ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ නිසා චීන බසින් කියන ඒවාට […

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ නිසා චීන බසින් කියන ඒවාට වෙනම ලයින් ගහලා හදන්න සිද්ධ වුණා. මොකද ඒ තැන් තේරුම් ගන්නෙ නැතුව ෆිල්ම් එක හරියට රසවිදින්න බැරි නිසා. එහෙනම් තවත් පරක්කු නොකර චිත්‍රපටය පැත්තට හැරෙමු,
මේ චිත්‍රපටය ගෙන එන්නේ A24 ආයතනය විසින් සහ තිරගත වීම ආරම්භ කරන්නේ 2022 මාර්තු 30 වෙනිදා. ඉතා සාර්ථකව තිරගත වුණ මේ චිත්‍රපටය අන්තර්ජාලයට මෙහි පිටපත් නිකුත් කිරීමේ දිනය පවා කල් දැම්මා. කෙසේහෝ ඇමරිකන් ඩොලර් 25ක් යොදා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 57කට අදික මුදලක් ඉපයීමට හැකිවුණා. මේ වන විට IMDb දර්ෂකයේ 8.6 ඉතා ඉහල අගයක් සහ කුණු තක්කාලි 96% ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Daniel Kwan සහ Daniel Scheinert යන දෙදෙනායි. මෙයට රංගනයෙන් දායක වන්නේ Michelle Yeoh, Ke Huy Quan, Stephanie Hsu, Jamie Lee Curtis, James Hong, Jenny Slate ආදී යන අයයි.
ඉතින් මේකෙ කතාව ගැන පැහැදිලි කරන්න නම් බොහොම අමාරුයි. මොකද මේක සංකීර්ණ සංකල්පයක් වටා ගෙතුන කතාවක්. ඒ කියන්නේ බහුවිධ විශ්වය පිළිබදව. ඒත් බයවෙන්න එපා. ඒ සංකල්පය සංකීර්ණ වුණාට මේ ෆිල්ම් එක එතරම් සංකීර්ණ නෑ. හැමදෙයක්ම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට තවත් මේක පැහැදිලි කරන්න කතාව ස්පොයින් නොවෙන විදිහට මං විස්තරයක් කරන්නම්. එවුලින් කියන්නේ ලොන්ඩරියක් කරන් යන බදු ගොඩකට හිරවුණ කාන්තාවක්. එයාගෙ මහත්තයා තමයි වේමන්. එයාගෙ දුව ජෝයි. එවුලින්ගේ ක්‍රියා කලාපෙ දැක්කාම හිතා ගන්න පුළුවන් එයා ගත කරන ජීවිතේට එයා කැමති නෑ කියලා. මොකද එයා තමන්ගේ සැමිය කියන දෙයක්වත් දුව කියන දෙයක්වත් ගනං ගන්නෑ. එවුලින් එයාගෙ තාත්තට විරුද්දවයි මේ කසාදෙ කරගත්තේ. ඉතින් එදා තාත්තට විරුද්ද නොවුණා නම් එවුලින්ගේ ජීවිතේ කොහොම වෙයිද? දැං ඉතින් වුණ දේ වුණානේ එහෙනම් බලමුකෝ මෙයාලගේ පවුල් ජීවිතේට මොනව වෙයිද කියලා. මෙයාලගේ ජීවිතේ ගොඩක් සාමාන්‍ය එකක්. මෙයාලගේ බදු ප්‍රශ්න නිසා විගණන පරීක්ෂාවක් කෙරීගෙන යනවා. දවසක් මේ එවුලිනුයි, එයාගෙ සැමියයි, එයාගෙ තාත්තයි එක්ක මේ විගණන පරීක්ෂණේට යද්දි වේමන්ට සම්බන්ද වෙනවා වෙන විශ්වයක ඉන්න එයාගෙම පිටපතකට(වර්ශන් එකකට). එයාගෙ නම තමයි ඇල්ෆ වේමන්. එයා එන්නේ ඇල්ෆ විශ්වයේ ඉදලා. ඒ ඇල්ෆ විශ්වයේ තියෙන තාක්ෂණෙන් තමා මේ සම්බන්ද වීම් සිදු කරන්නේ. ඉතින් ඇල්ෆ වේමන් එහෙම එන්නේ මහා නපුරක් මේ විශ්වයන් විනාශ කරමින් පවතිනවා ඒ නපුරට විරුද්දව සටන් කරන්න කෙනෙක් හොයාගෙන.
මේ බුහුවිශ්වයේ එක එක විශ්ව වල එක වගේ අය පවතිනවා. හරියට එවුලින් වගේ අය තවත් විශ්ව වල ඉන්නවා වගේ. කොහොම හරි ඒ එක එක විශ්ව වල එවුලින්ලාට එක එක හැකියා තියෙනවා. මේ ඇල්ෆ විශ්වයේ ඉන්න ඇල්ෆ එවුලින් තමයි හොයාගන්නේ අනික් විශ්ව එක්ක සම්බන්ද වෙන ක්‍රමේ. ඉතින් ඇල්ෆ වේමන් මේ විශ්වයට එන්නේ අර නපුර පරද්දන්න පුලුවන් කෙනා මේ එවුලින් කියලා හිතාගෙන. ඇල්ෆ වේනන් ගේන උපකරණයකින් එවුලින්ට හැකිවෙනවා අනික් විශ්ව වලට සම්බන්ද වෙලා ඒ විශ්ව වල ඉන්න එවුලින්ලගේ හැකියාවන් ලබා ගන්න. එහෙම හැකියාවන් ලබා ගන්න එකට කියන්නේ ‘විශ්ව මාරුව’ කියලා. එහෙම විශ්ව මාරුව කරන්න එක එක අමුතු වැඩ කරන්න ඕනෙ, එතකොට තමා අර උපකරණෙ වැඩ කරන්නේ. ඒ කරන අමුතු වැඩ වලට මෙයාල කියන්නේ ‘විශ්ව මාරු ක්‍රමය’ කියලා. ඒ අමුතු වැඩ මොන වගේද කියලා ඔයාලට බලද්දි තේරෙයි. එහෙනම් මං මෙච්චරයි කියන්නේ ඉතුරු ටික ඔයාල බලලාම දැනගන්න කවුද මේ මහා නපුර පාලනේ කරන්නේ? එවුලින්ට එයාව නවත්තන්න පුළුවන් වෙයිද? මෙයාගෙ පවුල් ජීවිතේට මොනව වෙයිද? එවුලින් විශ්ව මාරුව කරලා එන අතුරු ප්‍රතිපල මොනවාද කියලත්.
උඩ කිව්ව විස්තරේ ඔයාලට තේරුණාද දන්නෑ. ඒ කොහොම වුණත් මේ සුපිරිම ගනයේ ආදරණීය, හාස්‍යජනක, හැඟීම්බර කතාව නරඹන්න ඔයාලටත් ආරාදනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
23,541 downloadsDownload Everything-Everywhere-All-At-Once-2022-Blu-Ray.zip140 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2022
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Daniel Kwan
- #Daniel Scheinert
- #Editor's Pick
- #imdb Top 250
- #James Hong
- #Jamie Lee Curtis
- #Jenny Slate
- #Ke Huy Quan
- #MaxxA
- #Michelle Yeoh
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephanie Hsu
- #Sub
- #Subtitla
- #උපසිරසි
- #සබ්ටයිටල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ස්
40 comments
Anonymous
හිෂාන් සමරසිංහ
බොහෝම ස්තූතියි
♥nish47
thanks bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Dark lord
Thanx bn
Gihan
බොහොම ස්තූති
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks jayawewa....!
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Thanks Brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Kilan Vinod
thank you saho sahena mahansi wela thiyenawa!!!!!!!!
Sahan Prabhasara
cupiri cupiri
Sanketh
සබ දානකම් හිටියෙ ෆිලුම බලන්න. තෑන්ක්ස් .
Ruchira Lakmal
Thanks for the sub cheers!!!!!
Anonymous
thanks for the sub...bro
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Udara Damith
244242
Roshan
Tnx bro...Great job...
Anonymous
Supiri movie 1k
multiverse concept eka kohomath supiri
aththatama tiye nam maru nesub 1k me taram quality dena ekata
wena mahansiyata
thank you....
thank you veryyyy muchhh.........Anonymous
Thanks for subtitles.. good luck
Lakshan Gunawardhana
thank you!
Dewadithya
Thanks for Sub!
Vishwa sasanka
Thank you
dasun
tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks saho sub ekata
Manu
Godak sthuthi..Jaya wewa!
gihan
බොහෝම ස්තුති උපසිරසියට
My Name
Thanks Bro Sub එකට Sub එකෙනන් අයේ High Quality එකටම තිබ්බා එවගෙම බලවුව ලස්සනම Movie එකක් මෙකත් හැමෝටම බලන්නත් කියනවා Sub ගොඩාක් ස්තුති Bro
I DONT NO
Movie ekanan baluwa. Therunna appa kisima deyak..
Advertisement
Bohoma sthiyhiyi sgoo me movie ekt sub dunnata ikmanin<33 Jaya wewa