ආයුබෝවන්! ඔන්න හුඟක් අය දිගින් දිගටම ඉල්ලපු ”Seoul Station” චිත්‍රපටිය තමයි මම අද අරගෙන ආවේ. ගිය පාර දුන්නු ”the tiger” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද චිත්‍රපටිය 2016 අප්‍රේල් 5 තිරගත වුණ drama/horror ගණයට අයත් වන, පැය 01යි විනාඩි 33 ක් පුරා දාවනය වෙන imdb 6 ක අගයක් ගත්…

ආයුබෝවන්! ඔන්න හුඟක් අය දිගින් දිගටම ඉල්ලපු ”Seoul Station” චිත්‍රපටිය තමයි මම අද අරගෙන ආවේ. ගිය පාර දුන්නු ”the tiger” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද චිත්‍රපටිය 2016 අප්‍රේල් 5 තිරගත වුණ drama/horror ගණයට අයත් වන, පැය 01යි විනාඩි 33 ක් පුරා දාවනය වෙන imdb 6 ක අගයක් ගත්තු සොම්බි චිත්‍රපටියක්. වැඩි දෙයක් නැතුවම කතාවෙ සාරාංශෙ කියන්නම්.
සෝල් දුම්රියපළ අවට තැනක, එක හිඟන මනුස්සයෙක් අමාරුවෙන් ලෙඩින් ඇවිදගෙන එන තැනකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ. මෙයා ගිහින්සෝල් දුම්රිය නැවතුමේ නිදාගෙන ඉන්නවා. මෙයාගෙ සහෝදරයා මෙයාට බෙහෙත් හොයාගෙන එනකොට මේ ලෙඩ මනුස්සයා අතුරුදහන්වෙලා. සහෝදරයා මෙයාව හොයාගෙන හොයාගෙන යනකොට එක තැනක මිනිහෙක්ව කකා ඉන්නකොට තමයි මේ මිනිහව හම්බෙන්නෙ.
මේකෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. ගෙදරින් පැනල ගියපු දුවව හොයන තාත්තෙක් සහ ගෙදරින් පැනල ආපු දුවෙක්. දුව තමයි හේ-සුන්. කොල්ලත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. ඒත් මෙයාලට කාමර කුලී ගෙවන්නවත් සල්ලි නෑ. මෙයාගෙ කොල්ලා කි-වුන්ග්. මිනිහා කෙල්ලගෙ පින්තූර අරගෙන ඉන්ටර්නෙට් එකේ දාලා සල්ලි හම්බ කරන්න තමයි හදන්නෙ. ඒත් කෙල්ලට මේක අහු වෙලා කොල්ලත් එක්ක රණ්ඩු කරලා යනව යන්න.
කෙල්ලගෙ තාත්තගෙ යාළුවෙක් ඉන්ටර්නෙට් එකේ කෙල්ලගෙ පින්තූර දැකලා තාත්තට කියනවා. මෙයා ඒකෙ තියෙන නම්බර් එකට කතා කරලා හම්බෙන්න යනවා. නම්බර් එක ඇවිත් කොල්ලගෙ. කොල්ලව අල්ලගෙන දුවව හොයන්න එයාල නැවතිලා හිටපු කාමරේට යනවා. මෙතනදි කෙල්ලනෑ. ඒත් මේ දෙන්නට සොම්බි පහර දෙන්න ගන්නවා. මේ දෙන්න එතනින් අමාරුවෙන් පැනගෙන හෙ-සුන්ව හොයන්න පටන් ගන්නවා.
එතකොට හෙ-සුන්, සෝල් දුම්රියපොළේ ඇවිදගෙන එනකොට මිනිස්සු වගයක් දුවගෙන යනවා. මෙයත් දකිනවා එයාල පස්සෙන් පන්නන සොම්බින්ව. මේ හිඟන මිනිස්සුත් එක්කම මෙයත් දුවගෙන ගිහින් සෝල් මුරපළට යනවා. එතනදි හිර කූඩුව වගේ එකකට මිනිස්සු කීප දෙනෙක් එක්කමේ කෙල්ල රිංගගත්තත්. කූඩුවෙන් එළියට යාගන්න විදියක් නෑ. එතනදි පොලිසිය ඇවිත් මෙයාලට උදව් කරනවා. මේ කෙල්ලයි තව හිඟන මිනිහෙකුයි ඇම්බියුලන්ස් එක්ක ඉස්පිරිතාලෙට යද්දි වාහනේ පෙරළිලා ආයෙම අවුලක් වෙනවා. කෙල්ලයි හිඟන මනුස්සයයි ජීවිතේ බේරගන්න පැනලා යන අතරේ කෙල්ලගෙ තාත්තයි කොල්ලයි කෙල්ලව හොයන්න උත්සහ කරනවා.
මේක තමයි සාරාංශෙ. ඒත් අන්තිමේදි විශ්වාස කරන්න බැරි දෙයක් වෙනවා. මං ඒ ගැන ඉඟියක්වත් දෙන්නෙ නෑ හැබැයි. බාගෙනම බලන්න. මේක ඇනිමේශන් වුණාට භාෂාව සහ ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන් පමණක් බැලුවොත් තමයි හොඳ. පොඩි අයට හරියන්නෙම නෑ. ඉතින් එහෙනම් මං අදට යන්නම්. ඉක්මණින්ම තවත් උපසැරසියකින් හම්බෙමු.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Seoul.Station.2016.BluRay.720p.700MB.Ganool
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,628 downloadsDownload Seoul.Station.2016.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
17 comments
Rumesh
Udara Damith B/K
ela
ඉෂාන් මදුෂ
මේකට සබ් දෙනකම් හිටියෙ.බොහෝම ස්තුතියි සහෝ
ඉල්ලීම සලකා බැලීම ගැන.අගය කරනවා සබ් දුන්නට
දිගටම මේ වගේ හොද ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා
ඔබට ජයම වේවා!ඉෂාන් මදුෂ
සහෝ ඉදිරි කාලය තුලදී මේ ජපන් drama එකටත් සබ් දෙන්න බලන්න
Death Note (TV Mini-Series 2015) episodes 11යි.imdb අගය 7.4 යි
ච්ත්‍ර කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති නිසා සුපිරියටම ඇති
ගොඩක් අය කැමති වෙයි සබ් දෙනවනම්.
ජය වේවා!අසිත
elama saho thanks
gayan
tnx bro
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Kulanjana Maduranga
thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය..Sajith Anthony
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයෙන් ජයම වේවා...!!ranga
mona magulakda ban me.cartoon walath balanna ona cartoon thiyenwa.zombi ekak cartoon balala wadak thiyeda.hoda film ekak karapan ban.shit
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි සහෝ....
silent$
Thanxxxxxxxxxxxxx
mithun
මෙක හොදද.. ඇනිමේෂන් නිසා බැලුවෙ නෑ අයේ කොරියන් ෆිල්ම් එකක් බලන්න හිත .. බලමුකො අරම් මෙකත්
chamalkalum
එල ඕක.බලද්දි ඇනිමේශන් කියල අමතක වෙනවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks..