ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ කතා තේමාව සරල වුණාට නෝර්ස් මිත්‍යා කතා මීට සෘජුවම සම්බන්ද වෙනවා. ඒ නිසා මේ ෆිල්ම් එකේ යම් යම් තැන් තේරුම් ගන්න අනිවාරෙන් ඒ සම්බන්ද දැනුමක් තිබිය යුතුමයි. ඉතින් අපි ඒ සම්බන්දව විස්තරයක් නොකළොත් ඒක ලොකු අඩු පාඩුවක්. ඒ නිසා ඒ සම්බන්දව හොඳ විස්තරයක් ලබා දුන් කවිෂල් රසින්ත සොයුරාට බෙහෙවින් ස්තූති කරනවා සහ මට මේ ෆිල්ම් එකට සබ් කරන්න බාර දුන්න විමා අයියටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. චිත්‍රපටය ගැන වැඩිදුර විස්තර අවශ්‍ය ඈයොන්ට කවිශල් රසින්ත සොයුරාගෙ ලිපිය මෙතැන් සිට කියවන්න.
Feature ෆිල්ම් තුනකට පස්සේ මෑත කාලයේ බිහිවුන විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයෙක් ලෙස වගේම ඔහුටම වූ රසිකයන් පිරිසක් ස්ථාපිත කරගනිමින් වෙනම කලාත්මක ශෛලියක් ලෝක සිනමාවට දායද කරන්නට Robert Eggers හට හැකියාව ලැබිලා තියෙනවා. ඔහුගේ පළමු සිනමාපට ද්විත්වය The Witch සහ The Lighthouse එම සිනමාපට අයිති කාලවකවානුවන්ට අනුව ඓතිහාසික නිරවද්‍යතාවයද පවත්වාගෙන ගැඹුරු මාතෘකාවන් අත්භූත ආකාරයට පෙන්නුම් කල විශිෂ්ඨ සිනමාපට බව ලෝ පුරා බොහෝ විචාරකයින් පිලිගන්නා කාරණයක්. ඉතින් Robert Eggers ගේ මේ තුන්වෙනි සිනමාපටය The Northman ද ඊට නොවෙනස්ව අධ්‍යක්ෂකවරයාගේ ගති ලක්ෂණ එලැසින්ම දකින්නට ලැබෙන සිනමාපටයක් බව කිව යුතුමයි. මොකද මේ සිනමාපටයද 8 වෙනි සියවසේ වයිකින් සංස්කෘතියේ ඉතා සූක්ෂම කරුණු කාරණා සහ භයංකර පදනමයන් යටතේ සවිස්තරාත්මකව ඉතා කල්පනාකාරිව මෙම සිනමාපටයට යොදාගෙන තිබෙන බව පැහැදිලිව දැකගන්නට පුළුවන්. History නාලිකාව හරහා විකාශය වී අවසන් වුන Vikings කතා මාලාව, නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Vikings: Valhalla වැනි කතා මාලාවන් සහ God of War වැනි වීඩියෝ ක්‍රීඩා සමඟින් නොර්ස් මිත්‍යා කතා කෙරෙහි ඇති උනන්දුව රසිකයන් අතර සෙමෙන් ඉහළ යාමෙන් පසුව, පැරණි පිටපතක් තිරයට ගෙන ඒමේ අවස්ථාව Eggers දුර සිටම දැක ඇති බව පැහැදිලියි.
නිෂ්පාදනයේ සෑම අංශයකටම අවධානය දෙමින් රසිකයන්ට විස්තර ලබාදීමට ඩේවිඩ් ෆින්චර් වැනි අධ්‍යක්ෂකවරයා සතු හැකියාව රොබර්ට් එගර්ස් සතුවත් ඇති බවට විචාරයකන් සතුව ඇති කීර්තිය නැවත නැවතත් සනාථ කිරීමට ඔහු මේ සිනමාපටයද යොදාගෙන තිබෙනවා. ඒ වගේම රොබර්ට් එගර්ස් The Northman සිනමාපටයේ වැඩ කටයුතු සිදු කරන අතරතුර නෝර්ඩික් ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් ඇති අය සමඟ හවුල් වී එම යුගය පිළිබඳ අඳුරු සහ මිත්‍යා දර්ශනයක් මෙම සිනමාපටය හරහා නිර්මාණය කිරීමට උත්සාහ කර තිබෙනවා. අනෙක් අතට, නොර්ස් මිථ්‍යාවන් කියන්නේ මේ සිනමාපටයේ පැවැත්ම සඳහා අනිවාර්ය අංගයකි. ඉතින් ඒ නිසා මේ සිනමාපටය හරහා කතා කෙරෙන වයිකින් යුගයේ වඩාත්ම වැදගත් යොමු කිරීම් කිහිපයක් ගැන කතා නොකලොත් ඒක අඩුපාඩුවක්. Heavy Spoilers Ahead….ඒ නිසා සිනමාපටය නරඹලා මෙතනින් එහාට කියවනවා නම් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. ස්පොයිලර්ස් ගැන තැකීමක් කරන්නේ නැති නම් කියෙව්වට කමක් නෑ. නෝර්ස් මිත්‍යා මයාකාරියන් හෝ මායාකරුවන් වයිකින්වරු සහ ඔවුන්ගේ දෙවිවරු අතර සන්නිවේදනයන් සිදු කරනවා.
නෝර්ඩික් මන්තර ගුරුකම් සහ ගුප්ත විද්‍යාව යනු මේ සිනමාපටයේ ප්‍රධානම කාරණය වන අතර සිනමාපටයේදි එම උපායන් භාවිත කර අධ්‍යක්ෂකවරයා උපායශීලී ආකාරයකින් කතාව සාර්ථකව ඉදිරියට ගෙන යාමට භාවිතා කර තිබෙනවා. මිනීමරු වයිකින්ග් කණ්ඩායමක් සමඟ හැදී වැඩුණු පසු, ඇල්මෙත්ට ඔහුගේ අරමුණ මතක් කර දුන් සහ අනාවැකියක් පසක් කරදුන් මයාකාරීයක් හමුවෙනවා. බොහෝ ආගම් සහ සංස්කෘතීන් වල ඔවුන්ගේම ආකෘතිමය මායාවරුන් හෝ මායාකාරියන් සිටිනවා, ක්‍රිස්තියානි ධර්මයේ අනාගතවක්තෘවරුන් සහ ස්වදේශික ඇමරිකානු සංස්කෘතියේ ෂාමන්වරුන් කියන්නේ ඒ වගේ උදාහරණ කිහිපයක්. ඉතින් මේ The Northman හී සිටින මායාකාරිය, Seidr නම් ස්කැන්ඩනේවියානු වයිකින් යුගයේ මැජික් ක්‍රමයක් තමා පාවිච්චි කරන්නේ. ස්කැන්ඩිනේවියානු යකඩ යුගයේදී (Iron Age) Seidr මායා ක්‍රමය බොහෝ සෙයින් පැතිරී ගිය නමුත් ක්‍රිස්තියානි ධර්මය ලොව පුරා ක්‍රමක්‍රමයෙන් බලපෑම සහ එහි වර්ධනය වීමත් සමඟ පසු ශතවර්ෂ වලදී අඩු වීමට පටන් ගන්නවා. සාම්ප්‍රදායික වයිකිං ක්‍රමවල මන්දගාමී මරණය Eggers සහ ඔහුගේ කණ්ඩායම විසින් චිත්‍රපටය පුරාවටම විස්තර කරනවා වගේම එම විස්තරයන් අතිවිශිෂ්ට ලෙස සියුම් අවස්ථා වලදී රසිකයන් හට ග්‍රහණය කරගැනීමට ලබාදීලා තියෙනවා. Seidr මායා ක්‍රමය කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මායා ක්‍රමයක්, නමුත් සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන ඇල්මත් හට Night Blade පිළිබඳ පවසන්නේ Seidr මායාව ප්‍රගුණ කල පිරිමි මායාකරුවෙකි. Seidr මායාව ප්‍රගුණ කරන පිරිමින් ඔවුන්ගේ සංස්කෘතියන් තුල තහනම් පිරිසක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ගම්වලින් නෙරපා හැර තිබෙනවා.
The Northman සිනමාපටයේ පෙන්නුම් කල තරම් ඔඩින් හට කපුටන් සිටියේ නැත
සිනමාපටය පුරාවටම කපුටන් විශාල වශයෙන් ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබෙනවා. සිනමාපටයේ ප්‍රධාන චරිතය ඇල්මත්ගේ වාසගම වෙන්නේද වෝ-රේවන් අතර සිනමාපටයේ එක් සිදුවීමක ඔහුව සිරකොට තිබෙන අවස්ථාවක ඔහුව එයින් ගලවාගන්නේ කපුටන් පිරිසක් විසිනි. මධ්‍යතන යුගයෙන් පසු මරණය සහ යක්ෂයා සමඟ සම්බන්ධ වීමට පෙර, වයිකිංවරු කුරුල්ලන්ව ඉතා ඉහළින් සැලකූහ. ඔවුන් අනාවැකි කීමේ සහ ආරක්ෂාවේ සංකේතයක් ලෙස කුරුල්ලන් සලකනු ලැබූ අතර බොහෝ විට වයිකිං ඉතිහාසය පුරාම සහ කතන්දර කීමේ දී කුරුල්ලන්ව නිරූපණය කරන ලදී. වඩාත් ප්‍රසිද්ධ කාරණය වූයේ මතකයට සහ සිතීමට ප්‍රධාන වූ Huginn සහ Muninn නමැති කපුටන් දෙදෙනාවය. ඔවුන් දෙදෙනා ඔඩින්ගේ ඇස් සහ කන් ලෙස ක්‍රියා කරමින් තොරතුරු රැස් කිරීම ලොවපුරා සැරිසරන බවයි නෝර්ස් මිත්‍යාවන් වල සඳහන් වෙන්නේ.
වල්හල්ලාව (Valhalla) සටන්වලදී මිය ගිය අය සඳහා වෙන් කර ඇත.
ඕනෑම සම්භාව්‍ය පළිගැනීමේ සිනමාපටයක වගේම මෙහේදීද අනුකම්පා විරහිත ක්‍රියාවන් සහ මරණයන් The Northman සිනමාපටය සඳහාද අවශ්‍යමය.වයිකිං සංස්කෘතිය තුළ, වල්හල්ලා යනු ඇස්ගාර්ඩ් හි ඇති ප්‍රියතම ශාලාවක් වන අතර එය සටනේදී මිය ගිය අය සඳහා වෙන් කර ඇත. නෝර්ස් පුරාවෘත්තයට අනුව, සටනේදී මිය යන අයගෙන් අඩක් පමණක් වැල්කරීස්ලා (Valkyries) විසින් වල්හල්ලා වෙත ගෙන යන අතර, අනෙක් පිරිස ෆෝල්ක්වැන්ගර් (Fólkvanger) හි කෙත්වල ෆ්‍රේයා (Freyja) දේවතාවිය සමඟ එකතු වේ. වල්හල්ලා සහ ෆෝල්වැන්ගර් වල එකම වෙනස වෙන්නේ සටනකදි ගෞරාන්විතව මැරුණ අයගෙන් ඔඩින් තෝරාගන්නා පිරිස වල්හල්ලා වෙත ඇතුළු වීමත් ෆ්‍රේයා විසින් තෝරාගන්නා පිර්ස ෆෝල්ක්වැන්ගර් වෙත ඇතුළු වීමත් පමණයි. චිත්‍රපටයේ වල්හල්ලා පමණක් සඳහන් වන අතර, බොහෝ චරිත ඔවුන්ගේ උරුමයට ගෞරවය සහ මහිමය ගෙන දෙන බැවින් සටන් කරමින් මිය යාමට ඇති ආශාව ගැන කතා කරනවා. නෝර්ස් මිත්‍යාවන් වල නෝර්ඩික් යුගයේ අවසානය වන රග්නාරොක් (Ragnarok) ආරම්භ වූ විට වල්හල්ලා වෙත යවන ලද එම රණශූරයන් ආයුධ අතට ගෙන ඔඩින් සමඟ සටන් කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා. වල්හල්ලාව සිනමාපටයේ දක්නට නොලැබුණත්, වැල්කිරියක් පියාපත් සහිත අශ්වයෙකු පිට ඇම්ලෙත්ගේ මෘත දේහය රැගෙන යන ආකාරය පෙන්වන විට ප්‍රේක්ෂකයන්ට වල්හල්ලාවේ දොරටු දැකගත හැකි වෙනවා. ඔඩින් දෙවියන් කියන්නේ ජර්මානු මිථ්‍යා කථා වල බහුලව ගෞරවාදරයට පාත්‍ර වූ දෙවියෙක් වගේම නොර්ස් මිථ්‍යා කථාවලට අනුව ඔහු ප්‍රඥාව, සුව කිරීම, මරණය, රාජකීයත්වය, එල්ලුම් ගහ, දැනුම, යුද්ධය, සටන, ජයග්‍රහණය, මන්තර ගුරුකම්, කවි, වියරුව සහ රූනික් හෝඩිය වලට අධිපති ලෙස සඳහන් වෙයි.ෆ්‍රේයා දේවතාවිය කියන්නේ නොර්ස් මිථ්‍යාවන්ට අනුව ආදරය, සුන්දරත්වය, සශ්‍රීකත්වය, ලිංගිකත්වය, යුද්ධය, රත්තරන් සහ අනාගතය දැකීම සහ එයට බලපෑම් කිරීම් වැනි දේවල් වලට අධිපති දේවතාවියයි. ග්නරොක් කියන්නේ මොකද්ද කියලත් මේ ගමන්ම කෙටියෙන් පැහැදිලි කරන්නම් රග්නරොක් කියන්නේ නෝර්ඩික් යුගයේ අවසානය සහ ලෝක විනාශයට තුඩු දෙන සිදුවීම් සහ ව්‍යසන මාලාවක්. රග්නරොක් අවසන් වෙන්නේ දෙවිවරුන් සහ යක්ෂයන් සහ යෝධයන් අතර අවසන් සටනකින් වන අතර එය දෙවිවරුන්ගේ මරණයෙන් අවසන් වෙනවා.
Robert Eggers ගේ මේ සිනමාපටයේ වැල්කරීස්ලා කිසිසේත්ම MCU හී සිටින වැල්කරීස්ලා වගේ නෙමෙයි.
මෑත වසරව කිහිපයේදි, බොහෝ ප්‍රේක්ෂකයින් වැල්කරීස්ලා පිළිබඳ අදහස මාර්වෙල් සිනමැටික් යුනිවර්ස් හි Tessa Thompson ගේ වැල්කරීස් චරිතය සමඟ සම්බන්ධ කරනවා. නමුත් පැරණි නෝර්ස් භාෂාවෙන් පරිවර්තනය කිරීමේදී, Valkyrie හෝ Valkyrja යන්නෙහි තේරුම “මරා දැමූ අය තෝරා ගන්නා” වන අතර, අනෙක් අතට, නොර්ස් මිථ්‍යා කථා තුළ ඔවුන්ගේ රාජකාරියද සාරංශගතව දක්වා තිබෙනවා. එනම් ඔවුන් දේවදූතයන් වැනි රණශූරියන් වෙන එම පිරිස මියගිය සොල්දාදුවන්ගේ ආත්මයන් යුධ පිටියේ සිට වල්හල්ලා හෝ හෝ ෆෝල්ක්වැන්ගර් වෙත ගෙන යන බවත්, බොහෝ පැරණි මිථ්‍යා කථා වල සඳහන් වෙන පරිදි සටනේදී සොල්දාදුවන්ගේ ආරක්ෂකයන් වීමේ කාර්යභාරය මෙන්ම ඔවුන් අනුමත නොකරන අයගේ ඉරණමට මැදිහත් වීමේ කාර්යභාරය වැල්කරීස්ලා විසින් ඉටු කරනවා. වැල්කයිරිස්ලාද The Northman තුලද දක්නට ලැබෙන්නේ දෙවතාවක් පමණක් වන අතර, දෙදෙනාම මරණින් මතු ජීවිතයට ගමන් කිරීම පිළිබඳව පෙන්නුම් කරන ඇල්මෙත්ගේ දර්ශනවලින් පමණයි. ඒ වගේම The Northman සිනමාපටය නරඹපු කිහිපදෙනෙක්ටම තිබුන ප්‍රශ්නයක් තමා සිනමාපටයේ Valkyrie ගේ දත්වලට ආධාරකයක් ඒම නැත්තම් Braces දාලා තියෙනවා කියලා. බොහෝදෙනෙක් මේක අත්වැරදීමකින් උන දෙයක් කියලා හිතුවට ඒක එහෙම නෑ. Robert Eggers ප්‍රකාශ කරනවා ඒ පුරාවිද්‍යාඥයන් කැනීම් වලදී වයිකිංවරුන්ගේ නටඹුන් වලට සමාන දත්වලට කැටයම් කරන ලද දෙයක් කියලා. ඒක අමතර දැනුමට එකතු කලේ, නැතිනම් හිතන්න පුළුවන් ඒක ප්ලොට් හෝල් එකක් කියලා.
Norn, ඉරණමට අධිපති සොහොයුරියන් තිදෙනා.
නෝන්ස් කියන වචනය The Northman සිනමාපටය පුරාවටම දැකගන්න ලැබෙනවා ඉතින් මේ නෝරන් කියන්නේ නෝර්ස් සහ ජර්මානු මිත්‍යාවන්ට අනුව ඉරණම, දෛවයේ දේවතාවියන් වෙනවා. ජර්මානු මිථ්‍යා සම්ප්‍රදායට අනුව, ඔවුන් සහෝදර දේවතාවියන් තිදෙනෙකු ලෙස හඳුනාගෙන තියෙනවා. ක්ලෝතෝ (“පවත්වාගෙන යන්නා”), ලැචෙසිස් (“තීරණය කරන්නා”) සහ ඇට්‍රොපොස් (“අවසන් කරන්නා”). එනම් මේ තිදෙනා තමා ජීවත් වෙන සෑම මිනිසෙකුගේම ජීවතයේ පැවැත්ම පවත්වාගෙන යෑම., කොයි කාලේද මරණය සිදු වෙන්නේ සහ ජීවිතයේ අවසානය තීරණය කරන්නේ.
මේ කරුණු කාරණා The Northman එකේ මම දැකපු වැදගත් කරුණු කාරණා කිහිපයක් විතරයි, නමුත් සිනමාපටය පුරාවටම විනාඩියක් ගානේ මේ වගේ තව බොහෝ නෝර්ස් මිත්‍යාව සහ වයිකිංවරු හා බැඳුනු කරුණු කාරණා රාශියක් තියෙනවා. ඉතින් නරඹන ඔයාලා හැමෝම විමසිල්ලෙන් බලන්න තව මොනවද තියෙන්නේ කියලා, එහෙම නොතේරෙන තැනක් එහෙම හමුවුනොත් කමෙන්ට් එකක් දාලා අහන්න අපි පිලිතුරු ලබා දෙන්න සූදානම් ඒ ප්‍රශ්න වලට.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
34,590 downloadsDownload The.Northman.2022-BR.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
52 comments
Kantha_DLA
Anonymous
Thanks for sub
suranjan
thanks
Kushan
Sub akta thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රතිදු
ඔච්චර සීන් ටිකක් ඔලුවේ තියාගෙන නිදහසේ රසවිදින්න පුලුවන්ද බන්??
නිකන් exam එකක් වගේ නේBimsara Yashan(ඔලිව)
මං උඩ කියලා තියෙන විදිහට අවශ්‍ය අයට විතරයි මේ ලිපිය අපි දුන්නේ. මොකද මේ ලිපියෙ සඳහන් සෑම දෙවි කෙනෙක්ම, පුද්ගලයන් ගැනම මේ චිත්‍රපටයෙන් කියවෙනවා. අනික නෝන්ස් කියන වචනෙ මේ චිත්‍රපටයෙ බොහෝ තැන්වල දකින්න ලැබෙනවා. ඒ අය කවුද කියලා දැනගන්න එක වැදගත් චිත්‍රපටය රසවිඳින කෙනෙකුට සහ ඒව ගැන දැනගන්න කැමති කෙනෙකුට. ඉතින් ඔයාට අමාරුනම් ඕව ඕනෙ නෑ නිකන්ම රස විඳින්න පුළුවන්.
රතිදු
නෑ බන් මන් ලිපිය ගැන නෙවෙයි කිව්වේ, මේ ෆිල්ම් ටයිප් එකේ ෆිල්ම් ගැන..
එකෙන්ම ලිපිය සුපිරියි ඒවගේම ඔහොම විස්තරයක් දෙන එක වටිනවා මේ ටයිප් ෆිල්ම් බලන අයට..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishara Eranda
Thank You
Chinthaka
සබ් එකට බොහොම ස්තූතියි. ෆිල්ම් එකනම් මහ විකාරයක්. මටනම් ඩේට ටිකත් අපරාදෙ කියල හිතුන.
Achi
බොහොම ❤ ස්තුතියි සහෝ සබ් එකට...
Kalanacosta
Thank you❤
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thank you bro
Supun Kaushalya
තෑන්ක්ස්
සාරංග J ලියනගම
Thanks
viraj
thanks......
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Roshan
Thx bro...Great job...
indika 75
thanks..
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
sahangayantha
thanks a lot saho sub ekata
lakshan
thanks .........................
Sandeep
Supiriyak.. tnx sub ekata..
Thenuka Nawan
Senior Year 2022
The Essex Serpent 2022පුලුවන්නම් කවුරුහරි මේ දෙකටත් සිංහල සබ් දෙන්න
Udara Damith
lipiya maru
Anonymous
thx bro...!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ
කවිශල් මල්ලි ලිපිය පට්ටAnonymous
everything everywhere all at once
Me film 1t sub denwadBimsara Yashan(ඔලිව)
හෙට හරි අනිද්දට හරි අනිවාරෙන් දෙනවා.
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Dewadithya
Thanks for Sub!
Weerasinghe
Machn bluray update eka ona
supun
tz sub ekata.
Nishan
Thanx bro
Viraj
Thanks
Viraj
Thankyou
Anonymous
Thank you
amal
thankyou
Dhananjaya Gamage
සන්තෝසයි සන්තෝසයි
Anonymous
BLU-RAY SUB WALATA THANKS
dasun
tnx
Malith samarawickrama
Thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sehan madhusanka
Thanks ️️
මිලින්ද ප්‍රියලාල්
⬛◾◾◾◾⬛◾◾◾◾◾◾◾◾◾⬛⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ⬛◾◾◾◾⬛ ◾◾◾⬛⬛⬛
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Shashika Shavindra
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..