ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් අමුතුම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තම කියනවා මේක 1933 තිරගත වෙච්ච චිත්‍රපටයක්. මං හිතනවා පැරණි චිත්‍රපට වලට කැමති උදවිය ඇතියි කියලා. මෙයට IMDb අගය 7.7 ක් ද කුණු තක්කාලි අගය 100% ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Horror l Sci-Fi කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන ම…

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් අමුතුම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තම කියනවා මේක 1933 තිරගත වෙච්ච චිත්‍රපටයක්. මං හිතනවා පැරණි චිත්‍රපට වලට කැමති උදවිය ඇතියි කියලා. මෙයට IMDb අගය 7.7 ක් ද කුණු තක්කාලි අගය 100% ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Horror l Sci-Fi කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ James Whale විසින්ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේ ඔක්කොම පටන්ගන්නෙ ජැක් තමන්ගෙ ශරීරය අදෘශ්‍යමාන කිරීමේ බෙහෙතක් හොයාගත්තම. මොහු තනියෙම වගේ පර්යේෂණ කටයුතු කරමින් මෙය සොයාගන්නවා. තමන්ගෙ සහකාරයටත් නොකියාම. පස්සෙ මොහු එය පරික්ෂා කරනවා තමන්ට එන්නත් කරගනිමින්. ඒවගේම මොහුට එය නැවත හරිගස්සන්න බෙහෙතක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මොහු පැනල යනවා වෙන පොඩි ගම්මානයකට. මොකද මේක රහසිගත දෙයක් නිසා. ඔන්න එතැනදී හැමදෙයක්ම වෙනස් වෙනවා. හෝටලේ වැඩ කරන කෙනා මොහුගෙ ස්වරුපය දකිනවා. පස්සෙ මොහු පොලිසීයෙ කට්ටියට කතා කරනවා. ඒවගේම තමයි ජැක් අදෘශ්‍යමාන උනාට පස්සෙ ගොඩක් බිහිසුණු කෙනෙක් බවට පත්වෙනවා. කවදාවත් හිංසා නොකරපු මොහු මිණිමරන්න පටන්ගන්නවා. මිනිස්සුන්ට කරදර කරන්න ගන්නවා. ඉතින් කොහොමහරි මිනිස්සුන්ට මෙය කරදරයක්. ඒවගේම තමයි බියෙන් ජිවත් වෙන්නෙ. නමුත් පොලිසීයෙ කට්ටිය මෙය මුලදී විශ්වාස කරන්නෙ නැහැ. ඔහුට සමච්චල් කරනවා. ඉන්පසුව වියරු වැටුණු ජැක් පොලිස් නිලධාරියාව මරණවා. එතනින් පස්සෙ දේවල් තවත් දරුණු වෙනවා. අදෘශ්‍යමාන මිනිසා ගැන හැමෝම වගේ දැනගන්නවා. ඉතින් මෙයාලට ඔහුව අල්ලගන්න පුළුවන් වෙයිද? කාටවත්ම නොපෙනෙන කෙනෙක්ව? උමතුවෙන් මිනී මරණ කෙනෙක්ව? එහෙනම් බලන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

1,489 downloadsDownload The.Invisible.Man_.1933.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,489 downloadsDownload Subtitles38 KB

14 comments

  1. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    හැකි නම් මේකත් දෙන්න පුළුවන්ද කියලා බලනවද? pahe එකේ අඩු size එකක් තියෙනවා ✌❤
    The Curse of the Were-Rabbit (2005)

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේ අවුරුද්දේද කොහෙද එනවා නේ Invisible Man ෆිල්ම් එකක්...

  4. Shamal manojan

    ගොඩක් ස්තූතියි මේ ලබා දුන්නු පැරණි චිත්‍රපටයේ උපසිරැසියට. හැකිනම් තවත් මෙවැනිම පැරණි චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.

  5. Dewadithya

    Thanks for Sub!

  6. AsithaDilruwan

    ammo patta film ekak ne,,ela ela thanks

  7. Priyantha Dayakeerthi

    රවිඳු රුක්ෂාන් සොයුර,
    මා පුද්ගලිකවම පැරණි කලාත්මක හින්දි සිනමාපට රසිකයෙක්. ඔබේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියට ගොඩක් ස්තුතියි, මෙය මා නරඹන්නට සිටි සිනමාපටයක්. 1960 වර්ෂයේ තිරගතා වූ Spartacus සිනමාපටයට හැකිනම් උපසිරසි ලබාදෙන්න. ඔබට ජය!!!

  8. indika75

    thanks..

  9. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  10. Waruna Kamalawansha

    සුපිරියි.... බොහෝම ස්තූතියි

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Maleesha

    the invisible man 2020 movie ake dinnako please sahooooooooooo

  14. ravidu ishan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට ...!!!