The Marsh King’s Daughter (2023) Sinhala Subtitles හෙලෝ කොහොමද ඉතින් කට්ටිය. අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMdb අගය 5.9 ක් අරගෙන තියෙනවා. ත්‍රිලර් කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නේ. මේ ෆිල්ම් එකේ මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ කැලේක…
The Marsh King’s Daughter (2023) Sinhala Subtitlesහෙලෝ කොහොමද ඉතින් කට්ටිය. අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMdb අගය 5.9 ක් අරගෙන තියෙනවා. ත්‍රිලර් කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නේ.

මේ ෆිල්ම් එකේ මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ කැලේක ජීවත් වෙන එක පවුලක්..ඒ අම්මයි තාත්තයි දුවයි. තාත්තාගේ නම ජේකොබ්, එතකොට අපේ ප්‍රධාන චරිතේ වෙන මේ දුවගේ නම හෙලීනා. තාත්තා මේ දුවට දඩයම් කරන එක ගැන, ඒකට සම්බන්ද එක එක උපායවල් වගේ දේවල් උගන්නලා දුවව හොද දඩයක්කාරියක්, ඒ වගේම කැලේ ඇතුලේ ජීවිතේ බේරගෙන ඉන්න විදිහ ගැන උගන්නනවා. කොහොම උනත් මේ පවුලේ අම්මාගේ පොඩි වෙනසක් බලාගන්න පුළුවන්. මොකද එයා මේ ජීවිතේ ගත කරන්නේ වැඩි කැමැත්තකින් නෙමෙයි. ඒකට හේතුව මම මෙතනදි නොකියා ඉන්නම්. කොහොමහරි හදිස්සියෙම එයාට අවස්තාවක් ලැබෙනවා මෙතනින් ගැලවිලා යන්න. ඉතින් එයා යන්නේ තනියම නෙමෙයි, බලෙන්ම එයාගේ දුවවත් එක්කගෙන..
මෙයාලගේ පස්සෙන් පන්නගෙන එන ජේකොබ්ව පොලිස්සියෙන් අල්ලගන්නවා. අවුරුදු ගානක් යනවා. ටවුන් එකට ආපු හෙලීනා දැන් කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා. එයා පොඩි කාලේ අතීතය සමාජයෙන් හංගගෙන තමයි ඉන්නේ. මේ අතරේ තමයි හෙලීනා දැනගන්නේ තමන්ගේ තාත්තා හිරෙන් පැනගෙන කියලා. ඉතින් හෙලීනාගේ පවුල ගැන එයාට බයක් දැනෙනවා, මොකද තමන්ගේ තාත්තගේ ඇත්ත විස්තරේ එයා දන්නවා.

කවුද මේ ජේකොබ්?..මේ කට්ටිය කැලේ ජීවත් උන හේතුව මොකක්ද?..හෙලීනාගේ ජීවිතේට ජේකොබ් ආයෙත් මොන විදිහට සම්බන්ධ වෙයිද?
ෆිල්ම් එක බලලම දැනගන්න එක හොදයි නේද?
එහෙනම් මම නවතින්නම්..
ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,252 downloadsDownload The-Marsh-Kings-Daughter-2023.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rukshan Henadheera” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Rukshan Henadheera
Subtitles
9 comments
Kantha_DLA
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Shamal Manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් The King's Speech - 2010 ෆිල්ම් එකට සිංහල උපසිරැසි දෙන්න.
lakshan
thanks ................
Kasun
මරු බ්රෝ.පුළුවන්නම් leave the world behind ( 2023 ) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි Rukshan සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!