කැමතිද තායි චිත්‍රපටියක් බලන්න? මං දන්නව ඔයාල කැමතියි කියලා! මුයි තායි හෙවත් තායි බොක්සිං පදනම් කරගත් චිත්‍රපටියක් වන, Fantasy/Action/ Animation ශානරයයේ මෙම චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2018 ජනවාරි 11 තායිලන්තයේදී. පැය 1 විනාඩි 44 ක් පුරා දිවෙන මෙය, ගූගල් පරිශීලකයන් 96% ගේ කැමැත්ත “ඩැහැගන්න“ සමත් වෙලා…

කැමතිද තායි චිත්‍රපටියක් බලන්න? මං දන්නව ඔයාල කැමතියි කියලා! මුයි තායි හෙවත් තායි බොක්සිං පදනම් කරගත් චිත්‍රපටියක් වන, Fantasy/Action/ Animation ශානරයයේ මෙම චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2018 ජනවාරි 11 තායිලන්තයේදී. පැය 1 විනාඩි 44 ක් පුරා දිවෙන මෙය, ගූගල් පරිශීලකයන් 96% ගේ කැමැත්ත “ඩැහැගන්න“ සමත් වෙලා තියෙනවා. එමෙන්ම මේය තායි Animation චිත්‍රපට ක්ෂේත්‍රෙය් අද්විතීය පිම්මක් ලෙස හැඳින්විය හැකියි. EX FORMAT FILMS ආයතනයේ බෙදාහැරීමක් වන මෙහි අධ්‍යක්ෂණයෙන් Pongsa Kornsri, Nat Yoswatananont, Gun Phansuwon. නිෂ්පාදනයෙන් Pongsa Kornsri, Phusanut Karunwongwat, Sirot Setabandhu, Apisek Wongvasu, Krit Kasemsant යන පිරිස දායක වී තිබෙනවා.
තායිලන්ත භාෂාවෙන්ම ගලා යන, හොලිවුඩ් චිත්‍රපටියකට නොදෙවෙනි ලෙස මෙය නිපදවා ඇති බව බය නැතිව කියන්න පුළුවන්. විටෙක Street Fighter ක්‍රීඩාව සිහි ගන්වන, Animation චිත්‍රපටියකින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන දේ උපරිමයෙන්ම ලබා දීමට, නිෂ්පාදක කණ්ඩායම සමත් වී තිබෙනවා. මෙහි නිෂ්පාදන පිරිවැයි තායි මුදලින් භාත් මිලියන 230 ක් පමණ ( රුපියන් කෝටි 150 කට අධික මුදලක්) වැය කර තිබෙනවා. ඒ අවුරුදු 4 පරිශ්‍රමයකින්. ඒ සඳහා Animation ශිල්පීන් පමණක් 100 ක පමණ දායකත්වය ලබා දී තිබෙන දැවැන්ත නිර්මාණයක්. එතකොට IMDb අගය? ඒක 8/10 ක්!
කථාව පටන් ගන්නේ යක්ෂයන්ගේ ආක්‍රමණය නිසා, මාළිගයෙන් පලා යන සෙන්පති “පාං“ ගෙන්. ඔහු පලායන්නෙ, රාම්තෙප් නගරයේ පෞරාණික ප්‍රබල ආයුධය, මුයි තායි සටන් කලාවේ ජීව ගුණය වන “නව සාත්‍ර“ හෙවත් “ආයුධ නවය“ රැගෙනයි. ඔහු සමඟ කුඩා දරුවෙකුත් රැගෙන යනවා. ඒ තමයි මේ කථාවේ ප්‍රධාන චරිතය “ඕට්“. අතරමගදී වන දරුණු සටනකින් පසුව, මාරාන්තික තුවාල ලබන පාං සෙනවියාගේ සිරුර, කුඩා ඕට් සමඟ වෙරළක තිබී හමුවන්නේ, වියපත් මුයි තායි ගුරුවරයෙකුට. ඔහුගේ හැකියාවෙන් පාං ගේ ජීවිතය ගැළවෙනවා. ඉතින් ලොකු මහත් වන ඕට්, කුඩා කල සිටම මුයි තායි ඉගෙන ගන්නවා. එය මහත් කරදරයක් ලෙසයි ඔහු සළකන්නෙ. නමුත් එක්තරා රාත්‍රියක ඔහු ගේ පියා වන, පාං ඔහුට රහසක් පවසනවා.ඒ රහස මොකක්ද? එමෙන්ම ඔහුට පැවරෙනවා “නව සාත්‍රය“, රාම්තෙප් හි කුමරුට භාර දී සිය දේශය බේරා ගැනීමේ බැරෑරුම් මෙහෙයුම.
යක්ෂ ග්‍රහණයෙන් දිනෙන් දින පීඩාවට පත් වන රට වැසියන් හට අනාවැකියක් අසන්නට ලැබෙනවා. ඒ ඔවුන්ව මුදවා ගැනීමට පැමිණෙන මුයි තායි රණශූරයෙක් පිළබඳ. නව සාත්‍රය සහ මුයි තායි ප්‍රගුණ කළ තරුණයෙකුට එකතු වීමෙන් පමණයි මෙය කරන්නට පුළුවන්. ඉතින් ඕට් ට එය කළ හැකි වෙයිද? මේ වික්‍රමාන්විත ගමනේ, අතරමගදී හමු වන “වාතා“ හෙවත් වානර කුමරු, රතු අසුරයා සහ ෂියාඕ ලෑන් නැමැති මිතුරන් නිසා, ඕට් ශක්තිමත්ව මේ අභියෝගයට මුහුණ දෙනවා. එහෙත් “දේහයක්ෂ“ නොහොත් යක්ෂ අධිපති සමඟ සටන ලෙහෙසි පහසු වන්නේ නෑ. ඇත්තටම ලේසි නෑ! ඉතින් මොනව වෙයිද? කථාව බලලම ඉන්න.
කථාවේ චරිත ගැන කෙටියෙන්.
ඕට් (Ott) – කථාවේ ප්‍රධාන චරිතය වන ඕට් නම් තරුණයා, ධීවර ගම්මානයක සාමාන්‍ය ලෙස ජීවත් වූ තරුණයෙක්. කුඩා කල ඕට් තමන්ගෙ පියා සමඟයි මේ ගමට පැමිණ තිබෙන්නෙ. කුඩා අවදියේ සිටම ඕට් ට මුයි තායි සටන් කලාව පුහුණු වන්නට සිද්ධ වෙනවා. ඒ ඔහුගේ සීයා යටතේ. නමුත් ඕට් මෙහි අරමුණ දන්නෙ නෑ. එය දැනගැනීමත් සමඟ ඕට් ගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු වෙනවා. එතැනින් තමයි ඕට්ගේ වීර වික්‍රමාන්විත ගමන පටන් ගන්නෙ.

වාතා හෙවත් වානර කුමරු (Vata) – රාක්ෂයන් නිසා තම සිහසුන අහිමි වූ, “මනීකූට්“ රාජධානියේ තුන්වන කුමරු වන, මේ හුරුබුහුටි කුඩා වඳුරු කුමාරයා, සිය රාජධානිය නැවත ලබා ගැනීම වෙනුවෙන් අභීතව සටන් කරනවා.

අසුන්සි හෙවත් රතු අසුරයා (Red Asura) – රාක්ෂයෙකු ලෙස ඉපිද, තම රාක්ෂ වරිගයේම ක්‍රියා ඉවසා ගත නොහැකිව, සිය වරිගයේ නපුරු ක්‍රියා වලට එරෙහිව සටන් වදින මොහු ශක්තිමත් සහ නිර්භීත සෙන්පතියෙක්. එමෙන්ම මිනිස් දුවකට ආලය කිරීම නිසා සිය වරිගයේ කෝපයට ලක් විය.
ෂියාඕ ලෑන් හෙවත් මිං කොල්ලකරුවන්ගේ නායිකාව (Xiao Lan) – සුරූපි, මිං කොල්ලකරුවන්ගේ “අහස් නැවේ“ කපිතාන් වන ඇය, රාක්ෂයන් විසින් පැහැරගත් සිය සොහොයුරා සොයා ගැනීමේ අරමුණින් මේ ගමනට එක් වනවා. ඇයගේ දෙමව්පියන්ව රාක්ෂයන් විසින් ඝාතනය කරනු ලබනවා. ඇය ගිනි අවි භාවිතයට ඉතා දක්ෂයි.

දේහයක්ෂ හෙවත් යක්ෂයන්ගේ අධිපති (Dehayaksa) – අති ප්‍රබල, අති බිහිසුණු යක්ෂයන්ගේ අධිපති,“කිරිගන්“ රාජධානියේ, “අන්නාට“ නම් සිය පියාගේ ඇදවැටීමෙන් පසු සිය සොහොයුරා සමඟ ඉතා දු:ඛිත ජීවිතයක් ගත කරා. වසර ගණනාවක් තුළ සිය ප්‍රහාරක හැකියාවන් වර්ධනය කරගෙන, යක්ෂ ගෝත්‍රයේ නායකත්වයට පැමිණෙනවා. එමෙන්ම මොහු මනුෂ්‍යයන් පිළිකුල් කරන්නෙක්.

කාල දඩයක්කරු (Black Jager) – “ටැමින්“ ගෝත්‍රයට අයත්, දඩයම් කිරීමේ කලාවේ ශ්‍රේෂ්ඨයෙක්. දේහයක්ෂයාගේ මාරාන්තික ආයුධය වන මොහු කථාව අවසානයේ, කරුණාව, මිත්‍රත්වය හමුවේ තම ජීවන ගමන වෙනස් කරගන්නවා.


Due to copyright issues, we do not provide any torrent links.
6,554 downloadsDownload The-legend-of-Muay-Thai-9-satra-2018-update.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරන්ත සිල්වා
Subtitles
52 comments
Hashan M. Priyadarshana
Hirantha Silva
Thanks bro!
Charith Eranga Munasinghe
Thanks
dmj
මේකට ගැලපෙන වීඩියෝ කොපිය මොකද්ද ??????????
Hirantha Silva
Mkv format 720p කොපියකට තමයි සබ් එක කළේ.ෆිල්ම් එකේ නමත් එක්ක Search කරාම හොයාගන්න අමාරු නෑ.
Kungfuuu
Meeke copy eka ganne kohomada
Hirantha Silva
Film එකේ නමත් එක්ක free downlaod කියල type කරල Search කළාම mkv copy ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Prabodha Madhusankha Hettiarachchi
Gidak sthuthi sahooo sub ekata.....
Hirantha Silva
Thanks Saho!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hirantha Silva
ස්තූතියි සහෝ.
professorGreen
sub ekata thanks a unata sub eke mula idala baiscope wenuwen hirantha silva kiyana eka wadayak
Hirantha Silva
ස්තූතියි. Timing වැඩියෙන් Type වෙලා තියෙනව සහෝ. බාධාවක් වුනා නම් මාගේ කණගාටුව.
kasunsupperart kasunsupperart
Eka hadanna barida...
Kulanjana Maduranga
subata thanks
harshani11112
ස්තුති සහො
samathandi
Thanks
1997avishka
Thanks.bro...jayawewa...
dsdkavishka
Thenks for sub
chandika1975
thank you for the subtitle.
chanaka47
Download link ekak deepank kollo. Hoyaganna hari amarui newa..
Hirantha Silva
boxofficemoviez Site eken gaththe ☺
nirodha uthpala
Patta yauuu lipiyatama anduna thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Hirantha Silva
Thank you bro!
Sandun chethana
720 web eke copy ek hariyanod nethnam bluray copy yada
Hirantha Silva
720p web copy eka☺
Madura Lakshan
Thanks sub ekata good luck
Hirantha Silva
Thanks bro!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hirantha Silva
ස්තූතියි සහෝ!!!!
nimesh_herath
thank'S brother
Hirantha Silva
☺☺☺
AsithaDilruwan
Ela saho thanks
Hirantha Silva
Thanks!
nimesh_herath
සුබ දවසක් වේවා හදවතින්ම සුභ පතනවා බුදු සරණයි
හිරන්ත අයියේ බොහොම ස්තූතියි ඔයාගේ මහන්සිය වෙනුවෙන්
ඒ වගේම මේ කැපවීම කරන අපේ ඇඩ්වින් අයියටත් බොහොම ස්තුතියි
මොකද ඇවටාර් බයිස්කෝප් ඒක බැලුවට පස්සේ බැලුව පට්ට ම පට්ට සුපිරි බයිස්කෝප් එකක්
හැමෝටම ආරාධනා කරනවා අනිවාර්යෙන්ම බලන්න මෙක මිස් කරගන්න එපා
ඔබලාට ඦයවේවා තේරැවන් සරනයි සුබ අනාගතයක් වේවා.......Hirantha Silva
බොහොම ස්තූතියි නිමේෂ් මල්ලි ඔයාගේ අදහස් දැක්වීමට, දිරිගැන්වීමට. හැමදාම බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්න. බුදු සරණයි!
wajira
Thanks for sub
Hirantha Silva
Your'e welcome!☺
Nilush Angana
Sub ekata thanx
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Sanjeewa2010
Thnxxxxxxxxxxx
nuwan pradeep
Sabata Thanks.
E unata Filuma hoya ganna patta gemak denna una newa.Anonymous
මොකක්ද movie ඒකෙ නම
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udara Damith Dissanayaka
ELAAAAAAAAAAAA
krishan01
ai bn meke biscope aitthiya surakinna kiyla wtenne..sub eka penneth nhane bn
Isuru Lakmal
Sabata thanks saho.
Hebei mulu film eka puravatama ara baiscope seen eka danna epa bn,tikak aul.muladi ubata thnks karai,passe ubta hithin bani.MAALnath
Thanks ................good luck ...........................
Anonymous
thx bro, good work
Anonymous
thnks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Legend of Muay Thai: 9 Satra (2018) with Sinhala Subtitles | මව් බිම වෙනුවෙන් සටනට! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/the-legend-of-muay-thai-9-satra-2018.jpg)
Thank you bro sub ekata...
Jaya wewa!