Watch Trailer

The Odyssey (1997) with Sinhala Subtitles | දෙවියන්ට අභියෝග කළ රණශුරයෙකුගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

The Odyssey කියන්නෙ 1997 වසරේ Emmy සම්මානය දිනාගත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ වුණු මනඃකල්පිත ගණයේ ත්‍රාසජනක කෙටි ටෙලිවෘතාන්තයක් (Mini-Series). මේ කෙටි ටෙලිවෘතාන්තය නිර්මාණය කෙරුණේ ග්‍රීක මහා කවි හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වුණු “The Odyssey” නම් කාව්‍ය ග්‍රන්ථය පාදක කරගෙනයි. ටික කලකට ඉ…

The Odyssey කියන්නෙ 1997 වසරේ Emmy සම්මානය දිනාගත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ වුණු මනඃකල්පිත ගණයේ ත්‍රාසජනක කෙටි ටෙලිවෘතාන්තයක් (Mini-Series). මේ කෙටි ටෙලිවෘතාන්තය නිර්මාණය කෙරුණේ ග්‍රීක මහා කවි හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වුණු  “The Odyssey” නම් කාව්‍ය ග්‍රන්ථය පාදක කරගෙනයි. ටික කලකට ඉහතදී මේ ටෙලි වෘතාන්තය ජාතික රුපවාහිනියේ සිංහල උපසිරසි සහිතව විකාශය වුණා. Andrei Konchalovsky විසින් අධ්‍යක්ෂණය කල මෙම ටෙලි වෘතාන්තය, කොටස් දෙකකින් යුතුව NBC (National Broadcast Company) නාලිකාවේ විකාශය වුණා.  ඇමෙරිකන් ඩොලර් මිලියන 40ක වියදමින් නිෂ්පාදනය කෙරුණු මෙම ටෙලිවෘතාන්තය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMdB Ratings)  7/10 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් පිරිනැමූ සම්මානයද දිනාගන්න සමත් වුණා.

The Odyssey ටෙලිනාට්‍යයේ රුගත කිරීම් සඳහා යොදාගෙන තිබෙන දර්ශන තල, The odyssey කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වන කතාවට පසුබිම් වන ප්‍රදේශ වන මෝල්ටාව, තුර්කිය සහ එංගලන්තය ඇතුළු මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශ වල ඉදි කර තිබීමත් විශේෂත්වයක්.  මෙහි එන අද්භූත සතුන් නිර්මාණය කෙරුණේ Jim Henson ගේ දායකත්වයෙනුයි. මේ වෙනුවෙන්  කතාකරන ඌරා ලෙස ඉලෙක්ට්‍රොනිකව සජීවීකරණය කල (animatronic) කෘත්‍රිම ඌරෙකුත්, මුහුදු සර්පයා ලෙස රබර් අනුරුවකුත්, සිලා (Scylla) නම් සත්වයා ලෙස පරිගණක උත්පාදිත රූපයකුත් (CGI – Computer Generated Imagery) , යොදාගෙන තිබෙන බවයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ. මේ සජීවිකරණ ඉතාම තාත්වික ලෙස මේ ටෙලිවෘතාන්තයට යොදාගෙන තිබෙනවා. Odyssey කියන නමේ තේරුම “ත්‍රාසජනක අත්දැකීම් වලින් පිරි දීර්ඝ වීරචාරිකාව” කියන එකයි. මේ කාව්‍යයේ ප්‍රධාන චරිතය වන යුලිසිස්ගෙ නම ඇතැම් තැන්වල “ඔඩිසියස්” ලෙසත් සඳහන් වෙනවා. මේ ටෙලිවෘතන්තයේ ඔහුව හඳුන්වන්නේ ඔඩිසියස් නමිනුයි.

මෙහි කතාව ගැනත් යමක් කියන්නම්:

ඔඩිසියස් රජු කියන්නෙ පුරාණ ග්‍රීක රාජ්‍යයක් වුණු ඉතිකාවේ පාලකයා. ඔහුගේ ලස්සන, ඉතා ගුණයහපත් බිරිඳ තමයි පෙනලොපි. ඇය ටෙලමකස් නම් පුත් කුමාරයා මෙලොවට බිහි කළ දවසෙ ඔඩිසියස්ට ටෝජන් නුවර එක්ක ග්‍රීසිය ඇරඹු සටනට සහභාගී වෙන්න සිදු වෙනවා. ඉතාම ප්‍රභල රාජ්‍යයක් වුණු ට්‍රෝයි නගරය සමඟ කරන සටනෙන් කවුරු ජයගනිවිද කියන එක අවිනිශ්චිත දෙයක් වුණු නිසා, ඔඩිසියස් රජු යුද්ධයට යන්නෙ, ආපසු එන එක ගැන විශ්වාසයක් ඇතුව නම් නෙවෙයි. මේ නිසා ඔහු පෙනලොපිට කියනවා ටෙලමකස් වැඩිහිටියෙක් වුනාට පසුවත් තමන් ආයෙ නාවොත්, වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා. අකමැත්තෙන් වුණත් පෙනලොපිට සිදුවෙනවා ඔහුට සමුදෙන්න.

වසර දහයක් තිස්සේ දරුණු ලෙස යුධ වැදුණත් ට්‍රෝයි නුවර පවුරු බිඳ හෙලන්න ග්‍රීකයන් අසමත් වෙනවා. සටනෙන් තමන්ගේ දක්ෂ සෙන්පතියන්ගෙ අහිමිවීම දරාගනිමින් ඔඩිසියස් උපායමාර්ගිකව ට්‍රෝයි නුවරට ඇතුලුවෙන විධියක් සැලසුම් කරගන්නවා. මේ සැලැස්මෙන් එක රැයෙන් ට්‍රෝයි නුවර ආක්‍රමණය කරන ඔඩිසියස්, ජයග්‍රහණයෙන් උදම් අනනවා. ඔහු සාගරයට අධිපති දෙවියන්ට හඬගා කියනවා තවදුරටත් දෙවියන්ගෙන් තමන්ට උදව් අවශ්‍ය නොවන බව. ඔහු පොසයිඩන් (සාගරයට අධිපත දෙවියන්) සමඟ වාද කරනවා. මේ ගැන කිපෙන පොසයිඩන් ඔඩිසියස්ට ශාප  කරනවා, යළි කවදාවත් ඉතිකාවට යා නොහැකිව සදහටම මුහුදේ යාත්‍රා කරමින් සිටීමට සිදුවන ලෙසට. ඔඩිසියස්ට මේ දේව ශාපයෙන් ගැලවෙන්න හැකි වේවිද? ඔහු නැති අතර ඉතිකාවට කඩා වදින මිනිසුන් කවුද? ඔවුන් සැරසෙන්නේ කුමකටද? මේ අතර පෙනලොපි රැජිණ, පුතා රැකබලා ගනිමින්  ඔඩිසියස් එනතුරු ඉතා ඉවසීමෙන් මඟ බලා සිටිනවා. ඇයගේ ප්‍රාර්ථනය ඉටු කරමින් ඔඩිසියස් ආයෙ ඒවිද? දෙවියන්ට අභියෝග කල ඔඩිසියස් දෙවියන්ගෙ අභියෝගය කෙසේ ජයගනිවිද?.

මේ ටෙලි වෘතාන්තයට ලොව පුරා විවිධ රටවල නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වුණා.

  • Armand Assante – යුලිසිස් රජු (ඔඩිසියස්) ලෙස
  • Greta Scacchi – පෙනලොපි බිසව ලෙස
  • Irene Papas – ඇන්ටික්ලියා (ඔඩිසියස්ගේ මව) ලෙස
  • Isabella Rossellini – ඇතිනා දෙවඟන ලෙස 
  • Freddy Douglas – හර්මිස් (දේව දුතයා)
  • Bernadette Peters – සර්ස් (මායාකාරිය) ලෙස
  • Eric Roberts – යුරිමාකස් ලෙස 
  • Josh Maguire – කුඩා ටෙලමකස්
  • Alan Stenson – තරුණ ටෙලමකස්
  • Christopher Lee – ටිරසියස් ලෙස
  • Reid Asato – පොලිෆිමස් ලෙස (එකැස් යෝධයා)
  • Vanessa Williams – කැලිප්සෝ (පොසයිඩන්ගේ දියණිය) ලෙස
  • Paloma Baeza – මෙලාන්තේ ලෙස
  • Roger Ashton­Griffiths – පොලයිටස් ලෙස
  • Heathcote Williams – ලැකූන් (ට්‍රෝජන් අනාවැකි කරු) ලෙස
  • Michael Tezcan – යුරිලොකස් ලෙස
  • Yorgo Voyagis – අගමෙම්නොන් රජු ලෙස 
  • Derek Lea – හෙක්ටර් ලෙස
  • Miles Anderson – පොසයිඩන් ලෙස (සයුරට අධිපති දෙවියන් – හඬ කැවීමෙන්)
  • Alan Smithie – ප්‍රයම් රජු ලෙස

මෙහි මුල් කොටස විකාශය කෙරුණේ 1997 මැයි 18 වැනිදායි. දෙවැනි කොටස 1997 මැයි 19 වැනිදා විකාශය වුණා. ඒ කොටස් දෙකම ඒකාබද්ධ කළ මිනිත්තු 180ක පමණ (පැය 3ක) ධාවන කාලයක් සහිත තනි DVDRip පිටපතක් තමයි අන්තර්ජාලයෙන් බාගත කරගැනීමට තියෙන්නෙ. මේ උපසිරැසිය ලබාදුන්නේ The Odyssey (1997) DVDRip Xvid LKRG [1.37 GB] පිටපතට සහ The.Odyssey.1997.DVDRip.XviD-ETRG [1.39 GB] පිටපතට ගැලපෙන අයුරින්. අදාළ උපසිරසියේ නමින් Google Search කරලා (“The Odyssey (1997) DVDRip Xvid LKRG Torrents” ලෙසින් ) එම උපසිරසියට අදාළ Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ.

මේක මගේ දහහත්වැනි උපසිරසි නිර්මාණයයි. මේ දක්වා මම එවපු උපසිරසි බයිස්කෝප් අඩවියේ පළ කළ ෂාන් විමුක්ති සහෝදරයා ඇතුළු ඇඩ්මින් සහෝදරවරුන්ට මගේ හෘදයංගම ස්තුතිය පළ කරන්න කැමතියි. ටිකක් දිග උපසිරසියක් වුණත් මේ කතාවට උපසිරසි යොදන එක කම්මැලි වැඩක් වුණේ නම් නැහැ!

ඔයාලා මේකත් බාගෙන බලන්නකො. අමතක නොකර කතාව බලලා Comment එකකුත් දාන්න. අළුත් උපසිරසියකින් නැවත හමුවෙනතුරු ඔබට ආයුබෝවන්!

ඔබට ජය වේවා!!!

 

The Odyssey on IMDb

                               

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

 

The.Odyssey.1997.DVDRip.XviD-ETRG

The Odyssey (1997) DVDRip Xvid LKRG

මෙම ලබා දී ඇති උපසිරසි ගොනුවේ ඉහත පිටපත් දෙක අඩංගු වේ.

2,951 downloadsDownload The.Odyssey.1997.baiscopelk.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

2,951 downloadsDownload Subtitles121 KB

20 comments

  1. Chamika

    mee film eka tv eken thanin thana balala tibba. full ekama sinhala sub ekka balanna chance eka dunnata godak isthuthie.

  2. wayantha

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,සුපිරි ෆිලුමක් වගේ ගෙනල්ල තියෙන්නෙ,
    දිගටම sub දෙමු, මේ වගේ හැංගිච්ච හොඳ පරණ ෆිල්ම් තියනව ඒවාට sub දෙන්න කියලත් ඉල්ලනව.
    තෙරුවන් සරණයි!

  3. mithun

    woooooowww thank සහොදරය මම මෙකෙ book එක කියවල තියෙනව් සුපිරියි . චිත්‍රපට බලල තිබුනත් මෙක දැන්ම ගන්නව ස්තුතියි ගොඩක් මෙ වගෙ චිත්‍රපටයකට උපසිරැසි දාපු එක ගැන. ජය සහෝට

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. kumaraya

    THAWAMA "WARCRAFT" NEDDA???

  6. Niranjan Karunathilake

    උප සිරැසියට ස්තූතියි.

  7. Dulanga

    Thanks

  8. Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  10. Ishan Madusha

    සුපිරි වැඩක්.උපසිරැසියට ස්තුතියි සහෝ

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි!

  13. sashitha

    ela wedak aaah... matath asai bn sub ekk karanda.. ath kohomei karanne

    1. ප්‍රබුද්ධ කේසර විතානගේ

      # Sashitha ඒ ගැන ප්‍රමාණවත් තරම් දැනුවත් කිරීමක් බයිස්කෝප් අඩවියේ 'ඔබටත් ඉඩක්' කියන පේජ් එකේ තියෙනවා.
      ගිහින් බලන්න.
      http://www.baiscopelk.com/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7…

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hashan M. Priyadarshana

    Thank you bro

  16. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  17. sunanda shanth

    thanks

    1. Sahan

      Thanks bro sub ekata

  18. Viraj

    Thanks