Watch Trailer

The Last King of Scotland (2006) | ඉඩි අමීන්. [සිංහල උපසිරසි සමඟ]

උගන්ඩාවේ තුන්වන ජනාධිපති ඉඩි අමීන් ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කර ගෙන නිර්මාණය කරපු සලරුවක්. ඔහුගේ සම්පූර්ණ නම Idi Amin Dada oumee කියලයි දැක්වෙන්නේ. අමීන් ඩාඩා, එහෙමත් නැත්නම් ඉඩි අමීන් 1925 දී උපත ලැබුවෙක්. ඉඩි අමීන් උපත සිදුවූයේ දිළිඳුකම, විඩාව, ආර්ථික පීඩනය හා දේශගුණික කාලගුණික වෙනස්වීම් වලින් පි…

The Last King of Scotland (2006)

උගන්ඩාවේ තුන්වන ජනාධිපති ඉඩි අමීන් ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කර ගෙන නිර්මාණය කරපු සලරුවක්. ඔහුගේ සම්පූර්ණ නම Idi Amin Dada oumee කියලයි දැක්වෙන්නේ. අමීන් ඩාඩා, එහෙමත් නැත්නම් ඉඩි අමීන් 1925 දී උපත ලැබුවෙක්. ඉඩි අමීන් උපත සිදුවූයේ දිළිඳුකම, විඩාව, ආර්ථික පීඩනය හා දේශගුණික කාලගුණික වෙනස්වීම් වලින් පිරි උගන්ඩාව නම් වූ දේශයේ නැගෙනහිර කොනට වන්නට පිහිටා තිබූ කොධාකා දිස්‌ත්‍රික්‌කයේ දී. එම සීමාව කොන්ගෝව සහ සුඩානය වෙන්කරන සීමා මායිම් සහිත ප්‍රදේශ විය. ඔහුගේ පියා ගොවියකු වූ අතර ඉස්‌ලාම් භක්‌තිකයකු ද විය. ඔහුගේ මව උගන්ඩාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනු ලැබූ ගෝත්‍රික කාන්තාවක්. මව සහජයෙන්ම දැඩි තැනැත්තියක් වූ හෙයින් දරුවන් අට දෙනා සමඟ මව තනි කර පියා වෙන අතක් බලා ගන්නේ සැමියෙකු නැතුව තම දරුවන් නඩත්තු කිරීමේ අභියෝගය මවටම භාර දෙමින්. අගහිඟකම් පිරුණු අමීන්ගේ නිවසේ සාගින්න, සංතාපය, කඳුළ කියන දේවල් හැමදාමත් මේ අනේක විද කම්කටොලු මැද අමීන්ගේ අධ්‍යාපනය බිඳ වැටිණි. පොත්පත්, සපත්තු මෙන්ම කුසට අහරක්‌ නොමැතිවීම ඔහුගේ අධ්‍යාපනය කඩා වැටීමට ප්‍රබලම හේතුවක්‌ විය.

1946 උගන්ඩා හමුදාවේ කෝකියෙකු ලෙස බැඳුණු අමීන් ටික කලකින් රයිෆල් බලකායේ කෝකියාගේ තනතුරට උසස්‌වෙයි. 1948 එම රෙජිමේන්තුවේ කෝප්‍රරල් ධුරයට උසස්‌වන අමීන් 1951 දී රෙජිමේන්තුව වෙනුවෙන් සමස්‌ත උගන්ඩා බොක්‌සිං සූරතාවලියට ඉදිරිපත් වෙයි. ඉඩි අමීන්ගේ මුෂ්ටි ප්‍රහාරයෙන් කීර්තිනාම දිනාහුන් බොක්‌සිං ශූරයන් බිම ඇද වැටෙන්නේ කපා හෙළු කෙසෙල් කඳන් මෙනි. සමස්‌ත උගන්ඩාවේම සුපිරි බොක්‌සිං ශූරයා ලෙසට ඔහු කිරුළ පළඳින්නේ 1960 වනතුරුමය. මේ සුපිරි හැකියාවන් නිසාම ඔහු 1958 දී සාජන්ට්‌ මේජර්වරයකුගේ තත්ත්වයට උසස්‌වෙයි.

1952 – 1956 අතර කාලවකවානුව තුළ දේශපාලනයට පිවිසෙන මොහු උගන්ඩාවේ හටගන්නා Mau Mau කැරැල්ල මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවත් සමග සම්බන්ධව කටයුතු කරයි. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව එන කල්ලන්ගේ අත්පා සිඳ දමා සිරුර කටුකම්බිවලින් ඔතා මහ මග දමන අමීන් බ්‍රිතාන්‍ය හමුදා අණදෙන නිලධාරීන්ව අමන්දානන්දයට පත්කරයි. ඔහුගේ සේවය අගය කළ එක්‌ හමුදා ප්‍රධානියෙකු කළ ප්‍රකාශයකින් ඒ බව වඩාත් තහවුරු “අපිට ඔහු සුවිශේෂී චරිතයක්‌. ඔහු හරියටම රගර් ක්‍රීඩකයෙක්‌ වගේ සටන්වලදී ක්‍රියාකරනවා. හරියටම සතුරාගේ බෙල්ලට පනින්න ඔහුට පුදුම හැකියාවක්‌ තියෙනවා.හැබැයි ඔහුට ලියුමක්‌ කියවා ගන්න වත් දැනෙන්නේ තේරෙන්නේ නැහැ. අකුරක්‌ ඇර අකුරක්‌ කියා දෙන්න ඕන. ඒ වගේම ඔහු කපටි ක්‍රියාශීලී අයෙක්‌. කවදාහරි උගන්ඩාවේ පාලනයත් ඔහු අල්ලා ගනීවී කියලා හිතනවා.” මේ හමුදා නිලධාරියාගේ ප්‍රකාශය සනාථ වන්නට වැඩිකලක්‌ ගියේද නැත. 1971 දී පෙරළියකින් බලයට පත් වන ඔහු 1979 දක්වා වසර 8ක් උගන්ඩාව පාලනය කරමින් උගන්ඩාව නැත්තටම නැති කර දැමූ ඒකාධිපති පාලකයෙකි.

නූගත් පුද්ගලයෙක් වූ ඉඩි අමීන් වරක් තමන් දුටු සිහිනයක් අනුව යමින් රටේ ආර්ථිකයට හානි කරන්නේ යැයි කියමින් සියලුම ආසියාතිකයින් උගන්ඩාවෙන් පන්නා දැමීය. නීත්‍යානුකූල බිරියන් හතර දෙනෙක් සහ අනියම් බිරියන් තිස්දෙනෙකු සමඟ කාමභෝගී ජීවිතයක් ගත කල අමීන් තමන් කැමති සියලුම ගැහැනුන් තමන්ගේ යහනට ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. ඔහුගේ ඒකාධිපති පාලනයෙන් පාලන කාලය තුළ උගන්ඩාව තුළ දූෂණය උත්සන්න වූ අතර අවනීතිය රජ විය. තමන්ට පක්ෂපාතී නොවන සියලුම දෙනා වලපල්ලට යවන ලදී.ඔහුගේ බලය 1979 දී බිඳ වැටුණු පසුව යුදෙව් ජනතාව විසින් ප්‍රීති ඝෝෂා නගමින් එය සමරනු ලැබුවා. සවුදි අරාබියාව හා ලිබියාව යන රටවල් වලට පිටුවහල් කරනු ලැබ අන්තිම කාලය සිහි මඳ(කොමා) තත්වයෙන් ගත කල ඉඩි අමීන් 2003 අගෝස්තු 16 දින සවුදි අරාබියේදී මිය ගියා. ඔහුගේ මිනීමරු ඒකාධිපති පාලනය නිසා ඔහුට පටබැඳුණු නම් ගණනාවක් වූ අතර Butcher of Afria, අප්‍රිකාවේ මස්‌ මරන්නා. Lord of The All The Beast’s of the world, Conqueror of The british Empire ඒ අතරින් කිහිපයක්.

ඉතින් The Last King of Scotland සලරුවේ දැක්වෙන්නේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ඉඩි අමීන් ගැන කියූ කතාව. Nicholas Garrigan නම් මේ ස්පාඤ්ඤ ජාතික වෛද්‍යවරයා උගන්ඩාවේ වෛද්‍ය කටයුතු වලට සහාය දක්වන අතරේදී අහම්බයකින් ඉඩි අමීන් මුණ ගැසී ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත්වෙනවා. මේ වෛද්‍යවරයා ඉඩි අමීන්ව දකින්නේ කොහොමද සහ ඉඩි අමීන් ඇතුළේ ඉන්නේ පිටින් පේන පුද්ගලයා නෙමෙයි කියන එක කෙමෙන් කෙමෙන් තේරුම් ගන්නා ආකාරය ලස්සනට පෙන්වනවා. ඉඩි අමීන්ගේ පාලනය ගැන කිසිවක් නොදන්නා මොහු මේ පාලනය ලේ වලින් පිරුණු පාලනයක් බව තේරුම් ගන්නා විට තමන්ටද මෙයින් පලා යාමේ අවස්ථාවක්ද නැති බව තේරුම් ගන්නවා. ඔහුගේ පලායාම සාර්ථක වෙයිද? ඉඩි අමීන්ට මොනවා වෙයිද?ඉඩි අමීන් විදිහට රඟපාන Forest Whitaker නම් නළුවාගේ රංගනය නම් විශිෂ්ට එකක් බව කියන්නම ඕන.Dr. Nicholas Garrigan විදිහට James McAvoy නළුවාත්, Sarah Merrit විදිහට Gillian Anderson නිළියත් රංගනයෙන් දායක වෙනවා. Imdb දර්ශකයේ 7.7 ක අගයක් ගත් මේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිපදවුණු සලරුව නැරඹිය යුතුම එකක් බව කියන්නම ඕන.

“සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල්- ඒවා මම හිතන දේවල්ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුණාට, සමහර වෙලාවට මම දන්නවා පී.එච්.ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටේරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම වැඩ- කාරයෙක්!!!” – අමීන් ඩාඩා (ඉඩි අමින්) – (1974)

The Last King of Scotland (2006) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

3bc60b5bbbc42d7ff49e33c16dc48ff002e928eb ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,343 downloadsDownload The.Last_.King_.of_.Scotland.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

2,343 downloadsDownload Subtitles42 KB

31 comments

  1. දසුන් සුචරිත

    මම මෙක බැලුවා මරු.

    1. kasun

      thanks.........

  2. Asiri

    Thanx wewa.onna mamath gaththa...

  3. නලින්

    ස්තුතියි දමිත් සහෝ!

    සැහෙන්න ලොකු ඉතිහාසයක් ඉතා කෙටියෙන් කියලා දුන්න එක නම් වටිනවා.

    ජය වේවා!

  4. එල්.සී. දමැල්

    තුති...
    ජය...

  5. Gamage

    onna math gaththa. thanks saho

  6. sandhanuwan

    Thanks saho..

  7. කැලුම් ගුණසේකර

    ලිපිය නම් හොදට ම ලියලා තියනවා. නියමයි සහෝ. ස්තුතියි උපසිරැසියට.

  8. Nelson

    God Post Friend Thanks

  9. sandun

    Niyamai,me wage thawa ekak demu

  10. sandun

    saho,mekatath sub dennako, "Hitler the rise of evil 2003" IMDB 7.3/10.
    Thanx.

  11. Thanu

    Niyamai. Thanx sub 1ta

  12. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. thisal

    පට්ට කතාවක් අනිවා බැමක් තැන්ක්ස්

  14. Jack

    පට්ටයි මචෝ.
    මේක නම් අනිවා බලනවා.
    ලිපිය නම් සුපිරියි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai yaaluwa..
    supiri film ekak genath thyeenne..
    mama godak me haadayaa gana danne naha..
    a nisaa danma aragena balanawa..
    jaya wewaa>>

  16. chandana

    මම ගොඩාක්ම ආශයි ජීවිත කතාවක් ඈසුරින් නිර්මානය කල මෙවෑනි ෆිල්ම් වලට
    බොහෝම ස්තුතියි ඔයාට

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. indika

    thn Q :)

  20. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බලනවා. ජය෴෴ :P :P

  21. tharindu

    niyama film aka . sub akata thanks.

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  24. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. tharindu

    sub ekta thnx bro ...jaya wewa...:D

  26. dinesh

    උපසිරැසියට තුති…… :)

  27. Hashan M. Priyadarshana

    Thank you bro

  28. Rumesh Asanka

    thank you

  29. sasanka

    thanks for the sub

  30. Dinith bhashitha

    ස්තුතියි!
    The da vinci code 2006 චිත්‍රපටයේත් sub දාන්නකො