“ A Man Called Otto ” සිනමාපටයට උපසිරැසි ගැන්වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ලැබුණ හොද ප්රතිචාරත් එක්ක ඔන්න මම ආයෙ තවත් අපූරු සිනමාපටයකට උපසිරැසි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන්න හිතුවා.ඉතිං මේ පාර මම ඔයාලා හමුවට අරගෙන ආවේ මීට අවුරුදු 17 කට විතර කලින් තිරගත වුන ටිකක් පරණ සිකමා සිත්තමක්.හැබැයි මේ සිනමාපටය ටිකක්…

“ A Man Called Otto ” සිනමාපටයට උපසිරැසි ගැන්වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ලැබුණ හොද ප්රතිචාරත් එක්ක ඔන්න මම ආයෙ තවත් අපූරු සිනමාපටයකට උපසිරැසි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන්න හිතුවා.ඉතිං මේ පාර මම ඔයාලා හමුවට අරගෙන ආවේ මීට අවුරුදු 17 කට විතර කලින් තිරගත වුන ටිකක් පරණ සිකමා සිත්තමක්.හැබැයි මේ සිනමාපටය ටිකක් පරණ එකක් වුනාට ඔයාලා කව්රුත් අත්නොහැර බැලිය යුතුම සිනමා නිර්මාණයක්. ඒ වෙන කිසිවක් නෙමේ 2006 වසරේ තිරගතවුන “ The Devil Wears Prada ” සිනමාපටය.
හරි දැන් අපි සිනමාපටය පැත්තට හැරෙමු.මේ සිනමාපටය ඇමරිකාවේ ප්රදර්ශනය අරඹන්නෙ 2006 ජූනි 30 වෙනිදා.ඒ ඩේවිඩ් ෆ්රෑන්ක්ලීන්ගෙ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩවයි.ඔහු ගැන කියනවනම් ඔහු තමයි බොහෝ රසික ආකර්ෂණය දිනා ගත් “ Marley & Me ” සිනමාපටය නිර්මාණය කෙරුවේ.ඒ වගේම මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ Lauren Weisbergel විසින් එනමින්ම රචිත නවකතාව.ඒ වගේම මේක New York Time Bestseller නවකතාවක්ද වෙනවා.කොහොම නමුත් මේ නවකතාවට සේම සිනමාපටයටත් පාදක වෙලා තියෙන්නෙ ලේඛිකාවගේම ජීවිතයේ එක් සන්දිස්ථානයක්.නවකතාව සේම සිනමාපටයත් වාණිජමය වශයෙන් ඉතාමත් සාර්ථකත්වයට පත්වූවක්.ඇමරිකානු ඩොලර් මිලියන 35 – 41 ක් වගේ මුදලකින් නිෂ්පාදනය වූ මේ සිනමාපටය ලොව පුරා ප්රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 326 ක බොක්ස් ඔෆීස් ආදායමක්ද උපයා ගන්නට සමත්වෙලා තියෙනවා.
ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන්නෙත් එසේ මෙසේ පිරිසක් නම් නෙමේ.හොලිවුඩ් පුරයේ සිටිනා සුවිශිෂ්ට නිළියක් වන Meryl Streep ට අමතරව මෙහි රංගන දායකත්වයෙන් දක්ෂ සේම ජනිප්රිය නළු නිළියන් වන Anne Hathaway, Emily Blunt හා Stanley Tucci දායකව සිටිනවා.ඔවුන්ද මේ සිනමාපටය තුල විශිෂ්ඨ රංගනයක නියෙලෙනා ආකාරය ඔබට දැක බලා ගන්න පුළුවන් වෙයි.ඒ වගේම මෙහි Meryl Streep විසින් රංගනයෙන් දායක වන මිරැන්ඩාගේ චරිතයට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකානු විලාසිතා සගරාවක් වන Vogue මැගසින් එකේ කර්තෘ Anna Wintour ව.ඇය ඇමරිකානු විලාසිතා කරුවන් අතර බොහොම ගෞරවාදරයට පත්වූ චරිතයක්.
ඒ වගේම කියන්නම ඕන සිනමාපටය තුල ඇනාගේ චරිතයට පණ පොවණ නැත්තම් මිරැන්ඩාගේ චරිතයට රංගනයෙන් දායක වන ඔස්කාර් සම්මාන ලාභී අති විෂිශ්ඨ නිළි Meryl Streep ගේ අති විෂිශ්ඨ රංගනයක් ඔබට මේ සිනමාපටයෙන් දැක ගන්න පුළුවන් වේවි. ඇය එම චරිතය වෙනුවෙන් සිදුකල සුවිෂිශ්ඨ රංගනය නිසාම එම වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නිළියට හිමි නාම යෝජනා අතරටද එක් වුනා.ඊට අමතරව තවත් සම්මාක රැසක් සදහාද ඇගේ නම නිර්දේශ වුනා.ඉතිං ඒක නිසා අමුතුවෙන් කියන්න ඕන් නැහැනෙ ඒ රංගනය කොහොම ඇත්ද කියලා.නාට්‍යම හාසය්‍ය කාණ්ඩයට වැටෙන මෙම සිනමාපටය IMDB දර්ශකයේ ලකුණු 6.9/10 ක්ද රොටැන් ටොමැටෝස් දර්ශකයේ ලකුණු 75% ක්ද ලබා ගන්නට සමත් වෙලා තියෙනවා.
හොදයි දැන් මම ලිපිය ටිකක් දිග වැඩි වුන නිසාම සිනමාපටයේ කතා සාරාංශය කෙටියෙන් කියන්නම්.ඇන්ඩි කියන්නෙ නිව්යෝර්ක් නගරයේ රැකියා අපේක්ෂිතව දිවි ගෙවනා තරුණ යුවතියක්.ඇගේ එකම හීනය තමා කවදා හරි දවසක මාධ්‍යවේදිණියක් වෙන එක.ඉතිං එයාට අවස්ථාවක් ලැබෙනවා ඇමරිකාවේ ප්රසිද්ධ විලාසිතා සගරාවක් වන රනවේ සගරාවේ සහකාර තණතුර සදහා තෝරගන්න රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට යන්න.කොහොම හරි මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන ඇයට එහි රැකියාව හිමි වෙනවා.ඒත් අමාරුම වැඩේ කියන්නෙ ඇයට වැඩ කරන්න සිද්ධවෙන්නෙ රනවේ එකේ ප්රධාන කර්තෘ මිරැන්ඩා ප්රෙස්ලිගෙ දෙවන සහයිකාව විදියට.ඇය බොහෝ දැඩි ගතිගුණ තියෙන තැනැත්තියක්.ඒ නිසාම ඇන්ඩිට මෙහි රැකියාව කරනගෙන යනවිට නොයෙකුත් බාධක කම්කටොළු රැසකටම මුහුණ දෙන්න සිද්ධවෙනවා.ඒත් ඇගේ එකම අධිෂ්ඨානය මාධ්‍යවේදිණියක් වීම.
ඉතිං ඇයට ඇගේ බොස්ගෙ හිත දිනාගෙන සිය ඉලක්කයට සාර්ථකව යන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඔයාලට මේ සිනමාපටය නරඹන්නම සිද්ධවෙනවා.ඉතිං මම ඔයාලට ආරාධනා කරනවා පැයයි විනාඩි 46 ක් තිස්සෙ දිවෙන මේ අපූරු සිනමා පටය අනිවාර්ය්‍යයෙන්ම නරඹන්නයි කියලා.
එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දී ඇත
3,307 downloadsDownload The-Devil-Wears-Prada-2006.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
- #2006
- #Adrian Grenier
- #Aline Brosh McKenna
- #Anne Hathaway
- #Box Office Hits
- #David Frankel
- #Editor's Pick
- #Lauren Weisberger
- #MaxxA
- #Meryl Streep
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Anonymous
theeraka widuranga
denakam balan hitapu ekak thanx bro
Anonymous
thank you
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Devil Wears Prada (2006) Sinhala Subtitles | දුක් කම් කටොළු බාධක මැද ජීවිතයේ සාර්ථකත්වය සොයනා යුවතිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Devil-wears-prada-2006-.jpg)
Ela ela bro