Watch Trailer

The NeverEnding Story (1984) | කිසිදා නිම නොවන කතන්දරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මෙච්චර කාලයක් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් නිතරම අපේ යාළුවන්ගේ නිර්මාණ බල බල අදහස් දක්වපු මටත් හිතුනා ඒ යාළුවන්ට බලන්න මටත් උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ෆිල්ම් බැලුවට මොකද ෆිල්ම් එකකට සබක් දානකොට තියෙන සැප ගැන නම් අමුතුවෙන් කියන්න ඕන න…

The Never Ending Story (1984)

කොහොමද යාළුවනේ? ඔන්න මෙච්චර කාලයක් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් නිතරම අපේ යාළුවන්ගේ නිර්මාණ බල බල අදහස් දක්වපු මටත් හිතුනා ඒ යාළුවන්ට බලන්න මටත් උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ෆිල්ම් බැලුවට මොකද ෆිල්ම් එකකට සබක් දානකොට තියෙන සැප ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තියෙන ලයින් ගාන අඩු වුනාට මේක කරන්නත් මට දවස් ගානක් ගියා.

ෆිල්ම් එක නම් ටිකක් පරණයි.ඒත් මට නම් නරකක් දැනෙන්නේ නෑ.ඒ කාලේ තිබ්බ තාක්‍ෂණය උපරිම විදයට භාවිතා කරලා තියෙනවා. සමහරු නම් බනීවි දෙන්න ෆිල්ම් නැතුවට මේවට උපසිරැසි දෙනවා කියලා. සුරංගනා කතා වලට ආස නැති අයටයි කියන්නේ මේක නම් හැබෑම සුරංගනා කතාවක්. හැබැයි මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. මේ අවුරුද්දේ ඔයාල ආසාවෙන් බලපු සින්ඩරෙල්ලා, එතකොට මම ලගදී ආසාවෙන් බලපු Enchanted (2007) වගේ ලස්සන කතාවක්. හිතට ඇල්ලුවොත් විතරක් බලන්න. IMDb මීටරේ 7.4 ක්. වැඩිම පිරිසක් දීපු ලකුණ විදියට තියෙන්නේ 08ක්. හොදම ෆිල්ම් 5000 ඇතුලෙත් ඉන්නවා.

හොදයි. අටුවා ටීකා නවත්වලා ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමුකො. බැස්ටියන් කියන්නේ අම්මත් නැතුව තාත්තගේ යටතේ හැදෙන දරුවෙක්. මෙයාට අපරාදේ කියන්න බෑ ඉස්කෝලේ හොද යාළුවොත් ටිකකුත් ඉන්නවා. ඒ ගොල්ලන්ට පින් සිද්ධ වෙන්න දවසක් මෙයාට පොතක් හම්බවෙනවා. හැබැයි ඒක නිකම්ම කතා පොතක් නෙමේ. මේවා දැක්කම පොත් කියවන්නත් බය හිතෙනවා. ඒක ඉතින් ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.

ඉතින් ෆිල්ම් එක බලලා මගේ පුංචි උත්සාහයට පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන ගමන් අඩුපාඩුවක් තිබුනොත් ඒකත් කියලා මට බනින්න. මම තරහා වෙන්නේ නෑ. මේ ෆිල්ම් එකට උපසිරැසික් කරන්න අවස්ථාවක් දුන්න බයිස්කෝප් වෙබ් අඩවියේ හැමදෙනාමත් ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි.

ලංකාවේ හිටියට හොලිවුඩ්, බොලිවුඩ් පට්ට ගහන අපේ යාළුවන්ට මතක් කරන්න පුංචි දෙයක් තියෙනවා. මතක ඇතුව තමන් බලන ෆිල්ම් වලට තමන්ටම කියලා බැලුම් ලැයිස්තුවක් (Wacthlist) IMDb වෙබ් අඩවියේ හදන්න පුළුවන් කියලා දන්නවා ඇති නේද? දන්නේ නැති අයට දැනගන්නත් එක්කයි ඒ මතක් කිරීම. එහෙනම් ඉඩක් තිබ්බොත් තවත් උපසිරැසියකින් හමු වෙමු. හැමදෙනාටම බුදුසරණයි!

The NeverEnding Story (1984) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Neverending Story 1984 1080p BluRay x264 anoXmous

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,146 downloadsDownload The_Neverending_Story_1984_baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/අසිත-දිල්රුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.P. අසිත දිල්රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

A.P. අසිත දිල්රුවන්

Subtitles

1,146 downloadsDownload Subtitles315 B

38 comments

  1. Jay

    thankz machan......

  2. raki

    ala bro ala......parana unath balanna asai.....niyamai 1 wene sub akata magen ***suba pathum*** jaya wewa.....god bless.......!!

  3. නලින්

    ස්තුතියි අසිත සහෝ!

    ජය වේවා!

  4. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    සුපිරි ! අසිත සහෝ ! සුබ පැතුම් ! අපිට තවත් සාමාජිකයෙක් නේ ! මමත් දැන් සති 6 ක් ඉදන් සම්බන්ද කෙනෙක් !
    වැඩියම බර පරණ හින්දි ෆිල්ම් කරන්න. ෆිල්ම් බලනවා වගේ නෙමේ කරන්න ගියාම තියෙන අමාරුව අනිවා කියලා වැඩක් නැ
    කොහොමටත් සුබපැතුම් මගෙන් තවත් කරමු .

  5. ඩීන්

    පළවෙනි උපසිරසට බොහොම ස්තුති සහෝ…
    පුලුවන් විදියට දිගටම කරගන යමු මචං...
    ජය.!!

  6. amila

    patta film akak ne......

  7. achi

    ස්තූති අසිත සහෝ!!!
    පළමු උපසිරැසියට සුබ පැතුම්!!!
    ජය!!!

  8. “චූටී මල්ලි”

    elz

  9. dassun

    thanks machan

  10. Tharaka

    හොඳ ෆිල්ම් එකක් නේ මුලින්ම දීල තියෙන්නේ. පළවෙනි උපසිරසයට මගෙනුත් සුභ පැතුම්! ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ.....!

  11. [email protected]

    පළමු උපසිරැසියට සුබ පැතුම්!

  12. [email protected]

    ඔබගේ පළමු උපසිරසියට සුබ පැතුම්!

  13. අසිත

    මෙන්න direct බානව නම් ලින්ක් 02ක්.කොලිටිය ගැන හිතන් නැතුව බය නොවී බාන්න.සබ් එකත් ගානටම ගැලපෙනවා.

    http://idup.in/bm1zyngb9hh5

    https://file.rocks/file/0pfhMBz2Qn

  14. priyan

    බලන්නම ඕනේ ස්තුති

  15. Sandaru

    issara asawen balapu meke cartoon eka matak una.Thank you bro..

  16. අසිත

    අදහස් දැක්වූ හා උපසිරැසි ලබා ගත් සියලු දෙනාට ගොඩක් ස්තුතියි.
    එයයි අපගේ සතුට.ඔබට ජය!!

  17. thisal

    ස්තූති අසිත සහෝ!!!
    පළමු උපසිරැසියට සුබ පැතුම්!!!

  18. thisal

    ස්තූති අසිත සහෝ!!!
    පළමු උපසිරැසියට සුබ පැතුම්!!!.....

  19. Tharindu

    Thank you very much saho....:-)

  20. kavinda

    පළවෙනි උපසිරසට බොහොම ස්තුති සහෝ…

  21. සසිනිකා

    මේකෙ කාටුන් එකක්
    ස්වරණවාහිනියෙ ගියා වගේ
    මතකයි..මේ ඒකද
    දන්නෙ නෑ. පළවෙනි උපසිරැසියට
    සුභ පැතුම් සහෝ....

    1. අසිත

      නෑ.මේ tv සීරිස් එක නෙමේ සහෝ.

  22. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජයවේවා!

  23. රොයිලි

    බොහොම ස්තූතියි අසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. අසිත

      ජය වේවා!!

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Sajith Anthony

    පළමු නිර්මාණයට සුභ පැතුම්!!
    ජය වේවා!!

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. L c Demel

    පළමු උපසිරසට සුභ පැතුම් අසිත සහෝ. දිගටම උපසිරස කරමු.

  28. Chathuranga Rajakaruna

    එල බන් නියමයි .. මන් මේකෙ පොත කියවලා තියෙනවා පට්ටයි බන් .. ෆිල්ම් 1 හොය හොයා හිටියේ බලන්න ඕනේ අනිවාර්යෙන්ම
    well done bro.... (Y)

    1. අසිත

      elas machan.

    2. Nadeera Dilhani

      Potha hoyaganna nadda

  29. Shalitha Lakshan Wijesiri Gunawardhana

    elz

  30. දුලාජ් මංජුල

    thanx machan meka denakam balan unne .puluwannam bates motel auth season ekatath sub karamuko

  31. Kasunabayasekara

    Thanks bro

  32. Chanith

    Super......
    The.Neverending.Story.II.The.Next.Chapter.1990.720p.BluRay.x264.YIFY
    The.Neverending.Story.3.1994.720p.BluRay.H264.AAC-RARBG
    Narnia-4-The Silver chair
    Mewaget sub dannoo.....

  33. Nadeera Dilhani

    ගොඩාක් තෑනක්ස්! මේකේ පොත කියෙව්වට පස්සේ කාලෙයක් පිස්සු වැටුණා. ගොඩක්ම තෑන්කස්!