සියලුම දෙනාට තෙරුවන් සරණයි ! ජය වේවා ! සියලු දෙනාම හොඳින් කියල හිතනව, ඉතින් ඔයාල බලපු ජැකීගෙ තවත් ලස්සන ෆිල්ම් එකක් මේ, ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක මුලින්ම නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, මුලින්ම ඇමෙරිකාවෙදි තිරගත වුනු මේ ෆිල්ම් එකට IMDB අගය…

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! ජය වේවා ! සියලු දෙනාම හොඳින් කියල හිතනව, ඉතින් ඔයාල බලපු ජැකීගෙ තවත් ලස්සන ෆිල්ම් එකක් මේ, ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක මුලින්ම නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, මුලින්ම ඇමෙරිකාවෙදි තිරගත වුනු මේ ෆිල්ම් එකට IMDB අගය 7.6 ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Lau kar-leung කියල කෙනෙක්, ඒ වගේම ‘ඩ්‍රන්කන් මාස්ටර්’ ෆිල්ම් දෙකක් ඇවිල්ල තියෙනව, මේ දෙවනි ෆිල්ම් එක, ඩ්‍රන්කන් මාස්ටර් පළවෙනි ෆිල්ම් එක ඔයාල බලන්න ඇති, ෆිල්ම් දෙකටම 7.6 අගයක් ලැබිල තියෙනව, ඒ වගේම තව දෙයක්, මේ ෆිල්ම් එක වගේම මම කලින් උපසිරැසි කරපු මිලිටරි ෆිල්ම් දෙකත් මට බාර දුන්නෙ ශාන් අයිය, එයාට බොහෝම ස්තූතියි කියල මතක් කරන අතර කලින් ෆිල්ම් වලට ස්තූතියි කරපු බලපු සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කර සිටිමි.
ඇත්තටම මේ ෆිල්ම් එක විස්තර කරන්න අමාරුයි, ඒක නිසා මේ විදිහට විස්තර කරන්නම්, යම් සටන් කලාවක් තියෙනව, ඒකට කියන්නෙ ‘ඩ්‍රන්කන් බොක්සිං’ කියල, ෆිල්ම් එකේ හැටියට මේ සටන් කලාව පාවිච්චි කරන්න දන්නෙ ජැකී විතරයි, පළමුවෙනි ෆිල්ම් එකේදි තමයි ජැකී මේ සටන් කලාව ඉගෙන ගන්නෙ, එයා ගොඩක් මත්පැන් පාවිච්චි කරන්න හුරු වෙලා ඉන්නෙ මේ සටන් කලාව නිසා, ෆිල්ම් එකේ හැටියට ජැකීගෙ තාත්තට කියන්නෙ වෝන්ග් ගුරුතුමා කියල, එයත් සටන් ගුරුවරයෙක්, එයා කැමති නෑ ජැකී ‘ඩ්‍රන්කන් බොක්සිං’ සටන් කලාව පාවිච්චි කරනවට, ජැකීගෙ තාත්ත පාසලක් පවත්වාගෙන යනව, ඒකට විරුද්ධ වෙනව ඇමෙරිකානු තානාපතිවරයෙක්, එයා හදන්නෙ චීනයේ තියෙන පුරා වස්තු ඇමෙරිකාවට යවන්න, ඒකට විරුද්ධ වෙනවා චීන රටේ ඉන්න ගොඩක් අය, එයාලගෙ මැදිහත් වීම නිසා තමයි ජැකී මේ සටනට සම්බන්ධ වෙන්නෙ, තානාපතිවරයා එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නව, ඉතින් මේ ජැකීට ලොකු සටනක් දෙන්න වෙනවා චීන රටේ පුරා වස්තු ටික රැක ගන්න, ඉතින් ඒ විදිහට තමයි කතාව විස්තර කරන්න වෙන්නෙ, අපි බලමු සිද්ධිය කොහොමද කියල, සුපුරුදු විදිහට අපි සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
2,198 downloadsDownload The.Legend.of_.Drunken.Master.1994.Baiscopelk.com_.rar54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
20 comments
රයන් ද සිල්වා
Inusha maduranga
Oyage thiyena direct link godak ewa.deela thiyena sub ekata ganata time set wenne na.ayath denakota sub eka download karala eka thiyena Rename eka balala eka direct link eka danna.
janiya
sub ekata thanks mcn jaya wewa!!!
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
sam
thz
Eranga Sandaruwan
බෝම ස්තූතියි.. පලවෙනි එක බැලුවා. මරු ෆිල්ම් එක.. ජය වේවා...
ayesh
සබ් එකට තුති සහෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Asitha
මම මේක බලලා තියෙනවා.පට්ට.
කවුරුත් බලන්න.samin
meke paleveni ekath dennako
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxx
aks
thanks...
Chamindalakruwan
බොහොම ස්තුති
Jeckie Chan කියන්නේ අපි කවුරුත් කැමැති නලුවෙක්නේ.
පුලුවන්නම් මෙවටත් සබ් දෙන්නකෝ
City Hunter 1993
Gorgeous 1999Anonymous
THANKS [4K walata sub nadda?]
Sandun
thanks
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට තුති සහෝ ටිකක් පරන උනත් ජැකීගේ ෆිලුමක්නම් කොහොම නොබල ඉන්නද,
එහෙනම් තවත් උපසිරැසකින් හමු වෙමු
෴ජය වේවා෴