Watch Trailer

The Mustang (2019) with Sinhala Subtitles | අත් හැරුණු ජීවිත. [සිංහල උපසිරසි සමඟ]

“මං රෝමන්. රෝමන් කොලමන්. ඔව් මං අපරාධකාරයෙක් තමයි. ඒක වුනේ අත්වැරදීමකින්. වාසනාවට ඇය මිය ගියේ නෑ. ඒත් ඇය එක්තැන් වුණා. මගේ පුංචි දුවට තාත්තගෙ සෙනෙහස නැති වුණා. හැමදේම වුනේ මගේ හදිසි කෝපය හින්දා. දැන් මං ඉන්නෙ හිර කඳවුරක. පුනරුත්ථාපන කඳවුරක් කිව්වොත් හරි. මෙතන එක එක වැඩසටහන් තියෙනවා. ‘අපාරධකරුවන් යහ…

“මං රෝමන්. රෝමන් කොලමන්. ඔව් මං අපරාධකාරයෙක් තමයි. ඒක වුනේ අත්වැරදීමකින්. වාසනාවට ඇය මිය ගියේ නෑ. ඒත් ඇය එක්තැන් වුණා. මගේ පුංචි දුවට තාත්තගෙ සෙනෙහස නැති වුණා. හැමදේම වුනේ මගේ හදිසි කෝපය හින්දා. දැන් මං ඉන්නෙ හිර කඳවුරක. පුනරුත්ථාපන කඳවුරක් කිව්වොත් හරි. මෙතන එක එක වැඩසටහන් තියෙනවා. ‘අපාරධකරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම’ පුහ්! සමාජගත⁣ වෙලා මං මොනව කරන්නද?

ඒ වැඩසටහන් අතර එක දෙයක් තමයි කැලෑ අශ්වයන්ව හීලෑ කරල, පුහුණු කරල වෙන්දේසි කරන එක. ඒ වැඩසටහනේ අශ්වාරෝහකයො අපි. වෙන්දේසි කරනකම් අශ්වයො පුහුණු කරල බලාගන්න ඕන අපි. හැමෝටම එක එක ජාතියෙ අශ්වයො හම්බ වුණා. මට හම්බවුණ එකා අශ්වයෙක්ද? මගේ අශ්වයා, අශ්වගාලේ මට්ටු කරන්න අමාරුම එකා. මිනිස්සු කූඩුව ඇරල ඌ දුවන දිහා බලං ඉන්නෙ හරියට කුණාටුවක් දිහා බලං ඉන්නව වගේ බයෙන්.

ඒ වගේ දඩබ්බරයෙක් පුහුණු කරන එක ලේසි වැඩක් වුනේ නෑ. “මා(ර්)කස්“ එයාට මං දීපු නම. ඇත්තටම මා(ර්)කස් පුහුණු කරද්දී, මගේ ජීවිතෙත් යම් වෙනස්කම් සිද්ද වුනා කියල මට තේරුණා. මොකද අපි දෙන්නම වර්ග දෙකක සත්වයන් වුනත්, දෙන්නම හීලෑ නැති, අරමුණක් නැති අය නේද කියලයි මට හිතුනෙ. මා(ර්)කස් යම් පුහුණුවක් ලබද්දී මගේ ජීවිතෙත් යම් පුහුණුවක් ලැබුව කියල මට තේරුණා. ඇත්තටම මා(ර්)කස් මගේ ළඟම යාළුවෙක් වගේ වුනා. ඒත්………..කවද හරි අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා.“

කැලෑ අශ්ව ගහණය අධික වූ නෙවාඩා, ඇරිසෝනා, කැලිෆෝනියා වැනි ප්‍රාන්ත වල, අශ්ව ගහණය සීමා කිරීමට, එක්සත් ජනපද විසින් සිදු කරනු ලබන වැඩසටහනක් ලෙස, සිරකරුවන් ලවා අශ්වයන් පුහුණු කොට වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.

එවැනි වැඩසටහනක් තුළ අප කථානායක රෝමන්ට හමුවූ, “ඔහු වැනිම“ කැලෑ අශ්වයෙකු නිසා වන සිද්ධි දාමය නැතහොත්, අපරාධකරුවකු සහ කැලෑ අශ්වයෙකු අතර සිදුවන ජීවිත ගණුදෙනුව අළලා, සංවේදි ලෙස නිර්මාණය වූ, පැය 1යි මිනිත්තු 36 පුරා දිවෙන, IMDb අගය 7/10 ක් ගෙන, Rotten Tomatoes දර්ශකය 94% සමඟින් 2019 මාර්තු 15 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටිය අන්තිම වෙනකම් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,469 downloadsDownload The-Mustang-2019.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

4,469 downloadsDownload Subtitles33 KB

40 comments

  1. wnrodrigo

    Good work friend, Thanks!!

  2. Athula

    Thanks ..

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Long Shot (2019)
    Skin (2018)
    Tolkien (2019)

  4. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  5. indika75

    thanks..

  6. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  7. Monro Buultjens

    AwEsOmE, wOw!

  8. amila nisakara

    thanks bro

  9. Kavishna

    Thnx bro...

  10. arawindasunimal

    Thanks hirantha............thanks baiscope.lk

  11. රණසිංහ

    thanx

  12. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....වෙනස් කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  13. Nilush Angana

    Sub ekata thanx

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීට! ජය!

  15. wajira

    Thanks for sub

  16. Chamara Diaz

    Supiri theme ekak wage, Thnks machan...~

  17. Bandara76

    පුහ්! සමාජගත⁣ වෙලා මං මොනව කරන්නද? හැම සිරකරුවෙක්ම මෙහෙම හිතුවොත් මොනව වෙයිද? හිරන්ත සහෝදරය හොදට මේ සිනමා පටය ස්පර්ශ කරල තියෙනව කියල පේනව. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

    තව දෙයක් Download Link 1GB ඉදල 400Mb දක්වා දීල තියෙනව ඒකටත් බොහොම ස්තූතියි. හැමෝගෙම මාසික Data ප්‍රමාණය එක සමාන නැති නිසා 500Mb වලින් පහල ගොඩක් වටිනව

    1. Hirantha Silva

      ස්තූතියි සහෝ...!

    2. tharindulakshanbaiscope2020

      kohmada ganne bn torrent walinda ganna vidiya kyanawa

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. D.Chamara

    aniwa balanna oni ekka bohoma sthuthi sahooo jaya ...

  20. sanjeewakbg

    Thanks bro..

  21. suranuwan

    thanks.......

  22. Wicki

    බොහොම ස්තූතියි

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

    1. lasanthacbamdara

      thanks machan

  24. jagath55

    Thanks

  25. AsithaDilruwan

    ela saho thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. tharindulakshanbaiscope2020

    ane bn meka torrent eken gan nathuwa kohoma ganne kiyala kiyanawada

    1. Hirantha Silva

      moviesroot.in site eken download karanna puluwan.

  28. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...!
    දිගටම උපසිරැසි දෙන්න.
    ඔබටත්, ඔබේ පවුලේ අයටත් නිදුක් නිරෝගී බව ලැබේවා..!
    තෙරුවන් සරණයි..!

  29. Hirantha Silva

    ස්තූතියි Download කරපු Comment හැමෝටම!!!

  30. nish47

    Thanks bro..

  31. MAALnath

    Thanks ........................good luck .......................

  32. gayanmagee

    thanks

  33. chinthaka_priyadrshana

    Thank U.........

  34. naleem1978

    please update to bl rip

  35. නිමල් දිසානායක

    හීලෑ වෙන්නේ අශ්වයෝද මිනිස්සුද?

    තෑන්ක්ස් හිරන්ත.
    නියම වැඩක්...
    ඉතාම මානුෂීය ගතියක් වෑහෙන ෆිලුමක්!

  36. Thushan Thilanka Agampodi

    Thanks a lot bro. Good job. Hope u safe on this epidemic time