සත්‍යා එයාගේ අම්මා නංගි එක්ක මුඩුක්කු බිමක ජීවත් වුණා. සත්‍යා චිත්‍ර කථා ශිල්පියෙක්. සත්‍යා මාවීරන් චිත්‍ර කථා ඇඳලා පුවත්පතක වැඩ කරන චිත්‍ර කථා ශිල්පියෙකුට විකුණලා ආදායමක් ලබා ගන්නවා. එක් දවසක් මේ මුඩුක්කුවේ ජීවත් වුණ හැමෝටම මුඩුක්කු වලින් අයින් වෙලා යන්න කියනවා. ඒ වෙනුවට රජයේ යෝජනාවක් අනුව ඔවුන්ට…
සත්‍යා එයාගේ අම්මා නංගි එක්ක මුඩුක්කු බිමක ජීවත් වුණා. සත්‍යා චිත්‍ර කථා ශිල්පියෙක්. සත්‍යා මාවීරන් චිත්‍ර කථා ඇඳලා පුවත්පතක වැඩ කරන චිත්‍ර කථා ශිල්පියෙකුට විකුණලා ආදායමක් ලබා ගන්නවා. එක් දවසක් මේ මුඩුක්කුවේ ජීවත් වුණ හැමෝටම මුඩුක්කු වලින් අයින් වෙලා යන්න කියනවා. ඒ වෙනුවට රජයේ යෝජනාවක් අනුව ඔවුන්ට මහළ් නිවාස ලබාදෙන්නට සූදානම් කර තිබුණා. සත්‍යාගේ අම්මා ඇයගේ ගෙදර දාලා යන්නට කැමති වුණේම නැහැ. අවසානයේදී සත්‍යාගේ ඉල්ලීම නිසා අම්මා හිත වෙනස් කර ගන්නවා. ඔවුන් මහළ් නිවාසයේ පදිංචි වනවා. කීප දවසක් යද්දී මහළ් නිවාසයේ පියස්සේ සිමෙන්ති ගැලවී වැටෙන්න ගන්නවා. අත තියන තියන දේවල් ගැලවෙන්න ගන්නවා. ඇණයක් ගහන්න බිත්තියට ගහපු මිටි පහරින් බිත්ති ඉරිතලා යනවා. මේ බාල විදියට ගේ තැනූ ආකාරය දකින සත්‍යාගේ අම්මට පුදුමාකාර කේන්තියක් ඇති වෙනවා. ඒ ගැන අදාල පුද්ගලයින්ට පැමිණිලි කරන්නට යනවා. ඒ වෙද්දී මහළ් නිවාසයෙක් බාගයක් විතර එතන හිටියා. මහළ් නිවාස වාසීන් පැමිණිලි කරද්දී, ඇමතිගේ නියෝගය මත නිවාසවල නඩත්තු කටයුතු කරන්නට පොරොන්දු වෙනවා. ඒ අනුව නඩත්තුව සඳහා සේවකයින් ගෙන්වා ගන්නවා. කොහොම වුණත් සත්‍යා කරදර දාගන්නට කැමති වුණේ නැහැ. පුළුවන් හැමවෙලාවකම ප්‍රශ්නවලින් ගැලවිලා යන්නම උත්සාහ කළා. ඒ වුණත් සත්‍යා තමන්ගේ චිත්‍ර කථාවලට මේ මක්කල් මාලිගෛ මහළ් නිවාසයේ වෙසෙන ජනයාගේ ප්‍රශ්න ඇතුලත් කළා. සත්‍යා සැබෑ ජීවිතයේ ප්‍රශ්න මාවීරන් කථාවෙන් ව්‍යාජ්‍ය ලෝකය තුලින් විසඳුවා. ඒත් සත්‍යාගේ අම්මා ප්‍රශ්න වලට විරුද්ධව නැගී සිටියා. බාල ගොඩනැගිල්ල ඇරුණු විට මහළ් වාසීන්ට තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ මේ ගොඩනැගිල්ල බාරවෙලා හිටිය ඉංජිනේරුවාගේ අයහපත් හැසිරීම. සත්‍යාගේ අම්මා ද ඉංජිනේරුවා සමඟින් කීප විටක්ම ගැටුණා. එක් අවස්ථාවක ඉංජිනේරුවා සත්‍යාගේ පවුලට කරදර කරනවා. සත්‍යා නිවෙසට එද්දී අම්මාගේ ඔළුව තුවාල වෙලා තිබුණා. සත්‍යා ඒ ගැන විමසද්දී ඔහු ඒවාට විරුද්ධ නොවීම ගැන බැන වැදුණා. ක්ෂ්ණිකව තීරණය කළ සත්‍යා ඉංජිනේරුවාට පාඩමක් ඉගැන්වීමට පිටත් වනවා. ඒත් කිසිවක් කරගැනීමට නොහැකි වන සත්‍යා එතැනින් බියේ පලා යනවා. ආපසු නිවෙස දෙසට එද්දී සත්‍යාගේ අම්මා ඔහුගේ හිතට වේදනා දෙන ප්‍රකාෂයක් කරනවා. ඉන් බොහෝ කළකිරීමට පත්වන සත්‍යා මහළ් නිවාසයේ ඉහළ මාළයට ගොස් පැන සියදිවි නසා ගැනීමට සිතනවා. ගොඩනැගිල්ලෙන් පැනීමට මොහොතකට පෙර නංගිගෙන් ඇමතුමක් ලැබෙනවා. යළිත් තම පවුල පිළිබඳව සිතා ආපසු හැරෙනවා. ආපසු හැරෙද්දී බාල ගොඩනැගිල්ලේ ගැට්ට කැඩී සත්‍යා බිම ඇද වැටෙනවා. බිම වැටෙන සත්‍යගේ හිසට බලවත් පහරක් එල්ල වනවා. අහම්බෙන් මෙන් මෙතනට එන නඩත්තු වැඩ කරන සේවකයෙක් වැටී සිටින සත්‍යාව දකිනවා. සත්‍යාව වහාම රෝහලට ගෙන යනවා. ඒත් හිසට එල්ල වුන බලවත් පහර නිසාවෙන් ඔහු ජීවත් කරවන්නට බැරි බව වෛද්‍යවරුන් තරයෙම කියා සිටිනවා. සුළු මොහොතකින් සත්‍යා අවසන් හුස්ම හෙලනවා.
මාවීරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ මැඩෝන් අශ්වින්. මැඩෝන් අශ්වින්ගේ කුළුදුල් වෘත්තීය සිනමා නිර්මාණය Mandela (2021). මැන්ඩෙලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඉදිරිපත් කළේ ප්‍රහසන තරුව යෝගි බාබු යි. මැන්ඩෙලා චිත්‍රපටයට අඩුවක් නොකියන්නම රඟපෑව හැමෝම තමන්ගේ උපරිමයෙන් රංගනය ලබා දී තිබුණා. ඒ වගේම බරත් ශංකර්ගේ සංගීතයද අද්විතීයයි. මීට ඉහළ විචාරක ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම අධ්‍යක්ෂණයට, රංගනයට, තිර රචනයට සම්මාන හිමි වුණා වගේම තවත් වර්ගීකරණයන් යටතේ නිර්දේශ කිරීම් කෙරුණා. බලලා නැත්නම් නිවාඩු පාඩුවෙ බලන්න කියලා ආරාධනා කරනවා. අපේ සුභාෂිණි අක්කා ඊට උපසිරැසි ලබා දීලා තියෙනවා.
මාවීරන් ශිවා අත්හදාබැලීමක් විදියට තෝරාගත් චිත්‍රපටයක්. ඉන්දීය සිනමාවටම මේක අලුත් මාතෘකාවක්. මැඩෝන් අශ්වින්ගේ අත්හදාබැලීම සිතූ පරිද්දෙන්ම සාර්ථක වුණේ නම් නැහැ. ශිවාගේ හාස්‍යෝත්පාදක රංගනය අමතක පසෙකින් තබා භාවාත්මක රංගනයට වැඩි ඉඩකඩක් මීට ලබා දී තියෙනවා. Amazon Prime ඔස්සේ නිකුත් වීමෙන් පසුව මාවීරන් පිළිබඳව වඩා වැඩියෙන් කතාබහක් ඇති වුණා. ඉතින් මේ චිත්‍රපටයේ ශිවකාර්තිකේයන් සමඟින් සිනමා අධ්‍යක්ෂක මිස්කින්, අදිති ශංකර්, සරීතා, යෝගි බාබු, සුනිල් වර්මා යන ප්‍රසිද්ධ නළු නිළියන් රඟපානවා. මෙහි යෝගි බාබුගේ රංගනය පිළිබඳව ඉහළ ප්‍රතිචාර හිමි වුණා. ඔහු චිත්‍රපටයේ පෙනී සිටින සෑම තැනකම වාගේ සිනහ උපදවනවා. බොහෝ අය බාබුගෙන් බලාපොරොත්තු වුණ දේ මේ චිත්‍රපටයෙන් ලැබුණා කිව්වොත් නිවරදියි. තෙළිඟු සිනමාවේ එකළ හාස්‍ය නළු, මේ වන විට Pushpa : The Rise (2021) චිත්‍රපටයේ දුෂ්ඨයා චරිතය රංගනයෙන් ප්‍රසිද්ධ වූ සුනිල් වර්මා මෙයින් කොලිවුඩයට අවතීර්ණ වනවා. අදිති ප්‍රකට සිනමා අධ්‍යක්ෂක ශංකර්ගේ දියණිය බව දන්නවා ඇති. ඇය Viruman (2022) චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වුණා. පසුගිය සමයේ සමාජමාධ්‍යයේ ඇයව උපහාසයට ගත්තත් මේ චිත්‍රපටයේ ඇයගේ රංගනය පිළිබඳව විවේචන එල්ල වුණේ නැහැ. මාවීරන්ගේ මව ලෙසින් රඟන සරීතාගේ රඟපෑම ආකර්ෂණීයයි. ඇය විවිධ චිත්‍රපටවල නිළියන්ට හඬ ලබා දී තිබෙනවා. දශක තුනක් පමණ රංගනයෙන් ඈත්ව සිටියා. වරින් වර චිත්‍රපටයකට සම්බන්ධ වූ ඇය දෙමළ චිත්‍රපටයකට සම්බන්ධ වන්නේ වසර 10කට පසුවයි.
විශේෂම දේ තමයි විජයි සේදුපති තමන්ගේ හඬින් දායකත්වය ලබා දෙනවා. කොලිවුඩයේ විවිධ පරම්පරාවල තරඟකාරී යුගලය විදියට නළුවන් දෙදෙනෙක් රැඳී ඉන්නවා. ශිවකාර්තිකේයන්ගේ තරඟවාදියා ලෙසින් සැලකන විජයි සේදුපති, තමන්ගේ තරඟවාදියාගේ චිත්‍රපටයට කිසිම අහංකාරකමක් නැතිව හඬ දායකත්වය ලබා දීම විශිෂ්ඨයි. මේ දෙදෙනා තරඟවාදියෝ විදියට පුවත්පත්, මාධ්‍යවල කතා බහ කෙරුණත්, දෙදෙනා ඝට්ටනය වන ආකාරයේ කිසිම සිද්දියක් වුණේ නම් නැහැ. සිනමා දිවියේ ශිවා තමන්ටම ප්‍රේක්ෂක පන්තියක් හදාගනිද්දි, විජයි තමන්ගේම මාර්ගයකත් ගමන් කරනවා. කෙනෙක් මේ අවුරුද්දක කාලය ඇතුලත නිකුත් වුණ සේදුපතිගේ චිත්‍රපටිවල නම් කියන්න කියලා සේදුපතිගෙන්ම ඇහුවොත් සේදුපතිටත් ඔක්කොම කියාගන්න බැරිවෙන්න පුළුවන්. ඒක කොලිවුඩයේ ඉහළ පෙලේ නළුවෙක්ගේ අසාමාන්‍ය ලක්ෂණයක්. මේ අවුරුද්දේ සේදුපතිගේ චිත්‍රපට 5ක් නිකුත් වී තිබෙනවා. ලබන මාසයේදී ඔහු සම්බන්ධ වූ බොලිවුඩයේ දැවැන්ත චිත්‍රපටයක්ද නිකුත් වනවා. වෙන මොකවත් නෙවෙයි, ෂාහ් රුක් ඛාන්ගේ Jawan චිත්‍රපටය. එහි සේදුපති ප්‍රතිමල්ලවයාගේ චරිතය රඟ දක්වනවා.
ඒ වගේම මෙය දෙමළ හා තෙළිඟු භාෂා දෙකෙන්ම තිරගත කිරීම සිදු වුණා. තෙළිඟු භාෂාවෙන් රවිතේජා හඬ දායකත්වය සපයනවා. තිරගත කර මාසයක් යන්නට පෙර මෙහි ගෝලීය දළ ආදායම ඉ.රු. කෝටි 89ක් බව නිෂ්පාදන ආයතනය නිළ වශයෙන් නිවේදනය කලා. ඒ වගේම මාවීරන්ට යහපත් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර ලබා ගැනීමටද හැකි වුණා. සංගීතය අධ්‍යක්ෂක බරත් ශංකර්ටද විවිධ පැසසුම් හිමි වුණා. ආනන්ද විකටන් පුවත්පතින් 45ක ඉහළ ලකුණු ලබාගන්නටද හැකි වුණා. ශිවාගේ රෝල් මොඩල් එක වුණ රජිණිකාන්ත් මාවීරන් චිත්‍රපටිය නරඹ ඔහු අත්හදා බැලීමක් ලෙස මාවීරන් තෝරාගැනීම පිළිබඳවත්, චිත්‍රපට කණ්ඩායමටද ප්‍රශංසා එක් කර තිබුණා. ශිවාගේ Don (2022) හා Doctor (2021) චිත්‍රපටට මීට වඩා සාර්ථක ලෙසින් තිරගත වුණා වගේම ඉ.රු. කෝටි 100 පසු කළ ආදායමක් ලබා ගත්තා. කොහොම වුණත් ශිවාගේ මීට පෙර චිත්‍රපටය වූ ප්‍රින්ස් (2022) ආදායම් වශයෙන් මෙන්ම ප්‍රතිචාර අතින්ද අසාර්ථක වුණා.

ශිවාගේ සිනමා දිවියේ මේ වනවිට ඔහු SK 21 චිත්‍රපටයේ රූගත කිරීම් වලට සම්බන්ධ වී සිටිනවා. හමුදා නිළධාරියෙකුගේ කතාවක් රැගත් එය කෂ්මීර් හි රූගත කිරීම් සිදු වනවා. ඒ වගේම SK 21 වෙනුවෙන් ශිවා Six Pack සාදාගෙන ඇති බව සඳහන් වෙනවා. එය සනාථ කරමින් ඔහු කාය වර්ධන පුහුණුව අවස්ථාවේ ගත් පොටෝවක් ද මෑතකදී සමාජ මාධ්‍යයේ එහා මෙහා යනු දකින්නට ලැබුණා. රාජ්කුමාර් පෙරියසාමි අධ්‍යක්ෂණය කරන, කමල්හසන් නිෂ්පාදනය කරන මෙහි ඔහු සමඟින් යුගලය ලෙස සායි පල්ලවී සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්නට වසර ගණනාවක සිටම VFX කටයුතු සිදු කෙරෙන Ayalaan චිත්‍රපටය මේ වසරේ නොවැම්බර් මස තිරගත කෙරෙන බවට නිළ වශයෙන් නිවේදනය කළා. ඒත් තත්වය වෙනස් වෙන්න පුළුවන්. තවද ඒ. ආර්. මුරුගදාස් අධ්‍යක්ෂණය කරන, අනිරුද් සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වන තවත් චිත්‍රපටයක්ද ලැයිස්තුවේ තිබෙනවා. මෘනාල් තකූර් ශිවා සමඟින් යුගලය ලෙස රඟපෑමට නියමිතයි. ඒ ඇරුණු විට ශිවා තමන්ගේ නිෂ්පාදන ආයතනය යටතේ සූරිගේ Kottukkali චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.
ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන්නම්. අනිවාර්යයෙන්ම අඩුපාඩු, යෝජනා, චෝදනා අදහස් කොමෙන්ටුවකින් දක්වන්න අමතක කරන්න එපා. හැමදාමත් වගේම බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HD පිටපත් සඳහා ලබා දි ඇත.
36,013 downloadsDownload Maaveeran-2023.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #Aditi Shankar
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Maaveeran (2023) Sinhala Sub
- #Maaveeran (2023) Sinhala Subtitles
- #Maaveeran Sinhala Sub
- #Maaveeran Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sivakarthikeyan
- #Sub
- #Subs
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
BeMax
මයුර
මේක නම් අනිවා බලන්න ඕනෙ.. මං වගේ එකෙක්ටම හදපු ෆිල්ම් එකක්
Naveen Mbr
ස්තූතියි මයුර අයියේ!
prabuddha
Thankx machan. Supiri..
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Anonymous
Kathawa gena thiyana hedinweema Nam godak Madi yaluwe merena the in iwarada film aka? Ath thanks,
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Ravindra
Thanks sub ekata
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Chaminda
Thanks සහෝ sub එකට.....❤️❤️❤️❤️❤️
අසේල
ඩිජිටල් යුගයේ සෑබෑම මානවහිතවාදින් සබකරුවන් වන අතර ඇඟයීමට කොමෙන්ටුවක් පමණක් බලාපොරොත්තුව කාලය ශ්‍රමය මෙන්ම ධනයද කැප කර මා වැනි සිනමාලෝලීන් ගේ රසාස්වාදය පුළුල් පරාසයක පැතිර ඇති සිනමාව අපගේ දැනුමේ පමණට හකුළුවමින් මේ කරන්නා වූ සමාජ මෙහෙවර වෙනුවෙන් හදාවඩාගත් දෙමාපියන් ඇතුළු ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා! කරන කියන කටයුතු මෙන්ම අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
Malindu shamesh
සබ් දානකොට කරුනාකරල ආයේ බලල දාන්න මොකඩ මේ දාල තියෙන්නෙ english sub 1
කරුනාකරල මේකෙ සින්හල සබ් 1 උප්ඩේට් කරන්නNaveen Mbr
ඒක ඔයාට විතරක් තියෙන ප්‍රශ්නයක් වගේ පේන්නෙ.
හේමන්ත
ස්තුතියි රවිඳු..
උපසිරැසියට... විස්තරැයට...
ඔබ (උපසිරැසිකරුවන්) ප්‍රේක්ෂකයාට චිතුපටිය රසවිඳින්නට අධ්‍යක්ෂ තරමටම මහන්සියක් ගන්නවා. ස්තුතියි.gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thank you very much for your time and effort.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maaveeran (2023) Sinhala Subtitles | දෙලොවටම නැති බයගුල්ලාට ලැබුණු වරම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/1692929972-picsaybrbrrbr.jpg)
Thanks mcn ❤️