ඔන්න ඉතින් ප්‍රශ්න ගැටළු රාශියක් මැද්දේ ඉඳගෙන තවත් උපසිරැසියක් ඇරන් එන්න පුළුවන් වුණා. චුට්ටක් පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා. හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මම ඉගෙන ගන්න යාපනය විශ්ව විද්‍යාලයේ පොඩි අකරතැබ්බයක් වුණා ඉතින් ඒ නිසා තමා මේ උපසිරැසිය ටිකක් පරක්කු වුණේ. කොහොම නමුත් ඔළුවේ ලොකු බරක් තියාගන්නැතුව ෆු…

ඔන්න ඉතින් ප්‍රශ්න ගැටළු රාශියක් මැද්දේ ඉඳගෙන තවත් උපසිරැසියක් ඇරන් එන්න පුළුවන් වුණා. චුට්ටක් පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා. හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මම ඉගෙන ගන්න යාපනය විශ්ව විද්‍යාලයේ පොඩි අකරතැබ්බයක් වුණා ඉතින් ඒ නිසා තමා මේ උපසිරැසිය ටිකක් පරක්කු වුණේ. කොහොම නමුත් ඔළුවේ ලොකු බරක් තියාගන්නැතුව ෆුල් රිලැක්ස් එකේ බලන්න පුළුවන් චිත්‍රපටියක් තමයි අද මම ඇරගෙන එන්නේ. කොමඩි චිත්‍රපටයක් කියලාත් සමහරු කියනවා කොහොම නමුත් ලස්සන කතාවක්. ගැමි පරිසරයක ලස්සන දර්ශන තල එහෙමත් අඩංගු අපූරු සිනමා සිත්තමක්. රාජා මන්තිරි. කතාව කියන්නම්කෝ.
අයියා මලෝ දෙපළක් ඉන්නවා. මේ දෙන්නගේ පුදුම එකමුතුවක් තියෙන්නේ. ඉතින් අපිට මොකෝ නේද? හරි එහෙනම් කෙලින්ම සීන් එක කියන්නම්කෝ. ඔය අයියට කසාද බඳින්න කෙල්ලෝ 100 ක් විතර බලලා බලලා එකක්වත් හරිගියේ නෑ. අවසානේ අයියා එහා ගෙදර කෙල්ලත් එක්ක යාළුවෙලා හිටං, ඒ කසාදෙත් දෙමවුපියෝ කරලා දුන්නේ නැති නිසා මට කසාද ඕන නෑ කියලා ගෙදරට වෙලා ඉන්න හිතා ගත්තා. ඔය අතරේ අවසාන වතාවට කියලා එක මඟුලක් කතා කරලා ඒ කෙල්ලව බලන්න කියලා මල්ලී අයියවත් එක්කගෙන නෑදෑයොත් එක්ක ඒ ගෙදරට ගියා. අපොයි ! කෙල්ලව දැකපු ගමන් මල්ලිට තරු විසිවුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි මල්ලිගේ කෑල්ල. කෑල්ල මේ සීන් එක දන්නෑ එයා හිතුවේ එයාව සප්‍රයිස් කරන්න තමයි පෙම්වතා පවුලත් එක්ක ඇවිත් ඉන්නේ කියලා එයා මේ කසාදෙට කැමතියි කියලා එක පයින්ම කීවා. අනේ ඉතින් ඉඳලා ඉඳලා ලොකුපුතාට කෙල්ලක් කැමති වුණා කියලා දෙමවුපියොත් මේ විවාහය ස්ථිර කර ගත්තා. දැන් මල්ලි ලෝක අමාරුවක වැටුණා. අයියත් අර කෙල්ලට පණ ඇරලා. මේ විවාහෙත් හරි ගියේ නැත්තම් මං මැරෙනවා කියලා අයියා මල්ලිට කියනවා. මල්ලි අයියටත් ගොඩක් ආදරේ නිසා මල්ලිට අයියට ඇත්ත කියන්නෙත් නෑ. කෙල්ල මල්ලිට බල කරනවා ඉක්මණට මොනවා හරි කරන්න කියලා. ඉතින් මේ ප්‍රශ්ණේ කොහොමද විසඳුණේ කියලා ඔයාලට මේ චිත්‍රපටය බැලුවාම තේරෙයි.
ඉතින් ඔය සිදුවීම බොහොම අපූරුවට චිත්‍රපටය තුළ එළිදක්වලා තියනවා. කාලි වෙංකට්, කලෛඅරසන්, බාලා සරවණන් සහ ෂාලින් සෝයා ප්‍රධාන වශයෙන් රඟපානවා. මෙයට තවම ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වෙලා නැති නිසා මම අසා ලිවීමක් තමයි කරලා තියෙන්නේ. අඩුපාඩු දෙකතුනක් ඇති ඒකට සමාව අයදිනවා. නමුත් රසාස්වාදයට ගැටළුවක් නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජයවේවා !
Due to copyright issues, we do not provide any torrent link.
Raja Manthiri (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,845 downloadsDownload Raja-Manthiri-2016.Baiscopelk.com_.rar62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
13 comments
sajith
sujith
thanx subtitles walata broo
Chalana Rukshan
thnx bro..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !මං ගමේ කොල්ලා
බොහොම ස්තුතියි මචෝ
දිගටම මේ වගේ sub දෙන්න ශක්තිය වාසනාව ලැබේවා..
ඔබට බුදු සරණය..!buddhika
thanx bro sub ekata.. digatama sub karanna..jaya wewa..
Amila
Thanks bro.. digatama sub denna lebewaa...
RUWAN ANURUDDHA
THANK YOU Baiscopelk.COM TEAM
Kulanjana Maduranga
niayamai…tamil nm ithin nobala kohomada.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi sahoooo niyamaiii jaya ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha Sameera
අඩේ තැන්ක්ස් මා බොක්ක
පට්ටම ෆිල්ම් එකක් බ්න් ආ
බඩ කොරවෙන්න හිනා උනා බන්
හයියෝ ෆට්ටම ෆිල්ම් එක බන් කියලා වැඩක් නැ නියමයි... මේ වගේ එවට සබ් කරන්න ලැබේවා... බොට පින් බන්Udaya Fernando
Thanks machan
Advertisement

ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක