Watch Trailer

Bachelor Party (2012) with Sinhala Subtitles | මිතුදම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Bachelor Party (2012) මලයාලම් සිනමා නිර්මාණයක්. මේක baiscopelk වෙනුවෙන් මමඉදිරිපත් කරන දෙවන උපසිරැසි ගැන්වීම. 2013 වසරේදී Roja සිනමා පටයට සිංහල උපසිරැසි නිර්මාණයෙන් පසුව මාගේ රාජකාරී බහුලත්වය හා වෙනත් පුද්ගලික හේතූන් නිසාවෙන් මම උපසිරැසි නිර්මාණයෙන් මදකට ඈත් වී සිටියෙමි. නමුත් ඒ සඳහා මාගේ තිබුණ රුච…

Bachelor Party (2012) මලයාලම් සිනමා නිර්මාණයක්. මේක baiscopelk වෙනුවෙන් මමඉදිරිපත් කරන දෙවන උපසිරැසි ගැන්වීම. 2013 වසරේදී Roja සිනමා පටයට සිංහල උපසිරැසි නිර්මාණයෙන් පසුව මාගේ රාජකාරී බහුලත්වය හා වෙනත් පුද්ගලික හේතූන් නිසාවෙන් මම උපසිරැසි නිර්මාණයෙන් මදකට ඈත් වී සිටියෙමි. නමුත් ඒ සඳහා මාගේ තිබුණ රුචියෙහි අඩු වීමක් නොතිබුණි. කෙසේ හෝ මෑතකදී මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරැසි නිර්මාණයක් කිරීමට තීරණය කල බැවින් ඒ සඳහා රොයිලි සහෝදරයාගෙන් විමසීමක් කර අතර ඒ වෙනුවෙන් මා විසින් 2013 වසරේදී නරඔන ලද මෙම සිනමා කෘතිය සඳහා උපසිරැසි නිර්මාණය කිරීමට මම තීරණය කලෙමි. ඒ අනුව මෙම උපසිරැසි නිර්මාණය ඔබ වෙත ඉදිරිපත් කොට එහි විවේචනය හා විචාරය මා විසින් ඔබලා හට භාර කරමි.

සිනමාව අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ මලයාලම් සිනමාකරු අමල් නීරඩ් විසිනි. කතාව හා තිර රචනය සන්තෝෂ් එචික්කානම් සහ උන්නි. ආර් ගෙනි. සංගිත අධ්‍යක්ෂණය රාහුල් රාජ් විසින් නිර්මාණය කර තිබේ.

සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණ ගැන කතා කරන විට මලයාලම් සිනමාවේ ප්‍රධාන නඵ නිළියන් රැසක් මෙහි රංගනට දායකත්වය ලබා දෙයි. ඒ අතර 2016 වසරේදී අනපේක්ෂිත ලෙස දිවි ගමනින් සමුගත් කලාභවන් මනී සමඟින් ඉන්ද්‍රජිත් සුකුමාරන්,රහමාන්,විනයාකන්, අසිෆ් අලි, නිත්‍යා මෙනන්,පද්මප්‍රියා,රම්‍යා යන මලයාලම් සිනමාවේ සුපුරි කරු වෙති. ප්‍රිතිවිරාජ් සුකුමාරන් මෙහි ආගන්තුක චරිතයකට පණ පොවයි.

සිනමාපටයේ කතා සාරාංශය ගත් විටදී, කුඩා කල සිටම එකට හැදී වැඩුණු මිතුරන් පිරිසක් හට ඔවුන්ගේ වර්තමාන කාලයේදී මුහුණ දීමට සිදු වන සිද්ධි දාමයකින්, ඔවුන්ගේ ජීවිත වලට වෙනත් පාර්ශව හරහා එල්ල වන අනපේක්ෂීත බාධක හා බලපෑම් පිළිබඳව කතාව ගොඩ නැගෙයි.

නිර්මාණකරුවන් මෙම සිනමා පටය මඟින් සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දීමට වෙර දරා ඇති බව මාගේ අදහසයි. මෙය නැරඹිමෙන් පසු ඒ බව ඔබලාට අවබෝධ වනු ඇති බව නිසැකයි. ඔබ සියළු දෙනාටම බුදු සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත් සඳහා අදාළ වේ.

2,579 downloadsDownload Bachelor-Party-2012.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/noyel-ranasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නොයෙල් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-08-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,579 downloadsDownload Subtitles42 KB

23 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. anushka dilshan

    patta thanx macho digatama sub denna

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. Dilan Sandaru

    Sub එකට thaq මචං..sweetiee weds nri මේ film එක google එකේ පොඩ්ඩක් හොයලා බලන්න ෆට්ටම film එකක්..පුලුවන් නම් මේකේ sub එක දෙන්න මචං

  5. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය ට.
    ඉස්සරහටත් මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු!ජය!

  6. Palitha de Silva

    බොහොම ස්තුතියි...

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. Rajitha

    Thanks machan......jayawewa........!

  9. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට නොයෙල් සහෝ.
    ජයෙන් ජය.

  12. ravindu

    Thanks bro

  13. Tharanga

    Thanx bro

  14. Asram

    me Film Eke Link ekak Nehe neh BRO... Please Send to me Torrent Link....

    1. kasun

      man gaththa torrent site 1ken film eka but sinhala sub galapenna bro? hari link eka dennako!1

  15. kasun

    hari link eka dennako!?

    1. Noyel Ranasinghe

      මේකේ මම Direct Link එක දැම්මා. ඒක post වෙන්නෙ නෑ. සහෝදරයා. Ad min approve කරන්නෙ නෑ. Link දැමම්ට. Biiscopelkdownload එකේ දැමම නම් හරි. නැත්තම් අපි උපසිරස දාන එකේ තේරුමක් නෑ වගේ. ෆිල්ම් එක භා ගන්න බැරි නම්.

  16. අරුණ

    බොහෝම ස්තූතියි සහෝදරයා

  17. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    බුදු සරණයි.
    ජය වේවා..!!!

  18. Noyel Ranasinghe

    kkk

  19. Noyel Ranasinghe

    මේකේ මම Direct Link එක දැම්මා. ඒක post වෙන්නෙ නෑ. සහෝදරයා. Ad min approve කරන්නෙ නෑ. Link දැමම්ට. Biiscopelk download එකේ දැමම නම් හරි. නැත්තම් අපි උපසිරස දාන එකේ තේරුමක් නෑ වගේ. ෆිල්ම් එක භා ගන්න බැරි නම්.

  20. Noyel Ranasinghe

    මේකේ මම ඩිරෙක්ට් ලින්ක් එක දැම්මා. ඒක post වෙන්නෙ නෑ. සහෝදරයා. Ad min approve කරන්නෙ නෑ. ලිනක් දැමම්ම. Biiscopelkdownload එකේ දැමම නම් හරි. නැත්තම් අපි උපසිරස දාන එකේ තේරුමක් නෑ වගේ. ෆිල්ම් එක භා ගන්න බැරි නම්.

  21. Lalani Maduwanthi

    Godaak thanks,,,,,

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.