Watch Trailer

The Last Station (2009) with Sinhala Subtitles | ජීවිත ගමනේ අන්තිම නැවතුම…[සිංහල උපසිරසි සමඟ]

“සෑම සාර්ථක මිනිසෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි කියන්න මම දන්නේ නෑ. ඒ වුණත් මේක කිව්ව කෙනා තව කරුණු රාශියක්ම නොසලකා හැර තිබෙනවා. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකගේ පි‍ටුපසින් ඉඳන් කාන්තාව මෙහෙවරක් කළා වුණත් ඇතැම් මිනිසුන් අසාර්ථකත්වයට පත්වන්නේත් ගැහැ…

“සෑම සාර්ථක මිනිසෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි කියන්න මම දන්නේ නෑ. ඒ වුණත් මේක කිව්ව කෙනා තව කරුණු රාශියක්ම නොසලකා හැර තිබෙනවා. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකගේ පි‍ටුපසින් ඉඳන් කාන්තාව මෙහෙවරක් කළා වුණත් ඇතැම් මිනිසුන් අසාර්ථකත්වයට පත්වන්නේත් ගැහැණුන් නිසාම වීම සහ ඇතැම් සාර්ථකත්වයට පත් මිනිසුන් විඳවන්නේත් ගැහැණුන් නිසාම වීම හේතු කොටගෙනයි.

ඔබ දන්නවා ඇති ගැහැණුන් නිසා අසීමාන්තික ලෙස වදවේදනාවන්ට ලක් වන මිනිසුන් අදටත් සිටිනවා, ඇතැමෙකුට ඒ මව, කෙනෙකුට පෙම්වතිය, තවෙකෙකුට බිරිඳ, සමහරෙකුට වෙනත් කතක්… මේ ආදී ලෙස මේ සමාජයේ සෑලකිය යුතු මිනිසුන් පිරිසක් කාන්තාවන් නිසා වේදනා විඳිනවා. ඒ තත්ත්වය සාමාන්‍ය අපට පමණක් උරුම වූවක් නොවෙයි. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වී, බුහුමන් ලබන මිනිසුන්ටත් පොදු තත්ත්වයක්. ඇමෙරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම මානවවාදි ජනපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන් තම බිරිය නිසා අතිශය දරුණු මානසික වදවේදනාවන්ට මුහුණ පෑ අයෙක්. ඒ වගේමයි ලෝක පූජිත මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි. අද දක්වාත් ලොව පහළ වූ අතිශය ශ්‍රේෂ්ඨතම නවකතා නිර්මාණකරුවා හැටියට පිදුම් ලබන්නට ඔහු වාසනාවන්ත වූයේ ‘ඇනා කැරනිනා’ සහ ‘යුද්ධය හා සාමය’ යන නිර්මාණ ද්වය හේතුවෙන්. අද වන විටත් ලොව අග්‍රගන්‍යම නවකතාව ලෙස සැලකුම් ලබන්නේ මේ ‘යුද්ධය හා සාමය’ නවකතාව වුණත් ඔහුත් සිය බිරිඳගේ කටයුතු නිසා මහා දරුණු මානසික වේදනාවන්ට පත් වූ අයෙක්.

මම මින් පෙර වතාවකදී ඔබ වෙත ගෙන ආවා ‘චේ ගුවේරා‘ ගේ තරුණ වියේ කතාව. එහිදී මම කිව්වා දුක්ඛිතයන්, පීඩිතයන් වෙනුවෙන් සිය පණ පිදූ අය මෙන්ම තම ඉසුරුමත් දිවියේ මහේශාඛ්‍යය ඔවුන් වෙනුවෙන් කැප කරන්නට, ඔවුනගේ යහපත වෙනුවෙන් පුදකරන්නට සැදී පැහැදී හුන් මිනිසුනුත් මේ ලෝකයේ සිටි බව. ලියෝ ටෝල්ස්ටෝයි ඒ වගේ කෙනෙක්. චේ ගුවේරා තමන්ගේ පණ පිදුවේ අසරණයන්ගේ ජීවිත යහපත් කරදෙන්නටයි. ටෝස්ටෝයිට අවශ්‍ය කළේ පෞද්ගලික දේපළ ක්‍රමය වෙනස්කොට එය කාටත් සම අයිතීන් සහ අවස්ථා හිමිවන පොදු දේපළ ක්‍රමයක් බවට වෙනස් කරලීමටයි. ඒ සඳහා ඔහු නිදහස්වාදී සමාජයක් බිහි කිරීමට වැර දැරුවා. එකම අරමුණ වෙනුවෙන් චේ ගත් මග ප්‍රායෝගික සන්නද්ධ ජන අරගලයක් බවට පත් වෙද්දී ටෝල්ස්ටෝයි ඒ සඳහා ‍තෝරාගත්තේ චින්තන විප්ලවයක් වුණා. ඒ ඔස්සේ ඔහුගේ ඒකායන අරමුණ වුණේ තමාට තම සි‍ටුවර පෙළපතින් උරුම වූ දේපළ ඉඩකඩම් පොදු ජනයාගේ ප්‍රයෝජනය සඳහා බෙදා දීමයි. ඒ අයුරින් මුළු ලොවේම පොදු දේපළ ක්‍රමයේ ක්‍රියාත්මකභාවය සනාථ කරනු පිණිසත් නිදහස් පොදු ජන ජීවන ක්‍රමයක් ස්ථාපිත කිරීම පිණිසත් සංවිධානයක් පිහි‍ටුවාලමින් එය ලෝකය පුර ප්‍රචලිත කරමින් මුළු ලොවම ඊට පොළඹවාලීමටත් තැත් කළා. ඒ තමන්ගේ යැයි දෙයක් නොමැතිව අනුන්ට කඹුරමින් ජීවිතයම ගෙවා දමනවුන්ගේ වෙහෙස ගැන ඔහු වටහාගත් නිසා. ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටිමින් උත්සාහ කළේ “කිසිවෙකුට කිසිවක් හිමි නැති, සැමදෙයම කාටත් හිමි” සමාජයක් ගොඩනැගීමටයි. මේ කටයුත්තේදී ඔහුට සතුරුව කටයුතු කළ විශාල පිරිසක් සිටියා. ඒ අතරින් ටෝල්ස්ටෝයි සි‍ටුදේවියත් එක් අයෙක්.

ටෝල්ස්ටෝයි කෙතරම් නම් මේ අරමුණ සඳහා කැප වුණාද කිව්වොත් තම දරුවන්ගේ උරුමය වන දේපළ සහ ඉඩකඩම් පමණක් නෙවෙයි තමාගේ වෙහෙසත් මෙහෙයත් වන තම නිර්මාණ පවා සියළූම මිනිස් වර්ගයාගේ යහපත උදෙසා මුළු මහත් මනුෂ්‍ය සමාජයේම අයිතියට පවරා දීමට ඔහුට අවශ්‍ය වුණා. නමුත් සි‍ටු දේවියට අවශ්‍ය කළේ එහෙම නොවෙයි. ලෝක ආගම් අතරෙහි සම්මුතියක් ගොඩනැගීමට උත්සාහ කළ අය අතුරිනුත් ටෝල්ස්ටෝයි හට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් වුවත් ඔහු අනාගමිකයෙක්. ඔහුගේ ආගම වුණේ මානව-ප්‍රේමය. මිනිසාගේ සුභසිද්ධිය තම පරමාර්ථ කොටගත් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ ජීවිතයෙන් බිඳක් මෙලෙස සිනමාවට නැගුණේ 2009 වසරේදී. ඒ ‘ජේ පරිනි’ ගේ නිර්මාණයක් ඇසුරින්.

මේ චිත්‍රපටයේ ලියෝ ටෝල්ස්ටෝයිගේ චරිතයට ‘ක්‍රිස්ටෝපර් ප්ලම්මර්’ පණ පොවන අතරේ ටෝල්ස්ටෝයි සි‍ටුදේවියට පණ දෙන්නේ ‘හෙලන් මිරන්’. මේ දෙදෙනාගේ රංගනය කෙතරම් උත්කෘෂ්ඨදැයි කිවහොත් හෙලන් මිරන් 2009 වසරේ ඇකඩෙමි සම්මාන උළෙලෙහි හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට එක් වෙද්දී; ක්‍රිස්ටෝපර් ප්ලම්මර් හොඳම සහය නළුවා සම්මානය සඳහා වූ නිර්දේශිත නම් අතරට එක් වුණා. අධ්‍යක්ෂණය මයිකල් හොෆ්මන්ගේයි. එසේනම් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ ජීවන තතු බිඳක් සිංහල උපසි‍රැසි සමගින් විඳගන්නට අවසරයි.

ප. ලි. මාගේනම් අදහස යම් සිනමා රසිකයෙකු මෙය නොබලා සිටීම ඔහුගේ ජීවිතයේ අත්විඳිනා අති මහත් වූ පාඩුවක් වන බවයි. මාගේ නිර්දේශයට අනුව මෙය සෑම අයෙකුම විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස දැක්වීමට කැමතියි. මෙහි සුළු වශයෙන් නිරුවත් දර්ශන ඇතුළත් වන බවද සැලකිය යුතුයි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

53 comments

  1. sasalanka

    thnkz ... mama 1

  2. D_DASH

    mama 2rd ela ela thanks..

  3. කේ. යූ. ජී. උදාර

    හුඟ කාලෙක ඉඳන් මේක දෙනකම් බලාගෙනයි හිටියේ.
    දිගටම මේ ජාතියේ විශිෂ්ට සිනමා කෘතිම අරගෙන එන්න. බොහොම ස්තූතියි උදා....

  4. chamila

    thaks..

  5. විකියා

    මෙවැනි සුවිශේෂී සිනමා නිර්මාණ වලට සබ් දෙන එකට බොහොමත්ම තුති...උදා..
    තව තවත් මෙවැනි නිර්මාණ වලට උපසිරස යොදන්න ශක්තිය ලැබේවා!

    ජයෙන් ජය~!

  6. Alaya

    Niyamayii sahodaraya..jaya wewa \m/

  7. danu

    සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුති. අනිවා බලනව.

  8. Theeka

    නියමයි මචන් නියම වැඩක්‌., අනර්ග ලිපියක් මචන්.

    දිගටම කරගෙන යමු. සුබ පැතුම්...“උදා”

  9. uda

    සොයුරනේ;

    මේක ලබා දෙන එක මේ තරම් පමා වීම ගැන යළි යළිත් සමාව අයැද සිටිනවා. කෙසේ නමුත් මට වෙන කරදර හේතුවෙන් භාරගත් වැඩක් අත්හැර දමන්නට මා සතු‍ටු නැති නිසා තමයි මෙලෙස ප්‍රමාද වී හෝ ඔබගේ රසවින්දනය උදෙසා මෙය මේ ලෙස ‍රැගෙන ආවේ. ඒ නිසා මාගෙන් වූ ප්‍රමාද දෝෂය ගැන ඔබගෙන් සමාව අයැදිනවා.

    යළිත් තවත් මෙවැනිම වූ නිර්මාණයකින් හමුවෙමු.
    එතෙක් ජය!

  10. Shashi Fernando

    මැක්සා ෆිල්ම් එකක්නේ සහෝදරයා මේ පාර දීලා තියෙන්නේ. මං බලන්න ආසම මේ වගේ ෆිල්ම්ස්. නියමයි බ්‍රෝ... ඉස්තුති කරන්න වචන නැහැ. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම...

  11. රන්දිම

    well done!

  12. සංදීප

    ඇත්තම කියනවානම් විස්තරේ කියෙව්වාම මටත් බාන්න හිතුනා.ලිපිය හොදට ලියලා තියෙනවා මචෝ!බොහෝමත් තුති සබ් එකට.

  13. maheshi

    බොහෝම ස්තුතියි ජනප්‍රිය හා ඒකාකාරි රැල්ලෙන් මිදිලා මේ වගේ චිත්‍රපට වලටත් උපසිරැසි දාලා ලබා දෙනවට.

  14. theekshanax

    thanks saho..

  15. kantha

    thanks sinhala sub............

  16. හොද්දා....

    ඇත්තටම බාන්න හිතුනේ විස්තරේ නිසා.. ස්තුතියි... සැබැ වෙනසක්, දිගටම මෙ වගේ එවත් දෙන්න...

  17. Soda ගුණේ

    මේ ෆිල්ම් එක නම් බළල තියනවා. මේ වගේ ෆිල්ම් සිංහල උපසිරසි එක්ක දෙන එක කියල නිම කරන්න බෑ වටිනවා ඒත් ඔයාගේ විස්තරේ කියෙව්ව නිසා දෙයක් කියල යන්නම්... ඔයා සොපියා තෝල්ස්තෝයිට ෆට්ට අසාධාරණයක් කරනවා... සොපියා තෝල්ස්තෝයි කියන්නේ ලියෝ තෝල්ස්තෝයිගේ ජිවිතේ සෙවනැල්ල ‘ඇනා කැරනිනා’ සහ ‘යුද්ධය හා සාමය’ පමණක් නෙමේ තෝල්ස්තෝයිගේ හැම නිර්මාණයක්ම පාහේ අත්පිටපත් කියවමින් සෝදුපත් බලමින් වැරදි නිවැරදි කරමින් පාඨකයා අතරට ගෙනියන්න මහා වෙහෙසක් දරපු ගැහැණිය තමයි සොපියා තෝල්ස්තෝයි... මවක් වශයෙන් තමන්ගේ දරුවන්ගේ දේපල අයිතිය ඉල්ලපු පලියට ඇයට මෙහෙම කතා කරණ එක සාධාරණ නෑ... ඔයා බළල තියෙන්නේ එක කෝණයකින් විතරයි.... අරගෙන කියවන්න සින්තියා ඇස්කවිත් ගෙ මැරිඩ් ටූ තෝල්ස්තෝයි.

  18. upul hewagamage

    සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුති.ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම… ජය! ජය! ජය!

  19. රාම් රාජ්

    thanks

  20. චන්ද්‍රයා

    එල එල උදා සහෝ මං දැං නොවැ දැක්කෙ හොඳයි හොඳයි වඩේ හොඳයි.......comment නැති උනාට ගනං ගන්න එපා.......දිගටම වැඩේ කරමු...........!!!! ජයෙන් ජය.....!!!!!!!!!

  21. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ.

  22. Jayan Chamal

    kollata pin lilaya tiyana hati kivama kohomath banna epai balalama kiyanamko

  23. uda

    @ Soda ගුණේ

    නෑ සහෝ; මට ඕනෙ කළේ ටෝල්ස්ටෝයිගේ පැත්තෙන් කරුණු දක්වන්න.

    ඇත්තම කියනවානම් මේ දවස් වල මම ඔය පොතේ සිංහල පරිවර්තනය කියවමිනුයි ඉන්නේ. අනික මේ චිත්‍රපටිය විතරක් බැලුව කෙනෙකුට වුනත් ඔයා කීව දේ තේරෙනවා. නමුත් මම ටෝල්ස්ටෝයිගේ පැත්තෙන් කරුණු දැක්වීමක් ලෙස කළ නිසා ඔයා කීව එකට එකඟ වෙනවා. ඒත් මේකේ කවුරුත් දන්න කියන කෙනා ගැන එපැයි කියන්න කියලා හිතලයි ඔහොම ලිව්වේ. ඒකෙන් වරදක් කරන්න අදහස් කළේ නෑ; ඒත් එහෙම වෙලානම් ඒ ගැන සමාවෙන්න.

    මම සි‍ටු දේවිය නිසා ටෝල්ස්ටෝයි දුක් වින්දා කියපු එක බොරු නෙමේ නේද? එහෙම කිව්වට මට එයාගේ චරිතයට හානියක් කරන්න අදහසක් තිවුණේ නෑ.

  24. dinnu

    lipiya dakkama balannama tamai hiyenne.ehenam mamath banawa.bohoma stutie saho.jayawewa.

  25. Nirmal

    balanna honda film ekak!!
    ape knowledge ekatath hondai mewage movies balana eka......
    thanx uda saho for sinhala subtitles!!

  26. Dina

    උදා සහෝ බයිස්කෝප් එකට වටිනා සම්පතක්.. :)
    බොහොම ස්තුතියි..

  27. Maduka

    Download wenna danma

    thanks

  28. chap

    film eka nam download kala..dan itin balanna tiyenne..thanks machan..

  29. kathu

    ෂාහ්...!!! නියම විස්තරයක්‍.. එළකිරි..! ඔන්න මමත් බානවා.. බලලම කියන්නම්..

  30. Jayan Chamal

    සොපියා තෝල්ස්තෝයි samanaya ganiyak aya varadi na ... ammala kohomath daruvo gana hithanava..
    Liyo ge darshanaya hodai namuth me loke paya gahala jeevath vena ona kenekta therenava liyoge sankalapa kavadavath prayogika na kiyala...
    Liyo ta duk vidinna une සොපියා hinda neme ... ekata asama thulith bahira sadaka visala vashayen balapava......Liyoge vate inna ayath eyava kava kiyala oya film eka baluvama hodata therenava .. oya post eke සොපියා තෝල්ස්තෝයි gana liyala tiyana vidiyai film eke yana vidiyai godak venas ...
    methanadi සොපියා තෝල්ස්තෝයි va thrum ganna ona ape amma kenek vidiyata ... kese vetath sub ekat mama navatha vathavak sthuthi digatama karagena yanna ... me post eke tiyana de mata pili ganna ba ...

  31. uda

    @ Jayan Chamal

    පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා සහෝ.
    මෙකේ මම කොතනකවත් කියලා නෑ සොෆ්‍යා වැරදි බව.
    ඒ වගේම ඇය අසමාන්‍ය හැසිරීමක් පළ කළ බව.
    මම කියලා තියෙන්නේ ඇයගේ අභිප්‍රායන් ටෝල්ස්ටෝයිගේ අභිප්‍රායන් වලට පටහැණි වූ නිසා ඇයගේ හැසීරිම් වලින් ඔහු පීඩාවට පත්වුණා කියලා විතරයි. ඒක වැරදිද? ඒක හරි නම් මේකේ කියලා තියෙන දේ පිළිගන්න වෙනවා. මොකෝ මම කිව්වේ ඇගේ හැසිරීම් නිසා ටෝල්ස්ටෝයි මහා දරුණු මානසික වදවේදනාවන්ට ලක් වූ බව පමණක් සහ ඇගේ අරමුණු ඔහුගේ අරමුණු හා ගැ‍ටුණු බව පමණයි. ඔයාට මේක පිළිගන්න බැරිනම් ඒ කියන්නේ මේ කියපුවා බොරුද?

    මම ඇයව හෙළා දු‍ටුවේ නෑ, ඇය වැරදියි කීවේ නෑ, ඇයට බැණ වැදී නෑ, ඇය ගැන වැ‍රැද්දක් කියා නෑ. නමුත් මම කිව්වේ මේ ‍ෆිල්ම් එකේ පෙනෙන සත්‍යයයි. මම මේ ලිපියේ කරුණු දැක්වීම් කළේ ටෝල්ස්ටෝයි ආශ්‍රයෙන්. ඔහුගේ පැත්තෙන් සලකද්දී ඔහුට ඇගේ හැසිරීම හිරිහැරයක්, පීඩාවක් වූ බව බොරුවක් නෙමෙයි නේද?

  32. හොද්දා....

    එල මචෝ... ඔන්න මාත් බාන්න දැමමා ....
    තවත් නිර්මාණ වලට උපසිරසි යොදන්න ශක්තිය ලැබේවා....

  33. DAMER

    එළ එළ... 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  34. me

    Thanks

  35. kusan

    nice work......

  36. පිස්සු පුසා.

    සැහේන්න වටින කතාවක් එකට සබ් එකත් දාලා. ලොවෙත් නැ. ඇත්තටම ලියල තියන ලිපිය ගැන කියන්න වදන් නැ ගොඩක් හිතට ඇල්ලුව. “උදා” සහො ඔයාගේ ලිපිය මන් මගේ බ්ලොග් එකේ දානවා කමක් නැ නේ.. මෙකේ සබැදුමකුත් එක්කම.. ස්තුති..

  37. kkg

    කඩ්ඩෙන් එන ෆිල්ම් වලට උපසිරසි යොදන්න ශක්තිය ලැබේවා

  38. kkg

    ස්තුතියි ස්තුතියි ස්තුතියි......

  39. chamila

    Aniwa balanna o-ne..

  40. abaran akka

    ubata jaya

  41. abaran akka

    machan hoda tamil film valatath sub dala kiyahanko

  42. disala

    please mata kiyanna meka balana hati, u torront eken open venne nene

  43. Raji

    sub handa film1 epa novi baluwa.thanx saho...

  44. Ashan vimukthi

    ගොඩාක් ස්තුතියි සහෝ..
    නියම film 1ක්..
    විස්තරෙත් නියමයි සහෝ...
    maxaaa!!!!!

  45. ශාන් විමුක්ති [වීමා]

    මං මේක බලල තියනව සහෝ :)
    අද නිවාඩුවක් ලැබුන නිසා වටෙම කරකැවෙනකොට මේක දැක්කෙ
    බැලින්නම් උදා කරපු එකක් :)
    මල් හතයි බන් එත් ඇයි උබ සබ් දෙන එකෙන් අයි වෙන්න හදන්නෙ මං නම් කියන්නෙ බන් උබ ඉන්න ඕන එකෙක්!
    උබ වගේ අය නැත්තම් කොහොමද මේ වගේ බයිස්කෝප් අපිට බලන්න වෙන්න අහ්
    සමාවෙන්ඩ ඕන මේ වගේ වචන වලින් කතා කරනවට ඒත් සහෝ බොක්කෙන්ම එන වචන ටිකක් තමා මේක
    කැත නැතුව කෙලින්ම හිතෙන දේ කිවුව ඕං :)
    උබ සිරා පොරක් !

  46. Nandana

    thanks you

  47. gihan

    ගොඩක් ස්තුතියි

  48. dinesh

    thx saho

  49. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  50. ricadodamien

    Thank You Uda brother & Baiscope Team For The Sub, it was so beautiful. All The Best To Baiscope Team...............

Load more comments