මතකද අපි පොඩි කාලේ අම්මා-තාත්තා… අපිට කෑම කවන්න කොච්චර මහන්සි වුණාද කියලා? මෙතැනදී එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා අපිට බත් කවාගන්න. බය! ඔන්න ගෝනි බිල්ලා එනවා! බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලට දෙනවා අරගෙන යන්න කියලා! මේ පුංචි බොරුවට බයවෙලා තමයි ගොඩක් ළමයි බත් කෑවේ! මේ වගේ බොරු දේවල් අහලා බයවෙලා තම…

මතකද අපි පොඩි කාලේ අම්මා-තාත්තා…
අපිට කෑම කවන්න කොච්චර මහන්සි වුණාද කියලා?
මෙතැනදී එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා අපිට බත් කවාගන්න.
බය!
ඔන්න ගෝනි බිල්ලා එනවා!
බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලට දෙනවා අරගෙන යන්න කියලා!
මේ පුංචි බොරුවට බයවෙලා තමයි ගොඩක් ළමයි බත් කෑවේ!
මේ වගේ බොරු දේවල් අහලා බයවෙලා තමයි අපි හැදුනේ වැඩුනේ!
1969දී නාසා සමාගම රොකට් යවන්න පාවිච්චි කරපු…
පරිඝනක වලට වඩා…
අද අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක…
කෝටි ගුණයක් බලවත්!
අපි හැමෝම ජිවත් වෙන්නේ හොඳම කාල වකවානුවක.
ඒ තමයි…
තොරතුරු තාක්ෂණික යුගය!
ඉස්සර යුද්ධ වලදී…
ආයුධ පාවිච්චි කළා!
ඊට පස්සේ, ජීව විද්‍යාත්මක අවි පාවිච්චි කළා!
දැන් පාවිච්චි කරන්නේ, සයිබර් යුධෝපක්‍රම!
දත්ත හරියට පාවිච්චි කරන්න දන්න කෙනෙක්ට…
ඒවා හුදෙක්ම තොරතුරු විතරක් නෙමෙයි…
බලවත් ආයුධයක් වෙනවා!
තොරතුරු කියන්නේ ධනයක්!
කරන්න බැරි දෙයක් නැහැ!
මේ මොහොතේ ඔබ පරිඝනකයක් ඉදිරියට වෙලා හරි, ස්මාර්ට්ෆෝන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි අතට අරගෙන හරි, මේ ලිපිය කියවගෙන පල්ලෙහාට යනවා ඇති. මේ පරිඝනකය හරි, ස්මාට්ෆෝන් එක හරි, ටැබ්ලට් එක හරි ක්‍රියාකාරී වෙන්නේ ඔබේ අභිමතය පරිදි කියලා තමයි ඔබ හිතනවා ඇත්තේ. නමුත්, ඔබට නොදනී, ඔබටත් හොර රහසේම මේ උපකරණ වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා මං කිව්වොත් එහෙම බොහෝවිට ඔබ පුදුම වේවි.
ඔබගේ පරිඝනකයේ හරි, ස්මාට්ෆෝන් එකේ හරි, ටැබ්ලට් එකේ හරි කැමරාව ක්‍රියාවිරහිත කරලා තියෙන්න පුළුවන් මේ මොහොතේ. නමුත්, ලෝකයේ ඕනෑම කෙළවරක සිට, ඔබගේ කැමරාව ඔබටත් නොපෙනෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරමින්, ඔබගේ සෑම ක්‍රියාවක් දෙසම බලාසිටින්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද? ලෝකයේ ඕනෑම කෙළවරක ඉඳගෙන, ඔබ කතා කරන හැමදෙයක් සඳහාම ඇහුම්කම් දෙන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඔබගේ පරිඝනකයේ, ස්මාට්ෆෝන් එකේ, ටැබ්ලට් එකේ තියෙන ඔබගේ හැම පෞද්ගලික විස්තරයක්ම, ජායාරූපයක්ම, වීඩියෝවක්ම ඔබටත් නොදැනී ලබාගන්න පුළුවන් කියලා ඔබ දන්නවද? සරලවම කියනවා නම්, ඔබටත් නොදැනී, ඔබටත් වඩා හොඳින් ඔබ ගැන කාටහරි දැනගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? ටික දෙනෙක් පිළිගනීවි. නමුත්, බහුතරයක් දෙනා පිළිගන්න එකක් නැහැ. එහෙනම්, මේ කාරණාව පිළිගත්-නොගත් සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා, තාක්ෂණික අපරාධ ලෝකයේ ඩොන් හෙවත් වයිඩ් ඩෙවිල්ගේ රාජධානිය වෙතට! අත්වැල් බැඳගන්න අපත් සමගින්. මේ තමයි, දස දහස් ගණනින් අහිංසක මිනිසුන් අන්ත අසරණ තත්වයට පත්කරමින්, සිදුවූ දෙයක් හෝ ඔවුන්ට සිතාගත නොහැකි තත්වයට පත්කරන ලද, අදෘශ්‍යමාන ඩිජිටල් අපරාධකරුවෙකු සොයායන බුද්ධිමත් හමුදා නිලධාරිවරයෙකුගේ කතාව!
ඔබ දමිළ සිනමා නිර්මාණ ප්‍රිය කරන කෙනෙක්ද? එහෙනම් Vishal කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ මැයි 10 වෙනිදා ඔන්න Vishal බෝම්බයක් දැම්මා. නිකන්ම නිකන් බෝම්බයක් නම් නෙමෙයි. Imdb දර්ශකය 8.1 ක් වගේ දැවැන්ත අගයක් කරා කරකවන්න සමත්වෙච්ච දැවැන්ත පරමාණු බෝම්බයක් කිව්වොත් මං වඩාත් නිවැරදියි. හැබැයි, තනියෙන් නම් නෙමෙයි. දමිළ සිනමාවේ තවත් පතක යෝධයෙක් මේ වැඩේට හවුල් කරගන්නවා. Arjun! නම කිව්වම දමිළ සිනමා රසිකයෝ නොදැන ඉන්න කිසිම විදියක් නැහැ. ඒ වගේම තමයි, සුවහසක් සිනමාලෝලීන් උන්මාදයෙන් මුකුලිත කරපු ඒ උන්මාදනීය සිනහවේ උරුමක්කාරිය, සුරූපී Samantha Ruth Prabhu මෙම සිනමා නිර්මාණය තුලින් ඔබව වෙනත්ම ලොවක් කරා රැගෙන යාවි. ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ මායාකාරයා හෙවත් Yuvan Shankar Raja ගේ අපූර්ව සංගීතය ඔබට සියල්ල අමතක කරවාවී. නමුත්, අවාසනාවකට Azhagae නම් වූ ඒ අතිශය මියුරුම ගීතය චිත්‍රපටයෙන් ඉවත්කර තිබෙනවා කුමක් හෝ හේතුවක් නිසාවෙන්.
ඔබ ඕනෑතරම් ඉන්දීය චිත්‍රපට නරඹලා ඇති. ඒ චිත්‍රපට තුලින් ඕනේ තරම් ප්‍රති-වීර චරිත දැකලා ඇති. නමුත්, වගකීමෙන් කියන්නම්… එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල ඔබට දැකගන්නට ලැබෙන ප්‍රබලතම ප්‍රති-වීර චරිතයක් ඔබට මෙම සිනමා නිර්මාණය තුලින් දැකගන්නට වරම් ලැබේවි. නිකමට හිතින් මවාගන්න, ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත දෙකක්, එකිනෙකා සමගින් මූණට මූණ සිදුවන අති දැවැන්ත ඝට්ටනයක්! සැබවින්ම ඔබ සිතනවාටත් වඩා මේ ඝට්ටනය ප්‍රබල එකක් වේවි. විශේෂයෙන්ම, ඉන්දීය සිනමාව වෙනතකට හැරවූ සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වලා දෙන්න පුළුවන්. මුලින් ඔබට හිතේවි, තවත් සාමාන්‍ය කතාවක් වගේ නේද කියලා. ඒත්, ඔබ සුළු වෙලාවක් ඉවසගෙන හිටියොත්, දැවැන්ත කම්පනයක් සමගින් සිය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන මෙම චිත්‍රපටය, අවසානය දක්වාම ඔබට හුස්ම ගැනීම අමතක කරවමින්, අපූරු සිනමා අත්දැකීමක් දීර්ඝ කාලීනව ඔබගේ මතකයේ ඉතුරු කරාවි. චිත්‍රපටය අවසානයේ, මං මේ කියපු දේවල් බොරු කියලා ඔබට හිතෙනවා නම්, පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා, බැනලා ගියා කියලා තරහක් නැහැ. ඒත්, එහෙම නෙමෙයි නම්, තීරණය ඔබට බාරයි!
ප. ලි – පැය දෙක හමාරක චිත්‍රපටයක්… තත්පරයකට වචන ගණනාවක් පිටකරන, අතිශය වේගවත්, නොනවතින දෙබස්… කාල රාමු කීයක් විතර ඇති කියලද හිතන්නේ? 1000 ක්? 1500 ක්? 2000 ක්? දන්නේ නැහැ. මොකද මේකට සබ් ෆයිල් එකක් ආවේ නැහැ. හාඩ්කෝඩ් කරපු සබ් එකක් විතරයි ආවේ. ඒ කියන්නේ, දෙබසින් දෙබස, අලුතින් කාල රාමු නිර්මාණය කරගෙන තමයි කරන්න වෙන්නේ. මේ වෙලාවේ තමයි තරිඳු රුක්ෂාන් සහෝදරයා උදව්වට එන්නේ. අසනීප තත්වයෙන් හිටියත්, බාගයක් කරමුද කියලා අහපු ගමන් නැහැ බැහැ කියන්නේ නැතුව උදව්වට ඇවිත්, මටත් කලින් වැඩේ ඉවරයක් කරලා දුන්නා. කාල-රාමු 2875ක්! ඔව්, එදාමෙදා තුර බයිස්කෝප් ඉතිහාසය තුල, වැඩිතරම කාල රාමු ප්‍රමාණයක් නිර්මාණය කරගෙන කරපු උපසිරැසිය මේක නොවුණොත් තමයි පුදුමය. මේ කාල-රාමු 2875 ආවේ තනිකරම දෙබස් වලින් විතරමයි. සිංදුත් ආවම තත්වය කොහොමද කියලා හිතාගන්න එක ඔබට බාරයි. එහෙනම් ගිහිං එන්න අවසරයි. ජය! [තාමත් බලන්න අදහසක් නැත්නම් නිකමට වගේ ට්‍රේලර් එක වත් බලලා ඉන්න. ඒත් හිත් දුන්නේ නැත්නම් අවාසනාව කියලා හිත හදාගන්න 😀 ]

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Original HD, HD-DVD (Tamil Rockers) සහ HDTV (TamilMV) පිටපත් සඳහා පමණක් අදාළ වේ.
42,346 downloadsDownload Irumbu-Thirai-2018-Updated.zip472 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
202 comments
Kapila4499
mmlahiru
meke movie eka ganne kohomada
tharushanpvt
Godak mahansiwela dunna sub ekata godak sthuthi
saluka
download link eka dapan ma puthi
Thinith
ela.. sub ekata thanks??
තරිඳු පෙරේරා
supiri wadak sahoo niyamai <3
Samadi
thankz mchn....
Narada001
Baiscopdownload ake link aka diyan aaaa
saluka
thama baiscopedownload dala nadda bro
subodha
Thanks
Dasunx
patta bn.. thanks
Krishan NiShalya
බොහොම ස්තූති..
තවත් එනකන් බලන් ඉදපු සබ් එකක්nilanka kumara
bro sub eka tiyanawanam mata ewahanko
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Sujee
kiyanawane balnnama kiyala onna enm gatta. thnq zub ekta
Sujee
thnq zub ekta
Nimesh sasanka
niyamai saho..thanx sub ekata
Prabodha Madhusankha Hettiarachchi
Thank u brothers sub ekata. Supirima movie ekak...
maheel
ela machan saho.okkoma upasirasa karuwanta thanx thamange kalaya waya karala sub denawata.
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...ඔගොල්ලොන්ගෙ මහන්සියට ....ජය වෙිවා.....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....
ERANDA MALITH
ස්තූතියි මචන් සබ් එකට!
සබ් දෙනකල් බලන් හිටපු ෆිල්ම් එකක්.
ජයවේවා! නැවත හමුවෙමු!Jumanji
Thanks dennatama
Bole
Jaya wewa !!!
Mendis
Tnks bro sub ekata
snak
thanks saho me filuma enakan balagena hitiye
madushangamage
thankes bro...
widuranga
elama brola 2natama supiriyak dunnnataaaaa thanxxxxx
Nuwan
සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි....
udarapasindu
supiri bn thanks kollane ubala me karana deta... mahansi wela weekend eke inna kota oluwe thiyana hamadema tikakata hari adu wenne me wage film akakin ena athal eken thama bro.... ubalata godak pin.......
Gathsara Umesh
Bhoooom sthuuthiyi..
Ayylg mhnsyt apit krnn plwn ekm lokun de meke vithrk kiyl hitheddi ethtm duk hthnw ayyla..Udith
thanx ..........
Sdstyle
Sub newei,me post eka kiyewwat athi bn..ela..thnx
Ayesh Prashan
Thank You
dhanushka dhananjaya
Thanxx machan sub ekata bohoma pin balagena hitapu filumak
කෞශල්‍ය දුෂ්‍යාන්
මේවා නොබලන දෑස මක්කටෙයි.අායෙ ඉතිං සමන්තා ඉන්නවනං අන්ඩර දෙමළ හරි බලනවා.හම්මෝ.එනකං අැගිලි ගැන ගැන හිටියෙ.කොහොම ස්තුති කරන්නද මංදා.සදා ජය.
rangika Kariyawasam
නියමයි වියමයි සිසිල සහෝ ට සහ තරිඳු සහෝට බෝම පිං අපට මේ සබ දුන්නට.නියම ෆිලුමක් .සබ හදන්න කාපු කට්ටට ඔයාලට බෝම පිං සහෝලා.ජය වේවා
Kawi Jayasinghe
Tnx sahola dennatama
Shalin
නියමයි සහෝ ඒත්
සබ් එක download වෙන්නෙ නැහැනෙpriyan99
thanks sub ekata machan
Kovidu
හැමදාම සුපිරියක්ම අරගෙන එන අපේ සිසිල සහෝට වගේම MTR තරිඳු සහෝටත් බොහෝම ස්තූතියි......... ජය වේවා,,,,,,,
Amal_indika
thanx machns
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandun de alwis
Niyamai machan....!!! Keep it up....
gayan19931107
Niyamai thank u
chamallakshan
සබ් එකට බොහොම ස්තූතියි.
Aruna Disanayaka
thank you, loku utsahayak , loku kape kireemak, thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි...
අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට ඔබ දෙපලටම නැවත වරක් ස්තූතියි...
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය ...lahiru sadaruvan
thank you so much sahola dennatama..
Amila89
Thankz saho.elama
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!shehan prathapasinghe
හිත හදා ගත්තා අනිවාරෙන්ම බලනවා කියලා....
බොහෝම ස්තුතියි උපසිරැසියට....Bandara 1976
film එකේ විචාරය නම් පට්ට බ්‍රෝ.....
Advertisement
![Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Irumbu-Thirai-2018.jpg)


Thanks for sub brolata..........