ඉස්සර දවස්වල ලංකාවේ රූපවාහිනී නාළිකාවල පෙන්වපු චිත්‍රපටියක දෙවන කතාව තමයි මේක. Karate Kid Part I බැලුවනම් දන්නවා ඇති ඒකේ අවසානයට ඩැනියල් දක්ෂ පාපහරක් එල්ල කරලා තරගාවලිය ජයගන්නා බව. ඉතිං මේ කතාව හරියට ම පටන් ගන්නේ මේ කතාව ඉවර කරපු තැනින්. මේ කතාව තනිකර ම ඔරිජින් එහෙම නැත්තම් ප්‍රභව කතන්දරයක්. මේ කතා…

ඉස්සර දවස්වල ලංකාවේ රූපවාහිනී නාළිකාවල පෙන්වපු චිත්‍රපටියක දෙවන කතාව තමයි මේක. Karate Kid Part I බැලුවනම් දන්නවා ඇති ඒකේ අවසානයට ඩැනියල් දක්ෂ පාපහරක් එල්ල කරලා තරගාවලිය ජයගන්නා බව. ඉතිං මේ කතාව හරියට ම පටන් ගන්නේ මේ කතාව ඉවර කරපු තැනින්. මේ කතාව තනිකර ම ඔරිජින් එහෙම නැත්තම් ප්‍රභව කතන්දරයක්. මේ කතාවේ දී මූලිකවම අවධානය දීලා තියෙන්නේ මියාගි මහතාට. කතාව බලලම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.
මේ චිත්‍රපටය ජපානයේ ඔකිනව ආශ්‍රිතව දිගහැරුණත් සම්පූර්ණ චිත්‍රපටය ම වගේ රූ ගත කරල තියෙන්නේ හවායි වල තරමක ජනශුන්‍ය දූපතක. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒ දූපත ඔකිනව වලට සමාන වීමත්, ඇමෙරිකාවට සමීප ව රූගත කිරීමට පහසු වීමත් නිසා. මේ නිසා රඟපෑම් වලට ඔකිනව ජාතිකයන් යොදා ගෙන තියෙනවා වගේ ම ප්‍රධාන නිළියක විදිහට ඉන්න කුමිකොත් ඔකිනව වල තමා උපත ලබා තියෙන්නෙත්.
කතාව දිගහැරෙන්නේ ජපන් පරිසරයක නිසා, ජපන් වචනවලට සමාන ව තමයි සිංහල උපසිරැසි යෙදුවෙත්. ඒ නිසාම තමා චුට්ටක් නුහුරු වුණත් “කරතේ” කියල “කරාටි” කියන එක හැදින්වුවේ. ජපන් භාෂාවේ ට, ල නෑ වගේම වැඩිය ශබ්ද ඇදෙන්නේ නැති නිසා තමා “ඔකිනව”, “නහ”, “තොමි” වගේ වචන දැම්මේ. කරතේ කියන්නේ ජපන් කන්ජි රූපාක්ෂර දෙකක එකතුවක්. “කර” කියන්නේ නිදහසට. “තෙ” කියන්නේ අතට. එතකොට කරතෙ කියන්නේ නිදහස් අතටයි.
ඩැනියල් උතුරු ඇමෙරිකානුවෙක් නිසා ඔහු යොදන සමහර ඉඟිවැකි සිංහලයට ඒ විදිහටම පරිවර්තනය කරන්න අමාරුයි. ඒ තැන්වල දී කතාවට හානියක් නොවෙන්න, ගැළපෙනවා කියල හිතෙන තේරුම් තමා දුන්නේ. ඒ වගේ ඉඟිවැකි දෙකක් මං පහළින් සඳහන් කරලා තියෙනවා.
Take It On The Road – මේකේ තේරුම පාරටම ගෙනියනවා කියන එක නෙමෙයි. අනිත් අයට තේරෙන්නේ නැතිවෙන්න, පේන්නෙ නැති වෙන්න යමක් කරල දානවා කියනවා වගේ, හරියට පාරවල් හදන කොන්ත්‍රාත්කරුවන් බහුතරයක් වගේ. පාර හදලා වගේ පේන්නේ , ඒත් කරල තියෙන්නේ උඩින් පල්ලෙන් වහපු එක විතරයි.
Hang Your Hat – මේකේ තේරුමත් තොප්පිය එල්ලනවා කියන එක නෙමෙයි. පාරේ දිගටම දාගෙන ඉන්න තොප්පිය ගලවන්නේ නිවසට ගියහම පමණයි. ඒ නිසා මේකේ තේරුම පදිංචි වෙනවා කියන එකයි.
මෙතනින් මතුවන සංස්කෘතිමය දේවල් කිහිපයකුත් තියෙනවා. ඒවත් දැනුම හොයන රසික රසිකාවියන්ට වැදගත් වෙයි.මම කෙටියෙන් පුළුවන් විදිහට පහළින් ඒවා සඳහන් කරන්නම්.
ෂින්තෝ දහම – ජපානයේ පවතින ප්‍රධාන ආගමක්.
ගේෂා ස්ත්‍රිය – හුඟක් අය හිතන්නේ ගේෂා ස්ත්‍රීන් කියන්නේ අභිසාරිකාවන් කියලයි. ඒක වැරදියි. ඔවුන් අමුත්තන්ව පිනවන්නන් පමණයි. නූතනය වන විට ඔවුන් හුඟක් අඩුවෙලා තියෙනවා.
සකේ – සහල් පැසවීමෙන් සකස් කරගන්නා මත්පැන් විශේෂයක්
අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා. කතාවේ එක තැනකදී පෙන්වනවා මුරපොළක්. නමුත් ඒක PILLBOX එකක්, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී ඉදිකළ අර්ධයක් පොළොව යට තිබෙන මුරපොළක් තමා එය. ඉතිං එතැනදී මියාගි සහ ඩැනියල් කතා වෙනවා යුද්ධය කොතරම් කුරිරු ද කියලා. එතනදී මියාගි කියන වාක්‍යයක් ඕගොල්ලොන්ගේ හිතට වදීවී.
ඉතිං අදට ඔබෙන් සමුගන්නවා. උපසිරැසි වල වැරදි අඩුපාඩු තියෙනවානම් ඉදිරිපත් කරන්න කියලා කාරුණික ව ඉල්ලා සිටිනවා. වචන භාවිතයේදී මම පුළුවන් තරම් සැලකිලිමත් වුණා අදාළ අදහස එන විදිහේ අසභ්‍ය නොවන වචන යොදා ගන්න.
Parents Guide
දෙමව්පියන් එක්ක බලන්න පුළුවන් හැබැයි සිප ගැනීම් දර්ශන එකක් පමණක් සහ එවැනි ආසන්න දර්ශන දෙකක් තියෙනවා. නිරුවත් හෝ වෙනත් නරක දර්ශන කිසිවක් ම නැති නිසා රස විඳින්න පුළුවන් වේවි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
5,116 downloadsDownload The-Karate-Kid-Part-II-1986.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් ලසිඳු තෙන්නකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවීන් ලසිඳු තෙන්නකෝන්
Subtitles
15 comments
Kantha_DLA
එල්.සී . දමැල්
ගොඩක් හොඳ විස්තරයක් ලියලා...
ස්තුතියි උපසිරසටඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!tharindu gunarathna
thanks
Ranidu Sineth
පට්ටම ෆිල්ම් එකක් තමයි, තෑන්ක් මචං...
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
කොහොමද දන්නේ මේ දවස් වල
ආයේ මුල ඉදන්
ඔය සෙට් එක බලනවා කියලාබොහොම ස්තුතියි ...
ඉතුරු 2 ටත් දෙන්න සිංහල උපසිරැසි
☺☺☺☺♥
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬Daredevil
oke part 3 ekatath ikmanata sub demu.. thankx machan
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ලිපියත් සුපිරි මචං. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන ෆිල්ම් තමයි මේවා..
James DC
පළවෙනි සබ් එකට සුභ පැතුම්...
මේකේ පළවෙනි කොටසට මං ටික කාලෙකට කලින් සබ් එක දුන්නා,
ඉතුරැ ටිකටත් සබ් දෙන්න හිතං හිටියත් ඒ අදහස එහෙම්ම මගහැරිලා ගියා.
මෙය ලබා දුන්නාට ගොඩක් ස්තූතියි. පුළුවන්නම් මෙහි 3 වෙනි සහ 4 වෙනි කොටස් වලටත් සබ් දෙන්න.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalankagayan
Thnx............
Anonymous
meke part iii ekatath sub danna ko yalu
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.