Watch Trailer

C U Soon (2020) Sinhala Subtitle | ඔබ දකින තුරා… [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ 2006 වසරේ තිරගත වුන The Collingswood Story චිත්‍රපටිය නරඹලා තියෙනවද.? එහෙමත් නැත්නම් 2014 වසරේ තිරගත වුන Unfriended, 2018 වසරේ තිර ගත වුන Searching.! මේවාගෙන් එකක් හෝ නරඹලා තියෙන කෙනෙක් නම් දන්නවා මේ ස…

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා.

ඔබ 2006 වසරේ තිරගත වුන The Collingswood Story චිත්‍රපටිය නරඹලා තියෙනවද.? එහෙමත් නැත්නම් 2014 වසරේ තිරගත වුන Unfriended, 2018 වසරේ තිර ගත වුන Searching.! මේවාගෙන් එකක් හෝ නරඹලා තියෙන කෙනෙක් නම් දන්නවා මේ සිනමා නිර්මාණ ත්‍රිත්වයේම ඇති විශේෂත්වය. එනම් මේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නේ පරිගණක තිරයක් මත පදනම් වෙලා.එසේනම් මෙවැනි ආකෘතියකට නිර්මාණය උන මලයාලම් සිනමාවේ පලමු වරට නිර්මාණය වුන වෙනස්ම විදියේ මලයාලම් සිනමා නිර්මාණයක් වන C U Soon (2020) සඳහා සිංහල උපසිරැසි අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ උන‍ේ.!

කොවිඩ් 19 වසංගත තත්වය හින්ද සිනමා කර්මාන්තය ලොකු පසුබෑමක ලක්වෙලා තියෙන කාලෙක මේ වගේ ඉතිහාස ගත වෙන නිර්මාණයක් කරන එකත් අගය කරන්න වටිනවා. 2020 ජුනි මාසෙදි මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන Mahesh Narayanan විසින් නිවේදනය කරනවා ඔහුගේ ඊලඟ සිනමා නිර්මාණය මලයාලම් සුපිරි නළු Fahadh Faasil ප්‍රධාන චරිතය නිරුපනය කරන පරික්ෂණාත්මක සිනමා නිර්මාණයක් බවට සහ (Iphone) අයි ෆෝන් එකක් භාවිතයෙන් සිදු කරන මිනිත්තු 50 – 60 ක්‌ පමණ වන නිර්මාණයක් වෙන බවත්. මේ චිත්‍ර‍පටය නිර්මාණය කරන්න Film Employees Federation of Kerala (FEFKA) හි අවසරය හිමි වුවත් Kerala Film Producers Association (KFPA) කොවිඩ්මේ -19 වසංගතය හේතුවෙන් මේ නිර්මාණය රූගත කිරීමට විරුද්ධ වෙනවා. ඒ නමුත් අධ්‍යක්ෂක Mahesh Narayanan විසින් 2020 අගෝස්තු 21 වෙනිදා වෙනකොට රූගත කිරීම් සහ පසු නිෂ්පාදන (Post-Production) කටයුතු අවසන් කරලා කේරළයේ ඇති විශේෂිත Onam සංස්කෘතික උළෙල වෙනුවෙන් මේ සිනමා නිර්මාණය Amazon Prime ඩිජිටල් මාධ්‍ය ඔස්සේ 2020 සැප්තැම්බර් 01 වෙනි දින නිකුත් කරන්නටත් වාසනාවන්ත උනා. ‘මේක “ලොක්ඩවුන් චිත්‍රපටියක්” විදියට සලකන්න කැමති නෑ’ කියල චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂකතුමා Mahesh Narayanan විසින් වරක් ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේක පරිගණක තිරයක් මත පදනම් වූ නිර්මාණයක්. ඉන්දියාව තුල ලොක්ඩවුන් කිරීමක් සිදුනොවුනත් මේ චිත්‍රපටිය නිර්මාණය වන්නේ මේ විදියටම බව ඔහු ප්‍රකාශ කරලා තිබුණ.මුළු චිත්‍රපටියම රූපගත කිරීම් කරලා තියෙන්නේ single lens එකකින්, මෙහි close-up, mid-shot, wide-shot වලින් රූ ගත කිරීම් සිද්ධ නොවුනත් චිත්‍රපටිය නරඹන ප්‍රේක්ෂකයන්ට මේ සියලු දර්ශන අඩුවක් නොමැතිවම මෙහි දැක ගන්න හැකියාවක් තියෙනවා. කෝචි හි මෙහි ප්‍රධාන රූගත කිරීම් සිදු කිරීමෙන් පස්සේ තව කොටසක් ඩුබායිහි රූගත කිරීම් සිදු කරලා තියෙනවා.

අධ්‍යක්ෂක Mahesh Narayanan ට ඔහුගේ මිතුරෙක්ගෙන් ලද මලයාලම් තරුණියකගේ වීඩියෝ පටයක් නිසා මේ නිර්මාණය පිළිබඳව අදහසක් ඔහු තුල හටගෙන තිබෙනවා. ඉන්පසු ඔහු මේ ගැන Fahadh Faasil සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමයි C U Soon 2020 මලයාලම් සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ.! අවම සම්පත් භාවිතා කරලා නිර්මාණය කරපු මේ නිර්මාණයට නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ සිනමා රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගත් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන දක්ෂ රංගන ශිල්පී Fahadh Faasil සහ ඔහුගේ සුරූපී බිරිඳ සිනමා රංගන ශිල්පිනී Nazriya Nazim යන දෙපල විසින්…

 

චිත්‍රපටය නිකුත් කර කෙටි කාලයක් තුලදි විචාරක අඩවියන්හි පලකර තිබු ඇගයීම්.

ඉහත රූප සටහන් වල දක්වලා තියෙන තරු සලකුණු සහ විචාරකයින්ගේ අදහස් දිහා බලපුවම චිත්‍ර‍පටය ගැන සහ නළු නිලියන්ගේ රංඟනය ආදි දේවල් ගැන යම් අදහසක් ගන්නට ඔබට පුලුවන් වෙන්න ඇති. කතාව පැත්තට පොඩ්ඩක් ගිහින් බැලුවොත්, ජිමි (Roshan Mathew) වැඩ කරන්නේ මැදපෙරදිග සමාගමක, ඒ වැඩ කරන අතරතුරේදී Dating App එකක් හරහා අනූ (Darshana Rajendran) නම් තරුණියත් එක්ක ආදරෙන් බැඳෙනවා. සැබෑවටම මේ දෙන්න මුණ ගැහිලා නැති උනත් ජිමි ‘අනූව’ තමන්ගේ අම්මටත් අඳුන්වලා දෙනවා. මේ අතරේදී හදිස්සියේම ජිමි, අනූ හින්ද ලොකු කරදරේක වැටෙනවා. ඇත්තටම ඒක ලොකු පටලැවිල්ලක්. ඊට පස්සේ තමයි මේ පැටලුනු නූල් බොලේ අග මුල හොයා ගන්න ජිමිගේ ඥාති හොහොයුරෙක් වෙච්ච කෙවින් (Fahadh Faasil) මේකට මැදිහත් වෙන්නෙ. ඊට පස්සෙ මොනව වෙයිද.? මොකක්ද මේ සිද්ද උන ගැටළුව.? මේ ගැටළුව විසදෙයිද.? චිත්‍ර‍ටිය බලලම ඒවා දැනගමු නේද..?

ආයෙමත් මේ වගේම උපසිරැසියකින් මුණගැහෙමු. සුභ දවසක් වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

7,848 downloadsDownload C-U-Soon-2020-Updated.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

7,848 downloadsDownload Subtitles39 KB

26 comments

  1. මයුර

    නියමයි නියමයි දෙනකන්ම හිටියේ බලාගෙන.
    බොහොමත්ම තුති වේවා.

    1. unknown

      Supiri

  2. Prabodha

    Sthuthi obata .

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. indika75

    thanks..

  5. Aruna Amarasinghe

    thank you...

  6. Kusal

    Great Movie Thanks.

  7. bandara

    පරිගනක තිරයක් නෙමෙයි තිර රෙද්දකට පෙන්නුවත් Faasil ඉන්නවනම් බලන්නම වෙනව.ස්තූතියි සොයුරිය

  8. Anonymous

    lassana film ekak tnx for sub

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
    ජය!!

  10. Kavinu

    තුති වේවා.. හැමතැනින්ම ඇහෙන්නෙ හොඳ කියනව විතරයිනෙ! හිතුවටත් වඩා හොඳ ෆිල්ම් එකක් වගේ,
    බොහොම ස්තූතියි එහෙනං ආපු ගමන් සබත් දුන්නට!!
    ඊළඟ මලයාලමෙන් ඉක්මනටම මුණගැහෙමු ❤️❤️

  11. Nethini123

    බොහොම තුති අක්කේ...ඉක්මනටම සබ් එක කරලා අපිට බලන්න අවස්ථාව දුන්නට...

  12. -චානක ඉඳුනිල්-

    ස්තූතියී උපසිරැසියට

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අක්කේ...!
    මලයාලම් පැත්තට දිගටම සබ් දෙන කෙනෙක් දකින්න ලැබීමත් සතුටක්.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. Aravinda Fernando

    Thanks Sahhodari

  15. nish47

    ස්තූතියි සහෝ

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  20. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  21. Anonymous

    Thank you

  22. සාරංග ජේ. ලියනගම

    Thanks

  23. sasanka sathyajith

    Thanks for the sub

  24. Anonymous

    Thanks .....

  25. Anonymous

    thanks