කිව්වා වගේම එහෙනම් පරණ ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ.පළවෙනි සබ් එක කරලා දවස් 5ක් ඇතුලත ඊළග සබ් එකත් අරන් එන්න පුලුවන් උනා.කලින් ගෙනාපු කොමඩි ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුනා.ඒකට ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා…. Jean-Claude Van Damme ඉන්න සුපිරි ෆිල්ම් එකක් තමා මේකත්.පොර ඉ…

කිව්වා වගේම එහෙනම් පරණ ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ.පළවෙනි සබ් එක කරලා දවස් 5ක් ඇතුලත ඊළග සබ් එකත් අරන් එන්න පුලුවන් උනා.කලින් ගෙනාපු කොමඩි ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුනා.ඒකට ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා….
Jean-Claude Van Damme ඉන්න සුපිරි ෆිල්ම් එකක් තමා මේකත්.පොර ඉන්න Universal Soldier 1992, Hard Target 1993, Lionheart 1991, Six Bullets 2012, Pound of Flesh 2015 වගේ පට්ට ෆිල්ම් බලලා ඇතිනේ.පටන් ගත්ත වෙලේ ඉදන් සටන් ජවනිකා තමා තියෙන්නේ.ඒත් මේ ෆිල්ම් එක නම් එහෙම නෙවෙයි.Van Dammeගේ ගොඩක් වෙනස් චරිතයක් තමා දකින්න හම්බෙන්නේ.පටන් ගත්ත වෙලෙ ඉදන් සටන් වෙනුවට දාම ඝාතකයෙකු හා ජීව විද්‍යාත්මකව නිපදවපු මිනිස් ජීව පිටපතක් ලෙස ද්විත්ව චරිතයකින් තමා කතාවේ දකින්න හම්බෙන්නේ.
2001 මැයි 11 දින තමා මේ ෆිලුම රිලීස් කරලා තියෙන්නේ.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ringo Lam කියන අධ්‍යක්ෂවරයා සහ මේක Lionsgate ආයතනයේ ෆිල්ම් එකක්.Van Damme (”ද ටොර්ච්” දාම ඝාතකයා හා ”ජීව පිටපත”) ලෙසත්, Michael Rooker ( පරීක්ෂක ජේක් රයිලි) ලෙසත් රංගනයෙන් දායකත්වය දෙනවා. IMDB අගය 5.4/10 ගන්නවා.
කතාව ආරම්භ වෙන්නෙ ”ද ටොර්ච්” කියන දාම ඝාතකයා තනිකඩ මවක් මරාදාලා පස්සෙ පුච්චලා දාන සිදුවීමකින්.ඝාතකයා අල්ලගන්න පරීක්ෂක ජේක් රයිලි අවුරුදු 3ක් තිස්සෙ උත්සහ කරත් ඔහුට අල්ලගන්න බැරි වෙනවා.පස්සෙ ඔහු පෞද්ගලික හේතුවකට විශ්‍රාම යනවා.පසු කාලෙක ජාතික ආරක්ෂක අංශය මගින් රහසිගතව ජීව-විද්‍යාත්මක පිටපතක් නිපදවනු ලබනවා.මේ පිටපත ”ද ටොර්ච්” දාම ඝාතකයගෙ DNA මගින් නිපදවපු සර්වසම රූපකායක් තියෙන මිනිසෙක්.ඔහුව ජේක් රයිලිට බාරදී දාම ඝාතකයා අල්ලගන්න කටයුතු සිදු කරනවා. ”ද ටොර්ච්” තව ගොදුරු ගනිද? ජේක් රයිලිට ”ජීව පිටපත” යොදාගෙන ඝාතකයා අල්ලගන්න පුලුවන් වෙයිද කියලා බලලම දැනගන්න….
අනිත් උපසිරැසියෙන් හම්බෙමු.ඊළගට ආයිත් අරන් එන්නේ කොමඩි ෆිලුමක්…. ජයවේවා කට්ටියටම!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
2,288 downloadsDownload Replicant-2001.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Ranidu-Sineth.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනිදු සිනෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රනිදු සිනෙත්
Subtitles
19 comments
Dulanga
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Palitha de Silva
thankyou verymuch..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Tharindu Naveendra
jaya wewa
Udaya Fernando
Thanks Ranidu
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!Nipuna Uthpala
super work brother..sub ekata thanks..niyameta karala thiyanawa...tv series karannath patan ganin machan..jayan jayama wewa...
Ranidu Sineth
තෑන්ක්ස් මචං අනිවා...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks........
දමිත්
බොහොම ස්තුතියි උපසිරැසියට රනිඳු සහෝ.
ජයෙන් ජය.Nishan Fernando
Thanx bro
Nidi
ස්තුතියි රනිඳු!
Chamindalakruwan
patta naluwekne
Tnx bro sub ekata.Anonymous
wada karnne nh
tharindu dilshan
thax bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Replicant (2001) with Sinhala Subtitles | දාම ඝාතකයෙකුගේ වෙස් ගත් ”ජීව පිටපත” [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Replicant-2001.jpg)
Thanks