Watch Trailer

War 2 (2025) Sinhala Subtitles | අතිදක්ෂයන්ගේ ද්වන්ධ සටනක්

War 2 (2025) Sinhala Subtitles මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. War 2 (2025) කියන්නේ අයාන් මුකර්ජි විසින් අධ්‍යක්ෂණය කරපු Yash Raj Films යටතේ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරපු YRF Spy Universe එකේ හයවැනි සිනමාපටය. ඒ වගේම 2019 දී නිකුත් වුණු War චිත්‍රපටයේ දෙවෙනි සිනමා…

War 2 (2025) Sinhala Subtitles මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. War 2 (2025) කියන්නේ අයාන් මුකර්ජි විසින් අධ්‍යක්ෂණය කරපු Yash Raj Films යටතේ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරපු YRF Spy Universe එකේ හයවැනි සිනමාපටය. ඒ වගේම 2019 දී නිකුත් වුණු War චිත්‍රපටයේ දෙවෙනි සිනමා පටය විධියටයි War 2 එළිදැක්වෙන්නේ. මේ චිත්‍රපටයේ රිතික් රෝෂන්, එන්. ටී. රාමා රාඕ ජූනියර් (NTR), කියාරා අද්වානි වගේම අෂුතෝෂ් රානා සහ අනිල් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ සිනමාපටයේ රූගත කිරීම් 2023 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරුණා. ඒ වගේම චිත්‍රපටය මුම්බායි වල දර්ශන තලවල මූලිකවත් ස්පාඤ්ඤය, ඉතාලිය සහ අබුඩාබි යන රටවල වරින් වරත් රූගත කිරීම් සිදු කෙරුණා. මේකේ සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රිතම් විසින්. ඒ වගේම සංචිත් බල්හාරා සහ අන්කිත් බල්හාරා චිත්‍රපටයේ ස්වර රචනා කිරීම් සිදු කළා. රුපියල් කෝටි 300–400 ක ඇස්තමේන්තුගත අයවැයකින් නිර්මාණය කරනු ලැබූ මේ චිත්‍රපටය මෙතෙක් නිෂ්පාදනය කරන ලද වඩාත්ම මිල අධිකම ඉන්දියානු චිත්‍රපට වලින් එකක් වෙනවා. War 2 2025 නිකුත් කෙරුණේ 2025 අගෝස්තු 14 වැනිදා. සමස්තයක් ලෙස විචාරකයින්ගෙන් මිශ්‍ර සමාලෝචන ලබාගත් මේ සිනමා නිර්මාණය 2025 දී තුන්වන වැඩිම ආදායමක් උපයාගත් හින්දි චිත්‍රපටය බවට පත් වන්නට සමත් වුණා. මේක IMDb දර්ශකයේ 5.7/10ක අගයක් වගේම Rottentomateos අඩවියේ 67%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත් වුණා. චිත්‍රපටයේ කතාව ගැන බලමු දැන්. මෙම චිත්‍රපටය කබීර් ධාලිවාල්ගේ (රිතික් රෝෂන්) කතාවේ දිගුවක් ලෙසිනුයි දිගහැරෙන්නේ. ඔහුගේ පක්ෂපාතිත්වය සහ අතීතය අභිරහස් වලින් වැසී ඇති දක්ෂ ඔත්තුකරුවෙක්. ඔහුව කලී නම් වුණු ප්‍රබල රහසිගත දේශපාලන සංවිධානයක් විසින් බඳවා ගනු ලැබෙනවා.කබීර් ලවා කලී සංවිධානයේ නායකයන් එක්තරා දක්ෂ නිළධාරියෙක් ඝාතනය කරවන්නට උත්සහ කරනවා.   ඒ අතර ගෝලීය ප්‍රහාර මාලාවක් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විට, එයට වගකිව යුතු යැයි විශ්වාස කරන මිනිසා – කබීර්ව දඩයම් කිරීම සඳහා නව සහ ඉතා දක්ෂ ක්‍රියාකාරිකයෙක් වන රඝු (කනිෂ්ඨ NTR) පත් කරනවා. යුක්තිය පසිඳලීමේ මෙහෙයුමක් ලෙස ආරම්භ වන මෙහෙයුම ඉක්මනින් අසාමාන්‍ය සොල්දාදුවන් දෙදෙනෙකු අතර මානසික හා චිත්තවේගීය ගැටුමක් බවට පත් වෙනවා. මේ දෙදෙනාම විශ්වාස කරන්නේ තමන් මේ සටනේ නිවැරදි පැත්තේ ඉන්නා බවයි. මේ අතර කාව්‍යා (කියාරා අද්වානි) නම් යුවතිය ඔවුන්ගේ ලෝක අතර තීරණාත්මක සම්බන්ධකයක් බවට පත්වෙනවා. කබීර් සහ රඝු අතර ඝට්ටනයෙන් කුමකින් කුමක් සිදුවෙනු ඇතිද? කලී රහසිගත සංවිධානයේ අරමුණු සඵල වෙයිද?

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි! War 2 (2025) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත සඳහා අදාළ වේ.

7,530 downloadsDownload War-2-2025.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

War 2 (2025) Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

7,530 downloadsDownload Subtitles55 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූතියි කේසර සහෝ මේකට සබ් දුන්නට

  2. kavinda gamage

    බොහොම ස්තුතියි

  3. Kim

    Thanks bro

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤