ඔන්න යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා The Lotus (2018) කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 මාර්තු 06 වෙනිදා. ඒ වගේම මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ Jorge Nunez. මේ සලරුව Action | Horror | Sci-Fi කියන ඛාණ්ඩ වර්ග තුනටම අයත් වෙනවා. ඒ වගේම මේක 4.9 IMDb අගයකුත් ගන්න සමත් වෙලා […]

ඔන්න යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා The Lotus (2018) කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 මාර්තු 06 වෙනිදා. ඒ වගේම මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ Jorge Nunez. මේ සලරුව Action | Horror | Sci-Fi කියන ඛාණ්ඩ වර්ග තුනටම අයත් වෙනවා. ඒ වගේම මේක 4.9 IMDb අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. අපි කවුරුත් දන්න කියන Sami Reynolds සී ගේ චරිතයට පණපොවනු ලබන අතර ඇය Picnic (2013) හා තවත් සලරූ කීපයකට රංගනයෙන් දායක වෙනවා. තවද Raymond Tostado, Carl Bailey, Michael Crabtree, Gideon Swift, Jake Garcia කියන චරිතද අපිට මෙහිදී දකින්න ලැබෙනවා.
එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට යමුකෝ. මුලින්ම සොම්බි වෛරසයකින් මුළු මහත් ලෝකයම පීඩා විඳිනවා ඔයාලට දකින්න පුළුවන් වේවි. මේ සොම්බ් වෛරසය මිනිසා විසින් නිර්මාණයකරපු වෛරසයක්. නිකමටවත් හිතන්න පුළුවන්ද ලෝකයක් ආරක්‍ෂා කරන්න වෛරසයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා? ඒ වගේම ඒ වෛරසේ හරියට වැඩකරාවිද කියලා? බෑනේද යාළුවනේ. ඉතින් මං අද ඔයාලට ගෙනාපු මේ සලරුවෙන් කියවෙන්නෙ අන්න ඒ වගේ කතාවක් තමයි. ආක්‍රමණයකට එරෙහිව ලෝකෙ ආරක්‍ෂාකරන්න හදපු වෛරසේ ලෝකෙ විනාසකරන්න පටන්ගන්නවා. මෙතනදි තමයි අපෙ කතාව පටන්ගන්නෙ. ඒ අපෙ කතානායිකාව “සී” ගේ සහෝදරියගේ වෙඩින් එකෙන්. ඉතින් මොවුන් වෙඩින් එක අරගන්න කොට, ඒ කියන්නෙ මනමාලි සී ගේ සහෝදරිය මනමාලයාට බාරදෙන්න කැන්දගෙන එනකොට එකපාරටම මඟුල්ගේ ඉන්න මිනිස්සු හුඟදෙනෙක් මැරිල වැටෙනවා. ඉතින් හිතන්න පුළුවන්නේ මුළු මඟුල්ගේම පුදනකොටම කාපි යකාවගේ විනාසයි. කපල්එකටත් මදිනොකියන්න හොඳවයින් හොඳ සොම්බි ප්‍රහාරයක් එල්ලවෙනවා. ඉතින් මේ විදියට සමස්ත ලෝකයම එක පාරටම හිතාගන්නවත් බැරි විදියට සොම්බි වෛරසයක් වෙලා ගන්නවා. එතනින් පැනගන්න වාසනාවකට වගේ සී සමත්වෙනවා. අපෙ කතානායිකාව සී ට කේලබ් කියල එක්තරා මනුස්සයෙක් මෙහිදී හමුවෙනවා. කොටින්ම කිව්වොත් මේ සොම්බි වෛරසේ හදපු, ඒගැන පර්යේෂණ කරපු කණ්ඩායමේ ඉඳියැයි කියන කෙනෙක්. ඔහු සී ට කියනවා මේ වෛරසේ Lotus කියන නොනවතින ආරක්‍ෂක ව්‍යාපෘතියක ප්‍රතිළුලයක් කියලා. මොහු යන්නෙ ඒ ව්‍යාපෘතිය නවත්වන්න කියලත් කියනවා. Biochem කියන දේට Rhea 1 කියල ප්‍රතිකාරයක් තියෙනව කියලත් එකෙ තියෙන වැරැදිත් කියනවා. ඇය අහම්බෙන් වගේ මේ ප්‍රතිකාරය හොයන්යන කණ්ඩායමකට සම්බන්ධ වෙනවා.
ඉතින් මං ඔයාලට තවදුරටත් කතාව කිව්වොත් ෆිල්ම් එක ගැන ඔයාලගේ තියෙන කුතුහලය නැතිවෙන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ මේ වෛරසේ මොහොකට එරෙහිව හදපු දෙයක් ද? මොකක්ද මේ නොනවතින ආරක්‍ෂණ සැලැස්මක් මිනිස්සු හදන්න හේතුව? ඉතින් ඒක සාර්ථක වෙලාද? ඉස්සරහට මොනව වෙයිද? කියල බලලම දැනගන්න කියන ආරාධනයත් එක්ක අදට මං ඔයාලගෙන් සමුගන්නවා.
එහෙනම් හැමෝටම නැවත උපසිරසියකින් හමුවෙනතුරු ජයෙන් ජයම පතනවා !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
5,089 downloadsDownload The-Lotus-2018.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හිරාන් සේනානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
27 comments
kasun3
gihan perera
හොඳටම හොඳයි මචෝ...සොම්බි කතාවක් බැලුවේ නැ කාලෙකින්...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....
darshana100
thanks saho
Shehan putha
thanks bro...jaya wewa !
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
THANKS..................
Gishee1980
Thanks brooo
Kulanjana Maduranga
subata thanks....
chandika1975
thank you for sub
GaminiSenevirathne
Thanks Bro for Sub
ranga11112
Thanks hiran saho....paTTA film akak
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nishannw
Ela bro....thank u
oshanda
thanx sahoo
nihalpujitha
thanx sub
Rashmika dumidu
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.Nivom
thanks
AsithaDilruwan
ela saho thanks
Nishanfernando
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sandharu
Thanks brooo
nishannw
ස්තූතියි
sunanda shanth
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

jaya thanks.............