Watch Trailer

Ludo (2020) Sinhala Subtitles | ලූඩෝ, සෙල්ලම් කරමුද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ලූඩෝ, සමහර අයට නම් ඒ නම ඇහෙද්දිත් දන්නවා මොකක්ද මේ කියන්න හදන්නේ කියල. වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ලූඩෝ කියන්නේ. එහෙම ගේම් එකක ෆිල්ම් එකක්? ඒක මොනවගේ ඇතිද? මොකක්ද මේ චිත්‍රපටයේ තියෙන්නේ? අද එහෙනම් අපි ලූඩෝ ගේම් එකයි ෆිල්ම් එකයි දෙකම ගැන දැනගමු. ලූඩෝ කියන්නේ මොකක්ද? ලූඩෝ කියන්නේ තරඟකරුවන්…

ලූඩෝ, සමහර අයට නම් ඒ නම ඇහෙද්දිත් දන්නවා මොකක්ද මේ කියන්න හදන්නේ කියල. වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ලූඩෝ කියන්නේ. එහෙම ගේම් එකක ෆිල්ම් එකක්? ඒක මොනවගේ ඇතිද? මොකක්ද මේ චිත්‍රපටයේ තියෙන්නේ? අද එහෙනම් අපි ලූඩෝ ගේම් එකයි ෆිල්ම් එකයි දෙකම ගැන දැනගමු.

ලූඩෝ කියන්නේ මොකක්ද?

ලූඩෝ කියන්නේ තරඟකරුවන් දෙදෙනකු හෝ සිව්දෙනෙකු එකතු වී ක්‍රීඩා කළ හැකි උපායශීලී ක්‍රීඩාවකි. මේකත් නිකම් අපේ ලංකාවේ පාරම්පරික අවුරුදු ක්‍රීඩාවක් වන පංචි දැමීම වගේ එකක් තමයි. ඒත් මේකෙදී දාදු කැටයකින් තමයි මේකේ රේස් එක පටන්ගන්නේ. එක තරඟකරුවෙක්ට ටෝකන් 4ක් හම්බවෙනවා, මුලින්ම ඒ ටෝකන් 4 අරන් ඉවර කරන කෙනා තමයි මේ ක්‍රීඩාවෙදී ජයග්‍රහණය ලබන්නේ. මේ වෙනකොට මේ සරල ක්‍රීඩාව ලෝකේ ඉතා ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා.

– ඔරිජිනල් ලූඩෝ බෝඩ් එකක පිංතූරයක් –

මේ ලුඩෝ බෝඩ් එකේ සාමාන්‍යයෙන් කහ, කොළ, රතු සහ නිල් වර්ණවලින් යුක්ත කොටස් 4ක් තියෙනවා. සෑම ක්‍රීඩකයෙකුටම වර්ණයක් පවරා ඇති අතර එම වර්ණයෙන්ම ටෝකන් 4කුත් තියෙනවා. මේ බෝඩ් එකේ සාමාන්‍යයෙන් කුරුසයේ හැඩයකින් යුතු ක්‍රීඩා පිටියක් තිබේ, ඒ සෑම අතකටම තීරු තුනක් ඇත, සාමාන්‍යයෙන් එක් තීරුවකට කොටු හයක් වේ. මැද තීරුවල සාමාන්‍යයෙන් වර්ණ කොටු පහක් ඇත. මේවා ක්‍රීඩකයාගේ නිවාස තීරුව නියෝජනය කරයි. බෝඩ් එක මැද මේ රේස් එකේ අවසන් කණුව තියෙනවා. එක් ක්‍රීඩකයෙකුට තම ටෝකනය හමුවන්නේ කැටයේ [6] පෙරළුණාම තමයි. එවිට ඔහු ලබාගත් එම ටෝකනය අනෙකුත් තරඟකරුවන්ගේ ටෝකනයන් මඟහැර අවසන් කණුව දක්වා යා යුතුයි. එක් තරඟකරුවෙක්ට හමුවන ටෝකන් 4 ප්‍රථමයෙන් ඉවර කරන තරඟකරුවා ජයග්‍රහණය කරයි. එක් තරඟකරුවකු තම ටෝකන් 4ම ගත් පසුව මෙම රේස් එකේ වේගයෙන් යෑමට ඔහුට කැටයේ [6] පෙරලා ගත යුතුයි. ඔන්න ඔය වගේ සරල තියරියක් තමයි මේකේ තියෙන්නේ. ඒක සෙල්ලම් කරද්දී තේරුම් ගන්න පුළුවන් මේකේ උපක්‍රම මොනවද කියල. මේ වන විට ඔන්ලයින් මඟින්ද ඇප් භාවිතයෙන්ද ඉතා ජනප්‍රිය සෙල්ලම් කරන ක්‍රීඩාවක් විදියට මේක පත්වෙලා තියෙනවා.

– ලූඩෝ බෝඩ් එකේ ටෝකන් ගමන් කළ යුතු ආකාරය –

අපි දැන් එහෙනම් ලූඩෝ චිත්‍රපටය ගැන කතා කරමු. අනුරාග් බාසු කියන්නේ අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක්, නිෂ්පාදකවරයෙක්, රංගන ශිල්පියෙක් හා රියැලිටි ශෝවල විනිසුරුවෙක්. අනුරාග් බාසුගේ සාර්ථකම චිත්‍රපට විදියට අපිට Life in a… Metro, Kites, Gangster හා Murder කියන චිත්‍රපට ටික ගන්න පුළුවන්. පසුගිය දශකය තුළ ඔහු අධ්‍යක්ෂණය කෙරූ Barfi කියන්නේ විවේචනාත්මකව පිළිගත් හා බොක්ස් ඔෆිස් වාර්තා වලින් සාර්ථකත්වයට පත්වුණු චිත්‍රපටයක්. අනුරාග් බාසුගේ 2020 නිකුත් කළ චිත්‍රපටය තමයි Ludo කියන්නේ. මේ චිත්‍රපට ප්‍රධාන විශේෂාංගයක් තමයි, මේකට යොදාගෙන තියෙන රංගන ශිල්පීන් ගණන්. Abhishek Bachchan, Aditya Roy Kapoor, Rajkummar Rao, Pankaj Tripathi, Rohit Suresh, Saraf Fatima Sana Shaikh හා Sanya Malhotra වැනි නවක චිත්‍රපට නළු නිළියනුත් ක්ෂේත්‍රයේ ජනප්‍රිය චිත්‍රපට නළුවනුත් මැදිකොටගත් නිර්මාණය වූ හාස්‍යජනක චිත්‍රපටයක් තමයි Ludo කියන්නේ. 2020 වර්ෂයේ අප්‍රේල් මස 24 වෙනි දින නිකුත් වීමට තිබූ මෙම චිත්‍රපට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නොවැම්බර් මස 12 වෙනි දින Netflix හරහා නිකුත් වුණි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නේ අනුරාග් බාසු හා බූශන් කුමාර් විසින්. අනුරාග් බාසුගේ මානව විද්‍යාව කැටිකොටගත් අඳුරු හාස්‍ය රසයක් මවාපාන්න ඔහු මේ පාට හතරකින් යුත් ලූඩෝ ක්‍රීඩාව චරිත හතරකට කඩා වෙන් කරල තියෙනවා.

Scroll+ පුවත්පතට එකතු වූ අනුරාග් බාසු චිත්‍රපටය පිළිබඳව සිදු කළ විචාරයන් කිහිපයක් පහත පරිදි වේ.

ලූඩෝ චිත්‍රපටය කියන්නේ අවස්ථාවන් ගැන හා අහඹු සිදුවීම් ගැන කියවෙන දෙයක්ද?

  • එහෙම්මම නෑ, මුලින් හිතුනේ හාස්‍ය උපදවන සැහැල්ලු චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. මගේ හැම චිත්‍රපටයකින්ම වගේ මට ඕනේ genres හතරක් පහක් අන්තර්ගත කරන්න. ඒත් ඒක හරිම අමාරු කර්තව්‍යයක්. මුලින් නම් මම හිතුවේ මට ඒක කරගන්න බැරි වෙයි කියල. ඒත් මට දවස් 15කින් පිටපත රචනා කරන විට තමයි මට Ludo කියන චේතනාව ආවේ. Ludo කියන්නේ මාතෘකාවක් වුණු රූපකයක් විතරයි. කියමනක් තියෙනවා නෙහ් මුලින් කිව්ව දෙයක් පස්සේ මතක නෑ කියල. මට ඕනේ වුණේ මේ මුළු චිත්‍රපටයම රසිකයන් විසින් හිත දිනා ගැනීමටයි නැතුව චිත්‍රපටයේ යන චරිත හතර ගැන වෙන වෙනම රසවින්දනයක් ගන්න නෙවෙයි.

මොකක්ද මේ පාට හතරෙන් විස්තර වෙන්නේ?

  • වර්ණ නිරූපණය එක් එක් සංස්කෘතියෙන් එක් එක් සමාජයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රතු කියන්නේ ආදරටයි තරහවටයි, ඒක තමයි අභිශේක් බච්චන්ගේ චරිතයේ වර්ණය. කහ පාට කියන්නේ මට නම් සන්සුන් බව, සතුට, හිරු එළිය වගේ දෙයක්, ඒ පාට ආදිත්‍යගේ චරිතේ පාට. ශුභවාදී බව හා පාරිශුද්ධ බව නිල් පාටින් පෙන්නුම් කරල දුන්නා, ඒ රෝහිත්ගෙයි පර්ලි මානීගේයි චරිත වලින් පෙන්නල දුන්නා. කොළ පාටින් කියවෙන්නේ අනපේක්ෂිත බව, ඒක මම දැම්මේ රාජ්කුමාර්ගේ චරිතයට. එතකොට පංකජ් ත්‍රිපාටි තමයි මේ කතාවේ දාදු කැටේ. එයා තමයි මේ කතාව අරන් යන්නේ. ඒක මම පංකජ්ගේ බෙල්ලේ එල්ලලා තියෙන දාදු කැටයක් තියෙන මාලෙන් ඒක හෝඩුවාවක් විදියට පෙන්නල තියෙනවා.

ඔයා මේකට රංගන ශිල්පීන් සමූහයක් යොදා ගෙන තියෙනවා, තිර රචනය කරද්දී ඔයාගේ හිතේ මේ අය හිටියද?

  • ඔව් මම සමහර කොටස් ලිව්වේ මේ මේ රංගන ශිල්පීන් මේ චරිතෙට හිතාගෙන. සමහර අය මගේ යාලුවෝ සමහර අය ඔයාලා කැමති කට්ටිය. තිර රචනය කරනගමන් අදාළ චරිතේ නිරූපණය කරන රංගන ශිල්පියා කවුද කියන එක හිතන රචනය කරන එක ලේසි දෙයක්.

ලොක්ඩවුන් කරල තියෙන කාලපරිච්ඡේදයක චිත්‍රපටයක් නිම කරන එක මොනවගේ දෙයක්ද?

  • ඒක හරිම අසීරු කාර්යයක්. සමහර දේවල් සිද්ධ වුණේ ඊමේල් වලිනුයි කෝල් වලිනුයි. විශේෂයෙන්ම ප්‍රීතම්ට චිත්‍රපටයේ පසුබිම් සංගීතය හදන එක හරිම අසීරු කාර්‍යයක් වුණා. මොකද අපිට ඕනේ මොනවගේ හැඟීමක්ද පෙන්නන්න ඕනේ කරන එක, තව සංගීත ශිල්පීන් ඒකට යොදාගන්න එක. පුදුමයි ඒ වගේ දේවල් කොහොම වුණාද කියල. අපිට තව ශොට්ස් කිහිපයක් ගන්න ඉතුරු වෙලා තිබුණා, ඒක හරිම අමුතු දෙයක් මාස්ක් දාගෙන, PPE සූට් ඇදගත්ත අයත් එක්ක ඒ ශූටින් කරන එක.මම හිතුවේ චිත්‍රපටය නිකුත් කරද්දී කොරෝනා වෛරසය නතර වෙලා ඇති කියල. මොකද මේක කොරෝනා වෛරසයෙන් පස්සේ නිකුත් විය යුතු චිත්‍රපටයක්. මම චිත්‍රපටයට වෛරසය පිළිබඳ කියවෙන් දෙබසකුත් දාලා තියෙනවා.

ඔයා ඊළඟට මොකක්ද කරන්න ඉන්නේ, කතා මාලාවක් එහෙම කරන්න අදහසක් නැද්ද?

  • මගේ ආසාවක් නම් තියෙනවා වෙබ් සීරීස් එකක් කරන්න. ඒත් මම දන්නේ ඉස්සරහට මොකක් වෙයිද කියල. මම ටෝච් එකක් නැතුව අඳුරු උමඟක හිර වෙලා ඉන්නේ. සමහරවිට හෙමීට ඒ උමඟෙ මට එළියක් හම්බවෙලා ඒ උමඟේ බිත්ති දකින්න පුළුවන් වෙයි. මම දන්න එක දෙයක් තමයි වෛරසය හේතුවෙන් ගෙදර ඉන්න මිනිස්සු එක එක චිත්‍රපට වලට නැඹුරු වෙනවා. චිත්‍රපට නිමැවුම් කරුවන්ට ඔවුන්ගේ අලුත් සිනමා කෘතීන් එළිදැක්වීමේදී පොඩි බියක් ඇති වෙන්න පුලුවන් රසිකයන් තමන්ගේ කෘතියන්ට කැමති වෙයිද යන්න.

 

  • Genres: Action | Comedy | Crime | Drama
  • Directed & Written by: Anurag Basu
  • Produced by: Bhushan Kumar | Divya Khosla Kumar | Krishan Kumar | Anurag Basu | Tani Basu
  • Music by: Pritam
  • Distributed by: Netflix
  • Released date: 12 November 2020

OTT ජාල ඔස්සේ නිකුත් වූ මේ වගේ චිත්‍රපට වල බොක්ස් ඔෆිස් වාර්තාවන් දැක්විය නොහැක. බොක්ස් ඔෆිස් එකක් තීරණය වෙන්නේ චිත්‍රපටයක් සිනමාහල් වල නිකුත් වීමට පෙරත් නිකුත් වූවාට පසුවත්ය. අපිට මේ චිත්‍රපටය ගැන හරියට එවැනි දෙයක් කියන්න බැහැ. චිත්‍රපටයේ එන ලස්සන චරිත දෙකක් තමයි රාජ්කූමාර්ගේ චරිතෙයි පංකජ් ත්‍රිපාටිගේ චරිතෙයි. ඔවුන් දෙදෙනාගේ රංගනය මෙම චිත්‍රපටය සාර්ථක් වීමට උදව් වේ. චිත්‍රපටයේ එන හාස්‍ය අපූරු එකක් වුවත් චිත්‍රපටයෙන් බොහෝ සේ අගන පණිවිඩ ගෙන එන බය කියන්න පුළුවන්. අනුරාග් බාසු අවසානයට අධ්‍යක්ෂණය කළ Jagga Jasoos චිත්‍රපටයේ අසාර්ථකත්වය මඟහැරවා ගැනීමට ඔහු අධ්‍යක්ෂණය කෙරූ 2020 නිකුත් වූ චිත්‍රපටයි Ludo කියන්නේ. මෙහි පළමු පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් වූයේ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 27වෙනි දිනයි, ඒ අනුරාග් බාසු හා චිත්‍රපටයේ නිමැවුම් කරුවන් විසින්. 2020 ඔක්තෝම්බර් මස 19 වෙනි දින මෙම චිත්‍රපට නිල ට්‍රේලරය නිකුත් වූවා. මේ නොවැම්බරය චිත්‍රපටවලින් පිරි ඉතිරි යන නිසා, මගෙන් ඔයාලට අද ඔන්න එහෙනම් Ludo ගෙනවා. ගේම් එකත් ගහන ගහන ගමන් ෆිල්ම් එකත් බලමු එහෙනම්. හිතනවා පොඩි දෙයක් හරි දැනගත්තා කියල. ආයෙම උපසිරැසියක් අරගෙන එන්නම් එහෙනම් ඔයාලා හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!😊

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

14,932 downloadsDownload Ludo-2020.zip118 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

14,932 downloadsDownload Subtitles118 KB

29 comments

  1. රොෂාන් ශමීර ජයසිංහ

    කිව්වත් වගේ... පොරොන්දු වුන වෙලාවටම...
    ස්තූතියි සහෝ...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපිය සුපිරි ඈ

  3. එල්.සී. දමැල්

    බලන්න ඕණ කතාවක් වගේ. තියෙන ලිස්ට් එක ඉවර කරලා මේකත් බලනවා. බොහොම ස්තුතියි සබ් එකට.

  4. යුරාන් ධනුක (දනුවා)

    නියමයි පසිදු මල්ලී
    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. yohan

    thanks ..meka enakan balagena hitiye .thawath hindi film tikakata sub demu

  6. Shaggy

    Article එකනන් කොර..වටිනව..Thank you very much

  7. Prabodha20

    Godak sthuthi sahooo ...

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. yohan

    thanks ghost 2019 hindi film ekatath sub denna

  10. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....අනුරග් බාසු කොහොමත් සාමාන්‍යයෙන් අසාමාන්‍ය අදහස් තියෙන අධ්‍යක්ෂක කෙනෙක්.. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා.....

  11. Suranjan

    Thanks jayawewa.......!

  12. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  13. R_deshan

    නියම ෆිල්ම් එක...සබට තුති සහෝදරයා!!

  14. චතුර

    චිත්‍රපට නම් සෑහෙන ගොං ..ඔහොම මිනීමැරනවද හරිම අතාත්විකයි..අර පොඩි එක්කනාගෙ කතාවනං පොඩ්ඩක් හොදයි අනිත් ඒවනං පට්ට ගොං..සබට ස්තුතියි

    1. Anonymous

      api hithana widihatama film hadanne nene bro...

  15. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  16. සදුන්

    නියමයි ... ස්තූතියි

  17. Lalani Maduwanthi

    Thank you,,,

  18. Sohan Jayasooriya

    අඩෝ මරු ඈ.. අනිවා බලනවා.. ස්තූතියි මලේ

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  22. Dasitha

    sub ekata thanks! jaya!

  23. mindika

    Thanks ¡¡¡

  24. dewmi

    Great work! Keep it up...Thanks for the subtitling even the songs..

  25. MAALNATH

    Thanks ...............good luck ............

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  27. Arawinda Sunimal

    thanks sub ekata

  28. Hasantha

    Thanks brother