ගලපගන්න බැරි උනා. අපේ දේවක (දෙවා) සහෝ තමයි මේකට මාව තල්ලු කලේ. බාගත කරගෙන උපසිරසි බලනවා වගේ නෙමේ හදන එක කියලා…

කොහොමද යාලුවනේ, අවුරුදු ගානක් ම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් උපසිරසි බාගත්තට ඔන්න අද තමයි පළමුවැනි උපසිරැසිය දෙන්න පුළුවන් උනේ. මේකට කාලයක් තිස්සේ ආසාවෙන් හිටියත් රාජකාරි වැඩත් එක්ක පොඩ්ඩක් ගලපගන්න බැරි උනා. අපේ දේවක (දෙවා) සහෝ තමයි මේකට මාව තල්ලු කලේ. බාගත කරගෙන උපසිරසි බලනවා වගේ නෙමේ හදන එක කියලා තේරුනේ කරන්න ගියාම. අඩු පාඩු පුළුවන් තරම් අඩු කරගෙන මේක ඉවර කරන්න සුමාන දෙක හමාරක්ම ගියා. පලවෙනි වැඩේ හින්දා අඩු පාඩු ඒමට ඇති ඒ ගැන සමාව ඉල්ලනවා, දැන් කතාව දිහාට හැරෙමු.
මේ සලරුව දිගහැරෙන්නේ 1980 දශකයේ අග භාගයේ ඇමරිකානු රේගු දෙපාර්තමේන්තුව විසින් කල වෙස්වලාගත් මෙහෙයුමක් ගැන. ඇත්තටම මේ මෙහෙයුම මහාපරිමාණ කොලොම්බියානු කොකේන් ජාවාරම්කරු පැබ්ලෝ එස්කොබාර් සහ ඔහුට එයින් ලැබෙන කළු අරමුදල් විශුද්දී කරණය කරන මහා වැඩපිළිවෙලක්, රේගු නිලදාරීන් කිහිප දෙනෙකු විසින් වෙස් වලාගෙන ඔවුන් අතරම හිඳ අනාවරණය කරගන්න ආකාරයයි. මෙම සලරුව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අදටත් ඇමරිකානු රේගුව විසිවැනි සියවසේදී කල විශාලතම සංවිදානාත්මකම මෙහෙයුම ලෙස වාර්තා අතරට එකතු වෙලා තියෙනවා. ඇත්තටම රේගු නිලදාරීන් තමන්ගේ ජිවිත පවා අනතුරේ හෙලාගෙන දියත් කරන මෙහෙයුම ඔවුන්ගේ පුද්ගලික ජිවිත වලට පවා බලපාන අකාරය අපුරුවට මෙහි අද්‍යක්ෂක වරයා පෙන්වලා තියෙනවා, මෙම මෙහෙයුම රේගු නිලදාරීන් බලාපොරොත්තු වෙන ආකාරයට නිමකරන්නට හැකිවේද? මෙහි මහ මොළ කරුවන් අත් අඩංගුවට ගන්නට හැකි වේවිද කියලා මෙම චිත්‍රපටය නරඹලාම බලන්න කියලා ආරාදනා කරනවා.
තව දෙයක් 2016 වසරේ ජුලි මාසයේ තිරගත වීම ආරම්භ කල මෙම ච්ත්‍රපටය IMDB දර්ශකයේ 7.1 ලබාගන්නටත් සමත් වෙලා තියෙනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ ඒ වගේ ඉහල අගයක් ගන්න චිත්‍රපටය මොන විදියට තියෙන්න ඕනද කියලා. ඉතින් මම වගේ නවකයෙකුට මේ වගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරසි හදන්න බාර දීපු අපේ හසන්ත සහොටත් ඒවගේම අනෙක් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනගමන් මම නවතිනවා, ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Infiltrator.2016.720p.BluRay.x264-GECKOS.HI
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,634 downloadsDownload The.Infiltrator.2016.Baiscopelk.com_.rar52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/IMG_0733_Fotor-e1477199753558.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කසුන් ජි වැයිහෙනගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් ජි වැයිහෙනගේ
Subtitles
32 comments
Devinda
Wgk Chathuranga
මරු ෆිලුමක්!!! දිගටම දෙමු සහෝ..
ජය වේවා.Kalum
Sub akata thnx macho...
wooobox.net
Thanks bro...:)
Umesh
Plm sub ekt hdwathm sub pethum sahoo.....
CHANDIKA
thank you
thisal
නලුවා දෑක්ක ගමන් බාලා තියාගත්තා breaking bad බලපු එකෙක් නම් අනිවා බලපන් සුපිරි පහරක් , කුඩු සීන් වලට මිනිහා තමා ඉතින් :*
සුපුන් බුද්ධික
ෆිල්ම්නම් බලන්නේ නැති තරම්..
ඒත් Narcos කතා මලාව බැලුවට පස්සේ මේකට උපසිරැසි දෙයිද
කියල බලන් හිටියේ..
බලපු නැති අයට කියන්නේ Narcos කතා මලාව බලන්න.
තවත් මේක තේරුම් ගන්න පුලුවන් වෙයි..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා !!!
එල්. සී. දමැල්
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා කසුන් සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු...Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......widuranga
අලුත් කෙනෙක් පලවෙනි වැඩෙට සුබ පැතුම්....
ඊලග එකෙන් sub එකෙන් හමුවෙමුPalitha de Silva
thank you verymuch..
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
මාලින්ද
එළම වේවා.
D.Chamara
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
අසිත
elama thanks
patta..Lushan Kuruppu
ස්තූතියි බ්‍රෝ!
අපි වෙනුවෙන් කාලය කැප කෙරුවට ස්තූතියි!chamara
hash tag plz ??
Devaka Sadaruwan
මම ඉතින් කලේ කරනවානම් කරන්න කියලා පාරට ඇදලා දාපු එකනේ. පැය 10ක් විතර එක දිගට වැඩ කරලා මහන්සි වෙලා රැට නිදා ගන්න තියන කලේ කැප කරලා කරපු එකට කසුන් සගෝ ගොඩක් තුති....
එහෙමනම් ඊලග එකකින් ඉක්මනටම සෙට් වෙමු....
ජය හා සතුට
Amila
Thanks mchn...! Digatama sub karamu.....
Rajitha
Thank you machan......digatama yamu......jayawewa.....!
Shanaka Chathuranga
බොහොම ස්තූතියි බ්රෝ... දිගටම කරගෙන යමු...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wasa
Thanks for subtitles brother
Sajitha Aravinda
narcos sinhala sub one
madusha
Tnkz sub ekata
Dillly
bohoma isthuthiy machan but net eke kohewath hoyaganna baane bang link ekak.... ekama ekak set una eka 5GB ban..... puluwannang wena link ekak ewapanko... big help... thnxx alot
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Lasa_Sadaru
patta...
avishka360
Thanks
Pramukmili
Thanx bro..................
Lakshansilva18
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ahhh 1st.ty yaluwa.wish krnwa hadawathinma 1st sub ekata.......