ආයුබෝවන් හැමෝටම! ඉතින් මම අදත් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට නෙමෙයි චීන චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ. මෙච්චර දවසක් කොරියානු චිත්‍රපටි දීපු නිසා වෙනසකටත් එක්ක මේ චිත්‍රපටිය කරන්න හිතුනා. ඊටත් වැඩිය මේ ෆිල්ම් එක බලන්නෙ නැතුව මිස් කරගත්තොත් අපරාදෙ හිතුණා. ඒ නිසා තමයි මේ චිත්‍රපටිය තෝරගත…

ආයුබෝවන් හැමෝටම! ඉතින් මම අදත් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට නෙමෙයි චීන චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ. මෙච්චර දවසක් කොරියානු චිත්‍රපටි දීපු නිසා වෙනසකටත් එක්ක මේ චිත්‍රපටිය කරන්න හිතුනා. ඊටත් වැඩිය මේ ෆිල්ම් එක බලන්නෙ නැතුව මිස් කරගත්තොත් අපරාදෙ හිතුණා. ඒ නිසා තමයි මේ චිත්‍රපටිය තෝරගත්තෙ මම. මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න ඇ.ඩො මිලියන 60.72ක් ගිහින් තියෙනවා. ඒ වගේම තමයි ආදායමත් ඇ.ඩො. මිලියන 553.8 ක තරම් ඉහළ ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා. imdb 6.3 ක අගයක් ලැබිල තියෙන මේ ෆිල්ම් එක අයත් වෙන්නේ Fantasy/comedy/drama ගණයට වුණත් ක්‍රියාදාමත් තියෙනවා.
අපි හැමෝම කැමතියි දිය කිඳුරන්ට. ඒ වුණාට උන් ඇත්තටම ඉන්නෙ මිත්‍යා කතා වල විතරයි. ඉන්ටර්නෙට් එකේ දකින්න හම්බෙන හැම දියකිදුරෙක්ම එක්කො ෆිල්ම් එක්කට හදපු එකක් නැත්තන් බොරුවට ප්‍රසිද්ධ කරන්න හදපු ආකෘති විතරයි. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. නිකමට කිව්වෙ ඉතින්. හැබැයි ඉතින් මේ චිත්‍රපටිය පුරාම නම් දියකිඳුරො තමයි දකින්න ඉන්නෙ. ඉතින් කාලෙකට පස්සෙ හිනාවෙවී පවුලෙ හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක්. හරි එහෙනම් කතාව මෙහෙමයි…
Liu Xuan කියන්නෙ උපරිමයෙන් සල්ලි තියෙන සෙල්ලක්කාර ව්‍යාපාරිකයෙක්. මෙයා හරිත නිම්නයක් එහෙම නැත්තන් ඒකට මුහුදු බොක්කක් කියන්නත් පුළුවන්. මෙයා මේක සල්ලි වලට ගන්නවා මුහුදු පිළිසකර කරන ව්‍යාපෘතියක් කරන්න. ඉතින් ඒ හරියෙ ඉන්න මුහුදු ජීවීන්ව එළවන්න සෝනාර් තාක්ෂණය පාවිච්චි කරනවා. හැමෝම දන්නව ඇති කියල හිතනවා සෝනාර් ගැන. වතුර ඇතුලෙන් ලොකු දුර ප්‍රමාණයකට තරංග නිකුත් කරන්න පුළුවන් උපකරණයක්. ඉතින් මේ හරිත නිම්නයෙ තමයි දියකිඳුරො ජීවත් වෙන්නෙ. ඒත් මේ සෝනාර් නිසා එයාලට කොහෙටවත් යාගන්න බෑ. ඒ වගේම ඉන්න අය මැරිල යනවා. එහෙම නැත්තන් තුවාල වෙලා තමයි නවතින්නෙ. ඉතින් මෙයාල හරිත නිම්නයේ අත් ඇරල දාලා තියෙන කැඩුණු ලොකු නැවක තමයි ජීවත් වෙන්නෙ. දිය කිඳුරන්ට මේ වෙන විනාශය නවත්තන්න ඕනෙ නිසා මේකට වග කියන්න ඕන Liu Xuan ව මරන්න සැළසුම් කරනවා. ඒ කොහොමද කියනවනම් මෙයාලගෙ ඉන්න ලස්සනම කෙල්ල(දිය කිඳුරී) වන ශාන්ව ඇවිදින්න පුරුදු කරලා මිනිස්සු අතරට ගිහින් “පැණි උගුලක්” අටවලා Liu Xuan ව මරන්න තමයි සැළසුම් කරන්නෙ. පැණි උගුල කිව්වෙ Liu Xuan හෙණ පැණියා නිසා. දවසක් රෑ මේ කෙල්ල Liu Xuan ගෙ පාටියකට රිංගනවා නැටුම් කණ්ඩායමේ ඉන්න විදියට. ඊට පස්සෙ කොහොමහරි නම්බර් එකත් Liu Xuan ට දෙනවා.
Liu Xuan ගෙ බිස්නස් පාර්ට්නර් වන Ruolan කියන කෙල්ලට ඉරිසියා හිතෙන්න Liu Xuan ශාන්ට කෝල් කරනවා. ඒ මොකද කියනවනම් මේ Ruolan,Liu Xuanගෙ පහත් ගති ගැන කියලා එයාට අපහාස කරන නිසා. මෙයාලා හිතන්නෙ ශාන් කියන්නෙ ගණිකාවක් කියලා. ශාන් ගිහින් Xuan ව මරන්න කොච්චර දැගළුවත් ඒ සේරම එයාටමයි කැරකිලා එන්නෙ. පස්සෙ Xuan ශාන්ට ගෙදර යන්න කියල සල්ලි දෙනවා. ඒත් ශාන්ට සල්ලි වැඩක් නැති නිසා ගන්නෙ නෑ. සල්ලි වලට වැඩිය වටින වැදගත් දේවල් ලෝකෙ තියෙන බව තේරුම් කරන්න හදනවා. කෙල්ල හුරතල්, විහිළුකාරයි,අමුතුයි. ඒ නිසා Liu Xuan ට ශාන් ගැන හැඟීමක් ඇතිවෙනවා. ඉතින් ශාන් එක්ක දවසම ගත කරනවා. කනවා සෙල්ලම් කරනවා සිංදු කියනවා. අන්තිමේදි ශාන්ව ගෙදරටත් එක්ක යනවා ඒත් ගෙදර අනිත් කිඳුරොයි ලොකු බූවල්ලෙකුයි මෙයාව මරන්න ලෑස්තිවෙලා ඉන්න බව දන්න නිසා. ශාන් Xuan ව හරවලා යවනවා. ඊළඟ දවසෙ ආයෙම Liu Xuan ශාන්ව හම්බෙලා එයාව බඳින්න ප්‍රපෝස් කරනවා. ඒත් ශාන් ඒක ප්‍රතික්ෂේප කරනවා.
එදා රෑ Xuan ශාන්ගෙ ගෙදරට යනවා එයාට කතා කරන්න. ඒ වෙලාවෙ එතන ඉන්න දිය කිඳුරොයි බූවල්ලයි ගැන ඇත්ත දැනගෙන, ශාන්ගෙ උදව්වෙන් මෙයාට එතනින් පැනලා යන්න පුළුවන් වෙනවා… ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලට බලන්නම වෙනවා. හරිම ලස්සන කතාවක්.මේ චිත්‍රපටියෙන් විනෝදය විතරක් නෙමෙයි හොඳ පණිවිඩයුකුත් ලෝකෙට දෙනවා. ඉතින් අදට මං යන්නම්. තවත් උපසැරසියක් අරගෙන එන්නම්.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The.Mermaid.2016.720p.BRRip.x264.Chinese.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,296 downloadsDownload The.Mermaid.2016.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
31 comments
Kantha_DLA
nadun
meke torrent download link eka kauru hri mata denawada mata hoyagnna ba film eka download krnna site ekak. mage mail ekata hri danawda
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
ඉදිරි කාලය තුලදී manga movies වලටත් සබ් දෙන්න
ජය වේවා!KAVINDA GAMAGE
සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!අනේ මේ වගේම Goblin. එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
SUN VIDEO
thanks
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabhashana Samaraweera
බොහොම ස්තූතියි සහෝ.....!!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් imdb rating එක 6.2 තියන Little Mermaid (2016) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තුතියි
silent$
Thanxxxxxxxxxxxxx
Menu
Thank you
Anu
Lassana film ekak
chamalkalum
film eka extratorrent walin ganna.
asitha
thanks bro
priya
diamond lover(2015) drama ekatath sub dennako
sumedha
mewa downloads link nahane.. mewa download karanna wena vidiyak tiyenawada????????????
chamalkalum
extratorrent.net ekee thiyenawa ganna.bari unoth mage fb ekata msg karanna.
Dilshan
Thanks mcn......
nalaka
Thank machooo...niyamai..
ashan lankanath
Thanks ..................good luck ......................
tharaka madushanka herath
බොහොම ස්තූතියි ....
tharaka madushanka herath
ජය වේවා!.........
SanjulaJeter
ela
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
Link eka wada nane
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා. ජයෙන් ජයම!
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Shaggy
බොහොම ස්තුතියි
Anonymous
thanx sub ekata
Ravindra
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!