Watch Trailer

The Lobster (2015) Sinhala Subtitles | පොකිරිස්සෙකු වෙමි! [සිංහල උපසිරැසි සමඟ] 18+

පහුගිය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ වුනු චිත්‍රපටියක් වන The Favourite සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන Yorgos Lanthimosගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන, 2017 ඇකඩමි සම්මාන උළෙලේදී හොදම තිර රචනය සදහා නිර්දේශ වුන චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවෙ. Yorgosටම ආවේනික අමුතුම ශෛලිය මේ චිත්‍රපටියෙනුත් හොදින…

පහුගිය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ වුනු චිත්‍රපටියක් වන The Favourite සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන Yorgos Lanthimosගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන, 2017 ඇකඩමි සම්මාන උළෙලේදී හොදම තිර රචනය සදහා නිර්දේශ වුන චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවෙ. Yorgosටම ආවේනික අමුතුම ශෛලිය මේ චිත්‍රපටියෙනුත් හොදින් දැකගන්න පුළුවන්. නිර්මාණයේ නම The Lobster. තිරගත වීම ඇරඹිලා තියෙන්නෙ 2015 සිට. Comedy,Drama,Romance කාණ්ඩයන්ට අයිතිවෙන නිර්මාණයක්. ඒවගේම IMDb අගය 7.1ක් ඇතුළුව ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. රංගනයෙන් Collin Farrell, Olivia Colman, Rachel Weisz, Ben Whishaw, John C.Reilly වැනි දක්ෂ නළු නිලි පිරිසක් එකතුවෙලා තියෙනවා. ඉතාමත් වෙනස් අමුතු කතාවක් වන මෙහි කතාව මේ විදියට හදුන්වලා දෙන්නම්.

යම් අනාගත කාලයක, එක් නගරයක, තනිකඩයින් සියල්ලම එක් හෝටලයකට යා යුතුයි නගරයේ නීති රීති අනූව. එම හෝටලයේදී ඔවුන්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න දවස් 45ක කාලයක් ලබාදෙයි. මේ කාලය ඇතුලත සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න පුළුවන් වුන අයට තවත් විවිධ පරීක්ෂන වලින් පසු නගරයට ගොස් ජීවත්වීමට අවස්තාව ලැබේ. ඒවගේම මේ දින 45තුල සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න නොහැකි වුන අයව සතෙක් බවට පරිවර්තනය කරනවා ඇත. තමන්ටම තමන්ව පරිවර්තනය කරන්න ඕනෙ මොන සතෙක් බවටද කියලා තෝරාගැනීමේ අයිතිය ඇත. ඔවුන්ව ඒ තෝරාගත් සතා බවට පරිවර්තනය කර මහ වනයට මුදා හරිනු ලැබේ. හෝටලයේ නීති රීති සියල්ලම සියළුදෙනා නිවැරදිව පිළිපැදිය යුතු වේ. එසේ නොපිළිපදින අය හට වරදේ ස්වභාවය අනූව විවිධ දඬුවම් හිමිවේ. මේ දවස් ඇතුලත ඔවුන්ට අවශ්‍ය සියලු දේ හෝටලය මඟින් සපයනු ලබයි. එනම් ආහාර, ඇඳුම් පැලදුම් වැනි අත්‍යවශ්‍ය දේ. මෙවැනි අනාගතයක, තමන්ගේ බිරිද තමන්ව අතහැර යෑම නිසා තනිකඩයෙක් බවට පත්වුනු, අපේ කතා නායකයා වන ඩේවිඩ්ට හෝටලයට පැමින මුහුණපෑමට සිදුවෙන දේ වටා තමයි කතාව ගෙතෙන්නේ. වෙනස් ආරක, වෙනස් රසයක් හොයන කෙනෙක්ට මේ චිත්‍රපටිය ගැලපෙයි කියලා හිතනවා. මේකෙ පසුබිම් සංගීතය එහෙමත් ඉතාම ආකර්ෂණීය අයුරෙන් නිමවා තියෙනවා. එහෙනම් කැමති අය අරගෙන බලන්න. තවත් උපසිරැසියකින් හමුවෙනකම් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි LIMITED BluRay පිටපත් සඳහා අදාළ වේ.

4,640 downloadsDownload The.Lobster.2015.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

4,640 downloadsDownload Subtitles44 KB

28 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  3. Pradeep Pasqual

    Thanks for the sub...!!

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata.. Avengement (2019) film ekatath sub eka dennako bro..
    Jaya wewa.!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. jagath55

    Thanks

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  8. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    දිගටම උපසිරැසිය දෙන්න..
    විස්තරය කියෙවුවාම බලන්න හිතෙනවා.
    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

  9. Emi

    Thank you

  10. Suranjan

    Thanks machan......jayawewa.....!

  11. Su

    Thanks saho sub ekta.. :)

  12. Batman

    thanks bn sub ekata

  13. Pradeepkumara

    Thanx saho

  14. AsithaDilruwan

    ela saho thanks

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. nish47

    ස්තූතියි සහෝ

  18. IreshSampath

    thanks

  19. බොබී

    අමුතු කතාවක්. ඔන්න මාත් ගත්තා, සහෝ.

  20. Kaazz_bat

    Thanx saho sub ekata,.. Jayawewa,.

  21. Dewadithya

    Thanks for Sub!

  22. suchroxx

    Thanks Bro

  23. sam fisherr

    blindspotting film 1ta sub danna pls

  24. Nidi

    වෙනස්ම ආරක කතාවකට සබ්ස් දුන්නාට ස්තුතියි ඉසුරු!

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  26. Saranga J. Liyanagama

    Thanks

  27. Sasanka sathyajith

    Thanks for the sub

  28. Sheril Mayantha

    thanks bro