Watch Trailer

The Matrix Resurrections (2021) Sinhala Subtitles | වීරත්වයට පණ දීම! [සිංහල උපසිරැසි]

තවත් අවුරුද්දක් ගෙවිලා යන ගමන්. මම හිතන්නේ ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් රටට, ලෝකයට, වගේම සිනමා කර්මාන්තයට උනත් ගොඩක් හොඳ අවුරුද්දක් උනේ නැහැ. හැබැයි ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ෆිල්ම් පිස්සන්ට නම් ටිකක් විතර වැඩිපුර හොඳ ෆිල්ම්ස් බලන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකකටම වගේ බයිස්කෝප් වෙබ්…

තවත් අවුරුද්දක් ගෙවිලා යන ගමන්. මම හිතන්නේ ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් රටට, ලෝකයට, වගේම සිනමා කර්මාන්තයට උනත් ගොඩක් හොඳ අවුරුද්දක් උනේ නැහැ. හැබැයි ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ෆිල්ම් පිස්සන්ට නම් ටිකක් විතර වැඩිපුර හොඳ ෆිල්ම්ස් බලන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකකටම වගේ බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලට උපසිරැසි ලැබුන නිසා මම හිතනවා ගෙවී යන අවුරුද්ද සිනමාවට ආදරය කරන ඔයාලට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ එකක් වෙන්න ඇති කියලා.

මං ගැන කතා කරනවා නම් ඉතින් ඔන්න මේක තමයි 2021 අවුරුද්දේ මං කරපු පලවෙනි සහ අන්තිම චිත්‍රපට උපසිරැසි පරිවර්තනය. තව විදිහකට කියනවා නම් අවුරුදු එකහමාරකින් විතර තමයි මම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන එන්නේ. ඒ මගේ 38 වන උපසිරැසිය විදිහට. එහෙම බැලුවම මං වෙන්න ඇති මේ අවුරුද්දේ අඩුවෙන්ම උපසිරැසි කරලා තියෙන්නේ. හැබැයි මේ අරන් ආපු චිත්‍රපටය නම් මම හිතන්නේ ඔයාල ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන එකක්. චිත්‍රපටය නිකුත් වෙලා හරියටම සතියක් ගියා. ඒ වගේම උපසිරැසිය හදන්න හිතුවට වඩා වෙලාව ගියා. ඇත්තම කියනවා නම් දෙබස් 1800 කට වඩා තිබුණා සිංහලට හරවන්න. ඒක නිසා මේ උපසිරැසිය මං කරපු දිගම උපසිරැසිය විදිහටත් මගේ උපසිරැසි ජීවිතයට එකතු වෙනවා. විශේෂයෙන්ම අපේ ඇඩ්මින් විමා සහෝ ට මං ස්තූති කරන්න ඕන මේක මට දුන්නට. මොකද මේක එයා කරන්න හිතාගෙන හිටපු එකක් නිසා.

Matrix කතා මාලාවේ සිව්වන පරිච්ජේදය විදිහට තමයි The Matrix Resurrections (2021) නිර්මාණය වෙන්නේ. ඒ මේ කතා මාලාවේ තුන් වෙනි කොටස නිකුත් වෙලා අවුරුදු 18 කට පස්සෙ. එක අතකින් බැලුවම මේක බලාපොරොත්තු නොවූ මට්ටමේ නිර්මාණයක්. ඒකට කමක් නැහැ. හැබැයි දෙයක්. කවුරුහරි පලවෙනි කොටස් තුන බලල නැත්නම් හොඳම දේ තමයි ඒවා බලලම මේකට එන්ටර් වෙන එක. නැත්නම් ඉතින් අගක් මුලක් නැති ගතියක් දැනෙයි.

The Matrix Resurrections (2021) ගැන ලිපියේ මං ලොකු දෙයක් කියන්න යන්නේ නැහැ මොකද මේක දෙන්න දැනටමත් මං පරක්කු නිසා. හැබැයි කතාව තනි වාක්‍යයකට සාරාංශ කරනවා නම් The Matrix Revolutions (2003) කතාවේ, ඒ කියන්නේ අවසන් වරට නිකුත් උන Matrix චිත්‍රපටයේ මිය ගිය නියෝ (Keanu Reeves) ට සහ ට්‍රිනිටි (Carrie-Anne Moss) ට ආපහු පණ ලැබීම තමයි මේ කතාව හරහා සිද්ධ වෙන්නේ.

කතාව සම්බන්ධයෙන් නම් විචාර බොහොමයි. සමහරු කියනවා තුන් වෙනි කොටසින් නතර උනා නම් හොඳයි කියලා. තව සමහරු මේ කතාව Matrix සිනමා අත්දැකීම ආපහු අලුත් කර ගන්න යොදා ගත්තා. පුද්ගලිකව මට නම් මේ කතාව මධ්‍යස්ත මට්ටමේ එකක්. සිනමා තාක්ෂණය නම් හොඳින්ම යොදාගෙන තියනවා. ඒක නම් කියන්නම ඕන.

මේ චිත්‍රපටය පැය 2ක් සහ විනාඩි 28ක් දිව යනවා. ලබා දී ඇති IMDb අගය 5.8ක්. උඩින් සඳහන් කරපු ප්‍රධාන නළු නිලි යුවලට අතිරේකව මේ චිත්‍රපටයේ Yahya Abdul-Mateen මෝෆියස් විදිහටත්, Jessica Henwick බග්ස් විදිහටත්, Jonathan Groff නියෝජිත ස්මිත් විදිහටත්, Neil Patrick Harris විශ්ලේෂකයා විදිහටත්, Jada Pinkett Smith නයෝබි විදිහටත්, Toby Onwumere සීක් විදිහටත්, ඒ වගේම ඉන්දීය සිනමා නිලි Priyanka Chopra සාති විදිහටත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය Warner Brothers සමාගමේ නිෂ්පාදනයක් වගේම Lana Wachowski විසින් සිදු කරපු අධ්‍යක්‍ෂණයක්.

එහෙනම් ක්‍රියාදාම වලින් පිරුණු මේ විද්‍යා ප්‍රබන්ධය රස විඳින්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම ලබන්නා වූ 2022 අවුරුද්ද නිදුක්, නිරෝගී, වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

36,255 downloadsDownload The-Matrix-Resurrections-2021-Blu-Ray.zip128 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

36,255 downloadsDownload Subtitles128 KB

44 comments

  1. Siththam

    Thank you ඈ

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  3. Udara Damith

    elaaaaaaaaa

  4. හිරාන් එරන්ද ගනේපල්ල

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.....ජය

  5. සංජන චමෝද්

    ආයෙත් සබ් එක්ක බලනෝ.... 🤗

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  6. theeraka widuranga

    ammo baiscope ekenma sub eka denakm hitiye thanx bro sub ekata

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. oshanda

    ස්තූතියි සහොදරයා...

  10. Anonymous

    තෑන්ක්ස්

  11. Kushan

    Sub akta thanks

    1. Waruna

      Thanks

  12. Anonymous

    thank you!!!!!

  13. gihan

    ඒනකන් හිටියෙ
    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Gihan

    සබට තුති සහෝ
    ජය

  18. විමා

    සබට තුති බන්!
    සබ් එක්කම බලන්න තියං උන්නා!

  19. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  20. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම තුති සහෝ

  21. chanaka.n.k

    thanks.bro

  22. Anonymous

    Thank You!!

  23. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  24. Manjula Senaratna

    ඇත්තටම මැට්‍රික්ස් 3න් නැවැත්තුවානම් ලස්සනයි. මෙක අපරාදේ ආවේ. ස්තුතියි යාළුවා සබ් එකට. 2022දි 50 ගහමු

  25. christy85

    mama 2021 di matrix film 3ma ayeth baluwa, eke lagama mathakayen godak kuthuhalayen inne meka balanna. thanks saho subs walata. obata jaya thawath hoda nirmana karanna

    1. christy85

      sinhala sub pennanne naa jetaudio player 1ke..?

    2. Chamikara Vidanage

      Kmp හරි k lite හරි use කරන්න

  26. Anonymous

    Happy New year ✨

  27. Anonymous

    Thanks Brother

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  29. Thusitha

    Thanks brother

  30. Nilanka Ganganath

    Thankyou sub ekata...good luck...

  31. Aravinda Fernando

    Thanks for sub.

  32. Ruchira

    thanks for the sub!!!!

  33. Bhathiya

    Bluray update karanna...

  34. Anonymous

    Super

  35. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Asanka

    thanks brother.

  38. Asanka

    thanks brother.

  39. Anonymous

    thnx bro

  40. Anonymous

    Thnx

  41. Sumindu Maduranga

    Matrix එකේ මුල් films වල සිංහල උපසිරැසි links වැඩ කරන්නේ නැහැනේ?