මාවල් ස්ටුඩියෝව එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් සිනමා විශ්වය (MCU) ගොඩ නගාගෙන යද්දී, සෝනි ආයතය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් විශ්වයක් ගොඩ නගාගෙන යනවා. මේක ඒ අය හදුන්වන්නෙ Sony’s Spider-Man Universe (SSMU) කියලා. ඉතින් මේ අයගේ විශ්වය යටතේ නිර්මාණය වුන තුන්වන නිර්මාණය වෙච්චි Morbius…

මාවල් ස්ටුඩියෝව එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් සිනමා විශ්වය (MCU) ගොඩ නගාගෙන යද්දී, සෝනි ආයතය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් විශ්වයක් ගොඩ නගාගෙන යනවා. මේක ඒ අය හදුන්වන්නෙ Sony’s Spider-Man Universe (SSMU) කියලා. ඉතින් මේ අයගේ විශ්වය යටතේ නිර්මාණය වුන තුන්වන නිර්මාණය වෙච්චි Morbius චිත්‍රපටයේ උපසිරැසි අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ.
කොමික් පසුබිම
චරිතේ හැදුනේ කොහොමද?
අතිශය ජනප්‍රිය ස්පයිඩර්-මෑන් කොමික් වලට හදුන්වා දුන්න චරිතයක් තමයි Morbius, the Living Vampire කියන්නෙ. Roy Thomas යටතේ රචනයත් හා Gil Kane යටතේ සිතුවමට ලක් කරලා, මේ දෙදෙනා යටතේ නිර්මාණය වෙන මේ චරිතය මුල්ම මුහුණුවර විදිහට ගෙන එන්නෙ 1971 වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් වූ The Amazing Spider-Man 101 වැනි කොමික් කලාපය හරහා.
චරිතය නිර්මාණය වීමට පාදක වුන අපූරු කතාවක් තියෙනවා. ඒ තමයි මේ චරිතයේ නිර්මාතෘවරයකු වූ රෝයි තෝමස් කියන්නෙ ඒ කාලේ නිකුත් වුන රාක්ෂයො සම්බන්ධව නිකුත් වුන සිනමාවට බොහෝ සෙයින් ඇලුම් කරපු කෙනෙක්. විශේෂයෙන්ම ඩ්‍රැකියුලාගේ චරිතය පාදක කරගෙන නිර්මාණය වුන හැම සිනමාවටයක්ම වගෙ රස විදලා තියෙනවා. මේ අතරේ 1957 වසරේදී නිකුත් වුන චිත්‍රපටයක් තියෙනවා The Vampire කියලා. මේක කළු/සුදු චිත්‍රපටයක්.
තමන්ගෙ ජීවීතේ පවත්වාගන්න මිනිස් රුධිරය උරා බීපු මේ වැම්පයර්ගේ චරිතය පාදක කරගෙන, මේකේ අදහස් එක්කාසු කරලා තමයි රෝයි තෝමස් මයිකල් මෝබියස්ගේ චරිතය නිර්මාණය කරන්නෙ. මේ චරිත දෙකෙහිම මුහුණුවරවල් එකිනෙකට සෑහෙන දුරකට සමානයි.
එතකොට මෝබියස් කියන්නෙත් ඩ්‍රැකියුලා කෙනෙක්ද?
වැම්පයර් කෙනෙක් කියන්නෙ මිත්‍යාව හා මැදි ජීවියෙක් කිව්වොත් හරි. මේක සමහර අයට වැම්පයර් කියන වචනය අර්ථකථනය කරන විදිහට වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් නොනැසී ඉන්න නම් මිනිස් රුධිරය අවශ්‍ය, හිරු එළියෙන් හානියට ලක් වන, රාත්‍රී කාලයේ එලි පහලට යන චරිතයක් විදිහට තමයි මෑත කාලයේ නිර්මාණය වුන නිර්මාණ වලන් වැම්පයර් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන් වෙන්නෙ. ශත වර්ෂ ගණනාවක් පුරාවට ජීවත්ව ඉන්න කවුන්ට් ඩ්‍රැකියුලා තමයි වැම්පයර්ලගේ නායකයා විදිහට හදුන්වන්නෙ.
ඔය කියන ගති ලක්ෂණ වලින් කිහිපයක්ම බෝමියස්ට තියෙනවා සහ එයාට ඒවා ලැබෙන්නෙ ප්‍රතිකාරයක අතුරු ඵලයක් විදිහට. ඒවගේම කලිනුත් කිව්වා වගේම මෝබියස්ට ඩ්‍රැකියුලා කෙනෙකුගේ ස්වරූපය, නොනැසී ඉන්න මිනිස් රුධිරය අවශ්‍ය වීම වගෙ ගති ලක්ෂණ වලින් සමාන වෙනවා. මීට අමතරව කොයි කවුරුත් අහලා තියෙන තමන්ගෙ වර්ගයා බෝ කරන්න නැව්ගත වෙලා එංගලන්තය බලා යන ඩ්‍රැකියුලාගේ සිදුවීමත්, තමන්ගෙ රෝගයට ප්‍රතිකාරයක් සොයමින් නැව්ගත වෙන මයිකල් මෝබියස්ගේ සිදුවීම් පෙලත් එක්තරා දුරකට සමානයි, හැබැයි මේ චරිත දෙකම නිරූපණය කරන්නෙ එකිනෙකට වෙනස් විදිහට.
ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
M O R B I U S M O V I E
Life සිනමා අධ්‍යක්ෂක Daniel Espinosa යටතේ තමයි මෝබියස් චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ. ඒ Dracula Untold, The Last Witch Hunter සිනමා රචකයින් වන Matt Sazama හා Burk Sharpless දෙදෙනා යටතේ තමයි මේ චිත්‍රපටයේ පිටපත නිර්මාණය වීමත් එක්ක. ඇ.ඩො.මි. 83 කින් නිර්මාණය වුන මේ සිනමාපටය 2022 අප්‍රේල් 26 වැනිදා වෙද්දී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇ.ඩො.මි. 156.6 ක මුදලක් උපයා ගන්නට සමත් වෙලා තියෙනවා.
- 2022 වසර තුල වැඩිම ආදායමක් සටහන් වූ චිත්‍රපට දර්ශකයෙ, හොදම 10 අතරේ අටවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා. ඒ මේ වනවිට ඇ.ඩො.මි. 156.6 ක මුදලක් උපයමින්. මේ වසර තුලදී නිකුත් වූ දෙවන සිනමාපටය මෙය වූවත් තවමත් මුල් තැන සටහන් කරගෙන ඇති The Batman චිත්‍රපටය ආසන්නයට ලගා වෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ.
- එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 100’වැනි තැන ලබාගන්න Morbius චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.
D E L E T E D S C E N E
ලිපිය අවසන් කරන්න කලින් මං සාමාන්‍යයෙන් උපසිරැසියක් දෙද්දී කතා නොකරන දෙයක් මේකෙදි කියන්න හිතුවා. මේ චිත්‍රපටයට නිකුත් වුන පූර්ව ප්‍රචාරක පටය බැලුවා නම් දකින්න ඇති මෝබියස් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ සෘජුවම ස්පයිඩර්-මෑන් චිත්‍රපට වලට කියලා.
- මයිකල් මෝබියස් තැඹිලි පාටට හුරු සිරගෙදර ඇදුම වැහෙන විදිහට තවත් එකක් උඩින් දාගෙන එන සිදුවීම් වලදී එයා පහු කරගෙන එන්නෙ අධ්‍යක්ෂක සෑම් රයිමි නිර්මාණය කරපු ස්පයිඩර්-මෑන් විශ්වයෙ බිත්තියක සටහන් වෙච්ච ස්පයිඩිගේ පින්තූරයක්. මේකේ ‘මිනීමරුවා’ කියලත් සදහන් කරලා තිබුනා.

- ඒවගේම ඒ කොටස ඉවර වෙන්නෙ මයිකල් මෝබියස්ට MCU එකේ වල්චර්ව මුණගැහෙන තැනට. ඒ විතරක් නෙවෙයි, මිනිහා මයිකල්ගෙන් ‘මොකො වෙන්නෙ කියලත්’ අහනවා.

පසුබිම අනුව මේ කොටස් දෙකම එකම තැනකට සම්බන්ධ වෙන්නෙ. මීට අමතරව ටිසර් ට්‍රේලර් එකෙන් දකින්න ලැබුණු හුගක් කොටස් මේ චිත්‍රපටයෙදී දකින්න ලැබෙන්නෙ නැහැ. ඉතිං අවාසනාවට මේක මුල්ම පූර්ව ප්‍රචාරක පටයට එකතු කරලා චිත්‍රපටයේ අවසන් සංස්කරණ කටයුතු වලදී චිත්‍රපටයෙන් ඉවත් කරනවා. මේ ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක Daniel Espinosa හරියටම තහවුරු කලා.
ඔය පුංචි සිදුවීමක් විතරයි. චිත්‍රපටය බලන්න කලින් හො බලලා ඉවර වෙලා මුල්ම පූර්ව ප්‍රචාරක පටය බලන්න, එතකොට තේරෙයි හුගක් කොටස් අවසානෙදි බලපු චිත්‍රපටයේ අඩුයිනෙ කියලා. මෝබියස් එකෙන් Director’s Cut එකක් නිකුත් වෙනවනම් වටිනවා. 😐
එතකොට චිත්‍රපටය සම්බන්ධ වෙන්නෙ කොහෙටද?
මේක ටිකක් සංකීර්ණයි. ඒත් සම්බන්ධයි කියලා අනුමාන කරන්න පුලුවන් තැනක් තියෙනවා. ඒකට කලින් මතක් කරන්න ඕන Spider-Man No Way Home චිත්‍රපටයෙන් ඇන්ඩෘ ගාෆීල්ඩ්ගේ ස්පයිඩිට ලැබුණු ජනප්‍රියත්වය නිසාම එයාට දෙවෙනි කොටසින් අවසන් වුන The Amazing Spider-Man චිත්‍රපට පෙලට තවත් එකක් එකතු කරන්න, ඒ කිව්වේ තුන්වැනි ඇමසීන් ස්පයිඩර්-මෑන් චිත්‍රපටය නිර්මාණය කරන්න කියලා ලොවපුරා ඉන්න ප්‍රේක්ෂකයින් #MakeTASM3 එහෙම නැත්තම් ‘Make The Amazing Spider-Man 3’ හෑශ්ටැග් ගහලා කරපු ඉල්ලීමට සෝනි ආයතනයට අවධානයක් ලැබුනා. නිල නොවන ආරංචි වලට අනුව සෝනිලා ඒ ඉල්ලීම ඉටු කරන්න සූදානම් වෙනවලු. තහවුරු නැහැ හොදේ.😜
Venom 2 චිත්‍රපටයේ පසු දර්ශන වලින් චිත්‍රපටය අවසන් කලේ MCU ස්පයිඩිට සම්බන්ධ කරන්න බලාගෙන වුනාට Spider-Man No Way Home චිත්‍රපටයේ පසු දර්ශන වලින් ඒ බලාපොරොත්තුව සුන් වුනා. ඉතින් දැනට ආරංචි වෙන විදිහට ටොම් හාඩිගෙ වෙනම්ව අයිති වෙන්නෙ සහ එයාට මුහුණ පාන්න වෙන්නෙ ඇන්ඩෘ ගාෆීල්ඩ්ගේ ස්පයිඩිට. ඒ කියන්නෙ Sony’s Spider-Man Universe (SSMU) විශ්වයේ ඉන්න මෝබියස් ඇතුළු අනෙකුත් චරිතත් මේකටම අයිති වේවි. Morbius චිත්‍රපටයෙ මේකට ඉගි කිහිපයක්ම ලබා දීලත් තියෙනවා.
බයවෙන්න එපා මේවා ප්සොයිලර්ස් නෙවෙයි, නිකුත් වුන පූර්ව ප්‍රචාරක පට වලින්ම ලබාගන්න පුලුවන් තොරතුරු. ඒ ටිකත් කියලම ලිපිය නතර කරන්නම්.

ඩේලි බියුගල් පත්තරේ කියන්නෙ කොමික්වල ඉදන්, සෑම් රයිමිගෙ චිත්‍රපට ඉදන්ම අපි කාටත් හුරු දෙයක්. ඉතින් මේ පත්තරේ මෝබියස් චිත්‍රපටයෙත් දැකගන්න ලැබෙනවා. ඒකෙ එක තැනක සදහන් වෙනවා “Rhino on the Loose: Zoo Hoax Fools us All.” කියලා. ඒ කියන්නෙ The Amazing Spider-Man 2 චිත්‍රපටය අවසන් කරපු ස්පයිඩිට මුහුණ පාන්න සිද්දවුන විලන් ‘රයිනෝ’ ගැනයි.

ඇත්තටම ඒ නිදැල්ලේ හිටිය රයිනෝ තමයි එක පාරටම නගරෙට ඇවිල්ලා පහර දීමක් සිද්ද කරන්න යද්දී ස්පයිඩිට මුහුණ දෙන්න සිද්දවෙන්නෙ.

ඒවගේම මේ පත්තරේම එහා පැත්තෙ තියෙනවා “Black Cat: Friend or Foe?” කියලා. මෙතනදී බ්ලැක් කැට් කියන්නෙ මිතුරෙක්ද නැත්තම් හතුරෙක්ද කියලා අහන්නත් මේ චරිතේ මේ වෙද්දීත් Sony’s Spider-Man Universe (SSMU) විශ්වයේ ඉන්න නිසයි. බ්ලැක් කැට් චරිතය එක වරම සෑම් රයිමිගෙ Spider-Man 2 චිත්‍රපටයෙන් හදුන්වා දෙන්න ගිහිං ඉවත් කරලා The Amazing Spider-Man 2 චිත්‍රපටය හරහා හදුන්වා දෙනවා. හැබැයි ඒ බ්ලැක් කැට් විදිහට නෙවෙයි, ඒ චරිතේ මිනිස් අනන්‍යතාවය වෙච්ච ෆෙලිසියා හාර්ඩි චරිතයෙන්.
The Amazing Spider-Man 2 චිත්‍රපටයෙන් පස්සේ සෝනිලා මේ චරිතය පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරමින් තිබිලා පසුකාලීන මේක ‘Silver & Black’ නමින් සෝනිලා නිර්මාණය කරන ලිමිටඩ් සීරිස් එකක් බවට පත්වෙනවා ඒ සිල්වර් සේබල් හා බ්ලැක් කැට් චරිත දෙකම ඇතුලත් වෙන, මුල්ම කාන්තා සුපිරිවීර චරිත දෙකම ඇතුලත් නිර්මාණයක් විදිහට. 2020 වසරේ ජනවාරි මාසයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් කිසිම ආරංචියක් දැනගන්න ලැබෙන්නෙ නැති නිසා හරියටම කියන්න අමාරුයි අවසානය දක්වාම නිර්මාණය වේවිද කියලා.
දැන් ඉතින් මේ කියෙව්වා මදැයි නේද?! මේ සිනමාපටයත් නරඹන්න ආරාධනා කරමින් මම එහෙනම් මෙතනින් නවතිනවා. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
32,460 downloadsDownload Morbius-2022-Blu-Ray.zip111 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2022
- #Adria Arjona
- #Al Madrigal
- #Box Office Hits
- #Charlie Shotwell
- #Jared Harris
- #Jared Leto
- #Joseph Esson
- #Marvel
- #Marvel Comics
- #Matt Smith
- #Michael Keaton
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Tyrese Gibson
- #You Decide
- #Zaris-Angel Hator
- #Zoe Saldana
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
68 comments
hauc
Sci-fi Pissa
Thanx චාමර Supiri
Star Trek: Strange New Worlds
Star Trek: Picard
The Man Who Fell to Earth
Tokyo Vice
Power Book IV: Force
Snowpiercer
DMZ
Raised by WolvesMe set ekatath Sub denna balanna
Ishara Eranda
Thank You.....
No name
Thanks sago
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ජයsachintha
චාමර සහෝ Vikings: Valhalla [S01 : E08] සිංහල උපසිරැසි දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...
Buddik
Thanks
Anonymous
Thanks bro
Anonymous
Internal web පිටපත් කිව්වෙ? YTS එකේ 720p Webrip එකට වැඩ නැද්ද?
හිෂාන් සමරසිංහ
Internal Web-rip එකක් කියන්නේ, film එක Officially digital release වෙන්න කලින්, වෙන කොහෙන් හරි leak වුණු source එකකින් Capture කරපු Pirated Rip එකකට...
ඕක Cam Copy එකකට වඩා 100 ගුණයක් හොඳයි. ඒත් Web-rip එකක් ඊට වඩා 50 ගුණයක් විතර හොඳයි. ඊට වඩා 150 ගුණයක් විතර හොඳයි Blu-Ray rip එකක්. (මේ ඉලක්කම් දාලා තියෙන්නේ දළ අදහසක් ගන්න.. නැත්නම්, එහෙම හරියටම කියන්න අමාරුඉ සංඛ්‍යාත්මක අගයක්.)
තව දෙයක්, මං මේ Comment එක දාන වෙලාව වෙද්දී YTS එකේ දාලා තියෙන්නෙත් Internal Web-rip එකම තමා... තව දවස් 2 ක් ඉවසන්න... තව දවස් 2කින් එන්නේ Official Digital Release එක වුණාට පස්සේ Capture කරපු Web-rips.
හිෂාන් සමරසිංහ
තවත් දෙයක් කියන්න තියෙනවා...
පුළුවන් හැම වෙලාවෙම, අළුත් movies ගද්දී, PSA site එක පාවිච්චි කරන්න... (YTS එකට වඩා ඒකෙ ගොඩක් Quality එක වැඩියි වගේම තමා, ඒකෙ file size එක ගොඩක් වෙලාවට අඩුයි.)
thilina
thanks bro upades tikata
හිෂාන් සමරසිංහ
You're Welcome මචං.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!(Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.)හිෂාන් සමරසිංහ
Internal Webrip එක Download කරන්නේ නෑ... තව දවස් 3 ක් ඉන්නවා Official Digital Release එක වෙනකල්ම... ඊටපස්සේ බලනවා...
පුළුවන් තරම් ඉක්මණට Official Digital Release එකෙන් පස්සේ එන Web-rip එකට ගැලපෙන්න subtitle file එක update කරලා දාන්න සහෝ...
බොහෝම ස්තූතියි...
(ලිපියේ කියලා තියෙන අර Deleted scene ටික සමහරවිට 17 වෙනිදා එන Web-rip එකේ හෝ Blu-Ray rip වල තියෙයි කියලා හිතෙනවා මට...)
හිෂාන් සමරසිංහ
Thanks බං... දැන් බලන්න ගත්තේ... Web rip එකට Sub එක ඉක්මණටම Update කරාට ගොඩක් ස්තූතියි.
Lakshan
Thankx
Anonymous
Thanks saho
oshanda
thanks sahoo
Sanjeewa2010
Pattaaaaaaaaa
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Aravinda Fernando
උඹ පට්ට බං. පට්ට මහන්සියක් වෙලා ඒව ටික ලියන්නේ....... අකුරක් ටයිප් කරන්න අකමැති උන් අස්සේ මෙහෙම දෙද්දි සුපිරි ඈ..... පට්ට ආසාවෙන් කියෙව්වා.......
kalana wewliyadda
thank you very much
shevin
Thanks for the sub
indika 75
thanks..
Lakshan Gunawardhana
Thank You!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
sahangayantha
thanks a lot saho sub ekata
Sandeep
Supiri macho.. tnx sub ekata..
Malitha Dilshan
thakyou mcn
prasa max
Niyami sho
Thenuka Nawan
Senior Year 2022
The Essex Serpent 2022මේ දෙකට පුලුවන්නම් කවුරුහරි සබ් දෙන්නකො
chamindu Kesara
thanks
Udara Damith
ela
Maya
බ්‍රෝ මට පොඩි අවුලක් තියනවා.ඔයා ඊළගට එන කතාව ගැන අද්‍යනයක් කරලා තියන නිසා මට මේක කියන්න හිතුනේ. Dalilybugle new paper එකේ තියන Logo එක.news paper එකේ design එක තියෙන්නේ Spider man ටොබී හිටපු මූවිස් වල.TAMSP එකෙයි.ටොම් ගේ මූවිස් වල නිව්ස් පේපර් දෙක ඔයිට වඩා වෙනස්. ටොබී ඉන්න තව ස්පයිඩි මූවි එකක් බලාගන්න පුලුවන් වෙයි ද..කියලා හිතෙනවා.
Anonymous
thanks bro. godak watinwa
Anonymous
Bro riverdale eke subtitle tika dennako
Yasas Chandrasiri
sthuthi saho wisthara tikata. Thanks.
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතීයි...❤
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
යුරාන් ධනුක (දනුවා)
සුපිරි ලිපියක් චාමර සහෝ
උපසිරසියට බොහෝම ස්තූතියිAnonymous
everything everywhere all at once
Me film 1t sub denwdSachee...
Everything Everywhere All at Once (2022) movie එකටත් subtitles දෙන්නකෝ...
Anonymous
Thanks
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Malka Jayathilina Revo
බොහොම තුති...
Chandimal Kariyapperuma
Thank you for your hard work. Keep up the good work.
jeewa
sub ekt tnx sgo!
stranger things s4 එකටත් ඉක්මනට සබ් ටික දෙන්න❣Nishan
Thanx bro
Malith samarawickrama
Thanks bro sub ekata
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Film eka download karanna hatapayak try karanna one
සාරංග J ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie



thankyou marvels hit monkey sinhala sub eka denna puluwanda