Watch Trailer

The Lovely Bones (2009) | මරණයෙන් පසුත් පළිගැනීමට…[සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් එක වෙනුවෙන් කරන්න මගේ පළවෙනි උපසිරැසිය. මේක ඩ්‍රාමා කැටගරියට වැටෙන ෆිල්ම් එකක්. චිත්‍රපටයේ නම “Lovely Bones”. Alice Sebold කියන ලේඛිකාව 2002දි ලියපු “Lovely Bones” කියන නවකතාව ආශ්‍රය කරගෙන තමා හදල තියෙන්නෙ. මේ ඇයගෙ දෙවෙනි නවකතාව. විශාල සාර්ථකත්වයක් පොතෙන් ඈ ලැබුව. ඒ වගේම මේ කතාවට ඇය පෞද්ග…

Lovely-Bones-2009

බයිස්කෝප් එක වෙනුවෙන් කරන්න මගේ පළවෙනි උපසිරැසිය. මේක ඩ්‍රාමා කැටගරියට වැටෙන ෆිල්ම් එකක්. චිත්‍රපටයේ නම “Lovely Bones”. Alice Sebold කියන ලේඛිකාව 2002දි ලියපු “Lovely Bones” කියන නවකතාව ආශ්‍රය කරගෙන තමා හදල තියෙන්නෙ. මේ ඇයගෙ දෙවෙනි නවකතාව. විශාල සාර්ථකත්වයක් පොතෙන් ඈ ලැබුව. ඒ වගේම මේ කතාවට ඇය පෞද්ගලික ජීවිතේදී මුහුණ පාන්න සිදධ වුණු සිදුවීමක ආභාශයත් එකතු කරල තියෙනව. 2010දි තමා චිත්‍රපටය නිකුත් වුණේ. ටිකක් “Book Thief” චිත්‍රපටය වගේ චිත්‍රපටයක් මේකත්. “Book Thief” චිත්‍රපටයට කැමති හැමෝම වගේ මේකට බොහෝ විට කැමති වෙයි. කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.

සූසී සැමන් කියන්නෙ පෙන්සිල්වේනියා වල ජීවත් වෙන අවුරුදු 14ක ගෑනු ළමයෙක්. හැමදාම වගේ ඉස්කෝලෙ ඇරිල ඉස්කෝලෙ ඉඳන් ගෙදරට එන්න තියෙන වගාභූමියක් පහු කරං ශෝට්කට් එහෙකිං ගෙදර එනව. සීත කාලෙක. දවල් කාලෙ බොහොම කෙටියි. මෙයාලගෙ ගෙවල් ළඟම ඉඳල තියෙනව සීරියල් කිලර් කෙනෙක්. තනියම තමයි හිටියෙ. එයා සූසී ගැන හොඳට නිරීක්ෂණය කරල මේ වගාභූමිය හාරල ලෑලි වලිං පොඩි කාමරයක් හදනව. හදල සූසීව රවට්ටල ඉස්කෝලෙ ඇරිල ගෙදර යන ගමං ඒක ඇතුළට ගෙන්නගන්නව. ගෙන්නගෙන පොතේ හැටියට නම් මිස්ටර් හාවි ඇයව දූෂණය කරල මරල දානව. චිත්‍රපටයෙ නං අඩුම ගානෙ මරණ දර්ශනයක්වත් නෑ. මේ පොත ලියපු ලේඛිකාවත් මේ වගේම කරදරයකට මුහුණ පාල තියෙනව. මේ කතාවෙ විදිහටම ඇයට එහෙම කල අපරාධකාරයටත් නීතියෙන් කිසිම දඬුවමක් ලැබිල නෑ. ඔහුව හොයාගන්නවත් හම්බවෙලා නෑ. ඊට පස්සෙ තමා කතාව පටං ගන්නෙ. සූසී තමාව මරපු මිණිමරුවගෙන් පළිගන්න කරන උත්සාහයන් වටා තමා කතාව ගෙතිල තියෙන්නෙ. සූසී මැරිල යනව වෙනම ලෝකෙකට. දිව්‍යලෝකෙ නෙමේ පර්ගැටොරි වගේ තැනකට. එහෙදි තමා එයා හාවිගෙන් පළිගන්න උත්සාහ කරන්නෙ. ඒත් එහෙම කරන උත්සාහයේදී හාවි කියන සීරියල් කිලර් අතින්ම මැරුණු තවත් ළමයෙක් එයාට හැමදෙයක්ම තේරුම් කරල දෙනව. පළිගැනීම තේරුමක් නැති බවත්, සූසීට නිදහස් වීම තියෙන්නෙ පළිගැනීමේ නොවන බවත්, හාවිට එයා කරපු දේවල් වල හැටියට ස්වභාවිකවම ඒවාගේ පලවිපාක ලැබෙන වගත් සේරම පැහැදිලි කරල දෙනව.

The Lovely Bones (2009) on IMDb

 

 

901 MB කොපිය මෙතනින් බාගන්න

df0051ee9e09d8bdefe791c61e5ea9a45c4f2a32 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

600 downloadsDownload The.Lovelly.Bones_.2009.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩාක් මාක් (මාක් සකර්බර්ග්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඩාක් මාක්

Subtitles

600 downloadsDownload Subtitles35 KB

20 comments

  1. Chintha

    ela ela man meka eka parak baluwa apahu sub ekka balanawa thanx aa...

  2. තිසල් නදීශන (සොනික්)

    tnx...

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. SaDuN dAnUsHkA

    එල එල
    පලවන උපසිරැසියට මගෙන් උනුසුම් සුබ පැතුම්..........

  5. නලින්

    ස්තුතියි සහෝ!

    මැක්සා කථාවක් වගේ !!

    ජය වේවා!

  6. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  7. Ranil srimal

    සබට තුති, ඩාක් මාක් සහෝ.

  8. sanath

    thankz machooooooo.....
    supiri movie ekak wage.........
    onna baanna dhaemma.......
    thwath ekakin apith ekaka ekathu wenna ona hodheee......
    suba pathanawa idiri gamanata........
    jayen jaya.... aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  9. ඩාක් මාක්

    අම්මට හුඩු :D මං දවස් කීයක් බලං හිටියද මේක දානකං.. බයිස්කෝප් එකට ටැන්ක්යු වේවා ඈ :D
    දවස් පහකට විතර පස්සෙ හරි පලවුනු එක ගැන :)

  10. Isuru

    හොඳ කතාවක් වගේ. ඔන්න දැනුයි ටොරෙන්ට් එක බාගෙන ඉවර වුනේ. සබ් වලට ස්තූතියි මචන්!

  11. Kulanjana Maduranga

    1st sub1ka neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again......jaya wewa.........

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, හැකිනම් මෙන්න මේ ෆිල්ම් එකට සබ් දෙන්න EVILENKO (2004) .කතාව යන්නේ ගුරෙක් ඉන්නවා පොර ළමයි 50ස් ගානක් මරනවා, (ගැහැණු සහ පිරිමි ළමයි ) ලේ බොනවා ඔය වගේ තව දේවල් , මම හිතන්නේ ඇත්ත කතාවක්, හරියටම දන්නේ නම් නැහැ. දෙන්න හැකිනම් වටිනවා, ජයවේවා.

  14. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  15. ෂෙහාන් [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  17. realsumedha

    තෑන්ක්ස්.... දිගටම සබ් දෙමු හොඳේ....

  18. Naween

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්..!
    සබ් එකට බොහොම ස්තූතියි ඩාක් මාක් සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය...!

  19. Nandana

    Thank U ඩාක් මාක්.

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D