ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා චානක ඉඳුනිල් මලයාවත් එකතු කරගෙන අසා ලිවීමක් කරලා තමයි උපසිරැසිය අරන් ආවේ. 2017 ඔක්තෝබර් 27 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kishore Tirumala විසින්. සංගීත අධ්‍යක්ෂණය Devi Sri Pra…

ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා චානක ඉඳුනිල් මලයාවත් එකතු කරගෙන අසා ලිවීමක් කරලා තමයි උපසිරැසිය අරන් ආවේ. 2017 ඔක්තෝබර් 27 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kishore Tirumala විසින්. සංගීත අධ්‍යක්ෂණය Devi Sri Prasad ගෙන්. Ram Pothineni රංගණයෙන් දායක වූ Nenu Sailaja චිත්‍රපටය මතක නම්, ඒ චිත්‍රපටයෙත් ඉහත කී කාර්යයන් දෙක ඉටු කරලා තිබුණෙත් මේ දෙදෙනාමයි. ඒ බව හොඳට මේ චිත්‍රපටයේදීත් දැක ගන්න පුලුවන්. රාම්ගෙනුත් Nenu Sailaja චිත්‍රපටයේ තිබ්බ අර අමුතු මාන්දවික විදිහේ නර්ථනයක් මේකෙදිත් දැකගන්න පුලුවන්. 😛 ප්‍රධාන චරිත වලට Ram Pothineni(අභී ලෙස), Sree Vishnu(වාසු ලෙස), Anupama Parameswaran(මහා ලෙස) සහ Lavanya Tripathi(මේඝනා ලෙස) දායක වෙලා තිබෙනවා. IMdb දර්ශකයෙත් මේ වන විට 6.5 ක අගයක් ලබා ගන්නට මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා.
කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත්, අභී සහ වාසු කියන්නේ පොඩි කාලේ ඉඳන්ම හොඳ යාලුවෝ දෙන්නෙක්. දෙන්නට දෙන්නා නැතුවම බෑ. මේ විදිහට කාලය ගත වෙලා මේ අය තරුණ වියට ආවට පස්සේ මේ මිතුදම දෙදරා යන්න පටන් ගන්නවා. මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ? ඔව්. කෙල්ලෙක් නිසා තමයි. 😛 සිද්ධිය මේකයි. අභී බයික් එකේ යද්දී කෙල්ලෙක් කාර් එකක ඇවිත් එයාව හප්පනවා. ඒ කෙල්ල තමයි මහා. ඉතින් මේ දෙන්නා එතනදි දැන හඳුනා ගෙන, පස්සේ මුණගැහිලා කතා බහ කරලා පොඩි ඇයිහොඳැයියක් ඇති වෙනවා. හැබැයි අභීගේ හිතේ තියෙන දේ මහාට කියන්න යන්නේ නෑ. ඊට කලින් වාසුට කියලා ඉන්න ඕන කියලා වාසුගේ ගෙදර යනකොට වාසුගේ ගෙදරට මහා ඇවිත් ඉන්නවා. ඉතින් අභීගේ කතාව වාසුට කියන්න කලින් වාසුගේ කතාව අභීට කියනවා. මහාගේ අයියගේ විවාහ උත්සවයට ගිය වෙලාවේ මහාව දැකලා එයාට කැමැත්තක් ඇති වුනා. ඒ ගැන එයාට කියන්න ඉන්නේ කියලා. ඔන්න ඔතනින් පස්සේ කතාව උඩු යටිකුරු වෙනවා. හැබැයි ඒක දැන් ඔයාට හිතුන විදිහට නෙවෙයි වෙන්නේ. වෙනස්ම විදිහට. එහෙනම් ඒ කොහොමද කියලා බලන්න ඔබට බාරයි.
ප.ලි: ඇත්තම කිව්වොත් කමෙන්ට්ස් වලින් වගේම බුකියේ පොස්ට් වලින් පවා ඉල්ලලා තිබ්බ උපසිරැසියක් තමයි මේක. අප්‍රේල් මැදක් වෙද්දි ෆිලුමේ බාගයක් විතර කරලා තිබුණත් ඉතුරු ටික කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් තවත් කල් යන නිසා ඉතුරු බාගේ චානක මලයට කියලා කරගෙන තමයි මේ උපසිරැසිය අරන් ආවේ. එයත් ටීවි සීරිස් ටිකක් බදාගෙන හිටිය නිසා හිතුව තරම් ඉක්මනට ගේන්න බැරි වුනා. 😛 වැඩ ගොඩක් අස්සේ මේක සම්පූර්ණ කරලා දුන්නු චානක ඉඳුනිල් මලයටත් ගොඩක් ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
13,324 downloadsDownload Vunnadhi-Okate-Zindagi-2017.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට සහ චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
30 comments
Udaya Saman
පැතුම් ඉෂාර
තෑන්ක්ස් ඈ
isuru srinath sjs
මේ දීපු Sub එකට දෙන්නටම Thanks..
apio
thank
Isira janith
Thx sud ekata puluwannam alladin 2019 film ekata sub bennko
Deshani
Thank you
ඔෂද ධනංජය
thanx saho
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!nana
Thanks mcn
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!deliya
thanks sahodaraya sub akata.digatama karamu aaaaaaa.jayawewa.budusaranai
Su
Thanks saho sub ekata.. :)
namika
thanks mchn!
baiscopeyp
plz 24 kisses movie eke sub eka denna
nish47
ජය වේවා
ස්තූතියි මචන්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
avishka360
Sub ekata thanks
pryantha gallage
thanks
D.Chamara
bohoma sthuthi
L.G.T.Dilshan Liyanage
Supiri saho,,,ft storyk,,,jaya wewa!
dil_shan
tnz sub ekata
MAALnath
Thanks ................good luck ........................
N_R
Thank You.
Akashpc
Ela bro
Kasun Andy Doo
Maru Bro
thara_sam
bohomathma sthuthi...
Anonymous
Thnks for sub and all baiscope members
Anonymous
Thank for you
DILmin
Sub ekata thanks"
jack
මේක බලන්නම හිතාගන හිටපු ෆිල්ම් එකක් දැන් සබ තියන නිසා හොදට බලන්න පුළුවන් තමන්ගේ වටිනා කාලය කැප කරමින් අපි හැමෝම වෙනුවෙන් කරන මේ සේවය ඉතා උසස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sasith aiue ඔyanam maru.bohomathuthi upasirasiyata dennatama.onna magen palaweni comment eka.