මේ කියන්න යන්නේ ටිකක් පරණ එත් පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා කරන මගෝඩි වැඩ ටිකක් තියෙන චිත්‍රපටයක් ගැන. නමෙන්ම දකින්න ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අරගෙන බලන්න. මොකද මෙයාලගේ තියෙන්නේ අමුතුම දර්ශණයක්. පොඩි උනාට හිතන්නේ අමුතුම විදිහට. ඒ ගැන ටිකක් පහුවෙලා කියන්නම්. මේ චිත්…

මේ කියන්න යන්නේ ටිකක් පරණ එත් පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා කරන මගෝඩි වැඩ ටිකක් තියෙන චිත්‍රපටයක් ගැන. නමෙන්ම දකින්න ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අරගෙන බලන්න. මොකද මෙයාලගේ තියෙන්නේ අමුතුම දර්ශණයක්. පොඩි උනාට හිතන්නේ අමුතුම විදිහට. ඒ ගැන ටිකක් පහුවෙලා කියන්නම්. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1994දී. මේකේ රඟපෑ පොඩි චරිත දැන් ලොකු චරිත වෙලා. මොකද අසූව දශකයේ අග භාගයේ උපත ලබපු පිරිසක් තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. එතකොට එයාලට වයස 6-7 වගේ ඒ කියන්නේ සෙල්ලං කරන වයසේ දරුවෝ ටිකක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ. ඒ වගේම IMDb අගය 6.2 ලබාගෙන තිබෙනවා.
එහෙනම් මෙන්න මේකයි කතාව. කලින් කිව්වා වගේම මේකේ ඉන්නවා කොලු පැටවූ ටිකක්. මෙයාලගේ තියෙනවා පොඩි සංගමයක්. මොකද්ද දන්නවද මේ සංගමය. ගැහැණු විරෝධී සංගමයක්. හික්ස් බටු ඇට දෙකක් උස නැහැ ඒ උනාට කොහොමද හිතන දේවල්. ඉතින් මේ සංගමේ ඉන්න අය ඒ කිව්වේ මේ බටු ඇටටික කිසිම ගැහැණු පරානයක් එක්ක ගණුදෙනුවක් නැහැ. කොටින්ම කියනවා නම් ගෙදර ඉන්න අක්කලා නංගිලා එක්කවත් නැහැ. කෙල්ලෙක් සෙල්ලං කරන්න කතා කලත් මොකක් හරි මගෝඩි වැඩක් කරලා පැනලා යනවා. කොටින්ම කියනවා නම් මේ සංගමයට ගැහැණු කියන්නේ සතුරු පාර්ශවයක්. කෙල්ලෙක් දැක්කොත් එතැනින් මාරු වෙන්නේ පිටසක්වල ජීවියෙක් දැක්කා වගේ. මේ සංගමයේ සභාපති උන්නැහේ තමයි ස්පැන්කි කියන්නේ. මේකේ ඉන්නවා ස්ටයිමි, ෆ්රොගි, පොර්කි, ඇල්ෆල්ෆා කියලා හාදයෝ දෙතුන් දෙනෙකුත්. සේරගේම අදහස ගැහැණු එපා කියන එක. 😛
සංගමයක් උනාම තොරතුරු හුවමාරු වෙන්නත් එපැයි සාමාජිකයෝ අතරේ. ඒක කරන්නේ පීටි කියලා බලු කුක්කෙක්. මෙයාලට තරහ කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා. එයාල ගැහැණු ළමයි නම් නෙමේ පිරිමි ළමයි දෙන්නෙක්. ඉතින් මෙයාලට තියෙනවා පොඩි කාර් තරඟයක්. එකෙන් අවුරුදු 5ක්ම දිනලා තියෙන්නේ මේ සංගමයේ සාමාජිකයෙක්. මේ සැරේ මේ තරඟයට ඉදිරිපත් කරන්න හදන්නේ ස්පැන්කිගේ මිත්‍රයා ඇල්ෆාෆාව. එහෙම තෝරන කොට මෙයා එතන නැහැ වෙන තැනක සංගමයේ ප්‍රධාන නීතිය කඩනවා. ඒ කියන්නේ ගැහැණු ළමයෙක් එක්ක. මෙයාගේ හිතාගත්ත කෙලි පැංච තමයි ඩාර්ලා කියන්නේ. ඉතින් ඔන්න එහෙනම් ඔයාලට බාරයි මේ සැරේ තරඟයට මොනවා වෙයිද? ඇල්ෆාෆා ඩාර්ලා එක්ක ඉදල අහු උනාට දඬුවම මොකද්ද? ඉන් පස්සේ මේ සංගමයට මොකද වෙන්නේ? මේවා ඔයාලට උත්තර හොයන්න ලැබෙන ප්‍රශ්න. එහෙනම් ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක් !!!
700 MB කොපිය මෙතනින් බාගන්න e558ae1e179318b70227314298698d8d83b0a9ad ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,601 downloadsDownload The-Little-Rascals-1994.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
23 comments
Sanjaya
nalaka
niyamayi saho..aasawen balanna puluwan godak sthuthyi sub laba dunnata
Nelson Rodrigo
Good Post Friend, Thanks!
Sanjaya
Patta Film aka.Thanks Saho...
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)jayani
THANK YOUUU.. :)
චතුර මදුසංක
thanks me wage amuthuma ekek genaawata
නලින්
පැතුම් අයියා නියම කථාවක් ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා
“චූටී මල්ලි”
ම්ම්ම්ම්ම්ම්ම්ම්...
පොඩි උන්ගෙ වැඩකිඩ නෙ
එල එල
සබට තුති
ඔබට ජය.......jack
ස්තුතියි සහෝ.
nuwan
elama thamai saho...
thank you wewaa...........!Amil
Ela.. Ela..
Sub ekata Thanks..gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Uraj Deemantha
හික්ස්.... පොඩි ඈම්ඩන් ලා..... :P
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් අරගෙන ආවේ? ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක් නේ. අනිවා බලන්න ඕනි, බොහොම ස්තුතියි,ජයවේවා.
Manjula Kumara
ස්තුතියි සහෝ
ජයවේවා!Menu
Thanx :)
jemaa
good job.....sub eka niyamai..good luck.digatama karagena yanna..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍වරුණ නිරෝෂණ
Thanks machan SUB akata
Prasad Kandamulla (චුටි මල්ලි}
මේක නම් බලල නැහැ ...සබ් එකට තැන්ක්ස් මචන් .....
I. BUDDHIKE
patta film eka..kalin balala thiyenawa...
sub ekka aaye balanna onee...
thanxxx........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela... :D