ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. ඇත්තටම මම මේකට සිංහල සබක් හදන්න හිතන් හිටියේ නෑ. අහම්බෙන් දැක්ක trailer එක නිසාත්, තවම කවුරුත් සබක් නිකුත්කරල නොතිබ්බ නිසාත් තමා මේක හදන්න හේතු උනේ. ඇත්තටම් මේක මගේ 3වැනි උපසිරැසි ගැන්වීම. 2017 අන…

ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. ඇත්තටම මම මේකට සිංහල සබක් හදන්න හිතන් හිටියේ නෑ. අහම්බෙන් දැක්ක trailer එක නිසාත්, තවම කවුරුත් සබක් නිකුත්කරල නොතිබ්බ නිසාත් තමා මේක හදන්න හේතු උනේ. ඇත්තටම් මේක මගේ 3වැනි උපසිරැසි ගැන්වීම. 2017 අන්තිමට මම දීපු සබට පස්සේ දෙවතාවක් තවත් ෆිල්ම් දෙකකට සබ් හදන්න ගත්තත්, මගේ වැඩ එක්ක කාර්‍යබහුල වුන නිසා ඒවා අතහැරලා දාන්න වුනා. ඒත් මේ ෆිල්ම් එක දැක්කට පස්සේ වැඩ පැත්තකට දාලා මේක හදනවමයි කියලා හිතා ගත්තා. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු.
මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම ආතල් එකේ බලන්න පුලුවන් imdb එකෙන් 6.2ක එකක් ලැබුන පට්ට ෆිල්ම් එකක්. මේකේ අපිට ප්‍රධාන නලුවා විදියට ඉන්නේ අපි ගොඩාක් දෙනෙක් නමින් නැතිව පෙනුමෙන් අඳුරන තායි නලුවෙක් වෙන Phetthai Vongkumlaoයි. Ong Bak, The Bodyguard films බලලා තියනවන්ම් මෙයාගේ ආතල් ඔයාලට අමතක නැතිව ඇති. අනිත් නලු නිලියන්නම් ඉතින් අපිට නුහුරු තායි අය තමා. මේකේ කතාව කෙටියෙන් කියනවනම්,
සායි කියන තායි කාන්තාව ඇය අලුතින් බැන්ඳ එංගලන්ත ජාතිකයා අර්ල එක්ක සායිගේ පවුලේ අය ජීවත්වෙන ගෙදරට එනවා. එදා දවස තායිලන්තයට ලොකු කුණාටුවක් එනවා කියල හදිස්සි ප්‍රකාශ නිකුත්කරපු දවසක්. මේ ගෙදර සායිගේ අම්මා, තාත්තා, ලොකු නැන්දා, සහෝදරයා හා සහෝදරයාගේ දුව තමා ජීවත් වෙන්නේ. කොහොම හරි මේ කතාවට සායිගේ හිටපු සැමියාත්, සායිගේ සහෝදරයාගෙ හිටපු නෝනාත්, එ නෝනා දැන් බැඳලා ඉන්න ඇමරිකානු සැමියාත් සම්බන්ධ වෙනවා. කොකොම කොහොම හරි මේ කතාවට සම්බන්ධ අය එකිනෙකා ඝාතන පත්වෙනවා. මේ ඝාතන නඩුවේ මිණීමරුවා හොයන්න බාර වෙන්නේ Phetthai Vongkumlao විසින් රඟපාන පොලිස් මේජර් නවාත් බන්ලුචා කියන පොලිස් පරීක්‍ෂකටයි. කාවවත් ගනන් නොගන්න, තමන්ට ඕන විදියට සේරම කරන චරිතයක් තම මෙයා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට මේකේ බලන්න දෙයක් නැති වෙනවා. අපි ෆිල්ම් එක බලලම හොයාගමු මේකේ මිණීමරුව කව්ද සහ පොලිස් මේජර් නවාත් බන්ලුචා මේක විසදන්නෙ කොහොමද කියලා. එහෙනම් පුලුවන් විදියට තව සබක් දෙන්න උත්සහකරනකන් මම සමුගන්නවා. සබ ගැන ඔයාලගේ අදහසුත් දා ගෙන යන්න. ජය වේවා ඔයාලා සේරටම!
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,394 downloadsDownload The.Murderer.2023.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දික පතිරණගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-10-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රන්දික පතිරණගේ
Subtitles
11 comments
Anonymous
randil
sub ekata thank
Rohan Damith
18+ සීන් මේකෙ තියෙනවද
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රන්දික .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Amila Kaushalya
රැන්ඩී යා වෙල් කම් බැක් බ්‍රෝ .එකෙන්ම සබට තෑන්ක්ස් තව දීපන් සබ් ටිකක් මේ වගේම
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Amila
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks For Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks jayawewa....!