ඉතින් කොහොමද යහලුවනේ ඔන්න මම මගේ 56 වෙනි නිර්මාණයත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා, ඇත්තටම මේක මගේ 57 වෙනි නිර්මාණය වෙන්න තිබුනා මගේම වරදකින් එය සිදුවුනේ නැහැ. මොකද මම කලින් කරපු එක අඩවියේ පලකරලා තිබිල තියෙන්නේ මම දැක්කෙත් නැහැ, මම සෝදිසි කරලා බැලුවෙත් නැහැ, මොකද ඒක කොටස් දෙකක් වශයෙන් දීලා තිබුනේ. Mortal…

The Mark of Zorro (1920)

ඉතින් කොහොමද යහලුවනේ ඔන්න මම මගේ 56 වෙනි නිර්මාණයත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා, ඇත්තටම මේක මගේ 57 වෙනි නිර්මාණය වෙන්න තිබුනා මගේම වරදකින් එය සිදුවුනේ නැහැ. මොකද මම කලින් කරපු එක අඩවියේ පලකරලා තිබිල තියෙන්නේ මම දැක්කෙත් නැහැ, මම සෝදිසි කරලා බැලුවෙත් නැහැ, මොකද ඒක කොටස් දෙකක් වශයෙන් දීලා තිබුනේ. Mortal Kombat – Legacy (2011) කියන එක මෙහි කොටස් 9ක් තියෙනවා. නමුත් එක් එක් කොටස විනාඩි 7ත් 13ත් බැගින් නිසා මම හිතුවේ සියලු කොටස් එකට දෙයි දෙනවනම් කියල. බැලින්නම් ඒක අපේ ශාන් මලය දීලනේ. අන්න එහෙමයි මේක මගේ 56 වෙනි නිර්මාණය වෙන්නේ.

අහරි අපි දැන් මේ කතාව ගැන බලමු. මේක IMDb වල 7.3ක් වගේ අගයක් ගන්න සමත් වෙච්ච කතාවක්. දොන් ඩිආගෝ කියන්නේ ඒ පළතේ යමක් කමක් තියෙන පවුලක කෙනෙක්, ඔහු ඉතාමත් නිවුණු සැරපරුෂ නැති කෙනෙක් හැටියට තමයි කවුරුත් දන්නේ, නමුත් මෙයාම තමයි වෙස් මුහුනකුත් බැඳගෙන සෝරෝ නමින් අසාධාරණයට එරෙහිව සටන් වදින්නෙත්, ආණ්ඩුකාරවරයා සාමාන්‍ය ජනතාවට කරන තාඩන පීඩන වලදී එයට විරුද්ධව නොබියව මුහුණ දෙන සෝරෝව ආණ්ඩුකාරවරයාට සහ ඔහුට පන්දම් අල්ලන අයටත් ලොකු හිසරදයක් වෙනවා, ඉතින් මෙයාල සෝරෝව අල්ලගන්න නොකරන දෙයක් නැහැ, නමුත් ඒ හැම මොහොතකම ඔහු පැනයන්න සමත් වෙනවා. මේ අතර දොන් ඩිආගෝ එක් සුන්දර යුවතියකගෙන් විවාබස් ඉල්ලනවා, නමුත් එතරම් මනාපයක් ඔහුට ඇගෙන් ලැබෙන්නේ නැහැ, සොරෝත් මේ යුවතිය සමඟම යහළු වෙන්න උත්සහ කරන අතර ඇය සෝරෝට කැමති වෙනවා, ඉතින් ඇය මේ නම් දෙකින්ම ඉන්නේ එකම කෙනා කියල දැනගනිවිද? සෝරෝට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔබත් දැනගන්න කැමතිනම් මෙය රැඟෙන බලන්න.

ඒ වගේම කියන්න ඕනි මේ නිර්මාණය තමයි සෝරෝ නමින් සිනමාවට නැගුනු පළමු චිත්‍රපටය. මින් පසු

  • The Mark of Zorro (1940) (වර්ණ)
  • Zorro (1975) නොහොත් Zorro (1975)

නමින් තව චිත්‍රපට දෙකක් නිර්මාණය උනා. මම හිතනවා ඒ දෙකත් කවුරුන් හෝ උපසිරසි ගන්වයි කියල. ඒ වගේම එයට පසු පැමිණි චිත්‍රපට දෙක ඔයාල සිංහල එක්කම බලල ඇතිනේ.

තව දෙයක් කියන්න ඕනි මෙතරම් පැරණි චිත්‍රපට අපේ අඩවියෙන් දෙන අය දැන් බොහොම අඩුයි එසේ නොකර හැකිනම් විකට රජා වෙන චාර්ලි චැප්ලින්ගේ තව බොහෝ චිත්‍රපට ගණනක් තිබෙනවා සිංහල උපසිරසි ගන්වා නොමැති ඒ ගැන මෙතනින් ඔබට බලාගත හැක.

1921 වසරේ සිට තිබෙන ටිකවත් කරන්න හැකිනම් වටිනවා, මේ චිත්‍රපටවල වැඩිය ලයින් නැහැ උපිරිම ලයින් 50ත් 150ත් අතර ගණනක් තිබෙයි, සමහරවිට සබ් ෆයිල් එකක් නැත්නම් ඔබටම හදාගන්න වෙයි. වෙන සබ් එකක් අරන් ටයිම් ලයින් ටික හදාගන්න ෆිල්ම් එක බල බල. මම එහෙමයි මේ දෙන ෆිල්ම් එකත් කලේ. මෙයාගේ චිත්‍රපට එක බැඟින් අපේ සබ් දෙන අය බාරගෙන කලොත් මේ සියල්ල අපි සිංහල සමග බලන්න තරම් වාසනාවන්ත වෙයි.

මතක ඇතුව මේක බාගෙන පොඩ්ඩක් සීඩ් වෙන්න දෙන්න අනිත් අයට බාගන්න උදව්වක් වශයෙන්. එහෙනම් මම නවතිනවා, අදහස් දාල යන්න කාරුණික වෙන්න, හැමෝටම බුදු සරණයි.

The Mark of Zorro (1920) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න

0461638c34939b0662be472d88718248be60cc42 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

853 downloadsDownload The-Mark-of-Zorro-1920.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

853 downloadsDownload Subtitles17 KB

23 comments

  1. ෂෙහාන්[Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  2. dilshan

    ela saho,onna bewa

  3. තරුෂ නයනජිත්

    maXxa

  4. Jack

    ස්තුතියි සහෝ.

  5. රුවන් සම්පත්

    NIYAMA WEDAK SAHOO..... JAYA WEWA..

  6. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  7. prabath

    meka nam balnna one math asai parana film walata thanks Dimithu

  8. Global

    Thanks Saho..!

  9. නලින්

    ස්තුතියි දිමුතු අයියා !

    මහන්සියට ජය වේවා.

  10. කේ.යූ.ජී. උදාර

    ඒත් මං හිතුවා මෙච්චර පස්සට අපිව අරන් යන්නෙ දිමුතු ම තමයි කියල..... හරියට හරි දිමුතු ම තමයි.
    සබට බොහොම ස්තූතියි සහෝ.............

  11. “චූටී මල්ලි”

    හම්මෝ පට්ට පරන එකක් නෙ
    එල එල සහෝ
    ඔයා තමා ඉතින් මේවගෙ ඒවට
    බැහැලම වැඩකරන්නෙ
    සබට තුති
    ඔබට ජය.............

  12. isuru

    සබ් වලට බොහොම ස්තූතියි සහෝ! මේ වගේ අතීතයේ බිහිවූ හොඳ නිර්මාණ වලට උපසිරැසි දෙන එක බොහොම වටිනවා. ඕන් මාත් බාගන්නවා. මචන් Mary Poppins (1964) ෆිල්ම් එකටත් සබ් දෙනවද? මම ඔයාට අවුරුද්දකට විතර කලින් කිව්ව. ඔයා කිව්වා දෙන්නම් කියලා. තව පරක්කු වෙයිද බන්?

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      ඇත්ත සහෝ මම මේක රැගෙන එන්නම් කියල පොරොන්දු උනා, මම ෆිල්ම් එකත් බාල සබ් එක කරන්න තමයි හැදුවේ, නමුත් ඒකෙ තියෙන්න සින්දු වැඩියෙන්, මට ඉංග්‍රීසි දෙබස් ලස්සනට සින්දු වලට හරවන්න බැහැ, ඒ කියන්නේ ලස්සනට හරවන්න තරම් නිර්මාණ හැකියාවක් නැහැ, මම හිතනවා ඔයාට තේරෙනවා ඇති කියල කියපු දේ, ඉතින් ලස්සනට සින්දුව එන්න ඕනි එකට බයිලයක් දාල හරියන්නේ නැහැනේ, මම එහෙම කලොත් ඒ ලස්සන නිර්මාණයට කරන ලොකු අසාධාරණයක් වෙනවා, ඉතින් මම අපේ උපසිරසි කරණයේ පියා වන රොයිලි අයියගෙන් ඇහුවා කරන්න හැකිද කියල, නමුත් පිලිතුරක්නම් ලැබුනේ නැහැ, මම හිතන්නේ ඔහුත් කාර්යබහුල ඇති, ඔයත් ඔහුට පොඩ්ඩක් කියල බලන්න, බැරි දේ නොකරන් අඹරෝ කියලනේ කතාවට කියන්නේ. ඉතින් මම බැරි දේ නොකර හිටියා. මම ආයිත් රොයිලි අයියගෙන් ඉල්ලන්නේ හැකිනම් එයට උපසිරසි ගන්වන්න කියල, නැත්නම් ලස්සනට සින්දු වලට හරවන්න හැකි කෙනෙක් බලල දෙන්න කියල.

  13. Isu DP

    Niyamai Dimuthu Sahoo......
    Me Wage Katath Amatjaia Una Patta Katha Digatama Gemu...
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  14. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. Naween

    පරණ වුනාට මේවා සුපිරි කතා මචන්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්...

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍එ‍ල ‍එ‍ල ‍නි‍ය‍ම‍යි,
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍ස‍හෝ.....
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!
    (‍ආ, ‍ඔ‍යා ‍කා‍ලිං‍‍‍ග ‍අ‍යි‍යා‍ගේ ‍පෝස්‍ට්‍ ‍එ‍කේ ‍අ‍හ‍ලා ‍තිබ්‍‍බා ‍නේ, ‍‍‍ලං‍‍කා‍වේ ‍මක්‍‍ද ‍වෙන්‍‍නේ ‍කි‍ය‍ලා? ‍ඒ‍ක ‍ත‍මා ‍ඩී‍වි‍ඩි ‍ක‍ඩ ‍කා‍ර‍යින්‍ ‍අ‍පේ ‍සබ්‍ ‍අ‍රන්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රු‍ගේ ‍න‍ම ‍ක‍ප‍ලා, ‍ස‍යිට්‍ ‍එ‍කේ ‍නම්‍ ‍ක‍ප‍ලා, ‍උන්‍ ‍ගේ ‍නම්‍ ‍දා‍ලා ‍උන්‍ ‍ගේ ‍සා‍ඩම්‍‍භ‍ර ‍ඉ‍දි‍රි‍පත්‍ ‍කි‍රී‍මක්‍ ‍කි‍ය‍ලා ‍දා‍ලා ‍වි‍කු‍ණන්‍ ‍ක‍න ‍සිද්‍‍දි ‍එන්‍‍න ‍එන්‍‍න‍ම ‍වැ‍ඩි ‍වේ‍ගෙ‍න ‍ය‍න ‍හින්‍ ‍දා ‍ස‍ම‍හ‍ර ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රු‍වන්‍ ‍ම‍හත්‍ ‍ක‍ල ‍කි‍රී‍ම‍ක‍ට ‍පත්‍ ‍වෙ‍ලා ‍ඉන්‍‍නේ. ‍ඒ‍ක‍යි ‍කේස්‍ ‍එ‍ක. )

  18. Kulanjana Maduranga

    me wge film dena 1ka nm sahenna watinawa.Great work & Lot of thanks DIMUTHU saho.keep it up.jaya wewa....

  19. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  20. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මේ වගේ වටිනා, හොයාගන්න අමාරු එකක් ගෙනාවොත් ඒ වෙන කවුරුවත් නෙවේ අනිවා ඔයා කියලා දන්නවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. මේරි පොපින්ස් එක ගැන තාම හිතුවෙ නෑ මලේ. සෑහෙන්න බිසි මේ දවස් වල. බලමුකො. ජය෴෴ :P :P

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Udara Damith

    ela