හැමෝම කතා වුණේ තව සතියකින් හමන්න තියෙන බච්චන් පාන්ඩේ සුළඟ ගැන ඇඩ්වාන්ස් බුකින්ග් ගැනයි, ඕපනින් ඉන්කම් ගැනයි තරඟෙට කතාව මේ සතියේ එන්න තිබ්බ පුංචි පුංචි චිත්‍රපට ගැන කාටත් වගේ වගක් නෑ ආවා වගේම යාවි කියලයි හැමෝම හිතුවේ ඒත් මේ සැරේ.. මේ සැරේ නම් පොඩි වෙනසක් වුණා එක පොඩි චිත්‍රපටියක් තිබ්බා, කෝටි 15ක චි…

හැමෝම කතා වුණේ තව සතියකින් හමන්න තියෙන බච්චන් පාන්ඩේ සුළඟ ගැන
ඇඩ්වාන්ස් බුකින්ග් ගැනයි, ඕපනින් ඉන්කම් ගැනයි තරඟෙට කතාව
මේ සතියේ එන්න තිබ්බ පුංචි පුංචි චිත්‍රපට ගැන කාටත් වගේ වගක් නෑ
ආවා වගේම යාවි කියලයි හැමෝම හිතුවේ
ඒත් මේ සැරේ..
මේ සැරේ නම් පොඩි වෙනසක් වුණා
එක පොඩි චිත්‍රපටියක් තිබ්බා, කෝටි 15ක චිත්‍රපටියක්
සුපිරි නළු නිලියෝ කවුරුත් නෑ, හිත නැළවෙන පය නැටවෙන සින්දු නෑ
ඇක්ෂන් නෑ, කොමඩි නෑ, තනිකරම Drama චිත්‍රපටියක්
ඔන්න සිකුරාදාව උදා වුණා
ඒ චිත්‍රපටියේ පලවෙනි දවස ආවා.. කෝටි 3යිගාණක ආදායමක්!
කෝටි 15ක බජට් තිබ්බ චිත්‍රපටයක් විදිහට හොඳ ආදායමක්..
ඔන්න ටික ටික කට කතා යන්න ගත්තා චිත්‍රපටිය ගැන
“මාර චිත්‍රපටිය” “බලන්න ගිය උන් අඬ අඬ එළියට එන්නේ”
“ආයේ සැරයක් බලන්න ඕන බන්” “මේක බලන් නැත්තම් වැඩක් නෑ”
ඔන්න ඔය කතා තමා පැතිරුණේ.
දෙවැනි දවස ආවා. සෙනසුරාදාවක්! කෝටි 8යි ගාණක්.
තුන්වෙනි දවස ඉරිදාවක්! ඒත් නිවාඩු දවසක්.
අතිශය ධනාත්මක ප්‍රතිචාර හමුවේ එදා කෝටි 15ක්!
සිනමාශාලා ඉස්සරහා කාලෙකට පස්සේ හින්දී චිත්‍රපටියක් වෙනුවෙන්
හවුස් ෆුල් බෝඩ් එල්ලිලා තිබ්බා.
වැදගත්ම දවස, සඳුදා ආවා.. නිවාඩු දවසක් නෙමේ නිසා,
සාමාන්‍යයෙන් ආදායම අඩුවෙන දවසක්.
ඒත් මොන පිස්සුද?? කෝටි 15යි
ඊට පහුවෙනිදා කෝටි 18යි, ඊට පස්සේ කෝටි 19යි..
මොන පිස්සුවක්ද? කවදා වෙච්ච වැඩද?
සතියකින් කෝටි 97යි.
චිත්‍රපටිය බ්ලොක්බස්ටර්!!
කතාව එතනින් ඉවරයි,
මොකද.. අද බච්චන් පාන්ඩේ එන හින්දා!!!
කවුද කියන්නේ?
සුපිරි බච්චන් පාන්ඩේ පලවෙනි දවසේ කෝටි 13ක් ගනිද්දී
අර පොඩි ෆිල්ම් එක දෙවැනි සිකුරාදාවේ ගන්නවා කෝටි 19ක්!
ඊට පහුවෙනිදා කෝටි 24ක් ඊටත් පස්සේ කෝටි 26ක්!!
හැමෝම බලාපොරොත්තු තියන් හිටිය බච්චන් පාන්ඩේ සුළඟ අතරමං කරමින්
The Kashmir Files කුණාටුවක් වෙලයි තිබුණේ.
අන්තිමට මහ ලොකු විචාරකයෝ කරේ තියන් ගිය Bachchhan Pandey
තමන්ගේ ආදායම් ගමන කෝටි 50ට ආසන්න ගාණකින් ඉවර කරනවා.
Flop වෙනවා.
එතකොටවත් The Kashmir Files තමන්ගේ ගමන නවත්තලද?
මොන පිස්සුද?? තාම නෑ. යනවා යනවා ඉවරයක් නෑ.
අන්තිමට ගමන නවත්තන්නේ කෝටි 250ක ආදායමක් අරගෙන.
නිකන්ම නෙමේ ALL TIME BLOCKBUSTER ටැග් එකත් ගහගෙනම
වියදම කෝටි 15යි ආදායම කෝටි 250යි
කොහොමද ඒක..??
ආදායම් අතින් කතන්දරේ එහෙම යද්දි Rating අතින් කතන්දරේ කොහොමට තියෙන්න ඇතිද?
හොඳම දේ කියන්නේ IMDB එකම මැද්දට පැනලා මේකට මොකවත් කරේ නැතිනම්
අදටත් මේකේ Rating පෙන්නන්නේ 10/10 විදිහට.
හොඳ වෙලාවට IMDb උදවිය මැදිහත් වෙලා මේක 8.3ක අගයට අඩු කරලා දැම්මා.
මේ චිත්‍රපටිය ඒ තරමටම උන්මාදයක් වෙලයි තිබුණේ.
ඒකට හේතුව තමයි චිත්‍රපටිය ඉන්දියාවේ බහුතරයගේ හදවතට කතා කරන මාතෘකාවක් ගැන කතා කරපු එක.
කෂ්මීරය පොඩි කාලේ ඉඳන් හින්දි චිත්‍රපටි බලන කාටත් නුහුරු නමක් නම් නෙමේ.
මේ කාෂ්මීරය ඉන්දියාවෙද පාකිස්තානේද කියන ප්‍රශ්නේ ගොඩක් නිර්මාණ වල පාහේ කතාවෙන මාතෘකාවක්.
ඒ හින්දා අපේ ඔලු වලත් යන්තමට ඔය ගැන තිබ්බා
1990 ගණන් වලදි කැරලිකරුවන් විසින් සිද්ධ කරපු
“කෂ්මිර හින්දු ජාතිකයන්ගේ මහා ජන සංහාරය” කවදාවත් උණුසුම අඩු නොවුණු මාතෘකාවක්..
ඉන්දීය ජාතිකයින් අදටත් හදවතින් සාධාරණය යදින සිදුවීමක්
මේ මොහොතෙත් විවිධ මතවාදයන්ට තුඩු දෙන කතාවක්..
ඒ සිද්ධියේ ජීවමාන සාක්ෂි තියෙද්දිත්
මේ ජන සංහාර කතාව
නිකම්ම නිකම් කතාවක් විතරයි කියලත් එක පැත්තකින් කියනවා.
සත්‍යය මොකක් වුණත් The Kashmir Files එක්ක
අධ්‍යක්ෂක Vivek Agnihotri ඇති කරලා තියෙන සමාජීය පිබිදීම ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.
ඒ නිසාමයි මේ චිත්‍රපටිය චිත්‍රපටියක් විතරක්ම නොවෙන්නෙත්.
මේ කතාව අතිශයෝක්තියක් කියලා බැහැර කරන අය ඕන තරම් ඉද්දිත්
සිනමාශාලා වලින් පිටතට කඳුළු පුරවන් ආපු අය
අධ්‍යක්ෂකතුමාව බදාගෙන විනාඩි ගණන් අඬපු අය දකිද්දි
කොහොමද එහෙම එක පාරටම දෙයක් බැහැර කරන්නේ??
ඉතින් මේ ඉන්දීය හින්දු ජාතිකයින්ගේ හදවතේ කතාව
ඉන්දීය සිනමාවේ පෙරලියක් ඇති කළ සිනමාපටය තුලින්
සිංහලෙන් රස විඳින්න කරන ආරාධනාව
ශ්‍රී ලාංකික ඔබ පිළිගන්න.
බහුතර හින්දි සිනමාපට වගේ නෙමේ,
මනසට යමක් දෙන සිනමාපටයක්.
ඒ වගේ දේවල්
දිරවාගන්න අමාරු නම් වෙන හින්දි එකක් බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,698 downloadsDownload ද-කෂ්මීර්-ෆයිල්ස්-2022.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
36 comments
Hari
sam
good work mcn
Supun001#
niyamai sub 1ta thanks mcnlaaa
Kushan
Sub akta thanks
Shaggy
මෙන්න ආටිකල්..ඒක හින්දමයි ගන්නෙ..ස්තූතියි සබට
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
Anonymous
බලාගෙන හිටපු එකක් දෙන්නටම බොහොම ස්තුතියි
sameera
film eka enklmai hitiye..thawa oke 2019 th film ekak awa the Tashkent files kiyala eketh sub eka denna
nish47
thanks bro
Geethi
Thank you very much.
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම.
මිතුන් චක්‍රබෝති රඟපාන ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් ආවේ අවුරුදු 30 කට විතර පස්සේ වෙන්න ඇති.
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.
Bunty Aur Babli 2 - 2021
Jhund - 2022
Jasvi - 2022Pheonix
Tashkant Files එකත් බ්ලොක්බස්ටර්
Kalana Sachintha
tashkant files ekata sinhala sub na neda
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!shana
thanks dennatama
Samith
Thanks brother
Sameera
Jhund එකටත් සබ් එක දෙන්න පුලුවන්නම් වට්නව
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
ikmanatama panchayat aluth season 1tat sab dennaco
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
bohoma sthuthi sub krpu dennatama
Dineth de silva
Thanks sister
bunny
Thanks buddy
Sheron
thanks both ..keep going ..
sahangayantha
thanks a lot saho sub ekata
sahan
thanks
Pasindu Madumal
සබට තුති දෙන්නටම..!✌
සුපර් හිට් එකක් තමයි ❤Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Geethi
බොහොම ස්තුතියි උපසිරැසියට.
Hiruni
Thank you sub ekata!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අඩෙහ් පට්ටටම ලිපිය ලියලා ආය බලන්න හිතන්නෙවත් නැති උන් බලන තත්වෙට ඇදලා දන්න තරන් ලිපිය කොටලා.. සුපර් ආය දෙකක් නෑ දැම්ම බලනවා.. කරන්නාවූ සේවයට ගොඩක් පින්... ජය වේවා.!!!