Watch Trailer

Theevram (2012) Sinhala Subtitles | බිරිඳ නාමයෙන් පළිගනිමි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු විදියට තවත් සුපිරි මලයාලම් ෆිලුමක් අරගෙන ආවා. ටිකක් පරණ උනාට සුපිරි කතාවක්. මේක Malayalam Crime Action Thriller ගණයට වැටෙන ෆිලුමක්. IMBD මීටරේ 6.5 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන නලුවා තමයි අපි ඔක්කොම දන්න Dulquer Salmaan. එක්ක Sreenivasam. මේ දෙන්නා ගැන කියන්න දෙයක් නෑනේ ක…

ඔන්න සුපුරුදු විදියට තවත් සුපිරි මලයාලම් ෆිලුමක් අරගෙන ආවා. ටිකක් පරණ උනාට සුපිරි කතාවක්. මේක Malayalam Crime Action Thriller ගණයට වැටෙන ෆිලුමක්. IMBD මීටරේ 6.5 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන නලුවා තමයි අපි ඔක්කොම දන්න Dulquer Salmaan. එක්ක Sreenivasam. මේ දෙන්නා ගැන කියන්න දෙයක් නෑනේ කතාව ගැන කිව්වොත්, සමහර මිනිස්සුන්ට බැන්නම ඒවා හිතේ තියාගෙන ඉදලා පළිගන්නවා. එහෙම පළිගැනීමක් ගැන තමයි මේ කතාවේ තියෙන්නෙ. මේ කතාව හර්ශ(Dulquer Salmaan) කියලා වෛද්‍ය ශිෂ්‍යයෙක් වටා තමයි ගලාගෙන යන්නේ.

රාඝවන් කියලා ත්‍රීවිල් කාරයෙක් හැමදාම පුරුදු වෙලා ඉන්නවා කෙල්ලෙක්ව ඔෆිස් එකට ඇරලවන්න. මිනිහා සල්ලාලයෙක්.ඉතින් මෙයා ඒ කෙල්ලව හැමදාම ඔෆිස් ගෙනියනවා, ආයි හවසට ගෙදරත් අරන් එනවා. දවසක් ඒ කෙල්ල එයාපෝර්ට් යන්න ඕන කියනවා. රාඝවන් කියනවා කෙටි පාරකින් යමු කියලා. ටික දුරක් යනකොට ඒ පාර වහලා. ඉතින් රාඝවන් වෙන පාරකින් යන්න හදනවා. ඒ පාරේ යනකොට හදිස්සියේ ත්‍රීවිල් එකේ රෝද වල හුලන් යනවා. ඒ එක්කම කෙල්ල ත්‍රීවිල් එකෙන් පැනලා දුවනවා. රාඝවන් කෙල්ල පස්සෙ දුවනවා. නවතින්න කියලා. ඊටපස්සෙ නන්නාදුනන කෙනෙක් ඇවිල්ලා රාඝවන්ට ගහලා එයාව පෝර බෑග් එකකට දාලා එයාගෙ වාහනේට දාගන්නවා. එයා තව සිගරට් කොටයකුත් රාඝවන්ගේ ත්‍රීවිල් එක ඇතුලට දානවා. ඒ මිනිහා රාඝවන් ඉන්න පෝර බෑග් එක ගෙදරකට ගෙනියලා, බිම් මහලක දානවා. ඔය අස්සෙ රාඝවන්ගේ බිරිඳ එනවා, පොලිසියට පැමිණිල්ලක් දාන්න එයා ගෙදර ආවේ නැ කියලා.ඉතින් ඇලෙක්ස් පොලිස් පරීක්ෂකතුමා එයාගෙ පින්තූරයක් ඉල්ලනවා. ඊටපස්සෙ තමයි ඇලෙක්ස්ට රාඝවන්ගේ අතීත කතාවක් මතක් වෙන්නෙ. ඒකට හර්ශත් සම්බන්ධයි.

එතකොට තමයි හර්ශ කතාවට සම්බන්ධ වෙන්නෙ. ඔය අතරේ අර නාදුනන පුද්ගලයා රාඝවන්ට දස වද දෙනවා. මිනිහා ඉන්නෙ කුලියට ගත්ත ගේක. සංගීත ගුරුවරයෙක් වගේ. ඔය අතරෙම පොලිසිය රාඝවන්ගේ අතුරුදහන් වීමට හර්ශව සැක කරලා. එයා පස්සෙ පන්නනවා. මොකද මං කිව්වෙ හර්ශයි රාඝවනුයි අතර ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා කියලා ඒක නිසා. වැදගත්ම දේ වෙන්නෙ කැලෑවක තිබිලා. පොලිසියට ශරීර කොටස් වගයක් හම්බෙනවා. ඒවා රාඝවන්ගෙද? මං මෙතනින් නවතිනවා. අර නාදුනන පුද්ගලයා කවුද ?ඇයි එයා රාඝවන්ව පැහැර ගත්තෙ? රාඝවන්ගෙයි හර්ශගෙයි සම්බන්ධෙ මොකක්ද? මේ ඔක්කෝටම උත්තර ෆිලුමේ තියෙනවා. සුපිරිම කතාවක් බලන්න කියලා ආරාධනා කරනවා. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  DVD පිටපත් සඳහා වලංගු වේ.

4,327 downloadsDownload Theevram-2012.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

4,327 downloadsDownload Subtitles35 KB

20 comments

  1. wera

    thanks..saho

  2. Prabodha Madhusankha Hettiarachchi

    Thanks sahoo sub ekata..

  3. Ranidu

    සුපිරිම කතාවක් සහෝ..
    ඉදිරියටත් මෙවැනිම සුපිරි පහරවල් දෙමු..
    පුලුවනි නම් "Tagaru"(kannada-2018) ෆිලුමටත් සබ් දෙමු...
    ජය වේවා!!!

  4. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  5. rangika Kariyawasam

    තැන්ක්ස් චතුරයා.සුපිරිම මලයාලමි ෆිලුමක් ⁣අපට ගෙනාවට. මීට කලින් අන්තර්ජාලයට මේ ෆිලුමෙ සබක් නිකුත් වෙලා තිබිලා මම හොයාගෙන බැලුවා. ඒ දුල්කර් ගේ ෆිල්ම් පිස්සුව නිසා. නියම කතාවක්. මග ඇර ගන්න එපා... ජය වේවා චතුරයා තව තව මලයාලමි ෆිලුම් ඔිනා..

  6. Isuru minipa

    Thanks puluwannam mewath denna Detective 2007,Munnariyippu 2014,Big B 2007,Angels 2014 supiri malayalam film

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ravi28

    Thanks saho

  9. vertex89

    meka download karanna epa.quility na.balanna beri mattame color ehema thiyenne.

  10. kavinuweerakkody

    thankq aiye sub ekt!! indian filumk hya hya hyte blnna!!!

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    ජයෙන් ජය.

  13. A Mune Munasinghe

    thankk u very much...

  14. kodagoda

    tnxx sahoo

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  16. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  17. Eranda Malith 2.0

    Thanks mcn

  18. Suranga.Welege

    Thnks machn

  19. Janith Sachintha

    thanks mcn

  20. Rukshan37

    Ela ela