[box] කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ මමම මිට කලින් උපසිරසි දීල තියෙන, නමුත් අඩුපාඩු තියෙනවා කියලා රසිකයින් විසින් අපිව දැනුවත් කිරීමක් කල සිංහල උපසිරසියක්. ඇත්තම මම උපසිරැසිකරණයට එකතු වෙච්ච මුල් කාලේ, ඒ කිව්වේ වසර හයකට කලින් මගෙ දෙවැනි උපසිරැසිය විදිහට තමයි The Judge චිත්‍රපටයෙ උපසිරැසිය කලේ. උප…

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ මමම මිට කලින් උපසිරසි දීල තියෙන, නමුත් අඩුපාඩු තියෙනවා කියලා රසිකයින් විසින් අපිව දැනුවත් කිරීමක් කල සිංහල උපසිරසියක්. ඇත්තම මම උපසිරැසිකරණයට එකතු වෙච්ච මුල් කාලේ, ඒ කිව්වේ වසර හයකට කලින් මගෙ දෙවැනි උපසිරැසිය විදිහට තමයි The Judge චිත්‍රපටයෙ උපසිරැසිය කලේ. උපසිරැසිය ගැන ඒ හැටි බැරෑරුම් විදිහට සලකන්නෙ නැතුව මේ උපසිරැසිය කරපු නිසා මගෙ අතින් අත්වැරදී කීපයක්ම සිද්දවෙලා තිබුනා. මේ නිසාම තමයි පුලුවන් උපරිමෙන්ම මුල ඉදලා ආයෙත් මේකට උපසිරැසිය නිර්මාණය කලේ.
ඒත් කණගාටුවෙන් වුනත් කියන්න මේ උපසිරැසියෙ අඩුපාඩු කියන්න සමහරු පාවිච්චි කලේ ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා උපසිරැසි ලබාදෙන අනික් වෙබ්අඩවි ගානටම දාලා. උපසිරැසියට යොදන්න සුදුසු ව්‍යවහාරය යොදාගන්නෙ නැතුව කරලා තිබුනත් මමනම් අදටත් පුද්ගලිකවම ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කරලා උපසිරැසි කරලා නැහැ. කොටින්ම ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කරලා කරන උපසිරැසි මේ වෙබ්අඩවියෙ පල වෙන්නෙ නැහැ වගේම එහෙම කෙනෙක් හිටියොත් තියාගන්නෙත් නැහැ. උපසිරැසියෙ වෙලා තිබුණු වැරදි වහන්නවත්, හරිහැටි අවබෝධයක් නැතිව පිටින් ඉදන් ඇගිල්ල දික් කරන අය හිත විදිහ වෙනස් කරන්නවත් හිතාගෙන නෙවෙයි මේ දේ කියන්නෙ, දැනුවත් කිරීමක් කරන්න ඕන නිසයි කිව්වේ.
2021-10-07
ඔන්න මම මගේ පලවෙනි උපසිරැසි නිර්මාණයේ කිව්වා වගේ දෙවැනි උපසිරැසියෙන් ආයෙත් ඔයාලා හම්බවෙන්න ආවා. ඉස්සල්ලම මට සමාව ඉල්ලන්න ඕනේ සමීර සහෝ ඇතුළු, බයිස්කෝප් සිංහලෙන් හැමොගෙන්ම. මොකද මට මේ සබ් ඒක හදන්න දුන්නට, මට මේක හදන්න ගොඩක් කල් ගියා. දවස් පහයි. මොකද මට කාලය කළමනාකරණය කරගන්න බැරි උනා. ඒකට මම මෙතන හේතු කියන්න යන්නේ නැහැ. අපි කතාවේ විස්තර පොඩ්ඩක් හොයලා බලමු.
මෙම චිත්‍රපටිය තිරගත උනේ 2014 ඔක්තෝබර් 10. මේකේ ඔයලා ආස කරන සුපිරි නළුවෙක් ඉන්නවා. ඒ තමා 2014 වසරේ වැඩිම ආදායම් හිමි ලැයිස්තුවේ පලවෙනි තැන ගත්ත Robert Downey හෙවත් Iron Man. එහෙම කිව්වම ඔයලාට මතක් වෙන්න ඇති. මේ ෆිල්ම් එකේ සුපිරි දායකත්වයක් ලබා දෙමින් සුපිරි රංගනයක යෙදෙනවා. තව දෙයක් මේ ෆිල්ම් එක ඇක්ෂන් ෆිල්ම් එකක් නම් නෙවේ. මේක නියම සංවේදී ෆිල්ම් එකක්.7.5/10 IMDb අගයක් ලබා තියෙනවා. ඒ ඉතින් ෆිල්ම් එක සුපිරි නිසානේ.
මේකයි කතාවේ සාරාංශය. ලොකු නගරයක ඉන්නවා හෑන්ක් පාමර් කියලා නීතිඤයෙක් එයාගේ තාත්තා ඉන්දියානාවල විනිසුරුවරයෙක්. එයාගේ බිරිද මිය යාමෙන් කලකිරීමට පත්වී ඉන්න වෙලේ, විනිසුරු අතින් කෙනෙක්ව ඝාතනය වෙනවා. තමන්ගේ තාත්තව උසාවියේ නඩු වලින් බේරගන්න මෙයාලා පුදුම දුකක් විදිනවා. ඉතුරු ටික ඔයාලම බලන්න.
මගේ පලවෙනි උපසිරැසියට අදහස් දක්වපු හැමෝටම් ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ මේ දෙවැනි නිර්මාණයත් ඔයාලා හොදට රසවිදි කියලා මන් හිතනවා. එහෙනම් ඉතින් මන් යනවා. ඊලග උපසිරැසියක් මට දුන්නොත් ඒකෙන් නැවත හමු වෙමු. හැමෝටම් ජය…!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,271 downloadsDownload The-Judge-2014.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2014
- #Billy Bob Thornton
- #Box Office Hits
- #Editor's Pick
- #Golden Globe Nominated
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Oscar Nominated
- #Robert Downey Jr.
- #Robert Duvall
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Vera Farmiga
- #Vincent D'Onofrio
- #උපසිරැසි
- #චාමර සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
38 comments
Bhathiya
Ringo
මේ චිත්‍රපටියට සබ් දෙනකන් බලාගෙන හිටියා..ගොඩාක් ස්තූතියි,, සබ් සඳහා..
chathura madusanka
ela thanks kollo
නලින්
ස්තුතියි චාමර සහෝ..!
ජය වේවා!
නිරෝෂ්
ස්තුතියි චාමර.ජය වේවා !
එල්.සී.දමැල්
යන කාලය ගැන හිතන්නෙපා දිගටම සබ් ඕණේ එවිට වේගයත් වැඩිවෙයි!
මේ සබ් එකට ස්තූතියි!thisal
අනිවා බලනවා මැක්සා බඩුවක්නෙ දිඉලා තියෙන්නෙ තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
යශෝධ
ගොඩක් අය මේ වගේ ෆිල්ම් වලට සබ් කරනවා තියා.. බලන්නේවත් නැහැ.. එහෙව් රටක, ඔයා දරපු මේ වෑයම අගය කරන්න ඕනේ.. දෙවන උපසිරැසියට සුබ පැතුම්.. දිගටම උපසිරැසි කරමු.. මේ වගේ හොඳ ලස්සන ෆිල්ම්ස් අතාරින්න එපා ලොවෙත්.. ජයම වේවා..! එලස්ස්ස්...
Deshan
බොහොම ස්තුති සහෝ.
Jack
නියමයි මචෝ.
ටිකක් පරක්කු වෙලා හරි සබ් එක දුන්න එක වටිනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
තව එකක් ඉක්මනින් දෙමු.
ජය.ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරසට
යශෝධ කියන්න වගේ මෙහෙම ෆිල්ම් බලන අයත් හොයාගන්න අඩුයි
හැබැයි අපිනම් බලනවා
මෙන්න සබ ගන්නවා
දිගටම සුපිරි ෆිල්ම් වලට උපසිරසි අරන් එන්න ලැබේවා
ජය!shanaka fernando
thanks brother
අසිත
එල.මේක දෙන්න කියල මම කොච්ච්ච්ර ඉල්ලීම් කලාද?බොහොම පින්.අපිත් ගත්ත සබ.
සාරංග ලියනගම
බොහොම ස්තුති සහෝ....
Tharindu
Thank you very much sahoo...:)
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!isuru
sub ekata thanks!jayawewa!
Omesha Leyan
Sinhala sub enna parak una nisa man english sub down karala baluwa..lassana film ekak..patta
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේන්න මේක දීලෝ.
කවුරු නොබැලුවත් අපි නොබලයි මේවා.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tikka
Good One Bro Keep it up this, Thanks
Chami
Thanks...
යස්මින්
ජය වේවා මචෝ......
wiki
Thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hasanka Sanjana
Thanks Bro
R.S. Samantha
ela ela
thank you macho..
jaya wewa..!!!ricado
great movie , well enjoy with sub ..... thank you very much & god bless you all ..........
Nuradha
Admin la me sub gana balnne nadda.. monawada me sub.. apitath godakma english bahe eth normally deyak therum ganna puluwn. Sinhalen balnne okkoma therum ganna ona nisa.. sub karanna bari nm paduwe inna ona boru noda.. mukuthma therenne nathi aya nm hoda kiyala balai.. wachanath adui.. lajjai sub karapu oya bari nm paduwe inna karana kenek karai please!
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Anonymous
adupadu hadaganna minissuu adui kollo uba ela porak...sub ekta tnx bppr
AR
සබට ස්තූතියි චාමර සහෝ. අද තමා මේක බලන්න යන්නේ.
MAALNATH
Thanks..............good luck...... .........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ තියෙන්නේ sub ek
බොහොම ස්තුති සහෝ..