කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. එහෙනම් කොහොමත් එකයි කියලා මුල ඉඳන්ම පටන් ගමුකො. දන්නවා ඇතිනේ මම කවුද කියලා. සමන් ප්‍රසාද්. ඕක තමා නම. හැබැයි පස්සෙ මම බුකියේ නම වෙනස් කරගත්තා බ්ලැක් පැන්තර් කියලා. හැබැයි ඉතින් අන්තිමට සමීර කරුණාරත්නයට පින්සිද්ධ වෙන්න මම අන්තිමට පූසා බවට පත්වුණ…
කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. එහෙනම් කොහොමත් එකයි කියලා මුල ඉඳන්ම පටන් ගමුකො. දන්නවා ඇතිනේ මම කවුද කියලා. සමන් ප්‍රසාද්. ඕක තමා නම. හැබැයි පස්සෙ මම බුකියේ නම වෙනස් කරගත්තා බ්ලැක් පැන්තර් කියලා. හැබැයි ඉතින් අන්තිමට සමීර කරුණාරත්නයට පින්සිද්ධ වෙන්න මම අන්තිමට පූසා බවට පත්වුණා 😛 ඉතින් මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරසි කණ්ඩායමට නිල වශයෙන් එකතු වෙන්නෙ 2013 සැප්තැම්බර් 15. ඒ මම පොඩි කාලේ හෙන ආසාවෙන් බලපු The Lion King සිනමාපට ත්‍රිත්වයේ දෙවැනි සිනමාපටය වෙන The Lion King 2: Simba’s Pride කියන සජීවීකරණ සිනමාපටයත් එක්ක. මගේ මුල්ම උපසිරැසිය ඒ විදිහට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා දැක්කාම දැනිච්ච සතුට වචන වලින් කියන්න බෑ. ඒ වගේම බයිකෝප් ප්‍රේක්ෂකයින් ඒකට දාලා තිබ්බ කමෙන්ට් දැක්කාම ඒ සතුට දෙගුණ තෙගුණ වුණා. මම ළඟදී අන්තිම වතාවට ඒ පේජ් එක බලද්දි එකට කමෙන්ට් 51ක් වැටිලා තිබුණා. 😀 මට අද වගේ මතකයි කට්ටිය ඒකට දාලා තිබුණ කමෙන්ට්. මම සමහර වෙලාවට අදත් ඒ පේජ් එකට ගිහිල්ලා ඒ දාලා තියෙන කමෙන්ට් ටික කියවනවා. දැනෙන සතුට කියාගන්න බෑ. ඉතින් ඔතනින් තමා මගේ සබ් ගමන ආරම්භ වුණේ. 😀 ඉතින් අද ඒ ආපු ගමනේ මුල්ම කඩයිම පහු කරනවා ඔන්න එහෙනම්. හැබැයි ඔව්, මම පිළිගන්නවා මේ කඩයිමට එන්න මම ගත්ත කාලය වැඩියි කියලා. පොඩි පොඩි හැලහැප්පීම මැද තමා මේ දුර එන්න වුණේ. ඒක තමා ඉතින් මෙහෙම පරක්කු වෙන්න හේතුව. මේ ගමන ඇතුලත දැනට කරගෙන යන ගෝතම් සීසන් 2 කතා මාලාවද ඇතුලත්ව රූපවාහිනී කතා මාලා එපිසෝඩ් ද, හින්දි සිනමාපට තුනකටද, අද මම ගේන මේ සිනමාපටය ඇතුළුව ඉංග්‍රීසි සිනමාපට 23 කටද උපසිරසි සපයන්න මට පුළුවන් වුණා. බයිස්කෝප් ප්‍රේක්ෂකයින් වෙනුවෙන්. ඉතින් ඒ ගමනෙදි මට සහය වෙච්ච අද ස්තූති කරන්න වගේම මතක් කරන්න ඕනා කරන හුඟ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝවම මතක් කරන්නයි යන්නේ දැන් ඔන්න. ඉතින් සබ් කරද්දී “තෝ ඔවම කරන්නෙ වෙන වැඩක් නැද්ද? කොයි වෙලේ බැලුවත් ඔය මගුල දිහා බලාගෙන ටයිප් කරන එකමයි වැඩේ. පොතක් පතක් බලාගනින් යකෝ” කිය කිය බැන බැන වුනත් සබ් කරද්දි තේ එක හදලා ළඟටම ගෙනත් දෙන මගෙ ආදරණීය අම්මව මුලින්ම මතක් කරන්න ඕනා. ඊට පස්සෙ මගෙ තාත්තව. මොන ප්‍රශ්ණ තිබ්බත් මෙහෙම සබ් කරන්න ඕන කරන සල්ලි ලෝබ කමක් නැතුව දෙන්නෙ තාත්තා තමා ඉතිං. පඩි දවසට ගානක් අතටම ගෙනත් දෙනවා ” ඔන්න මේ මාසෙ කාඩ් දාගනින්” කියලා. 😀 අම්ම නම් ඉතින් රවන්නේ නැතුවත් නෙවේ මට කාඩ් දාගන්න සල්ලි දෙනවා වැඩියි කියලා. 😛 😀 අනික සමහර විට මම මේ සයිට් එකට කවදාවත් නොඑන්න තිබුණා මගේ හොඳම යාළුවෙක් වෙන ලහිරු අයේෂ්මන්ත නැත්නම්. මොකද මම කඩෙන් DVD ගෙනල්ලා ෆිල්ම් බලද්දි ඉංග්‍රීසි සබ් එක්ක තමා බලන්න පුරුදු වෙලා හිටියේ. ඉතින් පස්සෙ අයේෂය තමා මට මේ සිංහල සබ් ගැන කිවුවේ. “මෙන්න මේ සයිට් එකෙන් තමා බං මං සබ් ගන්නෙ” කියලා මට පස්සෙ බයිස්කෝප් සයිට් එකේ ඇඩ්‍රස් එක දුන්නා. ඉතින් මම පොඩ්ඩක් සබ් කිරිල්ල ගැන හොයලා බලලා ඉතින් මුල්ම සබ් එක විදිහට The Lion King 2 සබ් එක එව්වා. 😀 ඉතින් බයිස්කෝප් සයිට් එකට සබ් කරන්න ප්‍රවේශ වෙන්න උදව් වුනේ ඔය තුන්දෙනා තමා. ඉතින් සයිට් එකට ආවට පස්සෙ තවත් වෙනමම සෙට් එකක් හම්බුණා. හෙහ්. පිස්සු කොරයි ඉතිං 😀 මුලින්ම මට හම්බුණේ විකියා. හම්මෝ… හම්බුණ දවස් වල “සහෝ, අරක කරමුද? මේක කරමුද? මෙන්න මේක මරු. හම්මෝ… බේරිලි බොරු. හැබැයි විකියා කියපු ෆිල්ම් වලින් මම හා කිවුවේ එක ෆිල්ම් එක්කටද කොහෙද :v :v හැබැයි දැන් නම් මගෙන් මුකුත් අහන්නෙ නෑ ඔන්න… 😛 ඉතින් ඊට පස්සෙ බයිස්කෝප් එකෙන් සෙට් වුණ ඩයල් එක තමා අපේ උන්නැහේ, එහෙමත් නැත්නම් රෝමියෝ, එහෙමත් නැත්නම් හැමෝම දන්න ශාන් විමුක්ති හෙවත් විමා. හරිම හිත හොඳ ඩයල් එක. වලි කප්පිත්තා. වතුර යටින් ගිහිල්ලා තමා බෝම්බ සෙට් කරලා එන්නෙ. 😛 නිකොලස් ස්පාක්ස්ට වඩා නිකොලස් ස්පාක්ස් ලියපු පොත් ගැන මූ දන්නවා. 😀 😀 බෑ කියන්න බැරි නිසා ඉතින් මූ එක්ක එකතු වෙලා Stuck in Love සබ් එක කොලා ඉතින්. හම්බෙලා උපරිම අවුරුද්දක් විතර වගේ වුනාට පොඩි කාලේ ඉඳන් අඳුරන යාළුවො වගේ තමා ඉන්නෙ. මෙහෙම හිටියට හැබැයි මූ හරිම භයානක වැඩ කරපු පට්ට ඩයල් එකක්. අම්මෝ… කරපු වැඩ ගැන ඇහුවාම නම්… හම්මේ… :3 ඊට පස්සෙ බයිස්කෝප් එකෙන් සෙට් වුණ කෙනා තමා නිර්මාණි අක්කා හෙවත් කාටූන් අක්කා. බයිස්කෝප් එකෙන් සෙට් වුණ ප්‍රථම කාන්තා පාර්ශවය. කියලා වැඩක් නෑ. හරිම හිත හොඳයි. හරියට මට සලකන්නෙ මගෙම අක්ක කෙනෙක් වගේ තමා. බයිස්කෝප් එකේ ඕනම කෙනෙක් ඕනම උදව්වක් ඉල්ලුවොත් බෑ නොකියා කරලා දෙනවා. හැබැයි ඒ වගේම තමා අපෙන් උදව්වක් ඉල්ලලා බෑ කිවුවාමයි, උපදෙසක් අරගෙන උපදෙස අනුව වැඩ නොකලාමයි හොඳට කන් අඩි පුපුරන්න බැනුම් අහගන්නත් පුළුවන්. හම්මෝ. මතක් කරනකොටත් බයේ බෑ. අනන්තවත් බැනුම් අහලා ඇති… 😀 :3 ඔය විමයි නිර්මාණි අක්කයි තමා ඉතින් මම සබ් කරන එක නවත්තන්න හදන වාරයක් වාරයක් පාසා නවත්තන්න දෙන්නෙ නැතුව බයිස්කෝප් එකේ තියාගන්නේ. 😛 . ඉතින් ඊට පස්සෙ සෙට් වුණා ජෝනා හෙවත් ගයානයා. ඉතින් හරි හොඳ ඩයල් එක. කවුරු හරි මූට කරන්න පවරන වැඩ වෙන උන්ගේ කරේ ගහන හරි හොඳ ඩයල් එකක්. ඊට පස්සෙ එනවා ලංකාවේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ හෙවත් තිසර බුද්ධික. අනේ කතා බහක් නැති හරිම හොඳ ඩෑල් එක. කනට ඇහෙන්නේවත් නැති වෙන්න තමා කතා කරන්නෙ. ඒ වුනාට මොකෑ හයිඩ්‍රා නියෝජිතයෙක්. 😛 අනිත් කෙනා හසා අයියා හෙවත් චොකොලට් මාමි. මාමි කිවුවට ඇත්තටම සීයා. :3 . නිදහසේ හිටපු මාව ගෝතම් වලට යට කරලා නිදහසක් නැති කරපු එක ගැන මම මාමිට පින් දෙනවා. හැබැයි එදා මාමා එහෙම මට ගෝතම් එක පැවරුවේ නැත්නම් මගේ තියෙන කම්මැලි කමත් එක්ක අදත් 50 ගහන්න හම්බෙන්නෙ නෑ. ඒ නිසා අද 50 ගහන්න මාමා කරපු ඒ දේ හුඟක් උදව් වුණා. 😀 😛 සබ් වල තිබුණ අඩුපාඩු හුඟක් මට පෙන්නලා දුන්නා සබ් වල තිබ්බ අඩුපාඩු හොඳට පෙන්නලා දුන්නා. විශේෂයෙන්ම ගෝතම් වල. ඉතින් මම හිතනවා මම ඒ අඩුපාඩු ටික හදා ගන්න ඇති කියලා. ඉස්සරහටත් වැරදි තිබ්බොත් පෙන්නලා දෙයි කියලා හිතනවා මාමේ… 😛 තව ඉන්නවා ඉතින් අපේ රවිඳු මලයා, චූටි මලයා, අනේ මල්ලි පුළුවන් නම් මට මෙන්න මේ සීරියස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහක් හොයලා දෙන්නකෝ කියා කියා මං ඉපදිලාවත් නැති කාලේ විකාශය වෙච්ච ටීවී සීරියස්, ෆිල්ම් ගැන අහන හෙට අනිද්දාම බඳින්න ඉන්න සුරේණි අක්කා ( අපිට වෙඩින් එක නොකියා හොරාට මගුල් කන්න නම් ලැස්ති වෙන්න එපා අක්කෙ… එහෙම උනොත් අක්කට අපෙන් කන්න වෙන මඩ ගැන හිතාගන්න බැරි වෙයි. 😀 ) ෂෙරීන් අක්කා, නලින් අයියා ( එදා ස්ටේෂන් එකේදී හම්බෙලා පිටට ගහපු පාර තාම මතකයි අයියේ. මතක් වෙද්දී තාමත් පිට කිස් කනවා. 😀 ), රොයිලි අයියා, සමීර චතුරංග අයියා, තාම ජීවතුන් අතර සිටිනවා යැයි ලැබෙන සාක්ෂි අනුව සලකා බැලෙන සමීර කරුණාරත්නයා, වැඩිය කතා බහ නොකලත් 93 කල්ලියේ සාමාජිකයෙක් වෙන පුබුදු සුපුනයා, දිනිඳු අයියා, දැන් අඩවියේ නැති වුණත් ප්‍රබල සාමාජිකයෙක් වෙන දිදුල අයියා, යශෝධයා, කින් සෑර් හෙවත් චලිඳු දේශානයා, හොල්මනක් වගේ ඉන්න තවම හරියට මූණක්වත් දැකලා නැති, අමාරුවේ වැටුන වෙලාවට සබ් කරන්න උදව් වෙන ප්‍රණීතයා, වරුණ අයියා, කැළුම් අයියා, අපේ හින්දි ගුරු හෙවත් ආසිරි අයියා ( මගේ යාළුවොත් වැඩියෙන්ම දන්නේ ආසිරි අයියව තමා. මොකෝ උන් වැඩියම බලන්නෙ හින්දි නිසා 😀 ), සිරාජ් කොලුවා, ඩිල්ශාන් කාලිංග හෙවත් ඩිලා, නැතහොත් කොටා :3 (මොකක් හරි කොරෝමෙකින් තව ටිකක් උස පලයන් බං. නැත්නම් උඹව රිපෝට් කරනවා… 😛 ) ඕන වෙලාවක ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරලා ඉල්ලුවාම බෑ නොකියා ඩිරෙක්ට් කරලා දෙන අපේ අනිත් වලිකාර සදුන් අයියා, දසන් කොලුවා, යශ්මිකයා, ඇරෝ මලයා හෙවත් කවිඳුවා, මාව එවරස්ට් කන්දෙන් බේරගත්ත අචින්ත මදුමාල් කොළුවා, දිමුතු අයියා, ඒ වගේම අපිට මෙහෙම වටිනා සයිට් එකක් ලංකාවේ සිනමා රසිකයින්ට ලබලා දුන්න ඉසිර ගුණතිලක අයියාවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා. ඉතින් මෙතන නම නොකියවෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමාවෙයි කියලා හිතනවා. 🙂 ඉතින් මම මෙතන කිවුව නොකිවුව කට්ටිය හුඟ දෙනෙක් පෞද්ගලිකවම හම්බුණා එදා අපේ පළමු සුහද හමුව වෙලාවේදී. ඉතින් එදා එකම මානසිකත්වයක් තියෙන (කොටින්ම කිවුවොත් එකම පිස්සුවක් තියෙන පිස්සෝ සෙට් එකක්) සෙට් එකක් එක්ක ලබාගත්ත විනෝදය නම් කියලා වැඩක් නෑ. 😀 ඉතින් අද මෙච්චර ලොකුවට මේ කට්ටිය ගැන කියෙව්වේ වෙන කියන්න දවසක් නැති නිසා මේ වගේ දිනයක් ඇරෙන්න. 🙂 ඉතින් ඒ නිසා අද වගේ විශේෂ දවසක ජීවිත ගමනේ හම්බෙච්ච මේ පිස්සෝ සෙට් එක ගැන කතා කරන එක වටිනවා කියලා හිතුනා. ඒකයි මෙච්චර දිගට විස්තරයක් ලිවුවේ. 😀 මේ වගේ එකම පිස්සෝ සෙට් එකක් හම්බෙන්නෙ බොහොම කලාතුරකින්නේ… හෙහ් හේ… 😀 අර නිර්මාණි අක්කා කියන්නා වගේ ” බයිස්කෝප් එක නිසා මේ වුනේ හිතාගන්නවත් බැරි දෙයක්. ලංකාවේ කොහෙ කොහේ හිටපු කට්ටියක්ද මේ සෙට් වුනේ. ජීවිතේටවත් වෙන දෙයක්ද මේ වුණේ” කියලා තමා මටත් කියන්න තියෙන්නෙ. 😀 ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා අපේ ප්‍රේක්ෂකයින්ව. මොකද අපි සබ් කලත් වැඩක් නෑ කවුරුවත් ඒ සබ් බලන්නෙ නැත්නම්. ඉතින් අපි දාන සබ් අදහස් දැක්වීමක් දාලා හෝ නොදාගෙන ඩවුන්ලෝඩ් කරගෙන යන ප්‍රේක්ෂක ඔයාලවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා මේ වෙලාවේ. අර විමා කියන්නා වගේ මටත් අද කියන්න තියෙන්නෙ “සිනමා රසික ඔබ තමා අපගේ කොදු නාරටිය, අප ඔබ වෙනුවෙනුයි උපසිරසි නිර්මාණය කරනුයේ.” එහෙනම් අද මගේ 50 වෙනි උපසිරැසිය විදිහට ගෙනාපු සිනමාපටය ගැන බලමුකෝ… 🙂
අපි පොඩි කාලෙ ඉඳන් දන්න දෙයක්නෙ මායාකාරියෝ කියන්නෙ. එහෙමත් නැත්නම් සමහරු කියන විදිහට බටකොළ ආච්චිලා. 😀 අපි මේ මායාකාරියෝ ගැන හැදිච්ච සිනමාපට හුඟක් දැකලා තියෙනවා. Hansel and Gretal:Witch hunters, Oz, Narnia ඒ වගේම අපි හැමෝම ආසාවෙන බලපු Harry Potter කියන්නෙ ඒ වගේ සිනමාපට වලට උදාහරණ කීපයක්. මේ සිනමාපට වල හොඳ මායාකාරියොත් ඉන්නවා හරියට හමයිනි වගේ. ඒ වගේම නරක මායාකාරියොත් ඉන්නවා හරියට අද මම ගෙනාපු සිනමාපටයේ වගේ. The Last Witch Hunter. හුඟ දෙනෙක් බලාගෙන හිටපු සිනමාපටයක් කියලා කියන්න පුළුවන් මේක. මොකද ප්‍රධාන චරිතය වෙන කෝල්ඩර් විදිහට ඉන්නෙ අපේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ඩොමිනික් අයියානේ. ඒ කිවුවේ වින් ඩීසල් අයියා. අනෙක් චරිත වෙන ක්ලෝයි විදිහට රෝස් ලෙස්ලිද, 37 වෙනි ඩෝලන් විදිහට ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් සිනමාපට ත්‍රිත්වයේ ෆ්‍රෝඩෝ බැගින්ස් විදිහට අපි හමුවට ආව එලයිජා වුඩ් ද, 36 වෙනි ඩෝලන් විදිහට මයිකල් කේන් ද, මායාකාර රැජිණ විදිහට ජූලි එංගල්බ්‍රෙක්ට් ද රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 6.1ක්. කතාව මෙහෙමයි.
කෝල්ඩර් කියන්නෙ මීට වසර 800කට කළින් ලෝකයේ ජීවත් වෙච්ච භයානක මායාකාරියකගෙන් අමරණීය වෙන්න කියලා ශාපයක් ලබපු පුද්ගලයෙක්. කෝල්ඩර්ට මේ ශාපය ලැබෙන්න එයා මේ මායාකාරියව මරණ වෙලාවේ. කෝල්ඩර් හිතන්නෙ මේක එයාට මායාකාරිය විසින් දුන්න දඬුවමක් කියලා මායාකාරියව මරපු නිසා. ඉතින් මෙහෙම අවුරුදු 800ක් ගෙවෙනවා. අවුරුදු 800කට පස්සෙ ඒ කියන්නෙ වර්තමාන දවසේ කෝල්ඩර් Axe and Cross කියන සංවිධානයේ මායාකාරියන් දඩයම් කරන්නෙක් විදිහට වැඩ කරද්දී එයාගේ සහයට ඉන්න ඩෝලන් යයි හඳුන්වන තනතුර දරන 36 වෙනි පූජකයා විශ්‍රාම යනවා. හැබැයි එදා රෑම ඒ 36 වෙනි ඩෝලන්ට හඳුනා නොගත්ත මායාකාරයෙක් ශාපයක් කරනවා. ඉතින් දැන් මොකද වෙන්නෙ??? ඉතින් දැන් මොකද වෙන්නෙ කියලා විනාඩි 106ක් පුරාවට දිවෙන මේ සිනමාපටය ඔයාලම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඊළඟ සිනමාපටයෙන් හම්බවෙනකම් බයිස්කෝප් වෙත එන සියළුම දෙනාට බුදු සරණයි…!!! ජය වේවා…!!!
වෙබ් පිටපත සදහා යාවත්කාලීන කර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
The.Last.Witch.Hunter.2015.720p.BluRay.x264-DRONES
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
23,688 downloadsDownload The-Last-Witch-Hunter-2015-BluRay-Update.zip164 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
163 comments
nishshsanka
අසංග & දිනූෂි
ගොඩක් කාලයක ඉදන් බලාගෙන හිටියා........ ස්තූතියි සහෝ...
බුදුසරණයි!Smith
Thanks machoo..
Nishadi Wickrama
tnx
වස්සානය
සුබ පැතුම් සහෝ.... අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරාට පිං. උයාගේ අනාගත ජීවිතේ සාර්ථක වෙන්න කියල පතනවා හදවතින්ම.... තෙරැවන් සරණයි..
සමීර කරුණාරත්න
හෙහ් මම නේ නම දැම්මේ... "පුසා" ඕක ඉල්ලන් කෑව නමක් ඔන්න මට එහෙම දොස් කියන්න එන්න එපා... ලේසියෙන් සබ්ක් කරන්නේ නැති එකක් දැන් නම් ටිකක් කරලා තියනවා කියලා පේනවා, බොහොම සතුටුයි ඉතින් තවත් අපේ එකෙක් 50 ක් ගැහුවා කිව්වහම... කොහොම හරි කමක් නැහැ ආසිරිට කලින් 100 ගහන්න හැකි වේවා කියලා හදවතින්ම සුභ පතනවා... ජය වේවා පුසෝ.... :P
Madusanka Jayasooriya
50 උපසිරැසට හදවතින්ම සුභ පතනවා. ජය වේවා
Prasad
50 කඩ ඉමක් කියන එක ලෙසිත් නැත ඔබට ජය
නිර්මාණි
සුභ පැතුම් පූසෝ 50 වෙනි උපසිරසිය වෙනුවෙන්. ඒ වගේම බොහොම ස්තූතියි උපසිරසියට. මං ගැනත් සදහන් කරලා තියෙන්නෙ (උදව් බෑ කිව්වාම මං කවද්ද බොල බැන්නෙ. ග්ර්ර්ර්) ඒකටත් බොහොම ස්තූයි. හෙ හේ. ෆිලුම බලලාම කියන්නම්කො තත්වෙ. තව තව උපසිරසි කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනටම 100 දේවි කියලා බලාපොරොත්තු වෙනවා.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
හම්මේ , පැන්තරයත් එහෙනම් 50ක් ගැහුවා
නියමයි නියමයි ඕයි
ඔයිට වඩා කාලයක් අපිත් ගන්නවා ඕයි සීමාව පහු කරන්න
හදවතින්ම සතුටුයි ඕයි
50 වෙනි උපසිරැසි නිර්මාණයට හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් පැන්තරයෝ
අප වෙනුවෙන් කටු කාගෙන කරන මේ කාර්යට ගොඩාක් ස්තූතියි !
තවත් පුළුවන් ආකාරයට දිගටම මේ කාර්යය කරන්න කියලා ඉල්ලා සිටිමි
අපිවත් මතක් කොළාට ස්තූතියි ඕයිඅද දිපු සබ් එකටත් ගොඩාක් ස්තූතියි
එනකන් බලා සිටිය එකක් තමාදිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
ජයෙන් ජයම වේවා පැන්තරයෝ !!
(මං නම් කවදත් පැන්තරයා කියලා නේ කියන්නේ)
නැවත වාරයක් 50ට සුබ පැතුම් !!!!!!!මධුකප්‍රිය පෙරේරා
ඤාව් ඤාව් හම්මේ පූසා සහෝ ලිපියනම් ලියලා
තියෙනවා පට්ටේටම ආ..ඔයාගේ උපසිරසිවලින්ම ගෝතම් කතාමාලාව
නොවරදවාම මාත් බලනවා..ආයේ ඉතින් පට්ටේටම තියෙනවා කියමුකෝ..
කාලේ ගියා වැඩි වුනාට මොකෑ කොහොමෙන් හරි අර්ධ ශතකය ගැහුවා එහෙනම්..
ඒකත් දුන්නේ සුපිරි ෆිලුමකින්නේ..එහෙනම් ඉතින් අර කියලා තිබ්බ කම්මැලිකම පැත්තක
දාලා ඉක්මනටම 100වෙනි උපසිරසියත් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
තවත් වැඩිවැඩියෙන් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..
එහෙනම් ඔන්න කිව්වා සබට ස්තුතියි ආ..ඔබට ජය ඤාව්වෝ...yeshu
tnx
Harshana
හදවතින්ම සුභ පතනවා 50 වෙනි සබට...!!! :)
දිගටම කරන් යමු...
ජය වේවා...!!!Sajith Anthony
50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
එනකන් බලම් හිටපු ෆිල්ම් එකක්
සබ් එකටත් ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා
ජය වේවා...!!ආසිරි ප්‍රියන්ත
හොදයි හොදයි,
ඔන්න එහෙනම් මොන විදියේ හැලහැප්පීම් තිබ්බත් මමත් සුබ පතනවා ඔන්න 50 ස් වෙනි උපසිරසියට.\
මට තාම හිතාගන්න බැරි මොකද මේකාම මේකාට ඔයතරම් පූසාම කියලා කියාගෙන්නේ කියලා.
එහෙනම් ඉක්මනට 100 ත් ගහමු නේද?
ජය වේවා!!D Chamara
niyamai sahoo niyamai ekamata 100 pannauama
oyala nisa ada tharumak athuwa films balanawa oyala hamotama
bohoma sthuthi ,... niyamai degatama kargena yamooo jaya.... :Dදිනිඳු සම්පත්
අැති යන්තම් පූසා 50 ගහලා.. මාත් ඔන්න මුළු හදවතින්ම සුභ පතනවා.. ඉක්මනට 100ත් ගහපන් අපි වයසට ගිහින් මැරිලා යන්න කලින්... ජයවේවා!!!
chathushka vihanga
50 වෙනි උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් සහෝ
kaveen
thnx bro..jaya!!
හසන්ත මාලිංග
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සහෝ...
100වෙනි කඩයිමත් ඉක්මනට පහු කරන්න ලැබේවායි පතනව
උපසිරැසියට බොහෝම ස්තූතියි..
ජය :D#ChalinduDeshan(කිනා)
අඩෝ එකෙන්ම සතුටුයි ඈ.
දීපං සීයත්.
ජයවේවා!විමා
"පනස්වැන්නට උණුසුම් සුභපැතුම් පූසෝ"
කවදාවත් හිතුවේ නෑ මේ වගේ පෝස්ට් එකක් උබෙන් දන්නවත්, මේ වගේ දවසක් ඒවි කියලවත්
උබ ඒ තරම්ම ක්‍රියාශීලී විදියකට උබ සබ් කලානේ :P
සයිට් එකට ආපු කාලේ ඉදන් මේ වෙනකම්ම සෙට් වෙලා ෆිට් එකේ ඉන්න උන්ගෙන් එකෙක් උබ
අර කිව්වත් වගේ සැහෙන කාලෙක ඉඳන් දන්නා කියන එකෙක් තරමටම ලඟ යාලුවෙක් උබත් ඉතිං
හසාට පිං සිද්දවෙන්න ගෝතම් එක නිසා මෙච්චර ඉක්මනට මේ කඩයිම පහු කළා.
හෙමින් ගමනක් ආවත් හොඳට මහන්සි වෙලා කරන උපසිරස හරියට කරන්න උත්සහ ගන්න උපසිරසි කරුවෙක්
සුපිරි කරුණු අඩංගු ලිපි සම්පාදකයෙක්, හිත හොඳ එළකිරි කොල්ලෙක්, අසරණ DC කොමික් සිනමා රසිකයෙක්, පුසෙක් වූ පැන්තරයෙක් :D
ඉතිං ඒ වගේම පාඩම් වැඩ කරන අතරේ පවා සබ කරන්න කාලේ හොයාගෙන හෙමින් ගමනක් ආවට අදින් පස්සේ මේ වේගේ දෙගුණ වෙයි කියල හිතනව
ඒ වගේමයි උබ අපි වෙනුවෙන් කැප කරලා වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි මචං මේ ගමන මෙතනින් නවත්වන්න එපා තවත් පනහක් කරපන් මිට වඩා ඉක්මනට.
බොහොම ස්තුතියි මේ උපසිරසි පනහටම, ඒ වෙනුවෙන් කැප කල කාලයට.
මේ පිනෙන් ඉදිරි අනාගතේ සාර්ථක වෙලා කෙල්ලෙක් සෙට් වෙලා ගොඩ යන්න ලැබේවා කියල පතනවා
ජයෙන් ජය මචෝ!!Hasindu
thanx bro..50 වෙනි උපසිරැසියට සුබ පැතුම්
sumith
thanks
wish u all“චූටී මල්ලි”
පූසා පට්ට ඈ...
සුභ පැතුම් 50ට
මේක ආපු ගමන් ගත්තා
බලන්න ඔනි ම්ම්ම්...
ඉක්මන්ටම 100ත් දෙමු
අපිවත් මතක් කරපු එකට තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය.........me
Thanks & wish you all the best.
Keep up the good work :-)
asitha
Good Luck Bro...
Kalhara Prasad
එළකිරි මචං පූසා! 50ට උණුසුම් සුභපැතුම්!!! බාගෙන හිටියේ සබ් එක එනකම් !!!! 100ත් ඕනෙ හොඳේ. :D
නලින් පෙරේරා
අඩේ අපේ පුස් පැටියත් 50ක් ගහලා නේ... හරිම සන්තෝසයි... හෙමින් ගමනක් ආවා උනත් ආපු ගමන ගැන සතුටුයි, 50න් නොනැවතී දිගටම නිර්මාණකරණයේ යෙදෙන්න උබට වාසනාවත් ශක්තියත්, ඒවගේම නෙට් යන්න කාර්ඩ් දාගන්න සල්ලිත් ලැබෙන්න කියලා, හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... උබේ පිටට තට්ටුවක් දාපු එකට ගැහුවා කියනවා නම්, උබට ගැහුවොත් කොහොම කියයිද? :D ඇ!! එහෙනම් 100න් හමුවෙමු සමනෝ...
ජය වේවා!
Chami.S
Thanks for the 50th sub..
Good luck........roshan
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සහෝ…
thisal
50 උපසිරැසට හදවතින්ම සුභ පතනවා
Kasun Upeksha
බොහොම ස්තූතියි උපසිරසියට
තව උපසිරසි කරන්න ශක්තිය ලැබේවා
50ට උණුසුම් සුභපැතුම්Mithun Sriyantha
අද නම් ඉතින් නින්ද යන් නැති වෙයි මෙක බානකම් ,, එනකම් බලන් උන්න ෆිලුමක් තම මෙක , සිංහල සබ් එක නිස full hAPPY, ඉතින් command එකක් නොදායන්නෙ කොහොමද , බොහොම ස්තුතියි bro සිංහල උපසිරැසියට.. thank u
Chloe Bennet
තෑන්ක්ස් පූසා අයියේ. සබ් එක එනකන් බලාගෙන හිටියේ.
50ට උනුසුම් සුබපැතුම්.
100ත් ඉක්මනටම කරන්න පුලුවන් වෙන්න කියල විශ් කරනවා අයියේ.
තෑන්ක්ස් ආයෙමත්.
Best of luck
බුදු සරණයි.widuranga211
thanx sub broooo
100th gahamu ekenmaShan de Silva
50 උපසිරැසට හදවතින්ම සුභ පතනවා
The Last Witch Hunter (2015) with Sinhala Subtitles |අමරණීය දඩයම්කරු. direct links ගන්න
baiscope fb page eke the last witch hunter post eke shan ge comment ekata yannaතාරක නුවන් දිල්හාර
ජාතිය ඇමතීමට අවසර.....
#_(
(*)&&)
@#$%^$#@#$%^&*(*&#@#$%^&*&$#
*&%%^&$#$%^
&^%^&##$%^&*
&^%^#$%^
&^^&*&@&*(@)#(*$^#)
$%#$@**(@#%#*ජාතිය ඇමතීමට හේතුව :- තෝ මගේ නම නිකමටවත් දාලා නෑ
තෝයි වීමයි දෙන්නම එකයි,
තොපි මට වෙනස්කම්මයි කරන්නේ.. රෙද්දකෝම උනත් හදවතින්ම සුභ පතනවා හිතේ හිතේ කහටක් නැතුවම...
ඉතාමත් වේගයෙන් ආපු ගමනක්...
මේ වේගය ඉදිරියට වෙනස් වෙයි කියා බලාපොරොත්තු වෙනවා..
50 දෙගුණ තෙගුණ කරගෙන දිගටම සබ් කරන්න වාසනාව ලැබේවා කියා පතනවා..
ජයෙන් ජය.....!!!!!Saman Prasad [පූසා]
අඩෝ තරහා ගන්න එපා බං ඔච්චර... :/
සමාවෙයන් සමාවෙයන් ඉතින්... :/
හසන්ත
සුබ පැතුම් සමන් මල්ලි !! ඉක්මනටම ශතකයත් වාර්තා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කාරනවා. ඒ වගේම බයිස්කෝප් පවුලේ ඉන්න හොඳ මිත්‍රයෙක් වගේම හොඳ බයිට් එකක්. එක දිගට ලනු රස කර කර ගිලිමට මනා හැකියාවක් තියෙන දස්සයෙක්. මොන දේ කලත් තමන්ගේ ඉගෙනීම හොඳට කරගත්ත එල කොට කොල්ලෙක්. අඩි හතරක් වත් උස නැති උනාට බැට්මෑන් තමන්ගේ බාප්පා සහ සුපර්මෑන් කියන්නේ ලොකු අයියා කියලා හිතන් ඉන්න අසරන පිස්සු පූසෙක්. එහෙනම් මේ මදැයි ගුන වර්ණනාව. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!
ප්‍රණීත් චින්තක
ලිපිය කියවලා අවසානේ මම විශේෂයෙන්ම කියන්න හිටපු දෙකක්ම විමා කියලා තිබුණා. ඒ දෙකෙන් පලවෙනිම එක තමයි “කාලයක් තිස්සේ බලාගෙන හිටියා 50 වෙනි උපසිරැසියේ ලිපිය කියවන්න ලැබෙනකං“ දෙවනි එක තමයි “අසරණ DC රසිකයා.“ කියපු එක. කොහොමහරි ඒ දෙක කියාගත්තනේ. ඉතිං උදව් කියලා උඹට වැඩි උදව්වක් මම නම් කලේ නෑ. මේ ආපු ගමන ආවේ උඹම තමා. ඒ වගේම අපිට හෙන සතුටුයි ඒ ගමන ආපු එක ගැන. මමත් මගදී උදව් කලා වගේම තමයි මමත් උඹෙන් උදව් අරං තියෙනවා. කොමික් වල මොකක්හරි ගැටලුවක් තිබුනොත් ඉතිං අපේ හයිඩ්‍රා බූවලු මහත්තයා නැතිනං උඹ තමා ඉන්නේ. කට්ටියම පූසා පූසා කිව්වට පූසෝ වගේ එකතු වෙලා උඹව නූල් බෝලයක් කරගෙන නේ කට්ටියම සෙල්ලං කරන්නේ. :D :P කෝක වෙතත් ගොඩක් දවසක ඉඳන් එනකං මග බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා උපසිරැසියත් ගෙනල්ලා තියෙන්නේ. උපසිරැසියටත් ස්තුතියි කියනවා. ඒ වගේම හසා මාමා හැරෙන්න තව තවත් බොහෝමයක් අයත් වැඩ පටවලා හරි 100 වෙනි කඩයිම පසු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයු-බෝ-වේවා !!!
රොයිලි
හම්මේ මෙන්න පුදුමෙනුත් පුදුමයක්!!! සමන් මළයා 50 ගහලා. සිරාවට ඒ තරම්ම පුදුමයක් ඒකත්. උඹම කියාගන්න විදියට උඹට ප්ලෑනක් නැහැලුනේ. (Do I really look like a guy with a plan?) හැබැයි උඹට මාව අමතක වුණා ගෝතම් එක ගැන කියද්දි. උබට කරපිය කියලා තගක් නොදාන්න උඹ ඕක අත ඇරල දානවා. කොහොමහරි උබට උඹේ බාප්පයි මාමයි ඉන්න ෆිලුම (BvS) 100 ගහන්න ඉල්ල ගන්න පුළුවන් වෙන්න ඉඩක් තියෙයි කියලා හිතාගෙන ඉක්මනට තව 49 ක් කරල දාහන් හොඳ එකා වගේ. එහෙනම් ඉතින් වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
විමා
දැට් කමෙන්ට්, වාහ්හ්හ්හ්හ් :P
Saman Prasad [පූසා]
හරි හරි, තගක් දැම්මා තමා අයිය ඉතින්. සොරි ඈ ඒක කියන්න අමතක වුණාට... :D
එහෙනම් ඉක්මණටම 49ක් කරන එක තමා දැන් කරන්න තියෙන්නෙ... :D
තිසර නියෝ
උඹව මට මුලින්ම මතක උඹ එක්ස් මෙන් කරද්දී මම උඹට හොරෙන් එකක් කරලා දාපු වෙලේ....
හැබැයි එදා උඹ එකට මොකුත් නොකියා හිටියා.....
කොහොමහරි අපේ ගෙට් ඒකෙන් පස්සේ තමයි වැඩිපුරම අඳුනගන්න ලැබුනේ..
වීම කිව්වා වගේ අසරණ DC කොමික් සිනමා රසිකයෙක් සහ පුසෙක් වූ පැන්තරයෙක් තමා උඹනම්..
උඹ මං ගැන කියපුවට මොකුත් නොකිය ඉන්නම්....
මොන උනත් dc/මාර්වල් වලියක් අවුලවලා පැත්තකට වෙලා අනිත් උන් මරාගන්න හැටි බලන් ඉන්නනම් උඹ හපනා..කොහොම උනත් 50 ගැහුවා කියල msg ඒක ආවම ටිකක් අදහගන්න බැරි උනා....
බලනකොට හැබෑවටම මූ 50 ගහලනේ.....ජයවේව පූසෝ 50ට.....
අඩුගානේ මේ අවුරුද්දේ බාගයක් යන්න කලින් 100 ගහපන්...අද ගෙනාව උපසිරැසියට තුති…
ඊළඟ 51 උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dilshan Kainga
හරිම සතුටුයි පූසෝ....
එහෙම මෙහෙන් තමයි කියෙව්වේ...ඇස් වලින් කඳුළු එනවා බං හෝ ගාලා.
මගුලේ උඹේ ලිපියට නෙමෙයි. මම ලෙඩ වෙලා ඒකයි. හොඳ උනාම පස්සේ කියවන්නම්කො.
අපිට කරන්න බැරි වැඩ අනිත් උන් කරනවා දැක්කම සතුටුයි බං. එල. ආයේ කතා දෙකක් නෑ.
දැන්... හොඳින් කතා කරා ඇති.
අඩෝ මේ... තෝ හිතන් ඉන්නේ උඹ හරි උස එකා කියල නේද. කොට පූසා.
අබ ඇට දෙකක් උස නෑ එනවා මට කොටා කියන්න. අහුවෙයන්කෝ තෝ හමගහලා මරන්නේ.එහෙනම් ජයවේවා ඈ...
100 ගහන කම් නම් ඉන්න එපා බන්... මැරිලා පල ඉක්මනට. පුදුම වදයක් තියෙන්නේ උඹෙන්.
:vnirosha
50 වෙනි උපසිරසට මගෙන් උනුසුම් සුබ පැතුම්.අර නම් වලින් හොදම නම තමා පූසා. මටත් මතක පූසා කිව්වම තමා.
විමා භයානක ඇයි කියල ඊලග සබ් එකෙන් කියනවද.
ගොතම එකට මග පෙන්නුවට මාමිට පින් ඩෙන්න ඔන්නෙ.ආසවෙන් බලන කතාවක්.
චිත්‍රරපටිය ගැන බලලම කියන්නම්කො ගුන දොස්.
එහෙනම් 50 වාගෙම 100 පන්නයි කියල අපි බලාපොරිත්තුවෙන් ඉන්නවSandaruwan
ගොඩක් ස්තුතියි....සබ් එකට ජයවේවා...!!"
වරුණ රංගජිත් (වරූ)
අප්පේ අපේ පූස් මල්ලී (අර්ධ ශතකය) වාර්තා කොරලා නේද ?...
නියමයි නියමයි මල්ලී...
50 වෙනි උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්...
උපසිරැසි 50 කරනවා කියන්නේ ඉතින් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි කියලා අනිවා කියන්න ඕනි...
තමන්ගේ වටිනා කාලය කැප කරලා,
තමන්ගේ වැඩ අතපසු කරගෙන,
අන් අයගේ සතුට සහ වින්දනය උදෙසා,
මේ කරන කැපවීමට හිස නමා ආචාර කරන්න ඕනි කියන එක තමයි මගේ හැඟීම...
ඉතින් උපසිරැසි නිර්මාණය කරනකොට මල් වගේම ගල් ප්‍රහාරත් එන්න ඇති...
කමක් නැහැ ඒවටත් නොබියව මුහුණ දෙමු..
ගඟක් වුනත් හැඩ වෙන්නේ ගල් මුල් වල හැපිලා ගලාගෙන යනකොටනේ...
ඉතින් මල්ලී ඉදිරියටත් හොඳ හොඳ නිර්මාණ වලට (හැම එකක්ම හොඳ නිර්මාණ තමයි ඉතින්) සිංහල සබ් අරගෙන එමු..
ඉතින් ඔයාගේ පෞද්ගලික ජීවිතෙත් අවශ්‍ය ඉලක්ක කරා යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
ශතකයත් ඉක්මනටම ගහමු...
ජයෙන් ජයම වේවා........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!w.s.k thilakarathne
niyamai macho
නිෂූ
ජයවේවා ! 100ක් නෙමෙයි ලක්ෂයක් විතර අපිට බලන්න දෙන්න වාසනාව ලැබේවා !
Chämàrá Sâmpáth
හම්මේ උබ ගෝතම් කරගෙන යද්දී මං හිතුවා උබ 50 ගහයි කියලා...
අනික මේ ලගදි ඔය ලාස්ට් වීච් හන්ටර් බලද්දී මං හිතුවා ඕක අත අරින්නේ උබම තමා කියලා....
= 50 වෙනි උපසිරැසියට බොක්කෙන්ම සුභ පැතුම් පූසෝ =
උබ ඉතිං එල DC බොක්කනේ. උබ නැත්තම් අරුන් දෙතුන් දෙනා සිනමැටික් රෙද්දක් අරගෙන මටම අත අරිනවා :/ ඒත් තෝ හිටියට වැඩක් නැහැ වඩේ විකුනනවා විතරයි...:@
රොයිලි අයියා කිව්වත් වගේ ඉක්මණින්ම 100 ළගා වෙලා BVS උබම කරහන්. නැත්තම් උබට පපුවේ අමාරුව හැදිලා මැරෙයි :p වෙන උන් සිරාවට හරි යන්නේ නැහැ බැහැ..
අන්තිමට කියන්න තියෙන්නේ අර කලින් වගේ අතහරින්න නම් ලැස්ති වෙන්න නම් එපා....
එහෙනම් ඉතිං සීග්‍රගාමී උපසිරැසිකරණයට වැටිලා ඉක්මණින් 100 කඩයිමට යමු.
කැප කරපු කාලය, තාත්තගේ ධනය, උබේ මහන්සිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!!
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...!!!
ජයෙන් ජය.......Kamal Arjuna
බොහොම ස්තූතියි උපසිරසියට
50 වෙනි උපසිරසට මගෙන් උනුසුම් සුබ පැතුම්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


wooow nice sahoo..me film ekak balanna hoya hoya innakota menna deela.thank you so much..isserahatath digatama mee wage ewa denna puluwan weewa