වෝල්ට් ඩිස්නි සමාගම කියන්නේ ළමා කාටුන් සහ චිත්‍රපට වලට අතිශයින්ම ජනප්‍රිය සමාගමක්. අපේ පුංචි කාලය වගේම දැන් ඉන්න පොඩි ළමයින්ගේ ළමා කාලය ලස්සන කරන්නත් මේ සමාගම විසින් නිෂ්පාදනය කරපු සහ නිෂ්පාදනය කරන නිර්මාණ ඇත්තටම අගය කරන්න ඕන. එහෙම නිෂ්පාදනය කරපු නිර්මාණ අතර The Little Mermaid කියන්නේ කාටත් හුරු පු…

වෝල්ට් ඩිස්නි සමාගම කියන්නේ ළමා කාටුන් සහ චිත්‍රපට වලට අතිශයින්ම ජනප්‍රිය සමාගමක්. අපේ පුංචි කාලය වගේම දැන් ඉන්න පොඩි ළමයින්ගේ ළමා කාලය ලස්සන කරන්නත් මේ සමාගම විසින් නිෂ්පාදනය කරපු සහ නිෂ්පාදනය කරන නිර්මාණ ඇත්තටම අගය කරන්න ඕන. එහෙම නිෂ්පාදනය කරපු නිර්මාණ අතර The Little Mermaid කියන්නේ කාටත් හුරු පුරුදු, කවුරුත් ආදරය කරන නිර්මාණයක්.
The Little Mermaid කාටුන් චිත්‍රපටයක් විදිහට මුලින්ම එළි දැක්වෙන්නේ 1989 අවුරුද්දේ. මේ චිත්‍රපටයේ දෙවෙනි කොටස 2000 අවුරුද්දේ The Little Mermaid 2: Return To The Sea විදිහටත්, තුන් වෙනි කොටස 2008 අවුරුද්දේ The Little Mermaid: Ariel’s Beginning විදිහටත් එළි දැක්වෙනවා. මීට අමතරව 2019 අවුරුද්දේ The Little Mermaid Live! කියලා රූපවාහිනී වැඩසටහනකුත් නිර්මාණය උනා. ඒ විතරක් නෙමෙයි The Little Mermaid TV සීරීස් එකකුත් ආවා 1992 අවුරුද්දේ. ඒ යටතේ සීසන් 3 ක් එළි දැක්වුනා. මේ දේවල් කියන කොට ඔයාලට හිතෙනවා ඇති නේද The Little Mermaid කියන්නේ කී පාරක් ලෝකයේ ජීවත් වන ලොකු පොඩි හැමෝම අතර කතා උන නිර්මාණයක් ද කියලා.
1989 වර්ෂයේ නිර්මාණය කල The Little Mermaid කාටුන් චිත්‍රපටය

ඉතින් මේ ඉතිහාසය තවත් වතාවක් අලුත් කරන්න වෝල්ට් ඩිස්නි සමාගම 2023 අවුරුද්දේ තීරණය කරා. ඒ ඇත්ත මිනිසුන් යොදාගෙන The Little Mermaid සිනමා නිර්මාණය එළි දැක්වීමෙන්. මේ චිත්‍රපටය එන්න කලින් පූර්ව ප්‍රචාරක පටය ඒ කියන්නේ Trailer එක දැක්කම ගොඩක් අය ඔලුවේ අත ගහ ගත්තා. ඒ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ඒරියල්ට සුදු කෙල්ලෙක් නැතුව කළු කෙල්ලෙක් යොදා ගත්තේ ඇයි කියලා. ඇත්තටම ඒ ප්‍රශ්නය මටත් තිබුණා. මොකද අපේ හිතේ ඉන්න ඒරියල් සුදු, ලස්සනම ලස්සන කෙනෙක් නිසා. සමහරු නම් හිතුවේ මේ චිත්‍රපටය අසාර්ථක වෙයි කියලා මේ හේතුවත් එක්ක. හැබැයි ඒ හැමෝටම මේ වෙනකොට උත්තර ලැබිලා තියනවා. ඇමරිකානු ඩොලර් 250 ක පිරිවැයකින් නිෂ්පාදනය කල මේ චිත්‍රපටය මේ වෙනකොට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඇමරිකානු ඩොලර් 550 කට ආසන්න අදායමක් ලබාගෙන තියෙනවා. මම දකින විදිහට ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ චිත්‍රපටය නිර්මාණය කරන්න භාවිතා කරපු තාක්ෂණය. ඒක ඔයාලට මේ චිත්‍රපටය බලන කොට තේරෙයි.
කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. කතාවට අනුව මුහුද කොටස් 7 කට බෙදලා, ඒ එක් එක් ප්‍රදේශය බලා ගන්න මුහුදට අධිපති ට්‍රයිටන් රජතුමා (Javier Bardem) තමන්ගේ දිය කිඳුරු දියණියන් 7 දෙනාව පත් කරලා තියනවා.
මුහුදු ප්‍රදේශ 7 පාලනය කරන දිය කිඳුරියන් 7 දෙනා

උඩ රූපයේ පේනවා වගේ ඒ අයගෙන් එක්කෙනෙක් තමයි ඒරියල් (Halle Bailey) කියන්නේ. ඒරියල් මුහුදෙන් පිට ලෝකය දකින්න, ඒ ගැන හොයලා බලන්න ගොඩක් උනන්දු කෙනෙක්. එයා ආස නැහැ තාත්තා කියන දේ අහගෙන මුහුදට වෙලා ඉන්න. ඒරියල් මිනිස්සු ගැන අහලා තියනවා. ඒ එයාගේ කුරුළු යාලුවා ස්කට්ල් (Awkwafina) හරහා. ඉතින් ඒරියල්ට ඕන කොහොම හරි මිනිස්සු දැකලා, මිනිස්සු ජීවත් වෙනවා වගේ සතුටින් ජීවත් වෙන්න. එයා මේ දේවල් ඔක්කොම කියන්නේ එයාගේ හොඳම යාළුවා ෆ්ලෞන්ඩර් (Jacob Tremblay) එක්ක තමයි. මෙයාලා එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි සෙබස්තියන් (Daveed Diggs) කියන පුංචි කකුළුවා. සෙබස්තියන්ව රජතුමා පත් කරලා තියෙන්නේ ඒරියල්ව බලා ගන්න.
දවසක් එරික් (Jonah Hauer-King) කියන මනුස්ස රජ කුමාරයා, තමන්ගේ පිරිස එක්ක නැවක මුහුදේ යනකොට කුණාටුවකට අහු වෙලා ලොකු කරදරයක වැටෙනවා. ඉතින් එරික්ව බේරා ගන්නේ අපේ මේ කතා නායිකාව ඒරියල්. මෙතනින් එහාට මොකද වෙන්නේ? ඔව්.. ඒ දෙන්න අතරේ ආදරයක් ඇති වෙනවා. හැබැයි ඒ ආදරය පටන් ගන්නේ කොහොමද, කෙලවර වෙන්නේ කොහොමද කියලා මම කියන්න යන්නේ නැහැ. ආ තව දෙයක්. ගොඩක් කතාවල වගේම මේ කතාවෙත් සතුරෙක් (හැතිරියක්) ඉන්නවා. ඒ තමයි අර්සුලා (Melissa McCarthy) කියන බූ වල්ලිය.
The Little Mermaid (2023) චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Rob Marshall. Pirates of the Caribbean: On Stranger Tides (2011) චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරෙත් මෙයා තමයි. චිත්‍රපටය මේ වෙනකොට IMDb 7.2 ක අගයකුත් Rotten Tomatoes 66% ක අගයකුත් ලබාගෙන තියෙනවා.
මේ උපසිරැසිය අරන් එන්න යුරාන් මල්ලි දුන්න උදව්ව මතක් කරන්නම ඕන. දෙබස් ගාන වැඩි නිසා මම යුරාන්ගෙන් කොටසක් කරමුද කියලා ඇහුවම එයා බැහැ නොකියා බාර ගත්තා වගේම ඉක්මණට කරලත් දුන්නා.
එහෙනම් තවත් උපසිරැසියක් එක්ක ආපහු ඔයාලව හම්බවෙන්න එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
23,994 downloadsDownload The.Little.Mermaid.-2023-WEB-Update.zip111 KB
- Cam පිටපත සඳහා උපසිරසි ලබාදුන් දිනය : 2023 ජූලි මස 16 වැනිදා.
- Web පිටපත සඳහා උපසිරසි යාවත්කාලින කර Republished කල දිනය : 2023 ජුලි මස 25 වැනිදා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Little Mermaid (2023) Sinhala Sub
- #The Little Mermaid (2023) Sinhala Subtitles
- #The Little Mermaid Sinhala Sub
- #The Little Mermaid Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Bimsara Yashan(ඔලිව)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි චාමි ..........
ගොඩක්ම ස්තූතියි යුරාන් ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!විමා
සබට බොහොම ස්තුතියි දෙන්නටම.
යුරාන් ධනුක (දනුවා)
වැඩේට මාවත් සම්බන්ධ කරගත්තට බොහෝම ස්තූතියි අයියේ.
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Udara Damith
එල
Amil
Thanks for the sub...
Kantha_DLA
Thanks for update ..............
Naveen Vidusha
thanks dennatama sub ekata❤
harsha
thank you
නුවන් අසේල
Thanks sub ekata
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥dinesh akalanka
thnks brother
dinesh akalanka
thnks kollo dennatama
lakshan
thanks .....................
Anonymous
Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Ishan Madusha
බොහෝම ස්තූතියි...
Dimuthu
Supiriyak, Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Little Mermaid (2023) Sinhala Subtitles | දෙලොවක් එක්කල ආදරය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/The-Little-Mermaid-2023-B.jpg)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම. වෙබ් ආපු ගමන් අනිවා බලන්න ඕනෙ. ජයවේවා!