නවකතාවක් පාඨකයන් අතර ජනප්‍රිය වෙනවා නම් එය එය සාර්ථක නිර්මාණයක්. පොතක් කියවන විට පාඨකයා විසින් එහි සඳහන් සිදුවීම් සිතේ මවාගන්නවා. තමන් සිතේ මවාගත් ලෝකය තුළ කියවූ පොතක් ඉදිරියට ගොස් සිනමාවට පැමිණෙන විට රසිකයන් නිතැතින්ම ඒ සමඟද එකතුවනවා. මේ වන විට ලොව සිනමාපට අතර සිනමාපට ගණනාවක්ම නවතකා පාදක කරගෙන නිර…

නවකතාවක් පාඨකයන් අතර ජනප්‍රිය වෙනවා නම් එය එය සාර්ථක නිර්මාණයක්. පොතක් කියවන විට පාඨකයා විසින් එහි සඳහන් සිදුවීම් සිතේ මවාගන්නවා. තමන් සිතේ මවාගත් ලෝකය තුළ කියවූ පොතක් ඉදිරියට ගොස් සිනමාවට පැමිණෙන විට රසිකයන් නිතැතින්ම ඒ සමඟද එකතුවනවා. මේ වන විට ලොව සිනමාපට අතර සිනමාපට ගණනාවක්ම නවතකා පාදක කරගෙන නිර්මාණය වෙලා තිබෙනවා. තනි තනි පොත් මෙන්ම පොත් මාලාවන්ද මෙලෙස සිනමාව කරා පයතබා තිබෙනවා. ඉතින් මේ නවකතා පාදක කරගත් සිනමාපට ගොන්නට අයත් වෙන අලුත්ම සිනමාපටය තමයි The Darkest Minds. The Darkest Minds නම කියවෙද්දී කියවෙන අනිත් නම තමයි Alexandra Bracken. Darkest Minds සහ Passenger පොත් මාලා සමඟ නිව්යෝර්ක් ටයිම්ස්හි Best Selling ලේඛකයන් අතර ඉහළින් සිටින ලේඛිකාවක් වන්නට 31 වන වියේ පසුවන ඇය සමත් වෙලා තියෙනවා. 2010 දී Brightly Woven සමඟ අරඹන ඇගේ ගමනේ සාර්ථකම නිර්මාණය වන්නේ Darkest Minds පොත් පෙළයි. 2012 වසරේදී පළමු පොත නිකුත් කරන ඇය 2018 වන විට ඒ හා සම්බන්ද පොත් 7 ක් ලියා අවසන් කරනවා. මීට අමතරව Passenger පොත් ද්විත්වය මෙන්ම Star Wars: A New Hope The Princess, The Scoundrel, and the Farm Boy සහ The Dreadful Tale of Prosper Redding ද ඇය රචනා කරනවා. AB විසින් මේ වනවිට Darkest Minds පොත් 7 ක් ලියා අවසන්. නමුත් මේ පොත් 7 න් පොත් 4 ක් තමයි ප්‍රධාන සීරියස් එකට අදාල වන්නේ.
01. The Darkest Minds (2012)
02. Never Fade (2013)
03. In the Afterlight (2014)
04. The Darkest Legacy (2018)

The Darkest Minds කතුවරිය Alexandra Bracken
ප්‍රධාන පොත් හතර මේ විදියට තියෙද්දී ඇය තවත් පොත් තුනක් රචනා කරනවා. ඒ ප්‍රධාන කතාවට සම්බන්ද වෘත්තාන්ත නිර්මාණ හෙවත් Novellas විදියටයි. (Novellas කියන්නෙ කෙටි කතාවකට වඩා දිගින් යුක්තව සහ සාමන්‍ය නවකතාවකට වඩා කෙටියෙන් ලියවෙන කතන්දරයක්. සාමන්‍යයෙන් වචන 17500-40000 අතර නිර්මාණ මෙලෙස හඳුන්වනවා.) ඉතින් මේ තුනම එකතු කරලා THROUGH THE DARK පොත එළිදක්වලා තියෙනවා. මේකේ තියෙන වෘත්තාන්ත තුන වෙන්නෙ,
1.5 IN TIME
2.5 SPARKS RISE
3.5 BEYOND THE NIGHT
AB කියන විදියට මේ පොත් කියවන්න ඕනි පිළිවෙල තමයි,
1. The Darkest Minds
1.5 In Time (novella)
2. Never Fade
2.5 Sparks Rise (novella)
3. In the Afterlight
3.5 Beyond the Night (novella)
4. The Darkest Legacy

The Darkest Minds පොත් මාලාව
ඉතින් මේ පොත් මාලාවේ පළමු පොතෙන් තමයි ඒ නමින්ම මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නේ. 2018 අගෝස්තු 03 සිට තිරගත වීම අරඹපු මේ සිනමාපටය තවත් සිනමාපට කිහිපයක පළමු සිනමාපටය වනවා. 20th Century Fox බෙදාහරින මෙය විද්‍යා ප්‍රබන්ද සහ Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වනවා. පොත ලියන ලද්දේ කාන්තාවක් වන ලෙසටම මේ සිනමාපටයේ අධ්‍යක්ෂක වන්නේද කාන්තාවක්. ඇය නමින් ජෙනිෆර් යූ නෙල්සන් (Jennifer Yuh Nelson.) කොරියන්-ඇමරිකානු අධ්‍යක්ෂකවරියක් සහ කතාන්දර නිර්මාණ ශිල්පිනියක් වන ඇය Todd McFarlane’s Spawn සහ Kung Fu Panda 1 හි කතා නිර්මාණ ශිල්පිනියක් ලෙස සිට Kung Fu Panda 2 සහ 3 සිනමාපට අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂකවරියක් ලෙස කරළියට පැමිණෙනවා. ඒ සමඟම ඇය ප්‍රධාන හොලිවුඩ් නිෂ්පාදන ආයතනයක සම්පූර්ණ ඇනිමේෂන් සිනමාපටයක් අධ්‍යක්ෂණය කල පළමු කාන්තාව බවටද පත්වනවා. Darkest Minds යනු ඇය අධ්‍යක්ෂණය කරන තෙවන සහ පළමු Live-Action සිනමාපටයයි. 20th Century Fox බෙදාහරින ලද මේ සිනමාපටය විනාඩි 105 ක ධාවන කාලයකින් යුක්ත වනවා. Chad Hodge විසින් තිර රචනය කල අතර Amandla Stenberg, Harris Dickinson, Mandy Moore, Gwendoline Christie වැනි නවක නළු නිළි පිරිසකගෙන් හැඩ වනවා.

The Darkest Minds කතුවරිය සහ The Darkest Minds සිනමාපටයේ අධ්‍යක්ෂිකාව
IAAN හෙවත් Idiopathic Adolescent Acute Neurodegeneration ලෙසින් හැඳින්වෙන හදිසියේ ඇති වුණු රෝගයක් නිසා ස්නායු පරිහානියට ලක්වන ලෝකයේ වයස 18 ට අඩු දරුවන්ගෙන් 90% ක් පමණ මිය යනවා. රෝගයෙන් බේරී ඉතිරි වන ළමුන් හට අසාමාන්‍ය හැකියාවන් හිමිවෙනවා. මේ සමඟ ක්‍රියාකාරී වන රජය මේ හැකියාවන් ලැබූ ළමයින් රඳවාගෙන ප්‍රතිකාරයක් සෙවීමේ අරමුණ ඇතිව රැඳවුම් කඳවුරක් ඇති කරනවා. ඔවුන් මේ ළමුන්ගේ හැකියාවන් අනුව කාණ්ඩ කිහිපයකට වර්ගීකරණය කරනවා. එනම්
කොළ
නිල්
රන්
තැඹිලි
රතු
ලෙසයි. කොළ පැහැය ලැබෙන්නේ අඩුම මට්ටමේ හැකියාවන් හිමි අයට වන අතර රතු සහ තැඹිලි ලබන්නේ දරුණු මට්ටමේ හැකියාවන් තිබෙන අයටයි. රජය මේ හැකියාවන් ලද දරුවන් හට දරුණු ආකාරයෙන් මර්ධනය කිරීමට පවා නොපැකිලෙන අතර මේ නිසා කඳවුරු වලට හසු නොවුණු ළමුන් ලොවට හොරෙන් පලායමින් සැඟවී ජීවත් වනවා. පසුව මේ පිරිස් එක්ව රජයට එරෙහි වෙමින් තම අනාගතය දිනාගැනීමේ සටනකට අවතීර්ණ වනවා. Darkest Minds සිනමාපටයේ මූලික කතාව තමයි මේ

හැකියාවන් අනුව දරුවන්ට ලබා දෙන්නා වූ වර්ණයන්
සිනමාපටය තුල ප්‍රධාන චරිත හතරන් සිටිනවා. ඔවුන් නමින් රූබි, ලියම්, සූ සහ චබ්ස්. මේ හතරදෙනා වටා තමයි මේ කතවා ගොඩනැගී තිබෙන්නේ. ඉතින් හැමෝටම වගේ මෙයාලටත් විශේෂ හැකියාවන් හිමිවෙලා තියෙනවා.
රූබි – මනස පාලනය
ලියම් – මනසින් දුර ඇති වස්තූන් සෙලවීම
සූ – විදුලිය පාලනය
චබ්ස් – වැඩිදියුණු වූ බුද්ධිය

සිනමාපටය තුළ දරුවන්ට ලැබී ඇති හැකියාවන්
සිනමාපටය ආරම්භ වන්නේ රූබිගේ මිතුරියක් රෝගය නිසා මියයන අවස්ථාවකින්. පසුව වයස අවුරුදු 10 ක් වන රූබි ඇයගේ දෙමව්පියන් සමඟ ඇයගේ උපන්දිනය සමරන අතර ඔවුන් මේ රෝගය පිළිඹඳ බියෙන් පසු වනවා. මේ නිසා එදින රැයේ රූබි තම මව අසලට යන්නේ ඇය සැනසීමේ අරමුණින්. මවගේ අත අල්ලා සිටින මොහොතේ රුබිට ඇයගේ බලය ක්‍රියාත්මක වන අතර පාලනයක් නොමැති නිසා රූබි අතින් රූබි පිළිබඳ මතකයන් මවගේ මනසින් මකා දැමෙනවා. පසුදා රූබි පිලිබඳ මතකයන් අහිමි මව ඇය ව නිවසින් එළියට පන්නා දමා ඇයව රැඳවුම් කඳවුරට බාරදෙනු ලබනවා. සිදුවීම් කිහිපයකට පසුව වසර හයක රැඳවුම් කඳවුරේ ජීවිතය ගෙවීමකින් පසුව එක් දිනක් සිදුවන සිදුවීමක් නිසා ඇය දැඩි අනතුරකට පත් වෙනවා. නමුත් කේට් නමැති කාන්තාව නිසා කඳවුරෙන් පලා යන රූබි හට ලියම්, සූ සහ චබ්ස් හමුවනවා. මේ සිව්දෙනා මුහුණදෙන සිදුවීම් ගණනාවක් වටා මේ සිනමාපටය ගොඩනැඟී තිබෙනවා. Maze Runner, Divergent වැනි කතා මාලාවලට මෙන්ම සුප්‍රකට මාර්වල් මියුටන්ට්ලාට සමානකමක් මේ කතාව තුලද තිබෙනවා. එමෙන්ම මේ සිනමාපටය අවසන් වන්නේ දෙවැන්නකට ඉඩ සලස්වමින්. දෙවැන්නක් පිලිබඳ කතාවක් තවමත් නැතත් ඉදිරියේදී දෙවැන්න නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.
වටිනා ලිපිය සම්පාදනය කළාට ස්තුතියි,
– තිසර සහෝ.
“Soon, There Wouldn’t Be Any Kids Anywhere…”
~~DESTINY IS ALL~~
~~සියල්ල දෛවයයි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/ Bluray පිටපත් සඳහා අදාළ වේ.
15,237 downloadsDownload The-Darkest-Minds-2018-Bluray-Update.zip87 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
78 comments
kavinuweerakkody
madhubashana bandara
thanks bro
prabhathmadushanka
sub ekta thnx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!luon95
Thank you.....
PasinduDeshan
Sub1 tnx...
Pa98hasanka
Thnx
Naveendra_rox
Thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සුපිරි ලිපිය...
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ...Udara Damith Dissanayaka
ලිපියටයි උපසිරසටයි ස්තුතියි
Kulanjana Maduranga
subata thanks saho.....
Sachithra 73337
thanks for subtitle....
good luck bro...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයsubodha
Thanks
Thisara Neo
ස්තූතියි මචං සබ් එකට...සබ් එක්ක ආපහු බලනවා... ජයවේවා.... ඉක්මනටම ඊළඟ සබ් එකෙන් හමුවෙමු...
#Hail_Hydra
jagath55
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එක්ක එනකම් ඉවසන් ඉන්නවා කොහොමහරි. ට්‍රේලර් එක දැක්ක දවසේ ඉදන් ඒ තරම් ආස හිතුන ෆිලුමක්. ආවාම අප්ඩේට් එක්ක දෙන්නකෝ..බුදුසරණයි..ජය වේවා!!!
Ashan Maduranga
eeka supiriyak wage thanks saho sub ekata
gayan215
bohoma sthuthi saho...
Rashmika dumidu
Thanks bro
gihan perera
ස්තුතියි සහෝ....පට්ට විස්තරයක්...නියමයි...දිගටම උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා...දෙවි පිහිටයි....
Kingdomd
Thanks bro
Tharaka
THANKS.......................
Shan
ලිපියත් පට්ට, කතාවත් ඒවගේම ඇති කියලා හිතනවා.
සිංහල උපසිරැසිය කරපු ඉසුරු සහෝට සහ වටින ලිපියක් ලියපු තිසර සහෝටත් බොහොම ස්තූතියි. ❤❤
මෙහෙම දෙනකොට comment නොකර ඉන්නේ කොහොමද?? :P
ඔන්න BR කොපියත් මඟ එනවෝ.. :D
ජයවේවා!wnrodrigo
good work friend, Thanks!!
Mendis
thanks bro sub ekata
Cj
තැන්කුයි වේවා
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Samith Suranga
Thanks
sisitha prasad
thanks dear, carry on
YasasPerera
thanks bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
McMillanStyles
Thanks bro
darshana100
thanks saho jaya wewaaaaaaaaa
nalin.kumara0510
Thanks bro good luck.
Ravindurockmmmm
Good job
Prabhasoft
thanks Bro....!!! gd lk...
sampath n perera
thanks.... jayawewa.....
Rashmika dumidu
Thanks you
Mohomed Arkam
avish-gimhan
elama
SupunTharaka
Thanks
Nandana_kumara
Tu
Sajithlakshan
thanks ....................
Dewadithya
Thanks for Sub!
Sulakshana Thilakarathna
Patta lipiya. Bohoma isthuthi saho sub ekata.. Jaya wewa!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.NuwanK
Thank u bro..
MadhuBandara
THANK YOU YALUWA...
Advertisement

හම්මට!! ස්තූතියි ඉසුරු අයියේ.. අද නම් බැලිල්ලක් තමයි. ජය වේවා!! මෙන්න බෑවා..