ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආව. මේ වතාවෙ අරගෙන ආවෙ 2013 වසරේ තිරගත වුණ Horror, Thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න ඇහුවම මට මේ ෆිල්ම් එක බාරදීපු සමන් ප්‍රසාද් සහෝව මතක් කරන්නම ඕන. ගිය මාසෙ මුල් සතියෙ වගේ ෆිල්ම් එක බාරගත්තෙ. ඒත් ඉවර කරන්න ටිකක…

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආව. මේ වතාවෙ අරගෙන ආවෙ 2013 වසරේ තිරගත වුණ Horror, Thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න ඇහුවම මට මේ ෆිල්ම් එක බාරදීපු සමන් ප්‍රසාද් සහෝව මතක් කරන්නම ඕන. ගිය මාසෙ මුල් සතියෙ වගේ ෆිල්ම් එක බාරගත්තෙ. ඒත් ඉවර කරන්න ටිකක් පරක්කු වුණා. හරි එහෙනම්…
ෆිල්ම් එක ගැන කියනව නම් කලින් කිව්ව වගේ මේ ෆිල්ම් එක 2013 අවුරුද්දෙ තිරගත වුණ ඇමෙරිකානු ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2013 නොවැම්බර් 13 ජපානයේදි. ඇමෙරිකාවෙ තිරගතවීම පටන්ගෙන තියෙන්නෙ 2014 අගෝස්තු 19 වෙනිදා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ William Brent Bell විසින්. තිර පිටපත රචනා කරල තියෙන්නෙ William Brent Bell සහ Matthew Peterman දෙන්න එකතු වෙලා. අපි කවුරුත් දන්න Sebastian Roché එහෙමත් නැත්නම් Supernatural කතාමාලාවේ කොටස් කීපයකදිම හම්බවුණ Balthazar, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයකට පණ පොවනවා. ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ Prototype සහ Room 101 සමාගම් දෙකේ එකතුවෙන්. මේ ෆිල්ම් එකට 5.9 ක Imdb අගයකුත් ලැබිල තියනවා. මට හිතෙන හැටියට ඒක Horror,Thriller ෆිල්ම් එකකට ලැබෙන ඉහළ අගයක්.
Teen Wolf, Supernatural කතාමාලාවන් බලපු කට්ටිය දන්නවනේ Werewolf කෙනෙක්, එහෙමත් නැත්තම් නර වෘකයෙක් කියන්නෙ කවුද කියලා. නොබලපු කට්ටියත් දන්නවා ඇති. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙත් Werewolf කෙනෙක් ගැන තමා.
හෙන්රි පෝටර් ඔහුගේ බිරිඳයි දරුවයි එක්ක ප්‍රංශයට එන්නෙ නිවාඩුවක් ගතකරන්න. ඉතින් මේ කට්ටිය නිවාඩුව ගතකරන අතරෙ එක දවසක් රෑ එයාලගෙ බල්ලා ඔස්කාර් එකපාරටම කැලෑව පැත්තට බුරාගෙන යනවා. කොහොම හරි ටික වෙලාවකින් ඔස්කාර්ගෙ බිරුම් සද්දෙ එකපාරටම නවතිනවා. ඔස්කාර්ට මොකක්ද සිද්ද වුණේ කියල බලන්න ගිය හෙන්රි පෝටර්ට වෙන්නෙ කුරිරු විදිහට මැරුම් කන්න. ඒවගේම පොඩි කොල්ලා පීටර් පෝටර්වත් අමානුෂික විදිහට මරල දානවා. කොහොම හරි බරපතල තුවාලවෙලා ජීවිතේ බේරගන්නෙ හෙන්රි පෝටර්ගෙ බිරිඳ, ක්ලෙයා පෝටර් විතරයි.
මේ ඝාතන ගැන පොලිසිය පරීක්ෂණ සිද්ද කරගෙන ගියාට මේක කළේ සතෙක්ද? මනුස්සයෙක්ද? කියන එක කාටත් ගැටළුවක් බවට පත්වෙනවා. මාධ්‍ය මඟිනුත් මේ සිදුවීමට ලොකු ප්‍රචාරණයක් ලබාදෙනවා. කොහොම හරි ක්ලෙයා පෝටර් ඝාතකයා ගැන කියන විස්තර අනුව පොලිසිය ටැලන් ගුවිනික් කියන පුද්ගලයව අත්අඩංගුවට ගන්නවා. මේ සිද්දිය ගැන පොලිස් පරීක්ෂණ වලට මූලිකත්වය දෙන්නෙ ක්ලවුස් පිස්ටෝර් කියන නිළදාරියා. ඉතින් මේ ටැලන් ගුවිනික් වෙනුවෙන් උසාවිය නියෝජනය කරන්න එන්නෙ තරුණ නීතිඥවරියක් වන කැතරීන් මූර්. එයත් එක්ක එයාගෙ සහයට ගැවින් සහ එරික් කියන දෙන්නත් එනවා. මේ කට්ටිය හදන්නෙ ටැලන් නිර්දෝෂී අහිංසකයෙක් කියල ඔප්පු කරන්න. ඒත් මේගොල්ලන්ගෙ වැඩවලට පිස්ටෝර් නම් කැමැත්තක් දක්වන්නෙ නැහැ. ඇත්ත, ටැලන්ටයි එයාගෙ අම්මටයි ලොකු අසාධාරණයකුත් සිද්ද වෙලා තියනවා. දැන් ඉතින් මේ කිව්ව හරිය ඇතිනේ. අහිංසකයෙක් කියල් හිතාගෙන හිටපු ටැලන් Werewolf කෙනෙක් වෙන්නෙ කොහොමද… ටැලන්ටයි එයාගෙ අම්මටයි වෙච්ච අසාධාරණේ මොකක්ද. කැතරීන් මූර් මොනව කරයිද… පිස්ටෝර් කියන්නෙ මොනවගේ කෙනෙක්ද… ටැලන්ව නවත්වන්න පුළුවන් වෙයිද… ෆිල්ම් එක බලද්දි හැමදෙයක්ම බලාගන්න පුළුවන් වෙයි.
ඒත් ඔයාට අහන්න පුළුවන් කොහොමද මනුස්සයෙක් ඒ වගේ දෙයක් කරන්නෙ කියල… මගේ උත්තරය සරලයි, ඔහු මනුස්සයෙක් නෙවේ
(ගැවින්.)
~~MAY WE MEET AGAIN~~ ~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent links.
Wer.2013.HDRip.XViD-juggs
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,170 downloadsDownload Wer.2013.Baiscopelk.com_.rar40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
10 comments
Rumesh Nilantha Jayaweera.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!
Isuru
iru mugan 2016 tamil movie ekata sub dala link eka dannakoo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama thanks
Jack
නියමයි මචෝ....
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabodha Jayakody
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴