Watch Trailer

Encanto (2021) Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ආශ්චර්යය [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ ඩිස්නි සමාගමේ තවත් ඇනිමේෂන් චිත්‍රපටයක්. නමින් Encanto වෙන මේ චිත්‍රපටය 2021 නොවැම්බර් 24 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ වුණා. ඉපයූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් 181.7ක්. Zootopia, Moana වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Byron Howard සහ Jared Bush තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා…

අද අරන් ආවෙ ඩිස්නි සමාගමේ තවත් ඇනිමේෂන් චිත්‍රපටයක්. නමින් Encanto වෙන මේ චිත්‍රපටය 2021 නොවැම්බර් 24 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ වුණා. ඉපයූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් 181.7ක්. Zootopia, Moana වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Byron Howard සහ Jared Bush තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් හැරෙමු කතාව පැත්තට.

ගැටුම් සමයක තමන්ගෙ ගෙදරින් තරුණ අල්මා සහ පෙඩ්‍රෝ දරුවො තුන්දෙනා එක්ක පැනලා යනවා. ඒ අතරමග අල්මාට පෙඩ්‍රෝව අහිමි වෙනවා.💔 අල්මා අළුත උපන් දරුවො තුන්දෙනා එක්ක තනිවෙනවා. ඒ මොහොතේ ඉන්ද්‍රජාලික ඉටිපන්දමක් මැවිලා. පවුරු වලින් වටවුණ මායාකාරී ගෙදරක් මැවෙනවා. ඒ පවුලෙ දරුවො වගේම දරුවන්ගෙන් දරුවො නිසි වයසට ආවම ඒ ගෙදර තමා වෙනුවෙන් වෙන් වුණ කාමරයේ දොර විවෘත කරලා තමන්ට හිමි ඉන්ද්‍රජාලික බලය ලබාගන්නවා. නමුත් ඒ පවුලෙ එක දරුවෙක්ට ඒ බලය ලැබෙන්නෙ නෑ.😓 ඇය මිරබෙල් මැඩ්‍රිගල්. මේ අතර මැඩ්‍රිගල් පවුලේ මායා නිවස විනාශ වෙමින් තියෙන්නෙ. වසර ගණනාවකට කළින් මේ බව බෲනෝ කියලා කෙනෙක් අනාවැකියක් විදිහට කියලා තිබුණා.

ඉතින් කවුද මේ බෲනෝ…?
මිරබෙල්ට ඇයි මායා බලය හිමි නැත්තෙ…?
මැඩ්‍රිගල් නිවස ඇත්තටම විනාශ වේවිද…?
කාටද ඒ විනාශය නවත්වන්න පුළුවන්…?

මේ ප්‍රශ්න ටික විසඳගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. ඊට එහාට කිව්වොත් වැඩක් නැති නිසා මම නවතින්නම්. දෙවෙනි උපසිරැසිය නිසා හුඟක් අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න.😓

ඉතින්, තවත් උපසිරැසියකින් හමුවෙමු. සතුටින්, ප්‍රවේසමෙන් ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/ WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

25,541 downloadsDownload Encanto-2021.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිසුර සංජන

Subtitles

25,541 downloadsDownload Subtitles88 KB

28 comments

  1. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. indika

    thanks for sub

  4. Nilhan

    ස්තූතියි උපසිරැසියට. ලස්සනට කරලා තියෙනවා.

  5. Amil Gamage

    Thanks for Sub

  6. Roshan

    Tnx bro...Good luck...Stay safe....

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. kevin D...

    Thanks...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියී...

  13. sumeel

    Thanks

  14. Kaveesha vimukthi

    Sub ekata sthuthii good luck

  15. Pavith Wijesooriya

    දෙවෙනි උපසිරසියට සුභ පැතුම්.ඇත්තටම අඩුපාඩු දැක්කේ නැති තරම්.නියමෙටම සබ් එක කරලා තියෙනවා.ගොඩක් ස්තූතියි මේ ඇනිමේෂන් මූවී එකට සබ් එක දුන්නට.ඉදිරියටත් උපසිරසි ඕනේ...
    ජය!!!❤️

  16. Nk

    Ice age 2022 sub ekath onee

  17. Nisala Nugith

    සිංහල Subtitle එකට ගොඩාක් ස්තූතියි සහෝදරයා

  18. nithin

    muchas graziaz hermano

  19. Anonymous

    Thanks Brother

  20. lakshan

    thanks ...................

  21. Sandun

    thanks

  22. Anonymous

    THANKS

  23. සාරංග J ලියනගම

    ගොඩක් ස්තූතියි…

  24. සාරංග J ලියනගම

    Thanks

  25. gaveesha kulathunga

    Thanks puthe budu saranai

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  27. Vishwa sasanka

    Thank you

  28. Anonymous

    apita baiscope sinhala walin ganna puluwan movie subtitles witharadha?