Watch Trailer

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. අතීතය ගැන පසුතැවෙනා වර්තමානය විඳවනා දැන දැනත් මුලාවේ යන්…

යුවතියකි ඈ..
බීමතින්
දිනපතා දුම්රියෙන් යනෙනා..
කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා
අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා
නැත කිසිවෙක් ඈ හට ආදරේ
නැත කිසිවෙකු ඇය තැකුවේ
දිනකි එය අමුතුම..
දුම්රියෙන් දකිනා රූමතිය
ඇගේ ජීවිතයම නිරයක් කළ…!!

යුවතියකි ඈ..
අතීතය ගැන පසුතැවෙනා
වර්තමානය විඳවනා
දැන දැනත් මුලාවේ යන්නී..
දිනකි එය අමුතුම..
සොබාදම කළඹමින්
අතුරුදන් වන්නී…
කිසිවෙකු නොදන්නා වූ
අබිරහසක් ඉතිරි කර..!!

2016දි නිකුත් වුණු The Girl On The Train චිත්‍රපටිය බලලා තියෙනවද? බලලා තියෙන කෙනෙක්ට කවදාවත් අමතක නොවෙන, නම කියපු ගමන් මතක් වෙන චිත්‍රපටියක් තමයි ඒ. එමිලි බ්ලන්ට්ගේ අද්විතීය රංගනයෙන් හැඩවුණු හෝරාදෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන Crime|Drama|Mystery ගණයට අයත් වෙන ඒ සලරුව නොබලපු කෙනෙක් ඉන්නවා නම් දැන්මම බලන්න කියලයි මුලින්ම කියන්න තියෙන්නේ.

කාලෙකට කලින් ආරංචියක් ආවා මේ චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක් එලි බහින කතාවක් ගැන. ප්‍රධාන චරිතයට ප්‍රවිෂ්ට වෙලා හිටියේ අපේ ජැකලින් ෆර්නෑන්ඩස්. කොහොමහරි කාලෙත් එක්ක විවිධ හේතු නිසා මේ චරිතය පරිනීති චොප්රා විසින් ඩැහැගන්නවා. අනිත් චරිත අදිති රාඕ හයිධරී, කීර්ති කුල්හාරි, අවිනාෂ් තිවාරි විසින් රඟදක්වනවා. අධ්‍යක්ෂණය රිභු දාස්ගුප්තා විසින් සිදු කරනවා. එයාගේ කලින් වැඩ ගැන මතක් කරොත් Bard of Blood (2019), Te3n (2016) වගේ නිර්මාණ ලැයිස්තුගත කරන්න පුළුවන්. ඉතින් සේරම කරුණු කාරණා ඒ විදිහට සිද්ධ වෙලා පහුගිය සිකුරාදා දවසේ නෙට්ෆ්ලික්ස් හරහා මේ දුම්රියේ යුවතියගේ කතාව මුදාහරිනවා කාට කාටත් රස විඳින්න කියලා.

The Girl On The Train (2021) හින්දි සිනමාපටයට මේ වෙද්දි මිශ්‍ර ප්‍රතිචාර තමා ලැබිලා තියෙන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 4.1ක අගයක් තමා අරගෙන තියෙන්නෙත්. ඉතින් චිත්‍රපටි දෙකම බලපු කෙනෙක් විදිහට මගේ පුද්ගලික අදහසත් කියන්නම්. ඔයා The Girl On The Train (2016) බලලා නැත්තම් සහ කාලය නාස්තිය, ඩේටා අර්බුද ගැන හිතනවා නම් සහ උසස් සිනමා අත්දැකීමකට ගිජුයි නම් ආයේ දෙපාරක් අහන්න දෙයක් නැහැ. කෙලින්ම බලන්න අර ඉංග්‍රීසි ඔරිජිනල් චිත්‍රපටිය. මොකද මේ හින්දි චිත්‍රපටිය මම බලන්න ගත්තේ තරමක් බලාපොරොත්තු තියාගෙන වුණත් පලවෙනි විනාඩියේදිම නොදැනුවත්වම මගේ කට ඇද වුණා. ඉස්සරහට යන්න යන්න අර තියාගත්තු බලාපොරොත්තු වල තවත් ගන්න දෙයක් තිබුණේ නැහැ. පිටපතට වුණත් කරලා තිබ්බ වෙනස්කම් දරාගන්න පුළුවන් මට්ටමක තිබ්බේ නැහැ. හැමදේටම එහා පරිනීතිගේ රංගනය : එමිලිගේ රංගනය එක්ක ළඟින්වත් තියන්න බැරි බවක් තමා හිතුනේ. ඇයට ගැලපෙන්නේ Ishaqzaade (2012), Hasee Toh Phasee (2014) වගේ චිත්‍රපටිම තමයි කියලා තවදුරටත් ස්ථීර වුණා. ඉතින් ඒ වගේම තමයි කාලය ඩේටා ගැන තැකීමක් නැති කෙනෙක් නම් සහ මේක රීමේක්ද මොකක්ද අදාළ නැති කෙනෙක්ට උපරිමයෙන්ම රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් කියලත් විශේෂයෙන්ම කියන්න ඕන. ඉන්දියානු නිර්මාණයේ සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ස්වාධීන නිර්මාණයක් විදිහට හිතලා රසවිඳින්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අමතක කරන්නත් එපා මේ මගේ පුද්ගලික අදහස බව. ඔබේ අදහස මීට වෙනස් වෙන්න පුළුවන්. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

11,438 downloadsDownload The-Girl-on-the-Train-2021.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

11,438 downloadsDownload Subtitles41 KB

74 comments

  1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි මල්ලි! සිංහල උපසිරැසිය දෙනකල් බලාගෙන හිටියේ.

  2. Deshan

    ඔයා කියපු දේ මටත් ෆිලුම බලන්නත් කලින්ම හිතුනා සහෝ මොකද පරිනීති ඉන්න නිසා .....
    ඒත් හින්දි එකක් කාලෙකින් බැලුවෙ නැති නිසා මේක බලනෝ කොහොමත්....
    උපසිරසියට ස්තුතියි සහෝ !!!

  3. Buddhika Lakmal

    thanks For the sub machan

  4. සියන්ත

    බලන්නම වෙනවනේ
    පරී තරහ වෙයිනෙ නැත්තම් මගේ
    පංචී සුන්ර ගාතේ හේ හෝරෙ ගුම්ගුනාතේ හේ
    ඈසේ මුස්කුරාති හේ යුෆිසා බුලාති ජැයිසේ හෝ යේ මේරි දිල් රූබා....

    ස්තූතියියි.

    1. Anonymous

      මොකක්ද බොලේ ඒ ??

    2. Varun

      Yeh appki dilruba parineethi chopra hai kyaa.....Par apki hindi fully bagawas hai yara..Thoda improve karaona

  5. clementine

    හම්මෝ ජැකී නැතුව පරිනීතී ඉන්න නිසාම හොදයි,ජැකීට රගපාන්න තේරෙන් නෑ ඕක කනවා එහෙනම්

  6. tharidu16

    උඹ කියන නිසාම අනික් පැත්තට කරලා බලමුකො. මම කිවේ, හින්දි එක බලලා ඉංග්‍රිසි එක බලන්නම්

    1. heshan

      aiyoo epaa.issella english eka balanna..hindi eka chatar appa..

    2. Anonymous

      tharidu 16-පවට පින දෙන්න බෑ සහෝ

    3. yohan

      hari kamak n e api balannamko.

    4. Anonymous

      පස්සෙ දුක් වෙන්න වෙයි

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  8. Anonymous

    Thanks brother

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Dulaj

    අඩේ හින්දියක් කාලෙකින්
    බලමු බලමු ඈ

  11. Samith

    ස්තුතියි උපසිරසියට, ජයෙන් ජයම වේවා

  12. Anonymous

    Thanks bro
    Keep it up

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  14. Ashen de silva

    පහරක් වගේ
    නියමයි සහෝ

  15. Anonymous

    Thank you brother

  16. Shamal manojan

    90 ගණන් වල හින්දි ෆිල්ම් ටිකක් දෙන්නකෝ.

  17. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!...

  18. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  19. Lakshan

    මේ අවුරුද්දෙ සුපිරි හින්දි ෆිල්ම් සෙට් එකක්ම එන්න තියනෝ නේ සහෝ

    1. Anonymous

      දැන් කාලෙ එන හින්දි ෆිල්ම් කොහෙද අඩේ සුපිරි..ආවොත් එන්නෙ ජරාවක්..

    2. Anonymous

      දැන් කාලෙ එන හින්දි ෆිල්ම් කොහෙද අඩේ සුපිරි..ආවොත් එන්නෙ ජරාවක්..

  20. Priyantha Dayakeerthi

    මයුර සුරාජ් සොයුර,
    ඔබගේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය! හොඳ ෆිල්ම් එකක් වගෙයි.

    1. heshan

      issella English eka balala inna..

  21. Kevin

    ස්තුතියි උපසිරසියට සහෝ
    දිගටම අලුත් ඒවට සබ් දෙමු
    ජය වේවා

  22. Jevan

    Thanks machi

  23. Jevan

    Plz give more tamil movies

  24. සියන්ත

    ඔයාගෙ love මලයලම් මුවී එක බලල ඉවර උනේ දැම් තමා
    අම්මො එක සුපිරි ෆිලින් එකක් තියෙන්නෙ
    Thank brother .. god bls

    1. හරි සියන්ත

      අනේ අනේ..වෙන නමක් හොයාගන්න ඔයා කවුරු වුණත්

    2. අචින්ත උදයංග

      අචින්ත උදයංග කියන නම හොඳයි

  25. supuni

    english film eka download karann link ekak dennako.

    1. heshan

      torrent try karala balanna-1337x site eke -bluray eka fit wenawa

    2. Anonymous

      Yts.ag ekta gihin film eke nama gahala search krma eno,2016 eka ganna

  26. indika75

    thanks..

  27. M.R.J Senanayake

    Sinhala and English films

  28. Anonymous

    Thanks saho

  29. Naveen

    Sub ekta thanks bn

  30. heshan

    sabata thanks..one of the worst remakes in film history..
    original english-6.5
    hindi remake-3.9

    1. Anonymous

      ඔය වගෙ කතා ඉන්දියන්කාරයොන්ට හදන්න බෑ බන්,ගැලපෙන්නෙත් නෑ,ඒකයි සීන් එක

    2. heshan

      මේකෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා.එමිලිගෙ acting බලපු කෙනෙක්ට පරිනීතිගෙ acting දකිද්දි පට්ටම අව්ල්.English එක බලපු කෙනෙක් දන්නවා මම කියන දේ.ඊට පස්සෙ මේකෙ කතාවත් ටිකක් වෙනස් කරලා.මේක remake එකක් නොවුනනම් පට්ට කතාවක් කියලා කියන්න තිබ්බා .Hindi remake එක ගැන බලාපොරොත්තු තියාගත්ත රසිකයන් dissapoint උනා.. ඒකයි hindi remake එක release කරලා දවස් 4කින් IMDb 3.9ට ,Google users 53% ට බැස්සේ..Typical indian fan කෙනෙක් movie එක enjoy කරාට original එක බලපු කෙනෙක් එහෙම නෑ..

    3. Anonymous

      eka aththa.me film eka chatar..

  31. Anonymous

    මයුර සහෝ, හින්දි අලුත් කතාමාලාවකට උපසිරසි දෙන්නකෝ

  32. diluka

    Thanks bro..
    Digatama upasirasi karanna hakiyawa labewa!!!

  33. Anonymous

    Thanks brother!!!

  34. Mahesh

    බොරු ආටෝප නැතුව බලන එකෙක්ට බලන්නත් නොබලන උන්ට නොබලන්නත් ආයෙ ලෙසටම ලිපිය ලියලා තියෙනෝ සහෝ....එල එල

    1. තුමුල් සන්දීප

      අන්න ඒකයි වෙන්න ඕනේ..මේක නම් පහරක් ,මේක නොබැලූ දෑස් කුමටද,අනිවාරෙන් බලන්න වගේ නොකියා ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනේ.එහෙම නැතුව ජරාවක් ඇගේ ගැහුවොත් සබ් එක කරපු සහෝගෙ අම්මත් නිකං බැනුම් අහනවා..

    2. Anonymous

      ඒක ඇත්තා .........

  35. Anonymous

    Thanks for sub bro

  36. Kasun

    Zombie Reddy(2021-tamil) movie ekta sub denna puluwn nm, supiriyak wage...

  37. Anonymous

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ❤️

  38. M.G

    Thanks for sub bro

  39. Anonymous

    Subata thanks bro

  40. Anonymous

    English එක ගැන නොහිතා බලන්න,එතකොට පොඩි ගතියක් නැත්තෙත් නෑ ෆිලුමේ

    1. ajith

      English එක නොහිත බලන්න නම් මැරිල ඉපදෙන්න ඕනෙ.මේක data නාස්තියක් විතරයි.සාම්ප්‍රදායික හින්දි මසාලා රසිකයන්ටනම් මේව හොදයි..

  41. Anonymous

    Venkatapuram 2017 telugu movieyta sub denna plz
    Tamilmv eke dala thynwa copya

  42. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  43. Nimesh

    ස්තුතියි මයුර සහෝ

  44. Anonymous

    Ela ela bro

  45. kalu

    2016 එක බලලා නැහැ කෙලින්ම මේක බලනවා. තැන්ක්ස්

    1. Anonymous

      පවට පින දෙන්න බෑනේ.ඔයා පව්

  46. Supun

    Thanks brother

  47. Anonymous

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  48. MAALNATH

    Thanks .............good luck ...............

  49. yohan

    thanks....

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments