The Lost Bus (2025) Sinhala Subtitles හලෝ.. සුබ දවසක් වේවා බයිස්කෝප් වාසී සියළු දෙනාට.. රැකියාවේත් අධ්‍යාපන කටයුතු වලත් තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක මට ටික කාලෙකින් ඔයාලව උපසිරැසියකින් හමු වෙන්න බැරි උනා.. මේ පහුගිය දවස මට අහම්බෙන් වගේ ඇපල් ටීවි එකේ විකාශය වෙච්ච චිත්‍රපටයක් හම්බුනා.. නිකමට වගේ පොඩ්ඩක…

The Lost Bus (2025) Sinhala Subtitles
හලෝ.. සුබ දවසක් වේවා බයිස්කෝප් වාසී සියළු දෙනාට.. රැකියාවේත් අධ්‍යාපන කටයුතු වලත් තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක මට ටික කාලෙකින් ඔයාලව උපසිරැසියකින් හමු වෙන්න බැරි උනා.. මේ පහුගිය දවස මට අහම්බෙන් වගේ ඇපල් ටීවි එකේ විකාශය වෙච්ච චිත්‍රපටයක් හම්බුනා.. නිකමට වගේ පොඩ්ඩක් බලනවා කියලා හිතාගෙන බැලුවට ඇත්තටම ඒක හොඳ චිත්‍රපටයක් නිසා අන්තිමට මම නැගිට්ටෙ සම්පූර්ණ චිත්‍රපටයම බලලා.. මේ වගේ හොඳ චිත්‍රපටයක් හම්බු උනාම මට මුලින්ම මතක් උනේ ඔයාලව. ඉතිං මම හොයලා බැලුවා මේකට උපසිරැසියක් තියනවද කියලා.. තිබුනෙත් නැති නිසා, මම ඊළඟට අපේ රවිඳු හේෂාන් මල්ලිගෙන් අහලා බැලුව කවුරු හරි උපසිරැසි ගන්වන්න බාර අරගෙනද කියලා.. රවිඳු, ‘කවුරුත් නෑ ඔයා කරන්න’ කියපු නිසා හම්බු උන පොඩි විවේකයකදි මේක කරන්න පටන්ගත්තෙ..කතාව ගත්තොත් කැලිෆෝනියා ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ලැව්ගින්න පාදක කරගෙන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච නිර්මාණයක්.. මෙම සිනමා නිර්මාණය 2021 දි ලිසී ජොන්සන් විසින් රචිත One Town’s Struggle to Survive an American Wildfire කියන පොතේ එක් කොටසකින් උපුටාගෙන පෝල් ග්‍රීන්ග්‍රාස් විසින් කරපු අධ්‍යක්ෂණයක්. 2025 සැප්තැම්බර් 5 ටොරොන්ටො ජාත්‍යන්තර චිත්‍රරපට උළෙලේ දී එළිදැක්වුනු මෙය ඇපල් ටීවී හරහා ලොව පුරා විකාශනය උනා..
කතාවේ ප්‍රධාන චරිතය වන කෙවින් මැකේ සිය ජීවිතයේ ගොඩක් අසාර්ථකත්වයන් වලට මුහුණ දුන්න කෙනෙක් මෑතකදී තමන්ගෙ පියාගෙ අහිමිවීමත් තම පුතා සමඟ තියෙන දුරස් බාවයත් මූල්‍යමය අඟහිඟකම් නිසාත් විවිධ අභියෝගවලට මුහුණ දුන්න අයෙක්.. වෘත්තියෙන් පාසල් ප්‍රවාහන සේවයක බස් රථ රියදුරෙක් ලෙස සේවය කරන ඔහුට දිනකදී ලැව් ගින්නක් නිසා පනවා තිබූ හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රාථමික සිසුන් 22ක් වෙනත් ආපදා ගැලවුම් ස්ථානයකට ප්‍රවාහන කිරීමට පැවරෙනවා. ඔහුට ඒ සඳහා සහයට එම ප්‍රාථමික පාසලේ ගුරුවරියක් වන මේරි ලුඩ්විග්ද පැමිණෙනවා.. නගරය පුරා ලැව් ගිනි පැතිරෙන විට ඔවුන්ට තම මූලස්ථානය හා සම්බන්ධ වෙන රේඩියෝ සංඛ්‍යාතද අහිමි වෙනවා. විවිධ බාධක අපහසුතා මැද කෙසේ හෝ හදිසි ආපදා එක්රැස්වීමේ ස්ථානය පැමිණෙන විට ඔවුන් දකින්නෙ එම ස්ථානය ගිනිබත් වී දැවි යන ආකාරයයි.. ඉතිං කෙවින් හා මේරිට මෙම දරුවන් බේරා ගැනීමට හැකිවෙයිද..? ඔයාලා බලලම දැනගන්න..
සත්‍ය සිදුවීමේදී කෙවින් හට සහයට ගුරුවරුන් දෙදෙනෙකු සිටියත් දෙවන ගුරුවරියගේ අකමැත්ත මත නිර්මාණයට එක් ගුරුවරියගේ චරිතයක් පමණක් යොදාගෙන තියනවා.
IMDb දර්ශකයේ 07/10 ද Rotten Tomatoes දර්ශකයේ 87% ගන්න සමත් වෙච්ච මෙම චිත්‍රපටය Drama, Thriller ගණයට අයත්වෙනවා.. ඇත්තටම මේ චිත්‍රපටය බැලුවට පාඩු නොවෙන චිත්‍රපටයක්.. ඒක උඩ තියන රේටිං අගයන් දැක්කම ඔයාලට උනත් හිතාගන්න පුළුවන්නෙ.. ඉතිං මට සහතික වෙන්න පුළුවන් බලන කාලය අපතේ යන්නෙ නැති වෙයි කියලා..
තවත් උපසිරැසියකින් හමුවෙනකං ඔයාලට ජය වේවා..![]()
The Lost Bus (2025) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,390 downloadsDownload The-Lost-Bus-2025.zip117 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර සමරවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Lost Bus (2025) Sinhala Subtitles
Subtitles by
උදාර සමරවික්‍රම
Subtitles
8 comments
Buddhika laKMal
Bhagi
Thank you dr
Viraj
Thanks
Damith niwanthaka
Thanks bro. Jaya wewa..
NISHAN
thanx bro
Anonymous
Thanks
Malith samarawickrama
Thanks mchn sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි මචං මේකට සබ් දුන්නට