Watch Trailer

The Mimic (2017) AKA Jang-san-beom Sinhala Subtitles | හීන් කෙඳිරිලි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම අද අරගෙන ආවෙ වෙනස්ම විදියෙ හොල්මන් කතාවක් අරගෙන.මේක horror/fantasy/thriller ගණයට අයත් වෙලා තියෙන අතර imdb අගයනම් 5.4 ක අගයක් තමයි අරගෙන තියෙන්නෙ.හැබැයි මං නම් කියන්නෙ මේකට අඩුම 6 ක් වත් ලැබෙන්න වටිනවා. මේ කතාව පටන් ගන්නෙ මිනිහෙක් මෙයාගෙ අනියම් බිරිඳත් එක්ක රෑ වාහනේ ගමනක් යන සිද්දියකින්…

ආයුබෝවන්! මම අද අරගෙන ආවෙ වෙනස්ම විදියෙ හොල්මන් කතාවක් අරගෙන.මේක horror/fantasy/thriller ගණයට අයත් වෙලා තියෙන අතර imdb අගයනම් 5.4 ක අගයක් තමයි අරගෙන තියෙන්නෙ.හැබැයි මං නම් කියන්නෙ මේකට අඩුම 6 ක් වත් ලැබෙන්න වටිනවා.

මේ කතාව පටන් ගන්නෙ මිනිහෙක් මෙයාගෙ අනියම් බිරිඳත් එක්ක රෑ වාහනේ ගමනක් යන සිද්දියකින්.මේ දෙන්න වාද කර කර යන අතරතුරදී බල්ලෙක්ව මෙයාලගෙ වාහනේට හැප්පෙනවා.මේ දෙන්න එයාව ඒ බල්ලව වාහනේ ඩිකියට දාගන්න ඩිකිය අරිද්දි, ඒක ඇතුලෙ ඉන්නෙ ගැට ගහල බැඳල දාපු මෙයාගෙ කසාද බිරිඳව.මේ දෙන්න එකතු වෙලා මේ බිරිඳව මරන්න තමයි අරගෙන යන්නෙ.මේ බිරිඳ මහත්තයගෙන් උදව් ඉල්ලන්නෙ ”මහත්තයෝ අනේ මාව බේරගන්න” කියලා.ඒත් මේක මෙයා කනකටවත් ගන්නෙ නෑ. ඉතින් මේ ජෝඩුව බල්ලවත් පටවගෙන අදාළ තැනට යනවා.ඒ තමයි මහ මූසල පාළු කැලේකට.මේ කැලෑව ඇතුලෙ ගුහාවක් තියෙනවා.මේ දෙන්න ගෑණිව මරල, බල්ලත් එක්කම ගුහාවට දාලා, ගුහා කට ගඩොල් වලින් බඳිනවා.බැඳල මෙයාල යන්න යද්දි ඒ මැරුණු බිරිඳ එයාගෙන් උදව් ඉල්ලනවා. ඒ අර කලින් ඉල්ලපු විදියටමයි..

ඉතින් මෙන්න මෙහෙම තමයි කතාව පටන් ගන්නෙ.කොරියානු චිත්‍රපටි බලන, හොල්මන් බලන කෙනෙක්ටනම් මේ ටිකත් ඇති මේ චිත්‍රපටිය බාගන්න.හැබැයි ඉතින් කතාවෙ ප්‍රධාන සාරාංශය තවත් ඕනෙ නම් මෙන්න මේකයි වෙන්නෙ.. හියොන් කියන්නෙ මහත්තයයි නැන්දම්මයි එක්ක ජීවත් වෙන දරුවන් දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්.හැබැයි මෙයාගෙ පිරිමි දරුව අවුරුදු කීපයකට කලින් අතුරුදන් වෙලා තියෙනවා.අනික මෙයාගෙ නැන්දම්මට හරියට සිහියක් නෑ.ඉතින් හැමෝගෙම යහපතට කියල මේ අය ඒ නැන්දම්මගෙ ගමට පදිංචියට යනවා.ඒ වෙන කොහෙවත් නෙවෙයි අර කැලෑව තියෙන පලාතට.

මෙයාල ගිහින් ඔහොම ඉද්දි යම්කිසි දෙයක් වෙලා මේ අය අර ගුහාව පැත්තට යනවා.ගියාම ඒ ළඟ ඉඳල පොඩි ගෑණු ළමයෙක්ව හම්බෙනවා.මෙයා අතරමං වෙලා කියල තමයි මෙයාල හිතන්නෙ.මේ ළමය කොහොමහරි එයාලගෙ ගෙ හොයාගෙන ගෙදරටම එනවා.ආවට පස්සෙ හියොන් එයාව නාවල හොඳට අන්දලා තියාගන්නවා.මේ ළමයත් එයාලගෙ ගෑණු ළමයගෙ වයසමයි.කටහඬත් ඒ වගේමයි. අනික එයාගෙ නමත් ඒකමයි.ඒ තමයි ‘ජුන්හී’.මහත්තයට මේ ළමය ගැන අමුත්තක් දැනුනත් නෝන නම් මෙයාව යවන්න කැමැත්තක් නෑ.ටික දවසක් යනකොට මේ ගෙදර අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා.මේ නැන්දම්ම අර ලමයව මරන්න පන්නවා.අමුතු කටහඬවල් ඇහෙනවා.කණ්නාඩි වහල දානවා.

පස්සෙ මේ නැන්දම්ම අතුරුදන් වෙනවා.පොලිසිය කියන විදියට මේ අවට හුඟක් අය අතුරුදන් වෙලා තියෙනවා.ඒ අය අතුරුදන් වෙන්න කලින් හුඟක් අයට කටහඬවල් ඇහිල තියෙනවා.අනික පොඩි ළමයෙක්වත් දැකල තියෙනවා. ඉතින් ඕක තමයි සාරාංශෙ.චිත්‍රපටිය බලද්දි තේරෙයි මේක කොච්චර බය හිතෙන කතාවක්ද කියලා.එහෙනම් ඉතින් තවත් උපසිරැසියක් අරගෙන එනකල් අදට ගිහින් එන්නම්.

බුදුසරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

40 comments

  1. Bandaramudiyansi

    Wow wow bohoma ස්තුතියි chamal malli. Mewaga ewa nam maru... man sab ganna kamatima kanak oyat.oyage tarim maru.koriyan ewat. Tawa tawat sabtitle danna kalaya ශක්තිය labanna ona.❤ ❤ ❤ ❤
    ❤ ❤ film eka save karaganna ona

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  4. Shadow125

    tnx :)

  5. Bandaramudiyansi

    බොහොම ස්තුතියි ...

  6. Bandaramudiyansi

    බොහොම ස්තුතියි චාමල් සහෝ.
    සබ් ගන්න අස කරන අයගෙන් ඔයත් එක්කෙනෙක්...
    ඔය ගේන ෆිල්ම් මරු ....තැන්ක්ස් තවත් සබ්ටයි කරන්න කාලය ඔයාට ලැබෙන්න ඔනේ....
    මෙක ගන්නව ඔන්න මෙකගෙ එව නම් මරු...❤ ❤ ❤ ❤ ❤

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. Dinesh Buddika

    ela...

  9. malith

    Ela ela

  10. sumithedirisingha

    thanx saho

  11. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Chandika Fdo

    the town that dreaded sundown 1976 me movie eke sinhala sub denna plese

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. Sanjeewakumarage

    එල

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  17. Suranjan

    Thank you..........jayawewa.......>>!

  18. Esala123

    Sub eka download wenna ne

  19. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා…...

  20. ASELAHATHTHOTUWA

    lokka ubanam elapork holman kathawak wisthara karala anthimata budusaranayi kiyanawa

  21. gayanH

    supiri malli...tnx

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  24. HARSHANA9211

    Thanks..

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. SanjulaJeter

    tanks

  27. SanjulaJeter

    thanks

  28. N_R

    Thanks

  29. AsithaDilruwan

    Ela saho thanks

  30. Amalka Himeshan

    Thanks sub ekata

  31. kumaramanoj

    මේ ෆිල්ම් එක හොයග්ගන්න නැ නේ

  32. Dewadithya

    Thanks for sub!

  33. Haashan Dhanushka

    thnxxxxxxxxxxx

  34. baiscopelkishu

    thanx machn

  35. Rukshan37

    Ela ela

  36. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  37. Krishani

    Thank you

  38. Isu

    Film එක ඩවුන්ලෝඩ් කරා.සබ්ටයිටල් එක ඩවුන්ලොඩ් කරන්න බලද්දි ඩවුන්ලොඩ් කරන්න බෑ

  39. Isu

    උපසිරැසි වැඩ නෑ.ඩවුන්ලොඩ් කරගන්න බෑ

  40. Suranga

    Sub එක ඩිලිට් වෙලා..ආපහු දාන්න බැයිද