Watch Trailer

The Invoking 2 (2015) with sinhala subtitles | අස්වාභාවික සිදුවීම් [සිංහල උපසිරසි සමඟ]

මේක Horror ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. මේ කතාවේ කතාංග 5ක් තියනවා. විවිධ වූ වෙනස් අත්භූත සිදුවීම් දාමයක් තමයි මේ කතා පහේම ඇතුළත් වෙලා තියෙන්නේ. පළවෙනි කතාවේ, ගැනු කෙනෙක් ඉන්නවා පාරේ ළමයෙකුත් වඩාගෙන විනාඩි ගාණකට කලින් රිය අනතුරක් වෙලා මැරුන. ඒ ගැනු කෙනාගේ අරමුණ වෙන්නේ එයාව මරපු රියදුරාව මරලා දාන එක. ද…

The Invoking 2 (2015)මේක Horror ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. මේ කතාවේ කතාංග 5ක් තියනවා. විවිධ වූ වෙනස් අත්භූත සිදුවීම් දාමයක් තමයි මේ කතා පහේම ඇතුළත් වෙලා තියෙන්නේ.  පළවෙනි කතාවේ, ගැනු කෙනෙක් ඉන්නවා පාරේ ළමයෙකුත් වඩාගෙන විනාඩි ගාණකට කලින් රිය අනතුරක් වෙලා මැරුන. ඒ ගැනු කෙනාගේ අරමුණ වෙන්නේ එයාව මරපු රියදුරාව මරලා දාන එක.

දෙවෙනි කතාවේ, කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආතල් එකට වගේ යනවා අත ඇරලා දාපු පාළු පරණ ඉස්පිරිතාලෙකට හොල්මන් වීඩියෝ එකක් කරන්න. ඒ රෝහලේ දී ගොඩක් ඉස්සර ළමයෙක් හම්බවෙන්න හිටපු ගැනු කෙනෙක්ගේ ළමයව අම්මගේ බඩේ ඉන්නකොටම ළමයගේ උගුරු දණ්ඩ කපලා දාලා ඒ රෝහලේ ඉන්න දොස්තර මරලා දාලා තියනවා. ඒ දොස්තර හිතලා තියෙන්නේ ළමයා යක්ෂයෙක් කියලා. ඊට පස්සේ අම්මව කුණු වෙන්න කාමරේක දාලා වහල තියනවා මේ දොස්තර. කොහොමහරි දවසක් මේ ගැනු කෙනා එතන තිබුන ජනේලෙක විදුරුවක් කඩාගෙන එයාගේම බඩ වැල් කපාගෙන එළියට අරන් මැරිලා තියනවා. මේ නිසා මේ ගැනු කෙනා මේ රෝහලේ දැන් යක්ෂණියක් වෙලා හොල්මන් කරනවා. මේ ගැනු කෙනාව මරපු දොස්තර තමයි දැන් මේ ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්න කෙල්ලගේ සීයා.තුන්වෙනි කතාවේ, ඒක නම් මට ටිකක් තේරුම් ගන්න බෑ. ගැනු කෙනෙක් ඉන්නවා ගෙදරක තනියම. එයාට එක අමුතු කටහඬක් ඇහෙනවා. අත්භූත ගැනු කෙනෙක්ගේ රූපයක් වගේ දෙයක් පේනවා. එයාට ඒක කරදර හිරිහැර කරනවා. මට හිතුන විදියට මේ දේවල් වෙන්නේ එයාගෙම මනසින්.

හතරවෙනි කතාවේ, මිනිහෙක් ඉන්නවා හෝටෙල් කාමරයක් ඇතුලේ. මිනිහා නිකන් සීරියල් කිලර් කෙනෙක් වගේ පොරක්. මේ මනුස්සයා ගැනු වගයක් මරලා දාලා මේ හොටෙල් කාමරේ ඇතුළට වෙලා හැංගිලා ඉන්නවා. මේ කාමරේ ඇතුලේ දී මිනිහට එක එක විකාර දේවල් පේන්න ගන්නවා. මිනිහගේ මේ වැඩ වලට කැමති මිනිහගේ වැඩ අනුකරණය කරන මැරිච්ච එකෙක් තමයි මේ දේවල් කරන්නේ. පොර හදන්නේ මිනිහට උදව් කරන්න පොලිසියෙන් බේරෙන්න.

පස්වෙනි කතාවේ, මේක නම් මට කොහොමටවත් තේරුම් ගන්න බෑ. සෙට් එකක් යනවා නිවාඩුවක් වගේ ගත කරන්න කෑම්ප් එකකට. ඒ කෑම්ප් එකේ ඉන්නකොට රෑට කවුද උඩ බිත්තිය පහුරු ගානවා වගේ සද්දයක් ඇහෙනවා ඒක ගැනු කෙනෙක්ට. එයාට විතරයි ඒක ඇහෙන්නේ. අනිත් අයට ඇහෙන්නේ නෑ. මේ නිසා මෙයා ගොඩක් මානසිකව දුර්වල වෙනවා. අමුතු විදියට වෙනස් වෙනවා.

එහෙනම් ෆිල්ම් එක බලන්නකෝ 🙂 ඊළඟට කොරියන් Horror උපසිරැසියකින් හමුවෙමු !!

 

The Invoking 2 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Invoking.2.2015.BRRip.XviD.AC3-EVO

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,153 downloadsDownload The-Invoking-2-2015.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

UD Shehan

Subtitles

1,153 downloadsDownload Subtitles46 KB

10 comments

  1. අසිත

    elama saho thanks

  2. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. චමී

    එල සහෝ... එල. ... ඔහොම යං.

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Asram

    Ella Ella Brooo. Mata Me film eke Part 1 ekai Part 3 Ekaki Sub ekka dannakooo

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anupa

    Thanks

  9. ashan lankanath

    thanks...................................................................

  10. Lahiru

    Thanks machoo..subata invoking 1,3 sub diyan