සුබ දවසක් වේවා හැමෝටම, අද මම ඔයාලට අරගෙන ආවෙ ජර්මන් ළමා කතාවක්. සුපිරි කතාවක්, මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න පාදක උන හේතුව. පහුගිය දවසක සෙනසුරාදා උදේ මමයි මගෙ නෝනයි TV එකේ ගිය සිංහල හඬකැවූ The Little Witch කියන චිත්‍රපටය බල බලා හිටියෙ. කතාව පැය බාගයක් විතර යද්දි මේ දවස් වල දිනපතා සිදුවෙන විදුලි විසන…

සුබ දවසක් වේවා හැමෝටම, අද මම ඔයාලට අරගෙන ආවෙ ජර්මන් ළමා කතාවක්. සුපිරි කතාවක්, මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න පාදක උන හේතුව. පහුගිය දවසක සෙනසුරාදා උදේ මමයි මගෙ නෝනයි TV එකේ ගිය සිංහල හඬකැවූ The Little Witch කියන චිත්‍රපටය බල බලා හිටියෙ. කතාව පැය බාගයක් විතර යද්දි මේ දවස් වල දිනපතා සිදුවෙන විදුලි විසන්ධි සුපුරුදු විදියටම උනා. ඉතිං මොනවා කරන්නද, නෙට් එකෙන් බාලා බලන්න කියලා හදද්දි ඒකෙ සිංහල සබ් එක කවුරුවත් කරලා තිබ්බෙ නෑ. කොහොමින් කොහොමින් හරි සබ් එක කරන්න ඕනෙ කියලා බලද්දි ඒක ජර්මන් ෆිල්ම් එකක්. මගෙ වගේම මගෙ බිරිඳගෙත් ඉල්ලීම හින්දම අපේ බයිස්කෝප් සයිට් එකෙන් මේක වෙන් කරගත්තා. ඔන්න ඔහොමයි මගෙ නෝනා කැමැත්තෙන් සබ් එකක් කරන්න පළවෙනි වතාවට කිව්වෙ…
එහෙමනම් කතාව පැත්තට ටිකක් හැරෙමු. Kleine Hexe නැත්නම් පුංචි මායාකාරි කියන්නෙ අවුරුදු 127ක (තරුණ) මායාකාරියක්. එයාගෙ එකම ආසාව තමයි ලොකු මායාකාරියො අවුරුද්දකට සැරයක් එකතුවෙලා සමරන ගිනිමැල රාත්‍රියට සහභාගී වෙන එක. ඉතිං ඒකට වැඩිහිටි මායාකාරියො එයාට එක කොන්දේසියක් පණවනවා. ඒක තමයි මන්තර දාස්ගානක් තියෙන මන්තර පොතක් අවුරුද්දක් ඇතුලත කටපාඩම් කරන එක. එහෙම කරලා එයා හොඳ මායාකාරියක් වෙන්න ඕනෙ. එහෙම උනොත් විතරයි එයාට ඊළඟ අවුරුද්දෙ සැමරුම් උත්සව රාත්‍රියට සහභාගි වෙන්න ලැබෙන්නෙ. ඒ අතරම එයා ගැන හොයන්න රම්පම්පල් කියන මායාකාරියක් පත් කරනවා. ඉතිං මේ අවුරුද්ද ඇතුලත එයාට මේ පොත පාඩම් කරගන්න පුළුවන් වේවිද, හොඳ මායාකාරියක් කියලා එයා හිතන්නෙ ප්‍රදාන මායාකාරියො බලාපොරොත්තු වෙන දේමද, ඇයට ඊළඟ අවුරුද්දෙ සැමරුම් උත්සවයට සහභාගි වෙන්න ලැබේවිද කියල දැනගන්නනම් ඔයාලට කතාව බලන්නම වෙනවා.
එහෙනම් ඔයාලට කතාවෙ නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්. මේක 1957 දි Otfried Preußler විසින් රචිත The Little Witch කියන පොත පාදක කරගෙන නිපදවනු ලැබුවක්. එතකොට මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mike Schaerer විසින්, එතකොට නිෂ්පාදනය කරලා තියෙන්නෙ Jakob Claussen සහ Ulrike Putz විසින්. විනාඩි 103ක් පුරා දිවෙන මේ කතාව එක දිගට බලාගෙන ඉන්න පුළුවන් Fantasy, Comedy Drama සහ Family යන ඛාණ්ඩ වලට අයත් වෙනවා. මේක මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2018 පෙබරවාරි පළවෙනිදා ජර්මනියෙදි. එහෙම කිව්වෙ ඒ අවුරුද්දෙම විවිධ දවස් වල ඒක වෙනත් රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙනවා. Imdb 6.3 ක අගයක් ලබාගෙන තියෙන මෙහි Karoline Herfurth, Axel Prahl, Suzanne of Borsody වගේ අය රංගනයෙන් දායකවෙනවා. ඒවගේම කියන්න ඕනෙ
*Bavarian Film Award , Laureate 2017 in the category Picture Design
* Swiss Film Award 2018 in the category Best Film Music
* German Film Award 2018 , nomination in the category Best Children’s Film
* Romy Ceremony 2018 , nomination in the category Best Picture Design Cinema-Film
* Guild Film Award 2018 – Best Children’s Film
කියන සම්මාන වලට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් මීටවඩා කියන්න දෙයක් නෑනෙ. ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න එන්න කියල. ලස්සන පසුබිම් හා වර්ණ ඇතුළු කතාවක් සහිත මෙය ඇත්තටම බලන්න ආස හිතෙන එකක්.
එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු, එතකල් ගිහින් එන්නම්…
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,326 downloadsDownload The-Little-Witch-2018.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
35 comments
Sahan.j.92
wnrodrigo
Good work friend, Thanks!
chandika1975
thank you and good worked.
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sumal Niduka Chandrasiri
Thanks bro
inubuddhi
Thanks Bro .... :)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
harshani11112
Thanks sub akata broo
තෙරැවන්සරණයියුරාන් ධනුක (ධනූ)
නියමයි සහෝ....
බොහෝම ස්තූතියි උපසිරැසියට !!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Tharaka
THANKS................
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
comax
Thanks Gud JOB
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ඔබටත්, උපසිරැසිය හදන්න ඉල්ලීම කරපු ඔබේ නෝනාටත් ගොඩක් ස්තුතියි..
තෙරුවන් සරණයි...!
ජයවේවා....!Rumesh dhanushka
Thanks gayan & all admins
Rumesh Asanka
thank you
imasha_u
Thanks godak lassanai
Nandana_kumara
Tu brother
Crathnayake
thank u budusaranai.
jagath55
Thanks
Soori
විදුලි කප්පාදුව නිසා මටත් සෙනසුරාදා ටිකයි බලන්න වුනේ. මමත් සබ් හෙවුවට තිබ්බේ නැති නිසා හිතුවේ නෑ මේකට සබ් දෙයි කියලා. බොහොම බොහෝම ස්තුතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට....
ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath n perera
thanks
Vihanga sathsara
thankss bro
Randimat
thanx bro
malithmadhushan45
අඩෝ උපසිරසට ස්තුතියි මචං දැනුයි බලන්න ගත්තේ
Rukshan37
ela ela
කවිනු වීරක්කොඩි
❤❤❤
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sanjeewakbg
thanks bro....
nipu ridmi
Film eka download karanna barida???
MAALnath
Thanks ......................good luck ........................
samathandi
thanks
Kasunabayasekara
Thanks bro
Buddhika bandara weerakoon
Thank u..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Little Witch (2018) AKA Die kleine Hexe Sinhala Subtitles | බලවත්ම මායාකාරිය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/die-kleine-hexe-2018.jpg)
Sub ekata thanks bro..glass 2019 sub eka dennako