හොලිවුඩයේ නිපදවන චිත්‍රපට රැසකගේ ප්‍රධානම ශානර වෙන්නේ ක්‍රියාදාම, ෆැන්ටසි, කොමික් වගේ ශානර උනත් ඒ හා සමාන කරට කර ගේමක් දෙන කාණ්ඩයක් විදියට Horror ශානරය හඳුන්වන්න පුළුවන්. දැවන්ත බොක්ස් ඔෆිස් ආදායම් නැතත් සාමාන්‍යයෙන් හොලිවුඩය කළඹන හොරර් නිර්මාන කාලෙන් කාලෙට නිකුත් වෙලා තියෙනවා. The Exorcist (1973),…

හොලිවුඩයේ නිපදවන චිත්‍රපට රැසකගේ ප්‍රධානම ශානර වෙන්නේ ක්‍රියාදාම, ෆැන්ටසි, කොමික් වගේ ශානර උනත් ඒ හා සමාන කරට කර ගේමක් දෙන කාණ්ඩයක් විදියට Horror ශානරය හඳුන්වන්න පුළුවන්. දැවන්ත බොක්ස් ඔෆිස් ආදායම් නැතත් සාමාන්‍යයෙන් හොලිවුඩය කළඹන හොරර් නිර්මාන කාලෙන් කාලෙට නිකුත් වෙලා තියෙනවා. The Exorcist (1973), The Thing (1982), Halloween චිත්‍රපට මාලාව, A Nightmare On Elm Street චිත්‍රපට මාලාව, Friday The 13th චිත්‍රපට මාලාව, Evil Dead චිත්‍රපට මාලාව වැනි ආදායම් වාර්තා පිහිටවු 70, 80 සහ 90 දශකවල පැරණි චිත්‍රපට ඊට කදිම නිදසුනක්. මෑත කාලේ වෙද්දිත් අතරින් පතර බලාපොරොත්තු සහගත නිර්මාණත් එළි දැක්වුනා. It (2017), The Ring (2002), The Grudge (2004), Resident Evil සහ Conjuring Universe’හි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොව පුරා ජනප්‍රිය වූ බව ඔයාලට මතක ඇති.
උඩ කිව්ව චිත්‍රපට වලට අමතරව නිර්මාණය උන ගොඩක් ෆිල්ම්වල කතා තේමාව එකම අච්චුවේ ඒවා විදියට තමයි අපිට දකින්න ලැබුනේ. පවුලක් අළුත් ගෙදරකට ගිහින් එහෙ ඉන්න හොල්මන් කරදර වලට මූණ දෙන හැටි, නැත්තම් මැරිච්ච ආච්චි, සීයා වගේ පවුලේ කෙනෙක්ගේ අවතාර වගේ දේවල් නිතරම යොදාගත් නිසා කාලයක් යද්දි ප්‍රේක්ෂකයන්ට නීරස සහ ඒකාකාරි බවක් නොදැනුනාමත් නෙමෙයි. මෙන්න මේ කාලේ තමයි Jordan Peele කියන සුපිරි අධ්‍යක්ෂවරයා Get Out (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරමින් වාර්තමානයේ හොරර් චිත්‍රපට අළුත්ම මානයකට ගෙනාවේ. ඒ අනුව ඔහුගේම නිර්මාණ වූ Us (2019) සහ Nope (2022) චිත්‍රපටත්, Barbarian (2022), Smile (2022), Conjuring චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේ Malignant (2021) වැනි චිත්‍රපට සාම්ප්‍රදායික හොරර් තේමා වලින් බැහැර උන වෙනස්ම තේමාවන් සහිත නිර්මාණ උනා. ඉතිං මම අද ඔයාලට අරන් ආපු Cobweb චිත්‍රපටයත් එවැනි වෑයමක තවත් සාර්ථක ප්‍රතිපලයක් කියලා හඳුන්වන්න පුළුවන්. Cobweb චිත්‍රපටය මේ වෙද්දි 95%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 61%ක කුණු තක්කාලි අගයකුත්, 6.4ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Samuel Bodin විසින්. රංගනයෙන් දායක වෙන අය අතර Banshee කතාමාලාවේ ශෙරිෆ් හුඩ් එහෙමත් නැත්තම් The Boys කතාමාලාවේ සුපිරි (ප්‍රති)වීර හෝම්ලෑන්ඩර් ලෙස කෙටි කලකින් ලොව පුරා ආකර්ශනය දිනාගත් Antony Starr මාක් ලෙසත්, Now You See Me 2 (2016), The Inteview (2014) යන සිනමාපට වලින් හමුවූ Lizzy Caplan කැරොල් ලෙසත්, Cleopatra Coleman ඩිවයින් ලෙසත්, Woody Norman පීටර් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පීටර් කියන්නේ අහිංසක ඒ නිසාම පාසලේදී නිතර අනිත් ළමයින්ගෙන් කරදර විදින්න වෙන ළමයෙක්. ඉතිං හැලෝවීන් කාලේ ළං වෙද්දි මෙයාටත් අනිත් ලමයි වගේ ගෙවල් වලට ගිහින් ට්‍රික් ඕර් ට්‍රීට් කරන්න ඕන වෙනවා. ඔයාලා දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදට බටහිර රටවල හැලෝවීන් කියලා සමරන උත්සවය ගැන. එදා රෑට පොඩි ළමයි විවිධ ඇඳුම් වලින් සැරසිලා අහල පහල ගෙවල් වලට ගිහින් සිංදු කියලා පැණිරස ජාති ඉල්ලගෙන එකට තමයි ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ. ඒත් පීටර්ගේ අම්මයි තාත්තයිනම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. මොකද ඒ පළාතේ මීට අවුරුදු ගාණකට කලින් හැලෝවීන් දවසේ පුංචි ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා වගේම ඒ අබිරහස තාම විසඳීලා නැති නිසයි. ඉතිං දවසක් පීටර්ට තමන්ගේ කාමරේ බිත්තිය ඇතුලෙන් තට්ටු කරන සද්දයක් ඇහෙනවා. කල් යද්දි මේ සද්දේ වැඩි වෙනවා වගේම බිත්තිය ඇතුලින් කටහඩකුත් ඇහෙන්න ගත්තම තමයි පීටර් හොඳටම බයවෙන්නේ. ඉතිං මේ සද්දේ මොකක්ද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මම කලින් කිව්වා වගේ මේක සාම්ප්‍රදායික හොල්මන් ෆිල්ම් එකක් කියලා හිතාගෙනනම් බලන්න එපා. අවසානය උඩුයටිකුරු එකක් වෙනවා කියලා මම ඔයාලට සහතික වෙනවා.
එහෙනම් මම යන්නයි ලෑස්තිය මට මේක උපසිරැසි ගන්වන්න අවසර දීලා, උපසිරසි ගොනුවත් හොයලා දීපූ අපේ විමා සහෝට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලා ඔයලගෙන් ඉල්ලන ගමන් මමත් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
14,033 downloadsDownload Cobweb-2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Cobweb (2023) Sinhala Sub
- #Cobweb (2023) Sinhala Subtitles
- #Cobweb Sinhala Sub
- #Cobweb Sinhala Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Tharu
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ධනුක .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Heart of Stone (2023)
Anonymous
Thanks jayawewa....!
Sujith
සුපිරි....
Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ ඉක්මනින් උපසිරැසි ගෙනාවට. ජයවේවා!
Tharuka
Movie eka realease una ekkama aub ekath lassnata dunnata godak sthuthi
Nuwan Asela
Niyamai brother sub ekata
Herat of Stone ekata sub eka onelakshan
thanks .........................
chaminda
නියමයි....Thanks සහෝ sub එකට...❤️❤️❤️❤️
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥එSahan Gayantha
thanks wewa saho sub ekata
දහරා මුතු අමා
බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට. හොල්මන් නම් අතාරින්නේ නැහැ.
Anonymous
Nangi flash. Tv series eke 7 , 8 sub Karannnkoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sandaru Nimsara
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks....