Watch Trailer

The Keeper (2009) with Sinhala Subtitles | භාරකාරයා. [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Steven Seagal ගෙ ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක සමහර විට ඔයාල කලින් බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ඉතින් ලස්සන සිද්ධියක් තමයි විස්තර වෙන්නෙ, ෆිල්ම් එකේ විස්තර ටිකක් අපි හොයල බලමු කොයි වගේද කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ…

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Steven Seagal ගෙ ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක සමහර විට ඔයාල කලින් බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ඉතින් ලස්සන සිද්ධියක් තමයි විස්තර වෙන්නෙ, ෆිල්ම් එකේ විස්තර ටිකක් අපි හොයල බලමු කොයි වගේද කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 3 වෙනිද, පළමු වරට තිරගත වෙන්නෙ ජපානෙදි, IMDB අගය 5.2 ක් ලැබිල තියෙනවා, ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 10 මුදලක් වැය කරල තියෙනවා, පළමු DVD එක නිදහස් වෙලා තියෙන්නෙ නොවැම්බර් මාසෙ 4 වෙනිද, Hungary වලදි, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Keoni Wakman කියල කෙනෙක්.
 
මෙහෙම තමයි ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ, Steven Seagal ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ Roland කියල, මෙයා කතාවෙ හැටියට ලොස් ඇන්ජලි පොලිස් දෙපාර්තමේන්තුවෙ අවුරුදු 20 සේවය කරල තියෙනවා, ඉතින් මෙයා මෙහෙම රාජකාරි කරමින් ඉන්න අතරෙ, මෙයයි මෙයාගෙ යාලුවෙකුයි පුංචි වැටලීමක් සිදු කරනවා, පුංචි කිවුවට පුංචිමත් නෑ, මෙයාල ඒ වැටලීම කෙරුවට පස්සෙ එතන තිබිල ඩොලර් මිලියන ගාණක් මේ දෙන්නට හම්බ වෙනව, ඉතින් මෙයාගෙ යාලුවා මෙයාට කියනවා ඒ මුදල් බෙදාගමු කියල, නමුත් ඒකට Roland කැමති වෙන්නෙ නෑ, ඔහු රාජකාරියට ගරු කරන කෙනෙක්, ඒක නිසා Roland ගෙ පාප මිත්‍රයා Roland ට වෙඩි තියල, එතන තියෙන මුදල් හොරකම් කරනවා, ඊට පස්සෙ Roland ව රෝහලට ඇතුළත් කරනවා, ටික දවසකින් මෙයා සනීප වුනාට පස්සෙ, Roland රැකියාවෙන් විශ්‍රාම ගන්නව, ඒ අතරෙදි Roland ගෙ තවත් මිත්‍රයෙක් ඉන්නවා, එයාට කියන්නෙ Wells කියල, ඔහු කලින් Roland එක්ක පොලිස් දෙපාර්තමේන්තුවෙ සේවය කරපු කෙනෙක්, ඔහු Roland ට ඇමතුමක් අරගෙන කියනවා ඔහුගේ දුවට කරදරයක් වෙලා කියල, ඊට පස්සෙ Roland යනවා ඔහුගේ මිත්‍රයාව මුණ ගැහෙන්න, එහෙදි ඔහු සිද්ධිය විමසල බලද්දි එයාට තේරෙනවා එයාගෙ යාලුවාගෙ දුවව යම් පිරිසක් පැහැර ගන්න උත්සාහ කරල කියල, එහෙදි මෙයාට රැකියාවක් ලැබෙනවා ඔහුගේ මිත්‍රයාගෙ දුවගෙ ආරක්ෂයා විදිහට පෙනී සිටින්න, නමුත් ඒකට මුලදි Roland කැමති වෙන්නෙ නෑ, නමුත් Wells ගෙ දැඩි ඉල්ලීම මත Roland කැමති වෙනවා ඔහුගේ මිත්‍රයාගෙ දුවව ආරක්ෂා කරන්න, ඉතින් ඒ වැඩේ කරන්න, Roland ට ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙනවා, අපි බලමු එයා ඒ කාර්ය කරන්නෙ කොහොමද කියල, ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියලුම දෙනාට නිරෝගිබව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි!!

The Keeper (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Keeper.2009.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

9 comments

  1. Udara Damith B/K

    නියමි එල
    මරු
    ස්තුතියි

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  5. hasith

    thankyou

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  8. Udaya Fernando

    Thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P