“සෙමින් සෙමින් අහසේ සිට ඇද හැලෙමින් පොළොව තෙමා දමයි. අඛණ්ඩ ලෙසින් වාෂ්ප ලෙස අහස පුරවාලයි. වැස්සක් ලෙසත් ගංගාවක් ලෙසත් මහා සාගරයක් ලෙසත්, මහා ගමනක නිරත වෙයි. තණ,පුෂ්පයන් සහ මිනිසුන් අවදිව සිටින්නේ ඔබ නිසයි. ඔබ කෙතරම් පුරාතන වන්නේද, එතරම් ම ඔබ නව්‍ය වෙයි! ….. මා සෙමින් සනහාලන මන්ද මාරුතයෙනි, හමනා කුණ…

“සෙමින් සෙමින් අහසේ සිට ඇද හැලෙමින් පොළොව තෙමා දමයි.
අඛණ්ඩ ලෙසින් වාෂ්ප ලෙස අහස පුරවාලයි.
වැස්සක් ලෙසත් ගංගාවක් ලෙසත් මහා සාගරයක් ලෙසත්,
මහා ගමනක නිරත වෙයි.
තණ,පුෂ්පයන් සහ මිනිසුන් අවදිව සිටින්නේ ඔබ නිසයි.
ඔබ කෙතරම් පුරාතන වන්නේද,
එතරම් ම ඔබ නව්‍ය වෙයි! …..
මා සෙමින් සනහාලන මන්ද මාරුතයෙනි,
හමනා කුණාටුවක් ලෙස ඔබ වියරු වෙස් ද ගනියි.
හුස්ම පොදක් සහ පුලිඟක් සේ ඔබ,
නිවී යාමට නොදී ජීවිත ගින්න අවුලා තබයි.
වාතය නැතිනම් ඔවුන් හුදු මළ කඳන් ය! …..
එය දැවෙනා විට ලොවම අවදි වෙමින්,
ඔබේ ආත්මය කලඹවාලයි.
එය දැවෙනා විට,දිදුලන හිරු මෙන් ජීවිතය ආලෝකමත් කරයි.
මනුෂ්‍ය ආත්මයේ මාරක පාපයන් එය විසින් දවාලමින්,
ඔබව ආලෝකමත් කරමින් නව ජීවයක් ඇති කරවාලයි! …..
නොකඩවා ඇද හැලෙනා වර්ෂාවත්,
අත්‍යුෂ්ණ සූර්ය රශ්මියත්,
එමෙන්ම සෑම වෘක්ෂයක්මත්
සතා සීපාවෙකුමත්,
ඒ සැම දරා සිටිනා මවුනි,
මිහිමවුනි!
ජිවය ඇරඹෙන්නේ මෙහියි,
එමෙන්ම දිනෙක මෙහිම වැදහොත් ක්‍ෂයව යන්නේය! …..”
SOLO(2017)
ඔන්න හුඟ දෙනෙක් එනකල් බලාගෙනම හිටපු ෆිලුමක උපසිරැසියක් ලහි ලහියේම අරගෙන එන්න පුළුවන් වුනා.මේකේ HD පිටපතක් මීට සති දෙකකට විතර කලින් නිකුත් වුනත් උපසිරැසි සහිත DVD පිටපතක් නිකුත්වුනේ මේ සතියේ මැද දවසක.කොහොමහරි අන්තිමේදී මේ සති අන්තය වෙනුවෙන් මලයාලම් රසිකයින්ට මේක අරගෙන එන්න පුළුවන් වුනා.ඉහලින් සඳහන් කරේ මේ ෆිලුමේ තියෙන වෙනස් කතා හතරේ තේමා හඳුන්වලා දෙන්න සහ ඒ ඒ කතා වලට ප්‍රවේශය ගන්න ෆිලුම ඇතුලෙම අඩංගු වෙන ප්‍රවේශයන් හතරයි.ෆිලුමේ ප්‍රධාන රංගනයෙන් දායක වන DQ නැත්නම් Dulquer Salmaan ඒ කතා හතරේ වෙනස් චරිත 4ක් නිරුපණය කරනවා.ඊට වැඩි විස්තරයක් ෆිලුමේ කතාව ගැන කියලා ඔයාලගේ රසවින්දනයට බාධා කරන්න අදහසක් නෑ !මේ කියපු වෙනස් කතා හතරේ සම්බන්ධයක් තියෙනවද තියෙනවනම් ඒ මොකක්ද කියලා ඔයාලම අරගෙන බලන්නකෝ!
ෆිලුම සිනමාශාලා වල තිරගතවීම් අරඹන්නේ ඔක්තෝම්බර් 5වෙනිදා.ඒ Action, Drama, Thriller කියන ගණයන් යටතේ වර්ගීකරණය වෙමින්.මෙහි ප්‍රධාන කාන්තා චරිත නිරූපණය වෙනුවෙන් ඉන්දියාවේ විවිධ සිනමා කර්මාන්ත වලට අයිති රංගන ශිල්පිනියන් තිදෙනෙක් සහ නිරූපිකාවක් දායකවෙලා තියෙනවා.ඒ Youngistaan(2014), Tum Bin 2(2016) වැනි හින්දි චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ Neha Sharma, Vagabond(2013), Kabali(2016) වැනි දමිළ චිත්‍රපට සඳහා රංගන දායකත්වය සැපයූ Dhaniska, Lucia(2013) [කන්නඩා], Nibunan(2017) [දමිළ] වැනි චිත්‍රපට සඳහා රංගන දායකත්වය දැක්වූ Sruthi Hariharan සහ මෙම චිත්‍රපටය හරහා රංගනයට පිවිසි සුරූපී නිරූපිකාව Arthi Venkatesh විසිනුයි.ඒ වගේම ඊට අමතරව මලයාලම් රසිකයින්ට හුරුපුරුදු නළු නිළියන් රැසකුත් මෙයට රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.ෆිලුම මේ වෙද්දී 7.0ක IMDb අගයක්,3.5/5ක Times of India මඟින් ලබාදෙන අගයක් සහ 85%ක Google පරිශීලක මනාපයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම මේක මලයාලම් බසින් වගේම දමිළ බසිනුත් සමගාමීව නිෂ්පාදනය වුනා වගේම තිරගත වුනා.ෆිලුම භාෂා දෙකකින් නිර්මාණය වුන නිසාම මේ වෙනුවෙන් ගීතත් 20කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා.ගීත ප්‍රමාණය වැඩි නිසාම ද කොහෙද ගීත සඳහා උපසිරැසි මුල් පිටපතේ අඩංගු වුනේ නෑ .මේක මලයාලම් ෆිලුමක් හින්දා ඒ ගීත වල පද පරිවර්තනයක් අන්තර්ජාලයෙනුත් හොයාගන්න අමාරුයි.කොහොමවුනත් ඉදිරියේදී ඒවා නිකුත් වුනොත් ඒවා උපසිරැසිය ට පසුව එකතු කරන්නම්.
අවසාන වශයෙන් කියන්න ඕනේ මේක මලයාලම් චිත්‍රපට නරඹන අයට පවා වෙනස් විදියේ අත්දැකීමක් වෙයි.කොහොමවුනත් ෆිලුමේ හොඳ නරක තීරණය කිරීම ඔබට භාරයි!
එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු!
එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip සහ HDRip පිටපත් සඳහා වලංගු වේ.
36,601 downloadsDownload Solo-2017.zip153 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
51 comments
Krishan NiShalya
නිරෝෂ්
ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා !
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
prabodha
Thank bro aub ekata....
shashika
godak sthuthi machoooo
dinu
උපසිරැසියට ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Pawan Shamika
Thanx sahoooo
NiyamayIndrajith
Thanks for the subtitles
Naveen Lakshan NL
තරිදු සහෝ දෙනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් පට්ට ෆිල්ම් එකක් කියලා ආරාචියි ආදායම් වාර්තා හිටන් තියලා තියනවාලු සබ් එක ඉක්මනට දුන්නාට බොහොම ස්තුතියි සහෝ......!!!!!!!
Naveen Lakshan NL
කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!
බුදු සරණයි !! දෙවි පිහිටයි!!
තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා....!!!!!
ජයෙන් ජයම වේවා ඔබලාට !!
ස්තුති...!බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඩොක් අයියා
එළකිරි මල්ලි, තැන්කු වේවා
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා!SPD
උඹ නම් සිංහල උපසිරසි හදන මැෂින් එකක් වගේ බන් ශිරාවටම.
ආසයි බන් මලයාලම් ෆිලුමකට උපසිරසියක් කරන්න.
ඒත් වෙලාව හදා ගන්න එක හරිම ආමාරුයි මචං.
බලමු Velipadinte Pusthakam වලට හරි ගේමක් දීලා බලන්නම්.
ඒ කොහොම උනත් සිංහල උපසිරසියට ස්තුතියි මචං.
දිගටම අපි වෙනුවෙන් මලයාලම් ෆිලුම් වලට උපසිරසි
අරගන එයි කියල බලාපොරොත්තු වෙනවා.
බුදු සරණයි.
ජය වේවා....!!!DILSHAN KALINGA
බොහෝම ස්තුති සහෝ උපසිරසියට...
Gathsara Umesh Kumara
Bhooom sthuthiyi ayyee..m
Hemantha De Silva
වාව්.. උණු උණුවට...
-------------
ස්තුතියි තරිඳු....
ස්තුතියි බයිස්...Lahiru
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ බයිස්කෝප් වලට ගහන්න බයිස්කෝප් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරවj
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Chami.S
Thanks..
Good Luck..shasith sandaruwan
මලයාලම් රසිකයන් වෙනුවෙන්
තවත් උපසිරැසියක් අරන් ආවට
බොහොම ස්තූතියි තරිඳු..
දිගටම සබ් දෙමු ආ.. :P
ඔබට ජය!Shehan prathapasinghe
Thanks bro sub ekata jaya wewa!
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය.rangika Kariyawasam
තරිඳු සහෝ කතා කරන්න දෙයක් නෑ.වෙනදා වගේම ෆටිටම වැඩක්.
2014 Vickramadithyan ෆිලුමෙ ඉදන් ඔයා මෙි දක්වා ආපු Dulquer ගේ හැම ෆිලුමකටම සබ දුන්නා. ඒ වගේම ඒ හැම ෆිලුමකම සින්දු හැම එකක්ම අර්ථවත් ලෙස උපසිරැසි ගැන්වුවා. ඒ හැම ෆිලුමක්ම අායෙ ආයෙ බලනකොට ඔයා ෆිලුම හදන්න මහන්සි උන මහන්සියට අපි හැම වෙලාවකටම ණය ගැතියි සහෝ.
Solo ගැන කතා කරනවානමි Dulquer ඉතා සාර්ථකත්වයට පත්වු ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගතවු සුපිරිම මලයාලමි ෆිලුමක් කියන්න පුලුවන්..ඒ වගේම තමා දින 78ක් වන ඊයේ දිනට ඉතා සාර්ථක අයුරින් මලයාලමි සිනමාවේ තිරගතවන D:Q ගේ Parava ෆිලුම. ඒකත් ලගදිම අපට බලාපොරොත්තු වෙන්න පුලුවන් සහෝ.
පහුගිය දවස්වල ඔයා දුන්නු Adham Jone ,Anarkali ,සහ චතුරයා දුන්න Pavada Preethi Virj Sukumaran ගේ ෆිලුමි ටික ෆටිටම ගති . ඒවායේ තියෙන යථාර්ථවාදී බව ප්‍රායෝගිකත්වය හැම වෙලාවෙම අපිට ලංවෙනවා ඔබලා මෙි උපසිරැසි ගැන්වීම සිදුකරන ආකාරයෙන් .
කණගාටුවෙන් උනත් කියන්න ඔින ඉන්දියාවේ ,කෝච්,බැංගලෝරය,ආදී මහා නගරවටා ඒකරාශී වී පැතිරී තිබෙන මලයාලමි සිනමාව අද වන විට ශ්‍රීලාංකීය අපට මෙතරමි සමීප වෙද්දී, ලංකාවෙි වර්ථමාන රීදී තිරය අපෙන් දවසෙන් දවස ඈත් වෙලා යනවා. දේදුණු ආකාසේ, ධර්ම යුද්ධය, වගේ තවත් ෆිලුමක කොපි නැවත සිනමාවට නැගුවට මේ සිනමාව කවදාවත් ගොඩ ගන්න හමිබෙන්නෑ. ඒක දිනෙන් දින ආගාධයට යනවා විතරයි. එතනින් තවත් අනුබලයක් ඇතිවෙලා අපි තවත් මලයාලමි සිනමාවට සමීප වීම ඇත්ත වශයෙන්ම සිදුවෙනවා.
කෙසේ හෝ වේවා අපි මලයාලමි රසිකයින් විදියට බයිස්කෝප් එකේ හැමදාම මලයාලමි පේජ් එකට එන්නෙ අපට අලුත් ෆිලුමක් අරන් ඇවිත් ඇත්දෝ කියලා හිතන ගමන්. Solo ඒ වගේ බලාපොරොත්තුව තියන් හිටපු ෆිලුමක්.අයෙ කියන්නමි සහෝ ෆිලුමට සබ දුන්නට ෆටිටම තැන්ක්ස් .. ජයවෙිවා
oshanda
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය.chanaka samarakoon
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Malisha F'do
Mchn sub download Karanna bane
ssmm
malli umbat comment ekak noda ba.
Super ekatama sab karanawa asi. Ewagema super film.shash
යාළුවනේ... සබ දීපු යාළුවට ස්තූති කරල Comment දානව වගේම චිත්‍රපටයෙ හොද නරක, torrent වල අවුල් තියෙනවා නම් ඒ ගැනත් කරන්න.
ස්තූතියි.shash
යාළුවනේ... සබ දීපු යාළුවට ස්තූති කරල Comment දානව වගේම චිත්‍රපටයෙ හොද නරක, torrent වල අවුල් තියෙනවා නම් ඒ ගැනත් Comment කරන්න.
ස්තූතියි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu
Thanks bro
ravindu
Duvvada Jagannadham (2017) Telugu me film ekata sub eka dennako. godak kal indn illlanne, please
සිසිල ප්‍රසාද්
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. මේකත් අනිවා බලන්න ඉන්න එකක්. ඉස්සරහටත් මේ වගේ හොඳම ෆිල්ම් අරගෙන එමු. ජයවේවා!
navia pukz
බොහොම ස්තුතියි මචං සිංහල උපසිරැසියට
දිගටම හොඳ මලයාලම් චිත්‍රපට කරමු
ජය වේවාAnonymous
Film eka ganne kohomada
eshwara
බොහොම ස්තුතියි...
malith
Ela ela
Saranga J. Liyanagama
ස්තූතියි..ජයවේවා!!
Gandhaka Indrajith
Thanks for the subtitle
Muditha_gmage
MEke hd eka downlod karanne komda bn danna kiyala diyanko hamadama upa sirasi witharai ganne downlod ba film eka plz kiyala dennakooo
Roshan10
Mama me site ekan upasirasa withara ganne film eka ganne uc browser ekan search karala download karanawa....
Pansilu-dahamneth
Thanks brooo
sachi95
mei movie eke Link eka ganna website ekak kiyanko
mithnil1986
Thanks for the sub...
Anonymous
thanks bro
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... tharidu
Udaya Fdo
Thank you
Anonymous
How to download the film?
Anonymous
Can't download sub?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
බොහොම ස්තුතියි !
එනකල් බලන්හිටියේ ....
තවත් ලස්සන මලයාලම් ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්න ..
☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬