ඔන්න උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආයෙත් ආවා. මේ පාර ගෙනාවෙත් හින්දි චිත්‍රපටයක්. නම ත්‍රිභංග, Tribhanga ගිය වසර මුල නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහල චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රේණුකා සහනේ. ඇය චිත්‍රපට නිළියක්ද වනවා, බොලිවුඩ් නළුවෙකු වන අශුතොෂ් රානාගේ ප්‍රිය බිරිඳ වන්නේද ඇයයි. Hum Aapke Hai…


ඔන්න උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආයෙත් ආවා. මේ පාර ගෙනාවෙත් හින්දි චිත්‍රපටයක්. නම ත්‍රිභංග, Tribhanga ගිය වසර මුල නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහල චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රේණුකා සහනේ. ඇය චිත්‍රපට නිළියක්ද වනවා, බොලිවුඩ් නළුවෙකු වන අශුතොෂ් රානාගේ ප්‍රිය බිරිඳ වන්නේද ඇයයි. Hum Aapke Hain Kaun චිත්‍රපටයේ මාධුරිගේ අක්කා ලෙස රංගනයේ යෙදුණේ ද ඇයයි. මෙහි ප්‍රධානම චරිතය හොවන්නේ කාජල් විසින්. ඇයට අමතරව ඉතිරි උප ප්‍රධාන කාන්තා චරිත දෙක රඟ දක්වන්නේ තන්වී ආස්මී, සමඟ මිතිලා පාල්කර්. ඊට අමතරව කුනාල් රෝයි කපූර් ද සහය චරිතයකින් දායක වෙනවා.

මේක එක පවුලක පරම්පරා තුනක කාන්තාවන් තිදෙනෙක් ගැන කතාවක්. ඒ කිව්වේ මව-දුව-මිණිපිරී ජාතියේ කතාවක්. වැඩියෙන්ම කතාව දිව යන්නේ මව-දුව ගැන. නයන්තරා (තන්වී) කියන්නේ ජනප්‍රිය සහ සම්මානනීය ලේඛිකාවක්, ඇගේ දියණිය අනුරාධා (කාජොල්) ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වගේම ඔඩිසි නර්තන ශිල්පිණියක්. දෙදෙනා අතර තියෙන්නේ හොඳ සම්බන්ධතාවයක් නෙවෙයි. නයන්තරා කෝමා වෙනවා, අනූට ඇයට තනි රකින්න සිද්ද වෙනවා, එතකොට මිලන් (කුනාල්) තමා නයන්ගේ ස්වයං චරිතාපදානය ලියන්නේ. ඒ කටයුතු කරන අතර තමා නයන් කෝමා වෙන්නේ. අනූ, නයන් ළඟ තනි රකිනකොට අනූට කොහොමවත් දිරවන්නේ නැති මිලන් එක්ක කාලය ගත කරන්න ලැබෙනවා. තමන් සහ මව අතර තිබුණු සම්බන්ධය ගැන සහ තව තවත් දේවල් අනාවරණය වෙන්නේ එතකොට. අනූගෙ දියණිය මාෂාගේ (මිතිලා) ජීවිතය ගැන අවබෝධයක් ලැබෙන්නෙත් ඒ කාල වකවානුවෙමයි.

ත්‍රිභංග කියන්නේ ඔඩිසි නර්තනයේ එක් මුද්‍රාවක්. ත්‍රිභංග සඳහා තම මව සහ තමා අතර සම්බන්ධය පාදක වුණා කියලා අධ්‍යක්ෂිකා රේණුකා වරක් පවසා තිබුණා. මේක මුලින්ම කෙටි මරාති චිත්‍රපටයක් ලෙස එළි දක්වන්න අදහසක් තිබුණත් පසුව එය වෙනස් වී තිබෙනවා. මේක කාජල්ගේ මුල්ම නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය. මෙවර ෆිල්ම්ෆෙයාර් OTT සම්මාන උළලේ කාජල් හොඳම නිළියට නිර්දේශ වන අතර තන්වී සහ මිතිලා හොඳම සහය නිළියට නිර්දේශ වෙනවා.

එහෙනම් ආයෙත් උපසිරැසියකින් මුණ ගැහෙමු, ගිහින් එන්නම්.

හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ. 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

1,479 downloadsDownload ‍ට්‍රිභංගා-2021.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,479 downloadsDownload Subtitles44 KB

17 comments

  1. Kushan

    Sub akta thanks

  2. vimukthi

    බොහොම ස්තූති සබට සහො! ජය

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Bunty Aur Bubli 2 - 2021 ෆිල්ම් එකටත් සබ් දෙනවද?

  6. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. indika 75

    thanks..

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. ඩොක් අයියා

    සබ් එකනම් හරි, තාම ෆිල්ම් එක හොයාගන්න විදිහක් නැහැ

  11. Anonymous

    The tashkent files
    The kashmir files

    Everything Everywhere All at Once (2022)

    මේ ටිකට සබ් දෙන්න පුලුවන්ද?

    1. Gihan duminda

      Majdaar
      Jaanam
      Kamoshi
      Me film walata sub dennako

  12. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    sub eka download karanna ba,Download does not exist. Go to homepage →

  15. Jaz

    meke subtitle eka nane

  16. mindika

    Thanks !!!